Blogger news

Pages

Sunday, May 29, 2016

සර්ප ‍‍වෙදකම 1 කොටස

දබ ඇට රත්ශිරියල් කොබොනීල මල් මිරිස්ස ඇට සිද්ධිගුරු තුවර පළු නගවෙ තිලාට වැල් ශිරිවැයිය එල කටරොඩු එලබටු වැල්මී යන මෙකි දේ ගෝ මුත්‍රාවෙන් අබරා නස්න කරනු. පොවනු. ඇග ගානු. මෙසූයීයේ දුත බේත විෂ රාශියක් නසයි.
කී කිරිදිය කරවිල මදුරුහෙ තැල්ල මෙකී කොල දෙහි ඇඹුලෙන් නස්න කරනු. නයාටයි.රුක් අත්තන පොතු ලූනු අරණ පොතු අන්කෙන්ද පොතු නස්න කරනු. නයාටයි. රුක් අත්තන පොතු කැලතිය පොතු මල් ඉරු නස්න කරනු. කෑමුකේ ගානු. පොවනු. (මෙම පත්ඉරුව වෙනත් පොතක බව පෙනේ)
මුගුන මල ඇටයි කා ඇට මදයි දෙහි ඇඹුලෙන් අඹරා උරච්චි කර අජ්ජනං ලනු වාත්තුවට කස පැන් ලො දෙන් දී කිරි ඇගපිට කොටා බෙහෙත් ගානු. කරවලාටයි. වැල් රුක්අත්තන කොල මුත්‍රා දියෙන් අබරා පිසදමනු. නයාටයි. කොවක්කා කොලෙන් පිස දමනු. දිවි මකුළුවාට දිවි පහුර කොල මුත්‍රා දියෙන් පිසදමනු. කළුවා අලයි ආනමළු අලයි දෙහි ඇඹුලෙන් උරච්චි කර පිසදමනු. හබරල අල මීපැණියෙන් නස්න කරනු. දී කිරි ඇග ගානු විස ඇරෙයි.
ඌරු පිතයි මොණර පිතයි ඇටි කුකුළු පිතයි තෙරවිසයි පුසපහදුං ශම භාග ගෙන එල මුත්‍රාවෙන් අබරා තෝර ඇට පමණ ගුලි කර සෙවනේ වියලා තබා බුලත් ඉස්මෙන් අජ්ජනං ලනු. ගැට තුබ යුස නස්න කරනු. නයාටයි. ගිරිතිල්ලා මුල් කළුලාගේ අක්මා මිනී අළු නිල් මැඩියාගේ අක්මා දෙහි පැගිරෙන් අබරා නස්න කරනු. එම පැගිරෙන් පොවනු.තුබ යුස හිරියල් තිත්ත කරත හැම සර්ප විසටයි. කළුවා කොල නස්න කරනු. සුබුළු දොඩ උපදවත් මුල අහදික්කාරනු උපදිත්. කලාදුරු අල තැබිලි දියෙන් නස්න කරනු. පොවනු.ලේ මැඩිල්ලාටයි පොලගාටයි අංකෙන්ද කොල කරවිල කොල බැබිල කොල(මෙම බෙහෙත අවසන් නැත ඊලග පිටුවට සම්බන්ධ නැති බව පෙනේ)
(මෙහි මුල් කොටස අතහැර ඇත¡) වැටකුළු ඇට කරදිය වරා කොල කොල්ලන් කොල යුෂ නයිගොඩ මාළු එඩරු කොල කීකිරිදිය මුල් පෙනෙල කොල රබුක් යුෂ රත් මොට්ටු කොල පුස්කර මනෝසීල ඉගුරු අල අමු කපුරු අමු උරුලෑ ලේ සදුන් පසගිලිකන් දළු අහ
සියලූ ගඩු විත වෙයි. මීටම දෙහි ඇඹුලෙන් පැගිරෙන් හෝ අඹරා තබා දොඩං ඇඹුලෙන් හෝ සබරල පිති යුෂයෙන් පැහිච්චි දෙබට කිරෙන් හෝ කුකුරු මහන් යුෂයෙන් හෝ ගෙඩි මද බටු කරකල තෙල් කොබො තෙල් මෙකී අනුපාන එක්කොට බේත් යොදා දිව ගානු. සෙවුත්තරං වෙඩිලූනු පස්කුළුබඩු ඇතුළුව ඉගුරු මිරිස් අබ ත්‍රිපල් වදකහ පෙනෙල ගෙඩි පොතු මී මුරුවට කොහොඹ මුරුවට අමුක්කර මුල් සාරණ මුල් වැල් තිබ්බටු මුල් සුදුලූණු මෙකී දේ සමභාග ගෙන මිගුරු පට හිගුරු පට යුසයෙන් හෝ දොඩන් ඇඹුලෙන් හෝ අබරා අල්ලේ පා කරනු. මීටම පල්මාණික්කං ඉගුරු මිරිස් මුනමල් ඇට ජයපාල නිකදළු සුදුලූණු මෙකී දේ දෙතන කිරෙන් අබරා නස්න කරනු.
වදකොල ගදපාන කොල බටුකර දොඩං ඇඹුලෙන් අබරා ගල්ජවර පොතු නික පොතු කැප්පෙටියා පොතු දී කිරි එක්ක අඹරා ගානු. පත්තුවයි. ලවෙතියා කොල වරා මුල් දොඩං ඇඹුලෙන් අඹරා ගානු. පත්තුවයි. සුදුරු සුදුලූණු අබරා ගානු. රතටයි. සියලූ ගඩු ගුනවෙයි.
බූරුව කොල පූඩළු කොල රදලිය කොල මෙකී දේ කොටා මිරිකා ලූණු තිබු කබලක කැබිලි කට්ටක් ගෙන අබරා එකට කලතා කකාරා ගානු. දුවන පයින රත ගුන වෙයි. වල්මී කොල කහලූණු ලා කොටමලව බදිනු. උල් කහලූණු ලා කොටමලවා බගී අන්කෙන්ද කොල කුඩු මිරිස් මේ හැම කොල පොතු ගෙන කුඹුරු කොල සියබලා කොල එඩරු කොල මෙකී දේ ගෙන ලියවලාව බදී.
මුදු පදමට පෙරා ගෙන තෙවේල ගානු. ගුන වෙයි. දුවන රතේට මකුණුවැන්න ගහ මුලින් ගෙන වැටකොල යුසයෙන් අබරා ගානු. ඔලිද වද කැල හීතිය පත් ලිප මැද පස් වියන් දුබුළු කුබලා බැදපු පස් පොලි හකුරු තහි දී කිරි තබා ගැඩුබ ඇට දොඩං ඇඹුලෙන් අබරා ගානු.ගුන වෙයි. කළුදුරු අසමෝදගම් තිප්පිලි එක්ක අබරා ගානු. රතේටයි. නිල් කටරොඩුයි වදකොල ගෙදපත් කොල දුමුල් බටුමුල් රත් නිකු මුල් කුඹුක් පොතු දොඩං ඇබුලෙන් අබරා ගානු. රතේටයි.
සිදබ පෙරා තබා බොන්නට දෙනු. කනවක් කරනු. උගුරෙහි භරුම ඇරෙයි. රත ගුන වෙයි.ගල් රතේටයි. ලදරුවන තෙල නැමට අට්ටා කිරි ගැට නිකුල් කිරි රත්හදුන් මෙකීවා පොඩි වෙච්චි තැන ගානු. මීටම නික කොල පොතු මුරුන්ගා පොතු මෙකී දේ එක විචරට ගෙන කොටා මිරිකා යුෂ මැඩ ගෙන මීට තලතෙල් එලගි තෙල් දුන් තෙල් එක හරිහට ගෙන කකාරා තෙල් පාට වන වෙලාවට දුම්මල පෙරුං කායන් අබිං අරළු ඉගුරු මිරිස් මේ දේ අබරා තෙලට යොදා කකාරා වහා තැල්ල කොල අබරා අල්ලේ පාකරනු. ඉදී බඩ එලකිරි එක්කා කකාරා පොවනු. පොලොන් විශ බහී. කරවලාට ගැට නිකුල් මුල් කොල පොතු කහ ලූණු ලා මලවා බදිනු. පොලොන් විශට කුබුක් කොල පොතු රටවද කහ අරළු සීවහනැල්ල කොලයි මකුණු වැන්න නස්න කරනු. රට වදකහ අරළු කොටික පුවක් එක මිරිස් ඇටයයි ඌරු පිතයි කබැල්ලා පිතයි මෙ හැම දී
