Pages

Sunday, October 4, 2015

ලේ පිරිසුදු කරන මදටිය ඔසුවේ රහස..........

මදටිය කියන්නේ ගැමි පරිසරයට නම් එතරම් නුපුරුදු ශාකයක් නෙවෙයි. බොහෝ දෙනකු මදටිය ගැන දන්නවා. පුංචි දරුවන්ට කුඩා අවධියේදී එකතු කරන්න. අඩු කරන්න වගේ ගණිත පාඩම්වලදි මදටිය ඇට බහුල වශයෙන් භාවිත කරනවා. ඒ වගේම ආයුර්වේදය විෂය තුළත් මදටිය කියන්නේ ඉතාම සමීප දෙයක්. ඔෟෂධ නිපදවීමට විතරක් නෙවෙයි සිංහල බෙහෙත් බඩු කිරීමේදී මිනුම් ද්‍රව්‍යයක් ලෙසත් මදටිය ඇට භාවිත කරනවා. මේ ඇට මදට කියලත් හඳුන්වනවා. මදටිය එක ඇටයක් මිලි ග්‍රෑම් 250ක බරින් සමන්විතයි.

ලංකාව, චීනය, ඇමෙරිකාව වැනි රටවල දක්නට ලැබෙන මදටිය ශාකයේ මූලාරම්භය සිදුවී තිබෙන්නේ ඉන්දියාවෙයි. ඒඤඥදචදබඩඥප ර්ථීචමධඩඪදච නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මදටිය අයත් වන්නේ ජ්චඡචජඥචඥ කුලයටයි. ඔෟෂධීය ගුණයක් වගේම රසවත් ගුණවත් ආහාරයක් ලෙසත් මදටිය ශාකය භාවිත කරනවා. මදටිය කොළවල සුවිශේෂී රසක් සහ ශරීරයට හිතකර පෝෂණ ගුණයක් වගේම ලෙඩ රෝග රාශියක් සුව කිරීමේ හැකියාවකුත් පවතිනවා. මදටිය කොළ රසවත් මැල්ලුමක් වගේම මදටිය දැව අලංකාර ගෘහ භාණ්ඩ නිර්මාණ කිරීමේදී අත්‍යවශ්‍ය සවිමත් දැව වර්ගයක්. උද්‍යාන, ගෙවතු අලංකරණයටත් මදටිය ගහෙන් ලැබෙන්නේ අද්විතීය ස්ථානයක්. මේ ශාකය සෙවණ ලබා දෙන්න ඉතාම සුදුසු ශාකයක්. මීටර් 18ත්් 40ත් අතර උසකට රෝපණය වන මදටිය ගහේ බෙදුණු අතුවල සංයුක්ත පත්‍ර (කුඩා පත්‍රිකා) පිහිටා තිබෙනවා. මීටර් 6ක් 12ක් වැනි ප්‍රමාණයේ ඇඹරුණු කරල්වලින් සමන්විත මේ ශාකයේ කරල්වල ඇති ඇට රතු සහ කළු පැහැයෙන් යුක්තයි. කරල වියළී ගිය විට ඇට ගස වටේ විසිරෙනවා. කුඩා දරුවන්ගේ ගණිත දැනුම වඩවන්න මේ මදටිය ඇටවලින් ලැබෙන පෙරහුරුව ඉතාම සුවිශේෂියි. ලංකාවේ අධ්‍යාපනයට මදටිය ඇට විශේෂ වෙද්දී චීනයේ ආදරයට මදටිය ඇට විශේෂයි. එයට හේතුව තමයි මදටිය ඇට කියන්නේ චීනයේ ආදරයේ සංකේතයක්.

ළපටි මදටිය කොළ ස්වල්පයක් ගෙන වතුර එකකට දමා හොඳින් තම්බා දිය හැර ඉන් පසුව මදටිය කොළ මැල්ලුම පිසීම යෝග්‍යයි. එයට හේතුව තමයි මදටිය ශාකයේ යම් අහිතකර බවක් පවතිනවා. උණු දියෙන් තම්බා දිය හැර නැවැත මැල්ලුම හෝ වෑංජනය පිසගැනීමෙන් ඒ අහිතකර බව නැතිකර ගන්න ඔබට පුළුවන්. කලවම් මැල්ලුමක් ලෙස හෝ තනි මැල්ලුමක් ලෙස මදටිය කොළ ආහාරයට ගැනීම රෝග රැසක් සුවවීමට භාවිත කළ හැකි හොඳ රසවත් ඔෟෂධීය ආහාරයක්.
පැරැණි ජනවහරේ සඳහන්වනවා එළුවන් මදටිය කොළ ආහාරයට ගන්න ගොඩක් ආසයි කියලා. අද විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වී ඇති දෙයක් තමයි මදටිය කොළ ආහාරයට ගැනීමෙන් එළුවන්ගේ කිරි වර්ධනය වෙනවා. අපේ දේශීය චිකිත්සාවෙදි අරිෂ්ට, ගුළි, කල්ක වැනි ඔෟෂධ සකස් කරන්න මදටිය කොළ සහ දලු යොදා ගන්නවා. ළපටි මදටිය දලුවලින් සෑදූ කෂාය දින කිහිපයක් පානය කළොත් රුධිරය පිටවන අතීසාර වැනි රෝග තත්ත්වයන් සුව කර ගැනීමේ හැකියාවක් පවතිනවා.


දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව මදටිය කොළ, ගහේ පොතු, ඇට ඔෟෂධ පිණිස ගන්නවා. මදටිය පොතු සහ කොළවල රුධිරය පිරිසුදු කිරීමේ විශේෂ ගුණයක් පවතිනවා. ශරීරයට සිසිල් ගුණයක් ලබා දෙන මදටිය පොතු කෂාය ඇඟ දැවිල්ල, කැසිල්ල ආදී සමේ රෝග රැසක් සුව කරන්නත් පුළුවන්. ඔබ කළ යුත්තේ මදටිය පොතු ස්වල්පයක් මුට්ටියකට දමා එයට වතුර පත අටක් මිශ්‍ර කර එය පත එකක් වනතුරු සිඳගෙන උදේ පත භාගයයි සවස පත භාගයයි දින කිහිපයක් පානය කිරීම පමණයි. හමේ ආසාදන, විවිධ තුවාල ආදිය සුව කරන්න ඒ කෂාය ඉතාම යෝග්‍යයි. මොකද මදටිය කියන්නේ සිරුරේ රුධිරය පිරිසුදු කරන ඔෟෂධයක්.
දේශීය ආයුර්වේදයේ සඳහන් ආකාරයට රත් හඳුන් වෙනුවට එයට සමාන ගුණයක් ලබන්න භාවිත කළ හැකි ආදේශක ඔෟෂධයක් තමයි මදටිය කොළ. ශරීරයේ අස්ථි බිඳීම්වලදී අත පය කැඩුම් බිඳුම්වලදී මදටිය කොළ සහ පොතුවලින් සාදන පත්තුවක් භාවිත කරන්න පුළුවන්. අස්ථි බිඳීම්, ඉදිමීම්, තැළීම්වලට මදටිය කොළ සහ පොතුවලින් සාදන පත්තුව ඉතාම සුබදායක ප්‍රතිකර්මයක්.


ඔබ විශේෂයෙන්ම සිතට ගත යුතු කරුණක් තිබෙනවා. මදටිය අමු ඇටවල යම් විස සහිත බවක් තිබෙනවා. කුඩා දරුවන් මදටිය ඇටයක් අහු වුණොත් කටේ දාගන්නවා. එය දරුවාට යම් අහිතකර තත්ත්වයක් ගෙනදෙන්න පුළුවන්. එනිසා ඔබේ ගෙවත්තේ හෝ අවට මදටිය ඇට ගහක් තිබෙනවා නම් කුඩා දරුවන්ට මදටිය ඇට කන්න ඉඩ තියන්න එපා.
කාන්තා පුරුෂ දෙපාර්ශ්වයටම අධික ලෙස මහන්සි වීම නිසා හෝ විවිධ හේතූන් නිසා හන්දි වේදනා, ඉදිමුම් ප්‍රදාහ ඇති වෙන්න පුළුවන්. එවන් අවස්ථාවලදී මදටිය ඇට හොඳින් අඹරා පත්තුවක් සාදාගෙන හන්දි වේදනා ඉදිමුම් ප්‍රදාහවලට ඒ පත්තුව බඳින්න. ඉක්මනින් හන්දි වේදනා නැති කරන්නත් ඉදිමුම් ප්‍රදාහ නැති කරන්නත් මෙය අගනා පත්තුවක්.