සියලූ සර්ප විසට පිල කොල කොටා මිරිකා රෙද්දෙන් පෙරා කොස් කොල ගොටුවකින් පොවනු. ඇග ගානු. ශර්ප විශාදියට හා රත වලට බෙහෙත් කියනු ලැබේ. මීටම පිච්ච මුල් එලබටු මුල් කරල් ශැබෝ මුල් මෙකී අබරා පත්කඩ ඔතා මී තෙලින් තෙමා අවුල්ලා නිවා දුං පානු. ඔඩු ගති ගුන වෙයි.
නයාට නා ඇටමද දෙහි ඇඹුලෙන් ගලගා නස්න කරනු. පොලගට මුරුන්ගා පොතු දෙහි ඇඹුලෙන් ගලගා නස්න කරනු. ඇස ගානු. මීටම කහ ටිකක් සුදුලූණු බිකක් මුත්‍රා දියෙන් නස්න කරනු. උස් මුරුත්තාවට ඒවා කන් දෙකෙන් වත් කරනු.
කුනකටුවාට ශෙරු කොල පොතු කහ ලූණු ලා මලවා බදිනු. කුනකටුවාටයි. සියලූ විෂ ක්ෂය වීමට වහ තැල්ල කොල පොඩි කොට උඩුත් පිටිත් සීටි වැල් කසඹිලියා පොඩි කොට උඩිත් පවිත් සීනු. පොලොන් විසට බක් මී කොල පොතු කහ ලූණු මලවා බදිනු.මීටම වැල් කසඹිලියා කොල කොටා මලවා බදී. කරවලාටයි. කරබේබියා ඇට මුත්‍රා දියෙන් ගා වහ තැල්ල කොලයි මුකුණු වැන්න නස්න කරනු.
පොතු රත් නිකුල් මුල් දත්කැටියා වහතැල්ල කොලයි මකුණු වැන්න කොලයයි නස්න කරනු. ඊට වදකහ අරළු කොටිකා පුවක් කර මිරිස් ඇටයයි ඌරු පිතයි කැබැල්ලා පිතයි මේ හැම සමග ගෙන තන කිරෙන් අබරා ගුලි කොට පවනේ වේලා තබා හැම සර්පයින්ට දෙහි ඇඹුලෙන් උරච්චි කර ඇග ගානු. තදීතරිවාතුනතතීකිරි ඇග වක්කරනු.
කරවිල කොල මුරුංගා පොතු නස්න කරනු. හැම සර්ප විස බසී. කුඹුරු පොතු මුත්‍රා දියෙන් නස්න කරනු. මෙ ලොව උපදිත් දිය මෙඩෙය මුල් නස්න කරනු. වහතැල්ල කොල අබරා ආලේප කරනු. ඉදිබඩ එල කිරි එක්කර පොවනු. පොලොන් විස බසී.
කරවලාට ගැට නිකුල් මුල් කොල පොතු කහ ලූණු ලමව බදිනු. පොලොන් විසට කුබුක් කොල තෙරපා වදකහ අරළු ගෙඩියි දෙහි ඇඹුලෙන් උරච්චි කර අන්ජන් ලනු. මතු ඇල් දියෙන් ලනු. මුගුණ මල් ඇට මදයි නා ඇට මදයි දෙහි ඇඹුලෙන් උරච්චි කර අන්ජන් ලනු.මාත්තුවට කසපැන් දියෙන් ලොදෙන් දිකිරි ඇග පිට බෙහෙත් ගානු. කරවලාටයි. වැල් රුක්අත්තන කොල මුත්‍රා දියේ පිස දමනු. නයාටයි. කොවක්කා කොලෙන් පිස දමනු නයාටයි. දිවිමකුළුවාටයි දිවිපහුර කොල මුත්‍රා දියෙන් පිස දමනු. කළුවා අල අනමාළු අලයි දෙහි ඇඹුලෙන් උරච්චි කර පිස දමනු. හබරල අල මී පැණි මනිස්ස කොලයි හා බෙටියි එක් කොට දුන් අරිනු. බිත්තර මුරු මුත්‍රා දියෙන් නස්න කරනු. හාල් දණ්ඩාටයි.නයාට නා මිරිත්ත මුලයි අතින් ගෙන යනු. විස බසියි මුත්‍රා දියෙන් නස්න කරනු. සර්ප විෂ බසී. සපු ඇට සියලූ සර්ප විෂටයි. නස්න කරනු.යොත් අබරා ඇග ගල්වනු. හැම සර්ප විෂ හැරෙයි. ඉහමාලෙ පොතු කුඩු මිරිස් පොතු වරා මුල් රත්නිකුල් කොල රත්නා කොල සුනුයි අනා මුත්‍රා දියෙන් අබරා ඇග ගල්වනු. වෙලා කොල දොඩං ඇඹුලෙන් පිස දමනු.මේ බේත් මාපිලාටයි. බුත්සරණ මුල් කොවක්කා කොල නයා කාපුවම පිස දමනු. හිත්කුර මුලයි සස්සද මුලයි මල මිරිස් මුලයි සුබුලූ දොඩං උපදවන් මුල අහදි කකාරනු උපදිත්.
කලූදුරු අල තැබිලියෙන් නස්න කරනු. පොවනු ලේ මැඩිල්ලාටයි. පොලගටයි. අහුකොල කරවිල කොල බැබිල කොල දෙබට මෙකී දේ නස්න කරනු. නයාට මිදියට මදෙ දෙහි ඇඹුලෙන් නස්න කරනු. ඇස ගානු. පොලගට මුරුන්ගා පොතු දෙහි ඇඹුලෙන් නස්න කරනු. ඇග ගානු. විස මුර්ජාවටයි. එයින්ම කන් දෙකට වක් කරනු. ඌරු පිතයි මොනර පිතයි ඇටි කුකුළු පිතයි තෙර විසයි පුස්පහ දුන් ශම භාග ගෙන එළ මුත්‍රාවෙන් අබරා තෝර ඇට පමන ගුලි කර සෙවනේ වේලා තබනු. බුලත් ඉස්මෙන් අංජනන් ලනු. ගැට තුබ යුසින් නස්න කරනු. නයාටයි ගිරිල්ල මුල් එලාගේ අක්මා මිනී අළු නිල් මඩියාගේ අක්මා දෙහි පැගිරෙන් අබරා නස්න කරනු. එම පැගිරෙන් පොවනු. තුබ යුස හිරියල් තිත්ත කර හැම සර්ප විසටයි. කළුවා කොල නස්න කරනු. සියලූ විස බසී කීකිරිදිය කොල මුත්‍රා දියෙන් පැසවා තියා නස්න කරනු. මලවා බදිනු. තෙලිස් විස නැතිවෙයි. මීටම බකමුණු මිරිස් කොල කෙසරුන් බැබිල කහ ලූණු ලා මලවා බදිනු. අන්කෙන්ද කොල කහ ලූණු ලා මලවා බදිනු. මෙයින් මෙලෝ උපදිත් හැම විසට සස්සද මුල මුත්‍රා දියෙන් මත් කාඩියෙන් මත් නස්න කරනු. සියලූ සර්ප විස බසී තෙලිස්සා විසට කීකිරිදිය මුලයෙන් ඉස්ම ගෙන ගිතෙලින් නස්න කරනු. පොවනු. මීටම පුපල කොල හුස මැඩ පොවනු. නස්න කරනු.යකිනාරං ගෙඩියක් පුළුස්සා දැලි ගෙන ඇගිල්ලේ ගා ඇස ගානු. විෂ මුර්ජා හැරෙයි.පොලගා කෑ විෂ හැරෙයි. මීටම හබරල අල කහ ලූණු කොටා මලවා බදිනු. කෑ මුකේ ගානු. නස්න කරනු.

කරවලාටයි

මුගුන මල් ඇට මදයි නා ඇටයි සමබාග ගෙන තලතෙලින් නස්න කරනු. ඊට විෂ නැගුනි නම් උපදිත් තැබිලි මුල් කොල එකට කොටා ගරුඩ පාසානං හා ගොම මුත්‍රා දියෙන් අනා නස්න කරනු. අජ්ජනං ලනු. රොඩු කහ ලූණු ලා කොටා මලවා බදිනු. නෛ විෂටමල මිරිස් මුල් කොටා රෙද්දේ තෙමා තල තෙලෙන් ගලා අවුවෙ ලා අවුලනු නිවා දුං දෙනු.කරවලාටයි. කීකිරිදිය මුල් පනු ලා මලවා බදිනු. පොලගාටයි. හාල්දණ්ඩාට තල්ගහෙ බුමටු එයි එයිරං මනිස්ස කොලයි හා ඛෙටියි එක් කර දුන් අරිනු. බිත්තර බුරු මුත්‍රා දියෙන් නස්න කරනු. හාල්දණ්ඩාටයි. නයාට නාබිරිත්ත මුල් අතින් ගෙන යනු. විෂ බසී. සපු ඇට සියලූ සර්ප විෂටයි. යොත් අබරා නස්න කරනු. යොත් අබරා ඇග ගල්වනු. හැම සර්ප විෂ හැරෙයි. සිහ වැලේ පොතු කුඩු මිරිස් පොතු වරා මල් රත්නියන් කොල රත්නා කොලයි සුනුයි අනා මුත්‍රා දියෙන් අබරා ඇග ගල්ලනු. වෙලා කොල දොඩං ඇබුලෙන් අබරා පිස දමනු. මේ බෙහෙත් මාපිලාටයි. බුත් සරණා මුල් කෝවක්කා නයා කාපුවම පිස දමනු.හිත් කූර මුලයි සස්සද මුලයි මල මිරිස් මුලයි දෙහි ඇඹුලෙන් මුත්‍රා දියෙන් මත් ගානු. සියලූ විෂ නසයි. සහිද ලූණු වී අදු බුළු මුඩු මහණ හිරියල් පොඩි කොට දුං පානු විෂයෙන් ලෝ උපදිත් ඉරෙන් එල එඩරු මුල උදුරා ගලගා පොවනු. විෂ ඉදිමුන් නැති වෙයි. පොලගාටයිවෙල්ලං ගීය මුලයි යකීනාරං මුලයි මුත්‍රා දියෙන් ගලගා ගානු. විස ඉදිමුන් නැති වෙයි.වැල් බැබිල මුල් මුගුන මල් ඇට එකට ගලගා දෙහි ඇඹුලෙන් ගලගා නස්න කරනු.පොලගාට වැමේනියා ගැට තුබ නික දළු බටහිර දිසාවෙන් ගෙන එසේම සුලැගිල්ලෙන් ගෙන බෙලිමුල් දෙක සියළු විසටයි. අංජනම් ආලේප කරනු. මීටම ගුණ වෙයි. මීටම තුත්තංතුරිසි දොඩං ඇබුලෙන් පොවනු. බලූ දං ගෙඩි අබරා තලතෙලින් පොවනු. එම ගහේ කොලත් පොතුත් කොටා කස පැන් දියෙන් ඇගල්ලනු. තිත්ත කොල මිරිස් කොල කොටා යුෂ තල තෙලින් පොවනු. මුත්‍රා දියෙන් ඇග ඉස ගානු. කැකිරි කොල කැද දෙනු. තල තෙලිං පොවනු. මාපිලාට ලේ මැඩිල්ලාට පිටවක්කා කොල දෙහි පැං ඇඹුලෙං ගානු.කදුලැටිය සස්සද දෙසි ඇතුළු දෙක මාන් ජෙෂ්ටිය මල මුරුංගා මේ හැම අබරා නස්න කරනු. අල්ලේ පාන සිතත කරනු ඇල්දියෙන්. උග්‍ර වූ විෂ බසී. වරාමල් සාරණ මුල් අබරා අනුබව කොට නයි කවනු. කකුල අතේ කෑවත් විෂ නොනැගේ. මීටම මල් තුඛෙ අලෙ කරවිල කොල ඉස්මෙන් විසි එක් විටක් කරද වේලා තබා ඇල් දියෙන් ගලගා පොවනු.සියලූ විෂ බසී. මීටම යකුවණ්ණස්ස කොළ නික කොල ඉස්මෙන් නස්න කරනු.කාලෙඌමත් ගුණ වෙයි. මීටම මගුල් කරද ඇට තිකුළු ඇට කුබුරු ඇට රසදය සවින්දව මේ හැම තිත්ත වැටකුළු කොළ ඉස්මෙන් අබරා ගුලි කර තබා විස මුර්ජ්ජා අයට අංජ්ජනං ලනු. විසට නග විස උවත් එම සේම ගුණ වෙයි. මීටම මොනර තුඩ මුගටි දලයිපත්මැදිමයි.උරුලෑ පිතයි. මෙ හැම නර දියෙන් අබරා ගුලිකොට තබා සර්ප විසට ඇල් දියෙන් නස්න කරනු. පරාලෙ පනන්දි කරනු. ඉගුරු මිරිස් මනෝසීල දේවදාර මගුල් කරද ඇටවරා මුල් වරා ඇට වග පුල් මෙ හැම අබර කල්ක ගෙන තබා නස්න අංජ්ජන අලේප කරනු. මීටම ලූනු පහ තිරස්සවාළු මුල් දැත්ත ගොං කැකිරිති පොතු ගිය මිරිස් සතත් එල ලූණු බිකක් පුපුල දළු ගොඩ මානෙල් මුත්‍රා දියෙන් අබරා නස්න කරනු. මීටම ඉත්ත කොල දිය කිල්ල කොල පොතු කහ ලූනු ලා මලවා ඔතනු. නාමිරිත්ත කොල පොතු සපුපොතු රුක් අත්තන පොතු කහ ලූණු ලා කොටා මලවා අමතනු. නග විෂටයි.
මීට ළුනු ඇට මද තැබිලිය මල් මෙ කල්ක බදිනු. උග්ග්‍ර වු විෂ බසි. වදකහ රසදිය තලා මුල් මෙ හැම අබරා මුත්‍රා දියෙන් අබරා නස්න කරනු. යම පුරයට ගියහුද ජීවත් වෙයි. මීටම පෙරුං කායන් පුස්කර හිරියල් කොල වරා කොල රෙවෙන මැඩියා කොල කහ ලූනු ලා කොටා මලවා බදිනු. සපු පොතු මුනමල් පොතු මේ දේ අබරා ආලේප කරනු. පොලොන් විෂ බසී. පලා පොලගාට ගුරුල කොල ලූනු දමා කොටා මලවා ඔතනු. ගුන වෙයි.කරවලාට බටු කරවිල කොල කර ඛෙබියා කොල දෙහි දළු බැබිල කොල කිරි අගුන කොල වරා කොල මඩිතිය කොල කහ ලූනු ලා මලවා අමතනු. ලූණු දෙහි අබරා ආලේප කරනු.ශබොකොල ඉස්මෙන් අබරා රසදියෙන් අබරා කෑමුකේ ගානු. මිට බඩට බස්ස විසට කුරමුල් කැද පිස කකාරා පොවනු. විස බසී. ගානු ගුන වෙයි.
දෙබර විසට පැහිච්ච පොල්පිති ඉස්ම ගුන වෙයි. මීටම යකිනාරං මල් නරදියෙන් අබරා ඇග ගානු. ගඩු නැගෙනවා මැකෙයි. හිකනලූන්ට කොට්ටං ඇල්දියෙන් අබරා ගානු. තලා කොල වලින් පිස දමනු. තිත්ත වැටකොලූ කොල තිත්ත ලබු ඇට බුලත් මල් මේවා අබරා ගිතෙලින් අනා නස්න කරනු. විෂ බසි. තිත්ත වැටකුළු ඉස්ම ඉස් මුදුනේ ගානු. හැම විෂ ගුන වෙයි. මීටම ගැට තුබ කොල ඉස්ම සිද්ධිගුරු මිරිස් මීඇට එක්කොට නස්න කරනු.හැම සර්ප විස බසි. මීටම එල එඩරුය පලමු කීලෙස පිස දමනු. දින කලාවයි බලා පිලියන් කරනු.
රබුක් ලිය තලා මිරිකා දෙහි ඇබුලෙන් දෙනු. නයාටයි. සියලූ සර්ප විසට අවුසද ආනුබාව ලැබෙයි. දිවි මකුළු විසට වරා කිරි දෂ්ට කල මුඛයේ ගානු. ගුනවෙයි.‍‍
රත් මකුළු විසට ත්‍රිපල් අබරා ගානු ගුන වෙයි. වරා ඇට වරා කිරෙන් තුන් අවිටක් හවින් කලබා වගපුල් පානු දියෙන් අබරා ආලේප කරනු නාග විෂට කිරි මිශ්‍ර මකුළු විෂ මියන් කරනු. බුපනු විෂ දිවි මකුළුවිෂ ගෝනුසු විෂ යන මෙ හැම විෂ ගුන වෙයි. රත් වදයාට කඩු පහර බන් දබු කඩ සහල් පානුවෙන් අබරා ‍