ඒ වගේම ශරීරයේ අභ්‍යන්තර සහ බාහිරව ඇතිවන විසබීජ නාශනය කිරීමේ විශේෂ ගුණයක් මේ ඔෟෂධීය ශාකයේ පවතිනවා. ඒ නිසයි මම පෙර කීවේ අතීසාර රෝගවලටත් මදටිය කොළ කෂාය ගුණයි කියලා. අන්ත්‍ර ආශ්‍රිතව හට ගන්න විසබීජ, බැක්ටීරියා නාශනය කරන්න මදටිය කොළ පොතු කෂාය ඉතාම ගුණදායකයි. ඒ වගේම උදරය ආශ්‍රිතව ඇතිවන අජීර්ණ තත්ත්වයන්වලටත් මේ කෂාය ගුණදායකයි.
රස ඔෟෂධ කියන්නේ ඉතාම ප්‍රවේශමෙන් ආරක්ෂාකාරීව භාවිත කළ යුතු ඔෟෂධ කොට්ඨාසයක් ඇතැම් විට රස ඔෟෂධ නිසි ලෙස ශෝධනය කිරීමක් නොකර භාවිත කිරීම නිසා ශරීරයේ විස තත්ත්ව හටගන්නත් පුළුවන්. (ආසනික්, ගෙන්දගම් ආදී රස ඔෟෂධ) එවන් විස තත්ත්වයන් නැති කරන්න මදටිය මුල් අරගෙන ඒවා හොඳින් තම්බා පත එකක් ලෙස සාදාගත් කෂාය උදේ සවස පත භාගය බැගින් දින කිහිපයක් බීමෙන් පුළුවන්.


රූපලාවණ්‍ය කටයුතු සඳහාත් මදටිය හොඳ ඔෟෂධීය සත්කාරයක්. ඉක්මනින් ප්‍රතිඵල ගෙන දෙන ප්‍රතිකර්මයක්. ඔබ කුරුලෑ උවදුරෙන් පීඩා විදින තරුණියක හෝ තරුණයකු වෙන්න පුළුවන්. එවන් අවස්ථාවකදී මදටිය කොළ හොඳින් කොටා මිරිකා ගත් යුෂ මුහුණේ ආලේප කරන්න. කුරුලෑ ඉවත් කරන්නත් සම පැහැපත් කරන්නත් මේ ඔෟෂධීය ශාක සත්කාරය ඉතාම සුදුසුයි. මේ රූපලාවණ්‍ය සත්කාරය දිනපතා සිදු කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්.
කල්ගතවූ සුව නොවන තුවාල, විසර ගෙඩි වැනි ආසාදනවලින්ද ඔබ පීඩා විඳින කෙනෙක්ද? මදටිය කොළ කොටා මිරිකා ගත් යුෂ විසර ගෙඩිවල තුවාලවල දිනපතා උදේ සවස ආලේප කරන්න. තුවාලයක් නම් ඉක්මනින් සුව වේවී. විසර ගෙඩියක් නම් ගෙඩිය පිපිරී සැරව ඉවත්වී මඳින් මඳ එය සුව වෙනවා. සුවයක් ලබන තුරුම ඔබ මේ ඔෟෂධීය යුෂ ආලේප කළ යුතුයි. ඒ වගේම හන්දි වේදනා ඉදිමුම්, තුනටිය අමාරු වැනි තත්ත්වවලදී මදටිය ගහේ පොතු ස්වල්පයක් වියළාගෙන හොඳින් කුඩුකර ඇල් දිය ස්වල්පයකින් මිශ්‍ර කර හන්දි වේදනාව ඇති තැන්වල ආලේප කරන්න. මේ පිළියම වරින්වර කළොත් හන්දි වේදනා තුනටිය වේදනා මදටිය පොත්තේ ඇති ඔෟෂධීය ශාක සාරයෙන් නිට්ටාවටම සුව වේවි.
මුත්‍රාශය ආශ්‍රිත රෝග නිසා සමහරුන් පීඩාවට පත්ව සිටිනවා. මුත්‍රා අඩස්සිය, මුත්‍රා දැවිල්ල, ආදී මුත්‍රා ආසාදන නැති කරන්න ඔබට පුළුවන් දින කිහිපයක් උදේ සවස මදටිය පොතු කෂාය බීවොත්.