මෙම මන්ත්‍රය අතට සත් විටක් මතුරා බිමට නිය පිටින් ගසනු. සියලූ විෂ බසිනු. ඉරිදා සැට පැයක් සදුදා සැට පැයක් අගහරුවාදා දස පැයක් ඇතුළුව මෙ අනු විසි පැයක් හා බ්‍රහස්පතින්දා දසඅට පැයක් හා ඇතුළුව පන්මයා වලදයි. ඕන් ජය ජය අන්තෙස්වහඃ මෙම මන්ත්‍රය කියලා පැත්තට අත ගසනු. පිස දමනු සිකුරාදා සැට පැයක් සෙනසුරාදා තිස් පැයක් සහ අනු පැයක් පන්මයා වලදයි උගෙ විෂ කරෙ සිටිනෙයා ඩන් ජය ජය පදෙස්වහඃ මෙම මන්ත්‍රයෙන් ට දෙ ඇග ගල්වනු බෙහෙත් රත් කර කෑ මුකේ ගානු හික්මීයාටයි සුදුළුනු මිරිස් ඇට තුබ මුල් අබ කොල යුෂ අබරා පොවනු සියලූ විසටයි අත් දුටුවයි සත්තයි දිය කලාවෙ සාත්තු පිලියම් කියනු ලැබේ සෙනසුරාදා විසි පැයක් හා ඉරිදා හතලිස් පැයක් හා ඇතුළුව යම් සර්පයෙක් කෑ නම් අතනයාගෙ නියායෙන් කෑවාය. ඔහුට විස යටි පතුලේ සිටි. අදුතයාගෙ තෙපුල් අසව ඕන් ජය ජය අන්තෙස්වහඃ විස දුයෙයි අත් දුටුවයි කනාමැදිලියාට වෙනිවැල්ගැට දෙහි ඇඹුලෙන් ගලගා මුකේ වට ගල්ලනු. විෂ බසී ගෙමැඩියාට බළුදන් ගහ කොලයි පොතුයි ගැරැන්ඩිය සැවැයි වනෙ ලා කොටා වතු කටු අගුරෙන් දමා වට පැදුර බදදුන් අල්ලනු. ගෙමැඩියා කෑ විස බසී ඇට ගෙමැඩියාටයි ඇග ඉස ගල්ලනු නයාටයි කරවලාට දත් කැටිය කොලවත් මුල්වත් මල්වත් ලැබුනු දෙයක් ගෙන කොටා මිරිකා හීනටි සාලේ කැද පිස බොන්නට දෙනු. නොයෙක් සර්ප විසට යහපති. කරවලාට බටුකරවිල කොල කැද පිස දෙනු. මීටම බටුකරවිල ගෙඩි ඉස්ම තලතෙලෙන් බොන්ට දෙනු. දෙහි දළු මුරුංගා පොතු ගැට තුඹ දළු කුබුරු දළු ඇග ගානු.
බුලත් යුසින්ද තුබ කොල යුසින්ද එරමුදු කොල යුසින්ද මෙ පස්වගෙන්ම පස් දවසක් අබරා අබ ඇට පමන ගුලිකර තබා සැම විසට බුලත් යුසින් ගුලියක් දෙනු. කරවලාට කරවිල කොල යුසින් දෙනු. එරමුදු කොල යුසින් දෙනු.ඉගුරු ඉස්මෙන් අංජනන් ලනු තුබ කොල ඉස්මෙන් දෙනු මදුරු කොල යුසින්ද හිගුරුපට ඉස්මෙන් නස්න කරනු සැම විසට යහපති හික් මියාට මීමුරුවට මුරුංගා පොතු අබරා දොඩං බින ඇතුලේ ලා ගිලිනු මියාට ලෝලූ පොතු බටහිරෙන් පහලට උගුල්ලා ගෙන කොටා මිරිකා දෙහි ඇඹුලෙන් බොන්නට දෙනු. මි පැනියෙන් කෑ මුකේ ගානු මියාටයි දිවි මකුළුවාට කොල්ලාකඩ ගිනි අගුරට දමා කෑ මුකේට දුං අල්ලනු නෙරි විස ගරුඩ පාසානං හිරියල් වච්චනාවි වෙල්ලප්පාසානම් අරත්තන තිත්ත කපුරු කටු කරෝසන සුදුළුනු ඉගුරු මිරිස් මෙ සරක්කු වල් ඛෙහෙත් වලින් සුළුනයි මහනයි වනරාජ ගොඩමානෙල් මෙකී දෙ සමව කරවිල කොල යුසින්ද කිකිරිදිය යුසින්ද උරච්චි කර නස්න කරනු එම ඛෙහෙත් ඇස ඉස ගල්ලනු මීටම රබුක් ලීය තලා මිරිකා දෙහි ඇඹුලෙන් පොවනු පොතු කොල කොටා මිරිකා දෙහි ඇඹල් එක්ක ඇග ඉස ගල්ලනු නයාට කරවලාටයි කරල් ශැබො කොල පොල් කුඩු පාල කොල දිය මෙඩේරිය කොල මිරිකා දෙහි ඇඹුලෙන් පොවනු. කොටා මුත්‍රා දියෙන් පිස දමනු ගුරුල කොල පොතු කහ ලූණු ලා කොටා මලවා බදිනු පොලගාටයි වල් ඉගුරු අල කහ ලූණු ලා මලවා බදිනු අශ්වැන්න මුල නීයමකීවාද දුදුරාගෙන මුත්‍රා දියෙන් උරච්චි කර අංජන් ලනු කෑ මුකේ ගානු පිසලනු නයි විසටයි නයාට බක් මී පොත්ත බස්නාහිර දිසාවෙන් ගෙන දෙහි ඇඹුලෙන් සැම භගවගෙන් අඹරා දොඩන් ඇඹුලෙන් යොදා ඉස සිට දෙපතුලට ගල්ලනු. අට කුලේ පොන් ගුන්ඩ සත්තයි එරමුදු පොතු කහට පොතු පුස්වැල් පොතු කහ ලූනු ලා කොටා මලවා බදිනු පොලගාටයි පලා පොලගාට ලී කොල පොතු ඊටම කිඩාරන් අල කහ ලූණු ලා කොටා මලවා බදිනු පොලගාටයි එම කිඩාරන් අල කැලනිය පොතු වැල් රුක්අත්තන කොල කපු කොල එඩරු මුල් මෙකී දේ කොටා දොඩං ඇඹුලෙන් මිරිකා තබා මිට පුස් ඇට නා ඇට එඩරු ඇට මුගුන මල් ඇට කුබුරු ඇට ජයපාල ඇට මිරිස් ඇට නස්න කරනු අන්ජන් පිබින්ද පොලගාටයි සැම සර්ප විසට බුලත් සාරණ මල් ඉස්ම නස්න කරනු ලේ මැඩිල්ලාට යහපති පෙනල කොල වැල් රුක්අත්තන කොල කරල් ශැබො කොල කළුදුරු සුදුදුරු සුදුලූනු සිද්දිගුරු මෙකී දේ සමභාග ගානු.පොලගාටයි දීය කිල්ලා පොතු දොඩං ඇග ඉස ගල්ලනු පොලගාටයි
බීන් උලිලා දැනගෙන මෙලෙශින්නේ
කබුරු ඇටද සුදුළුනු ද ගන්නේ
මිනිස් ලෙයි අබරා සන්තොසිනේ
තනකිරි දෙහි ඇඹුලෙන් ඇශ ලන්නේ
සර්ප විසට තලතෙල් පාන්කඩ තෙමා දැලි බස්සා සිද්දිගුරු සමව මිරිස් අබාර අන් පින් ලොනු පුසුල් කොල නාමිරිත්ත කොල කපු කොල වහතැල්ල කොල
බලා යමෙක් පිරිසිදු කරනු
දලා එබින් උන්ලා දැන දෙවනු
වරා දළුත් ගැට තෝඩුද
තල ඛෙහෙත් ගෙන මුක ලගත
ඇටබුරු කොල පොතුද ඇරගන්
තඩා ඇටග ඉස ගල්ලවමින්
ලූනු තෙරිශවි ගලගා දෙසි ඇඹුලෙන්
වනු මැඩියා කෑ විෂද පිස දමමින්
නේ
නේ
නේ
නේ
ඉත්ත තින කොල නාරන්ද කෙලෙන්
අබරා මිරිකා යුෂ ගමින් දුකොලෙන්
බීන් උලා කෑවොත් මෙලෙශින්
තලතෙල් සමකර බොනු මෙලෙසින්
දා
දා
දා
දා
මුගුන මල්ද කුඹුරු ජයපාල
එම ඇට මද මිරිසට ශම බාග
සියඹලා කොල යුසින් පොලගට
සියලූ සර්ප විසට නශ්නේ
යා
යා
යා
යා
කරල් ශැබෝ නාමල් ඇට ලූනු
තන් කිරි සහිතව බරා අශල
මත්තු කර ලොව දෙන බව
කරවල නයි විස පොලොගුන් හැමට
ත්
ත්
ත්
ත්
වළුතුල් කීකිරිදිය ශම ගින්
මදුරු කොලත් ශම කර මෙලෙසින්
මකුනුවැන්නා දෙශි ඇඹුල් ගන්
මෙ කරවල් විෂයට වලදන්
නේ
නේ
නේ
නේ
එලබටු පුස් ඇට මිමුරුවට ගන්
ඉගුරු හිගුරු පට දොඩමුත් දෙසි ගන්
ඇඹුළුත් සමගව බෙහෙතුත් ශොද
හැම විශ ශවයත් නස්න කරන්
නේ
නේ
නේ
නේ
සිකුරා මහ පත්මයා
සතර දලින් කයි එදා
වම කයි ඔහු පැමිනිදා
අනුපැයක් තියෙයි ද
ශෙන ශුරු මහ ගුලියක
එක හමාරය දල කී උ
වම කයි ඔහු පැමිනිඋ
දශය පැගියන් නොය
නු
ඉරිදා හිමි අත්තන
දෙදලශමරකී කා
දකුනෙ කැල විශ
ශිටි ශැට පැය ශරනත
යා
යා
යා
යා
ශදුදා උගෙ දවස හි
තුන් දලකින් පුර ක
දාවශට හිමියව මෙක
තිශ් පැයක් උට හි
මි
මි
මි
මි
අගරුවකුට ක
තුන් දලකිං දකුනත
දකුනෙ කෑ කල විශ
ෂතශ් පැයක් ඇතුලත

සිංහල වෙදකමේ අත් බෙහෙත් කිහිපයක්............

1. සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට සෙම පැසවා ඉවත්කරවා සුවවීට
                                                                
අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි.

2. සෙම්ප්‍රතිශ්‍යා උණට

අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල්බටු,දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ ලුණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.(වඩි 3 පමණ)

3. කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට

තිප්පිලි කළං 1 යි, අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත 8-4 සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.

4. සෙම සහිත කැස්සට

අමු ඉගුරු,කටුවැල්,බටු තිප්පිලි,සුවඳ කොට්ටන් කළං 3 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න.

5. පපුවේ සෙමට

සරිතේක්කු,අමු ඉගුරු,කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 4 ක් බොන්න.

6. සෙම් ගෙඬිවලට

I – නිල් කටරොල් මුල්,මුරුංගා පොතු සිවිය,නිකමුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න.

II – මුරුංගා මුල්,ඇඹුල් දොඬම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න.

III – ගම්මිරිස් කුඬු,දිය ලුණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඬි නිතර සෑදේ නම් හොඳ නැත.භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයෙකු හමුවන්න.

7. කල්ගිය සෙම්ප්‍රතිශ්‍යාවට

රසකිඳ,කටුවැල් බටු,අමු ඉගුරු,කලාඳුරු අල,සුවඳ කොට්ටං කළං 2 යි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න.

8. කැස්සට

I – කටුවැල් බටු මුල්,පොල්පලා මුල්,එළබටු මුල් රසකිඳ කළං 2 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ වී පොරි කළං 4 ක් දමා එකට සිඳ උදේ සවස පත 1/2 බැගින් මී පැණි දමා බොන්න.

II – වැල් මී,මුද්දරප්පලම්,තල් සූකිරි සමව ගෙන තම්බා ටික ටික බොන්න.

9. වේලුම් කැස්සට

ආඞතෝඬා මුල්,රසකිඳ,කටුවැල් බටු කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න.

10. පීනසයට

අසමෝදගම්,තිප්පිලි,බෙලිමුල්,සිද්ධි ගුරු,බැදපු කොත්තමල්ලි,කුරුඳු පොතු කළං දෙක බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් බොන්න. (වඩි 4 ක් 5 ක් බොන්න.)

11. ඇදුමට

I – කටුවැල් බටු,සිද්ධි ගුරු,නෙඵම් ඳඩු,කර්කටගසිංගි,කලාඳුරු අල,රසකිඳ කළං 2 බැගින්ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් සීනි අනුපානය කොට උදේ සවස බොන්න. (වඩි 4 ක් 5 ක් )

II – පොල්පලා අස්වැන්න,කටුවැල්බටු,එඩරුමුල්,මිදි මුල්,බෙලි මුල්,ඇත් දෙමට මුල්.තොටිල්ල මුල්,එළබටු මුල්,පළොල් මුල් කළං 1 යි. මදටිය 4 බැගින් ගෙන වතුර පත 8-4 සිඳ වීපොරි කළං 12 ක් දමා පත දෙකට සිඳ තිප්පිලි කුඩු දමා උදේ සවස පත බැගින් වඩි 4 ක් පමණ බොන්න.

13. මුහුණේ තිත් ලප වලට

කටු ඉඹුල් ගහේ කටු එළ කිරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල්වතුරෙන් මුහුණ සෝදන්න.(සති 2 යි)

14. මුහුණේ තිත් ලප නැති වීමට

කහ,වෙනිවැල් ගැට ලොන් සුඹුලු,අබ,මනෝසිල සමව ගෙන තැඹිලි වතුරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල් දියෙන් මුණ සෝදන්න.
(ක්‍රීම්,පුයර වර්ග ගෑම තහනම්)

15. කුරුළෑවලට

I – ලොන් සුඹුලු,වද කහ,කොත්තමල්ලි ඇල්වතුරෙන් අඹරා ගාන්න.

II – නස්නාරං මුල්,මනෝ සීල එක පමණ ගෙන පළමුව එළගොම ඉස්මෙන් අඹරා දෙවනුව ගිතෙලින් අඹරා ගාන්න. (මනෝසීල විෂ ද්‍රව්‍යයකි. කටේ නොගෑවෙන්න ගෑ යුතු බව හොඳින් සලකන්න.) තිත් ලප කුරුලෑ සම්පූර්ණ නැතිවේ.)

16. මුහුණ සෞම්‍ය වීමට ඉතා ප්‍රත්‍යක්ෂ ඹෘෂධයක්

I – ගම්මිරිස් ඇට 5 යි,ගොරෝචන කළං 1 යි,ඇල් දියෙන් අඹරා දවාලට ගාන්න.

II – (කෙමකි) දිනපතා ආහාර අනුභව කොට,කතා වරක් සෝදා තුන් වරක් මූණේ අත අතුල්වන්න. කිසිදා කුරුළෑ නොඑයි.

17. කට ගඳ නැතිවීමට

ගස් කරල් හැබෝ පැළෑටි පුඵස්සාගත් අඵ,අඹකොළ ඉස්මට දමා අව්වේ කකාරා වේලා රැගෙන බුලත් සමග උදේ සවස කන්න. මනා සුවඳ හමයි.

18. කටහඩ මිහිරි වීමට

I – සිද්ධි ගුරු,වදකහ,කොට්ටම්,අරලු,වැල්මී,තිප්පිලි,අසමෝදගම්,සහ ිඳ ලුණු සමානව ගෙන චූර්ණයක් සාදා මී පැණි,ගිතෙල් සමග උදේ සවස වලඳන්න.
වරකට කළං 1/2 යි

II – බැමිතිරිය මුල්,සිද්ධිගුරු,වඳකහ,සහිඳ ලුණු සමව ගෙන කුඩුකර පිරිසිදු මී පැණියෙන් අනා උදේ සවස ටික ටික අනුභව කරන්න.
(මෙම ප්‍රතිකාර දෙකම හඩ මිහිරි වීමට ඉතා ප්‍රත්‍යක්ෂයි)

19. දත් ඇදෙනවාට සවිවීමට

කටුකරඞු,සමන්පිච්ච කොළ,කරඳ මුලේ පොතු කළං 6 බැගින් ගෙන කයිප්පු,සීනක්කාරං,රත් හඳුන් කළං 3 බැගින් දමා වතුර පත 16 පත 4 ට සිඳුවා දිනකට 3 වරක් වරකට විනාඩි 5 ක් වතුර කටට ගෙන කකාරා කට සෝදා හරින්න.
(දත් රෝග නසා තදින් දත් සවිවේ.)

20. අකාලයේ දත් සෙලවීමට

කයිප්පු,සහිඳ ලුණු කළං 3 බැගින් ගෙන කුඩුකර තාච්චියකට තල තෙල් තුන්කාලක් දමා එයට කුඩු දමා කාලට සිඳුවා හොඳින් නිවුනු පසුව බෙහෙත් බිදක් කටට ගෙන විනාඩි 5 ක් පමණ කලතමින් සිට කට සෝදා හරින්න.(දිනකට 3 වරයි.දත් සවිවේ.)