ඉස්හොරි, උකුණො කරදරය කියන්නේ කාන්තාවන්ට පමණක් නෙවෙයි පිරිමින්ටත් අද වන විට පීඩා ගෙන දෙන අර්බුදයක්. මදටිය පොතු තම්බා නිවුණු පසු ඒ තැම්බූ දියරින් දිනපතා හිස සෝදනවා නම් උකුණු කරදරයෙන් වගේම හිස්හොරි කරදරයෙනුත් ඔබට මිදෙන්න පුළුවන්. ඇතැම් අයගෙ හිස ආශ්‍රිතව පොතු කබර රෝග තත්ත්වයක් හටගන්න පුළුවන්. එම රෝගය නිට්ටාවටම සුව කරන්න පුළුවන් මදටිය ඇට තෙල් අරගෙන ඒ තෙල් දිනපතා හිසේ ආලේප කරනවා නම්. මී ඇටවලින් තෙල් ගන්නා ආකාරයටයි මදටිය ඇටවලිනුත් තෙල් ගන්නේ. දේශීය වෛද්‍යවරුන් ඒ ක්‍රමවේදය දන්නවා.
මෙහිදී විශේෂයෙන්ම ඔබ සිතට ගත යුතු දෙයක් තමයි මදටිය ඇට ඔෟෂධ පිණිස ගන්නා අවස්ථාවකදී ඔබ අමු මදටිය ඇට නොගෙන පැසුණු මේරූ ඇට ගන්න. එයට යම් හේතුවක් තිබෙනවා. අමු මදටිය ඇටවල යම් විස සහිත බවක් තිබෙනවා.
ඒ වගේම මදටිය ඇට හොඳින් කුඩු කර ඒ කුඩු සැරව ගෙඩිවල ආලේප කරනව නම් සැරව ගෙඩි පුපුරා විසබීජ ඉවත් වෙනවා. ඒ තරමටම මදටිය ඇටවල සුවිශේෂී ඔෟෂධීය රසායනික ගුණයක් පවතිනවා. කුඩු කළ මදටිය ඇට චූර්ණය නළලේ ආලේප කළොත් ඕනෑම හිසේ රුදාවක් නැති කරගන්නත් පුළුවන්.
ඔබ මදටිය කොළ මැල්ලුම සතියකට දින කිහිපයක් හෝ ආහාරයට ගත්තොත් (උණුවතුරෙන් තම්බා දිය ඉවත් කළ පසුව) ඔබේ සිරුරේ අධික රුධිර පීඩන තත්ත්වය අඩු කරන්නත් පුළුවන්.


ඇත්තටම ගොඩක් අය මදටිය ශාකයේ පවතින ඔෟෂධීය වැදගත්කම දන්නෙ නැහැ. නමුත් මිනිසාගේ ජීවයට තවත් ජීවයක් ලබාදෙන අද්විතීය ඔෟෂධයක් වන මදටිය රංජන, රක්ත බීජ යන නම්වලිනුත් හඳුන්වනවා. සංස්කෘත භාෂාවෙන් කෘචන්දන යන නමින් හඳුන්වන්නෙත් මදටිය ශාකයටම තමයි.
ළදරුවන්ගේ රතගාය රෝගය සුව කරන්නත් මදටිය පොතු කෂාය ගුණදායකයි. කුඩා දරුවන්ගේ රතගායට සහ සෙම් රෝගයට දෙන ජීවක කල්කයේත් මදටිය අන්තර්ගතයි. ලේ රත රෝගය හෙවත් රත් පැහැ විසර ගෙඩි රෝගය සුව කරන්නත් සුදුසු ඔෟෂධ මිශ්‍රණයක් මදටිය පොතු සම්පාදිතව සාදාගන්න ඔබට පුළුවන්. මදටිය පොතු, අරලු, ශිවංගුරු තිත්ත අබිං රත් මල් පොතු, රත් මල් කැකුළු සහ රත් කිහිරිය යන ඒවා සමව අරගෙන ඒවා ඇඹුල් ‍ෙදාඩම් ඉස්මෙන් අඹරා මඳක් රත්කර ම¼ද රස්නෙ පිටම ලේ රතු විසර ගෙඩිවල ආලේප කරන්න. මෙය දින කිහිපයක් කරන්න. ලේ රතු ගෙඩි ඔබට වේදනාවක් නොමැතිවම බිඳී විසබීජ ඉවත් වෙනවා. ඉන් පසුවත් මේ ද්‍රාවණය දිනපතා ආලේප කරනවා නම් මඳින් මඳ ඒ රෝගය හොඳටම හොඳ කරගන්න ඔබට පුළුවන්.
වෙළෙඳපොළවල පවතින නීල්‍යාදී තෛලය සහ සර්ව විෂාදි තෛලය හිසේ සහ තුවාලවලට ආලේප කරන්නයි වෙළෙඳපොළට නිකුත් කරන්නේ. ඒ ඔෟෂධ තෛල වර්ග දෙකේම මදටිය කොළ සහ පොතු අන්තර්ගතයි.
 

0 comments:

Post a Comment