21. දත් කැක්කුමට

සීනක්කාරං පුඵස්සා කුඩුකර බෝතලයක දමා වතුර පුරවා තබාගෙන නිතර සොලවා කට සෝදන්න.

22. දත් පණුවන් කෑමට

I – තිබ්බටු ගෙඩි තලතෙලින් මලවා කැක්කුම ඇති පැත්තේ දත්වලින් හපා දියලුණු වතුරෙන් කට සෝඳන්න.

II – වියළි ඉගුරු,ගම්මිරිස්,පිලමුල් පොතු,දියලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා දත මුල තබන්න.

23. දත් සුද්ද කිරීමට

ඉඳුන බිලිං ගෙඩි කිහිපයක් ගෙන කටට දමා හොඳින් සපා විනාඩි 10 ක් පමණ බුරුසුව ගෙන දත් දෙපල මදින්න. දත් සිදුරු ආදිය හොදින් මදින්න.ඉන්පසු ඉවත් කොට තල තෙල් ටිකක් කටට ගෙන විනාඩි තුන හතරක් දත් සිදුරු ඇතුළ ආදියට හොදින් කලතා කට සෝදා හරින්න. මුතුමෙන් බැබළේ.

24. කණ් කැක්කුමට

I – නික කොළ,සහිඳ ලුණු,සුදු ඵෑණු කොටා මිරිකා හොඳින් පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න.

I – සුදු ඵෑණු,කඹුරු ඇට මඳ,පෙරුන්කායම්,සිරැස්සවාලු සමව ගෙන අඹරා කෙසෙල් කොළයක ඔතා උණු අලුපල්ලේ තම්බා මිරිකා පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න.

25. කණ පැසවීමට

I – සහිඳ ලුණු,ළපටි කපු ගෙඩි,තලතෙල් සමව ගෙන තලා පෙරා කනට බිංදු කීපයක් වත් කරන්න.

II – දෙමට මුල් පොතු කුඩු,මිරිස්ස මුලේ පොතු,වියළි කහ,මගුල් රඳමුල් පොතු තල තෙලින් අඹරා රත්කර කන ගැටේ ගා ඉස්ම බිංදු කීපයක් කණට වත් කරන්න.

III – අමු කහ,කොහොඹ කොළ කොටා ඉස්ම රත්කර බිංදු කීපයක් කණට වත්කරන්න.

26. කණේ සතෙක් ගිය විට

දියලුණු බිංදු කීපයක් කණට වත් කරන්න.

27. ඉස්හොරි

I – දෙහිගෙඩි කීපයක්,පොල් කිරෙන් තම්බා,පොඩිකර හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. දින 3 කින් පසු සුවවේ.

II –
ඉදුනු ඇඹුල් කෙසෙල් ගෙඩි පොඩිකර හිසේ ගා විනාඩි 30 කින් නාන්න. දින 3 කින් සුව වේ.

28. උකුණන් වඳකර ගැනීමට

I – කොහොඹ මල් අඹරා හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. උකුණෝ වැටෙති

II – අබ,ගොඩපර එකට තම්බා එම වතුරින් හිස සෝදා නාන්න.දින කීපයක් කිරීමෙන් උකුණෝ වඳවෙති.

29. හිසකෙස් ක්‍රේල්ව දිගුව වැඩෙන්නට

වලස් තෙල් 1/4 කට ඉතා පිරිසිදු තල තෙල් 1/2 ක් දමා හොදින් කළවම් කර දින 3 ක් ගියපසු,දිනපතා හිසගල්වන්න.දීර්ගව කඵපාටට කෙස් වැඩේ.

30. අකලට සුදුවෙන කෙස් කඵවීමට

කීකිරිදිය කොළ ඉස්ම පත 8 යි. නෙල්ලි ඉස්ම පත 8 යි.හොඳින් කළවම් කර රාත්‍රි මඳ ගින්නේ ගිණි අගුරු වලින් පමණක් රත් කර කකාරා,සතකුප්ප,සුදුහඳුන්,කංකුමප්පු,කොල්ලං කොළ,ජටා මාංශ සමව ගෙන හොඳ ප්‍රසිද්ධ බෙහෙත් කඩයකින් කස්තුරි පොඩ්ඩක් ගෙන (කස්තුරි මිල අධික නිසා පොඩ්ඩක් ගන්න) සමව අඹරා ඉහත බෙහෙත් බඳුනට දමා පදමට සිඳුවා හිස ගල්වන්න. සුදු කෙස් කඵවේ.

31. හිසේ කෙස් යනවාට

උදේ පමණ ඇල්වතුර නා ඉතා හොඳින් හිස පිරිමැද ඉහත ආකාරයට සුදුවන කෙස් සඳහා වූ තෙල් සාදා ගන්න. (ඉතා වටිනා ඖෂධයකි.)

32. තද හිස රුදාවට

I – ඉගිනි ඇට,අරඵ,නෙල්ලි,සියඹලා,සුදු හඳුන්,කෝමාරිකා,කුර මුල් මුකුණු වැන්න සමව ගෙන තැඹිළි වතුරෙන් අඹරා නළලේ ආලේප කරන්න.

II – සුදු හඳුන් තන කිරෙන් ගලගා රෙදි කෑල්ලක ගා නළලේ එලන්න.

III – දෙහි ඇඹුලෙන් ඉගුරු ගලගා නළලේ එලන්න.

IIII – රතුඵණු විනාකිරෙන් අඹරා නළලට පැලැස්තර එළන්න.

IIIII – කහ කුඩු රෙදි කඩක දමා,පහන් තිරයක් මෙන් සාදා ගිතෙලින් පොගවා දල්වා දුම නාසයට උරන්න.
ඉහත ප්‍රතිකාර කන ගමන් අමු කහ,කොහොඹ කොළ නම්බා උදය කාලයේ හිස සෝදා හොඳින් තෙත සිදුවා සිතෝදක තෛලය නිතර ගාන්න.

33. ඉරුවාරදයට

I – සුදුඵෑණු,තලඇට,සහිඳ ලුණු මී පැණියෙන් අඹරා නළලේ ගාන්න.

II – අබ,සුදු හඳුන්,අමු ඉගුරු ඇඹුල් දොඩම් යුෂින් අඹරා පැළැස්තරයක් සාදා නළලට එලන්න.

III – සියඹලා කොළ,උඳුපියලිය කොළ,රතුඵෑනු කොටා පොට්ටනි කර වන්ඩුවේ තම්බා නළල තවා(හොඳින් තවන්න)නිශාදි තෛලය හිස ගල්වන්න.

34. නාසයෙන් ලේ යනවාට

I – ගොටු ඳඞු,අසමෝදගම්,රතුඵෑනු,වළගසාල් සමව ගෙන තම්බා එම වතුරට සීනි දමා උදේ සවස බොන්න.

II – දෙඵම් මල් තලා ඉස්ම බිංදු කීපයක් නහයට දමන්න.

III – කෙසෙල් අල කොටා යුෂ ගෙන හිසේ ගාන්න.

IIII – නීල්‍යාදි තෛලය ගෙන හිසේ ගල්වන්න.

35. නාසයේ මස් ඳඵ වලට

වියළි කෙසෙල් කැන් නැටි,රත් නිටුල්,පල්මානික්කම් සමව ගෙන දවාගත් අඵ දෙහි ඇඹුලෙන් අනා,රෙදිකඩක ගා මස් දඵවේ එලන්න.

36. නාසයේ වේලුමට

නීල්‍යාදී තෛලය නාසයට උරන්න.හිස ගල්වන්න.

37. අඵහම් වලට

(පළමුව සැහැල්ලු බඩ විරේකයක් කරන්න.මෙහි බඩේ රෝග සඳහා වන සැහැල්ලු විරේකයක් සුදුසුය.)
I – ඇත්තෝර කොළ යුෂ දෙහි ඇඹුල් කළවම් කර අව්වේ කකාරා ගා පැයකට පසුව නාන්න.

II – ඇත්තෝර කොළ,පේර කොළ,අමු කහ සමව ගෙන කොටා යුෂ ගෙන අවුවේ කකාරා ගා පැයකින් නාන්න.(සතියයි)

38. පණු කැවිළි දද වලට

I – ඇත්තෝර දඵ,බේත් එඞරු දඵ,කුකුරුමාං දඵ,කොහොඹ දඵ,දෙහි ඇට මද කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා උදේ සවස හොඳින් තවන්න.

II – ඇත්තෝර කොළ,දෙහි ඇට මද,සුදු ඵෑණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා බඳින්න. ගාන්න.

III – ලුනුවිල තැම්බු වතුරෙන් හෝ කොහොඹ දඵ,අමුකහ තැම්බු වතුරෙන් හෝ සෝදන්න.

39. අල්ලේ පණු කැවළි වලට

I – රත් නෙටොල් කොළ,අමුකහ,දියලුණු එකට දමා කොටා මලවා බඳින්න.

II – සියඵම පණු කැවිලි දද ඇති අය මෙම කසාය වඩි 4 ක් බීමෙන් නිට්ටාවටම සුවවේ.

40. පණු හොරි වලට

I – නිදිකුම්බා,සමදරා කොළ තම්බා සෝදා හුණු,කපුරු,කහ සමව ගෙන පිරිසිදු තැඹිලි තෙලින් අඹරා ගාන්න.

II – සහිඳ ලුණු,අරඵ,ඊතණ,කෙළිඳ හාල්,තෝර ඇට සමව ගෙන හාල් පාණු දියෙන් අඹරා ගාන්න.

41. ඉන්නන්ට

I – වලා වැන්න ඉස්ම උණුකර ගාන්න.

II – බුරුල්ල ගෙඩි පොඩිකර ඉන්නන් පිට උලන්න.

III – දියලබු නැට්ට දින කීපයක් ඉන්නාගේ අතුල්ලන්න.ගැලවේ

IIII – රතුඵෑණු ගෙඩියක් කපා කැපු පැත්තට හුණු ටිකක් ගා ඉන්නා මතුපිට අතුල්ලන්න.සමේ ගාන්න එපා තුවාල වේ.

42. කට තොල සුදු කබරවලට

I – ඉරිවේරිය ගස සහමුලින් ගෙන පුච්චා අඵ ටික ඇල් වතුරෙන් අනා කබරවල ගාන්න.

II – වරා කිරි භාජනයකට ගෙන,වියළි පොත් ගෙඩිවල කිරි හා තලතෙල් ටිකක් සමග කළවම් කරන්න.තද අව්වේ හොඳට සිඳුවා රෑ නින්දට පෙර ගාන්න.

43. ගතේ සුදු කබරවලට

I – මොණර පිල්,සිවංගුරු සමානව ගෙන ගව මුත්‍රා වලින් අඹරා උදේ සවස සති දෙකක් ගාන්න.

II – දිවි සම පුඵස්සා ගත් අඵ මී තෙලින් අඹරා ගාන්න.

44. ඇගේ පඵ නැගුන විට කරප්පන්වලට

I – අබ තෙල් ගාන්න.නැතිනම් වාත විදුරංග තෙල් ගාන්න.

II – අමු පොල්කොළ හීනියට ඉරා ගිණි කබලක් මත දමා දුම් අල්ලන්න.

III – උණ දඞු පුඵස්සා ගත් අඵ තේ හැඳි 1 ක් පුරවා වතුර පීරිසි කෝප්පයකට දමා දියකර පෑදුනාට පසුව පෙරා එම ජලය දිනකට තුන්වරක් බොන්න.

IIII – දුම්මෑල්ල,කොත්තමල්ලි කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.
(ළමයකුට නම් කළං 3 බැගින් වතුර පත 1/2 සිඳ උදේ සවස දෙන්න.)

45. බඩේ අඡීර්ණයට

I – අමු ඉගුරු උණු අඵ පල්ලේ දමා තම්බා සහිඳ ලුණු සමව ගෙන අඹරා,තිබ්බොටු ගෙඩියක් තරම් දිනකට තුන් වරක් කෑමට පැය 1/2 පෙර උණු වතුරෙන් බොන්න.

II – පොල් හකුරු,අමු ඉගුරු,මුරුංගා පොතු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා තිබ්බොට ගෙඩියක් තරම් උණු වතුරෙන් කෑමට පැය 1/2 කට පෙර බොන්න.

46. අඡීර්ණ පිච්චී යාමට

කොත්තමල්ලි,වියළි ඉගුරු,තිප්පිලි සමව ගෙන කබලේ බැද කොටා හලාගෙන කෝපි මෙන් උදේ සවස බොන්න.

47. කෑම අරුචිය

I – රතුඵෑණු,සුදු ඵෑණු,අමු මිරිස්,දියලුණු,ගම්මිරිස් සුදුසු පරිදි ගෙන කරපිංචා කොළ ටිකක් කබලේ බැද එයට දමා දෙහි ඇඹුලෙන් අඹර බත් සමග කන්න. (ළමුන්ට වුවද දීමට හැකිනම් ඉතා හොඳයි)

II – අමු ඉගරු,සහිඳ ලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා කෑමට පැය භාගයකට කලින් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයක් උණු වතුරෙන් දියකර බොන්න. දිනකට 3 වරයි.

48. බඩේ දැවිල්ලට

I – රසකිඳ,කොහොඹ පොතු,දුම්මැල්ල තම්බා ගත් වතුර සීනි දමා උදේ සවස බොන්න.

II – ආඩතෝඩා කොළ,නෙල්ලි,බාර්ලි සමව ගෙන තම්බා සීනි දමා උදේ සවස බොන්න.

III – පුහුල් මද ඉස්ම බොන්න.

49. මෙම කසාය බොන්න

කොත්තමල්ලි,වියළි ඉගුරු,කළාඳුරු අල,බෙලිමුල්,ඉරිවේරිය කළං 2 යි මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.

50. කිරි පණුගායට

පෙරුම්කායම් කුඩු,වළගසාල් කුඩු කළඳ බැගින් කළවම් කර සුදුඵෑණු ඉස්මෙන් කළඳක් හිස් බඩ අනුභව කරන්න.
ඉන්පසු ගොටු දඞු තැම්බූ වතුර පතක් හිස්බඩ බොන්න.
(පණුවන් වැටේ. ඉතා වටිනා ප්‍රතිකාරයකි.)

51. කිරි පණුවන් ඇති නොවීමට

එරමුදු දඵ මිටක් දෙකක් ගෙන කුප්පමේනිය දඵ සහ වෙනත් පළා කොළ සමග කළවම් කර මළවා මසකට දෙවරක්වත් ආහාරයට ගන්න. (ළමයාගේ සිට වැඩිහිටියා දක්වා ගුණයි. මඤ්ඤෙක්කා කොළ කළවන් මැල්ලුමට නුසුදුසුය.)

52. කිරිපණු විරේකයට

I – ඇත්තෝර කොළ ලියා ගිතෙලින් මලවා ආහාරයට ගන්න.විරේක වේ.විරේක වූ පසු තැම්බුම් හොදි,මිරිස් හොදි සමග බත් කන්න.

II – ඇත්තෝර කොළ පොල් දමා මළවා කෑමද හොඳයි.විරේක වේ.

53. බඩ කොරවීමට

I – කළටි පොල් ලෙල්ලක් රත්කර බඩ තවන්න.

I – ඹළිඳ කොළ එළකිරෙන් අඹරා බඩට පැලැස්තරයක් එලන්න.

III – බෙලිමුල්,පොල්පලා මුල් තම්බා උදේ සවස බොන්න.

IIII – පොල්පලා,සුදුඵෑණු තම්බා උදේ සවස බොන්න.

54. ගමන් බිමන් යනවිට රථවාහන වල යනවිට වමනය යනවාට

අඵයම නැගිට දෙහි ගෙඩි කීපයක් මිරිකා,රාත්‍රි උණුකොට නිවා තිබු වතුර හා දියලුණු බිංදුකීපයක් ද දමා සීනි දියකොට පීරිසි කෝප්පයක් තරම් බොන්න.වැඩි වුණාට කම් නැත. පැය 1/2 කට පසු සෙමට අගුණ තෙල් කෑම නොකා එසේම පිතට අගුන රටකජු කෑම ආදිය ද නොගෙන සුදුසු ආහාර ගන්න.
බෝතලයකට දමා ඉහත දෙහි යුෂ ටිකක් අතර මගදීත් අවශ්‍යනම් වරින් වර බොන්න.වමනය නොයයි.

55. මුත්‍රා පරිසිදු වීමට

නිතර රාබු ලියා මලවා ආහාරයට ගන්න. නීරමුල්ලිය,කටු අනෝදා නිතර ආහාරයට ගන්න.රාඛු කොළ ලියා දෙහි ඇඹුල්,රතුඵෑණු,පොල් දමා සම්බෝලයක් සාදා කෑමට ගන්න.

56. මුත්‍රා දැවිල්ලට

ඉගිණි ඇට,වැල්මී,සුදු හඳුන් කළං 3 බැගින් ගෙන තැඹිලි වතුරෙන් අඹරා තැඹිලි ගෙඩියක් ගෙන ඇස්ස ගසා බිඳක් වතුර ඉවත්කොට එයට ඇඹරුම් දමා ඇස්ස වසා රෑ පින්නේ තබා උදේ හිස් බඩ බොන්න. (ඌෂ්ණ ආහාර තෙල් කෑම අගුණයි) හොඳට පෙරා බොන්න.

57. නින්දෙන් මුත්‍රා යනවාට

I – පොල්පලා,මුකුණුවැන්න,රණවරා කොළ සමව ගෙන කොටා යුෂ ගෙන හීනටි හාල් කැඳ පිස පොල් කිරි මිශ්‍ර කොට සතියක් උදේට කිතුල් හකුරු සමග බොන්න.

II – පොල්පලා ඉතා සිහින්ව ලියා අලුත් මැටි බඳුනක දමා වේලා ගන්න. තේ මෙන් වත්කර දින කීපයක් කිතුල් හකුරු සමග දෙන්න.

58. මුත්‍රා අඩස්සියට

නෙරෙංචි කළං 12 ක් ගෙන, වතුර පත 8-1 සිඳ යවකාර ලුණු ටිකක් දමා බොන්න. වහා මුත්‍රා පිටවෙයි.

59. වකුගඩු ආබාධ ඇතිනොවීමට

රණවරා මල් තම්බා නිතර බොන්න.රණවරා කොළ කැඳ උදේට පානය කරන්න.රාබු, නීරමුල්ලිය,කටු අනෝදා හැකි සැමවිටම ආහාර ගන්න.

60. අණ්ඩවාතයට

(මෙය කෙමකි)වම ලොකුනම් දකුණු අතේද දකුණ ලොකු නම් වම් අතේද ඉරමුසු වැලක් කතා නොකර ගලවා බැඳ රාත්‍රි නින්දට යාමට පෙර කතා නොකර නිදාගන්න.රාත්‍රි ඇඳෙන් බැසීම තහනම්. අඵයම නැගිට කතා නොකර ලිහා හිසට උඩින් වීසි කරන්න. (සම්පූර්ණ සුවවේ. ආරම්භයේ සිට අවසානය දක්වාම කතා නොකර කළ යුතුය.)

61. කුඩා බිළිඳාගේ මළ බද්ධයට

I – ලුණු විල,අරඵ,වැල්මී ස්වල්පය බැගින් ගෙන තම්බා සීනි මිශ්‍රකර තේ හැඳි 1/2 බැගින් උදේ සවස දෙන්න.

II – මුද්‍රප්පලම්,වැල්මී තැම්බූ වතුරට සීනි මිශ්‍රකර උදේ සවස පොවන්න. තේ හැඳි 1/2යි.

62. රතගාය හා වෙනත් රෝග නොවැළදීමට

උපන් දා සිට රත කල්කය දිනකට වරක් මවු කිරෙන් හෝ කොත්තමල්ලි වතුරෙන් දෙන්න.
(වසරක් යනතුරු දිය යුතුවේ)

63. රත ගායේදී ඇග සේදීමට

වෙනිවැල්ගැට තැම්බූ වතුරෙන් හෝ අමුකහ කොහොඹ කොළ තැම්බූ වතුරෙන් හෝ ලුණු විළ තැම්බූ වතුරෙන් හෝ සෝදන්න.

64. රත බිබිලිවල ගෑමට

මදටියා කොළ-පොතු ඉස්ම,ඇඹුල් දොඩම් යුෂ එක පමණ ගෙන කකාරා ගාන්න.

65. බිළිඳා බෝවෙන රෝගයන්ගෙන් සහ බියවීමෙන් වැළකීමට

I – උපන් දා සිට වසරක් යන තෙක් ඔසුදුම් පැකට් එකක් බෙහෙත් කඩයකින් ගෙන අගුරු කබලකට බිදක් දමා උදේ සවස බිළිඳා නිදන තොටිල්ලට දුම් අල්ලන්න.

II – වදකහ කෑල්ලක් පෙරුම්කායම් පොඩ්ඩක් රෙදිකඩක ඔතා බළිඳාගේ අතේ ගැටගසා තබන්න.යකඩ ඇනයක් තොටිල්ලේ කොනක ගැටගසා තබන්න.

66. වලිප්පුව (ෆිට් එක) සෑදීමෙන් වැලකීමට

රත කල්කය පෙරසේ දෙන්න. සතියකට වරක් නිදිකුම්බා ගස තැම්බු වතුර තේ හැඳි 1/2 සීනි මිශ්‍ර කොට තුන්මසක් දෙන්න.

67. ළදරු බඩ පිපුමට

I – වදකහ ලුණු වතුරෙන් ගලගා බඩට පැලැස්තරයක් එලන්න.

I – වදකහ දෙහි ඇඹුලෙන් ගලගා මවුකිරි සමග පොවන්න.

68. බඩ යාමට

I – ඉරමුසු මුල් තන කිරෙන් ගලගා දිනකට 3 වරක් පොවන්න.

II – ළපටි පොල්මල් ඉස්මෙන් සාදික්කා ගලගා පොවන්න.

69. කිසිදා දත් රෝග ඇති නොවීමට

I – කුඩා කළ සිට මෙහි සඳහන් දත් බේතක් සාදා උදේ සවස දත් මැදීමට පුරුදු වන්න.

II – ගතට දතට කිසිම ගුණයක් නැති සිතට පමණක් සිසිලක් එන කෘතිම සීත කළ බීම හා අයිස් වර්ග වලට පුරුදු නොවන්න. එයින් දත් විනාශ වේ. වෙරඵ,නෙල්ලි,සියඹලා,අඹ,ඇඹරැල්ලා,ආදී ස්වභාවික දෙයට ළමයා පුරුදු කරවන්න.

70. සෝම රෝග (ඇග උණු කරවා යාම)

I – කඵ උක් දඞු,වැල්මී,නෙල්ලි,සිරිතේක්කු,කිරිබදු අල කළං 2 මදටිය 8 බැගින් ගෙන වතුර පත 7 ක් ද කැහිපිත්තන් කොළ යුෂ පතක්ද දමා පත 1 ට සිඳ මී පැණි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් බොන්න.

II – එයටම තවත් කසායක්
අශෝක පොතු කළං 6 ක් ගෙන එළකිරි පතක් හා වතුර පත 7 ක් දමා 1 ට සිඳ පත එකවරම බොන්න. සතියක් උදේ සවස බොන්න.

71. මාසික වේදනාවට

කූරතම්පලා ගස සහමුලින් ගෙන තම්බා බොන්න. සුවඳැල් කෙසෙල් ගෙඩි අනුභව කරන්න.

72. නතර වු මාස් ශුද්ධිය

අරඵ,බුඵ,නෙල්ලි,රසකිඳ,පොල්පලා මුල් ළං 2 යි මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ උදේ හිස් බඩ සහිඳ ලුණු දමා බොන්න. විවේක වී නම් දහවලට තැම්බුම් හොඳි,මිරිස් හොඳි බත් කන්න.සැර කෑම,තෙල් කෑම අගුණයි.

73. මසකට කීපවරක් ඔසප් වීමට

කඵ උක්,මානෙල් අල,සුදු හඳුන්,සැවැන්දරා මුල්,වදමල්,ඉරමුසු,රත්මල්,වැල්මී කලන් 1 1/2 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.

74. යෝනි දැඩිවීමට

ඉදුනු අඹ ඉස්ම,මී පැණි,කපුරු සමග අනා රාත්‍රියේ ආලේප කරන්න.සති දෙකක් ප්‍රතිකාර කළ විට ඉතා හොඳින් වැඩේ.ඇල්වතුරෙන් සෝදනවිට සෝදන්න.

75. කිරි එරීමට

කිරිබදු අල වේලා පිටිකර උදේට එළකිරි සමග මදටිය 5 ක් පමණ වළඳන්න.සති දෙකක් වළඳන විට හොඳින් කිරි වැඩේ.

76. ශරීරය සුවඳවත් වීමට වර්ණවත් වීමට

I – සුදු හඳුන්,අරඵ,සැවැන්දරා,අඹ පොතු,ලොක්සුබුඵ සමව ගෙන ඇල් වතුරෙන් අඹරා ශරීරයේ ගා පැයකින් නාන්න. එකවර දින ගණනකට බෙහෙත් සාදා ගන්න.
(අඵහම් නැතිවී සම වර්ණවත්ව බබලා සුවඳවත් වේ.)

II – නාමල් රේණු,අගිල් ඉරිවේරිය,මසන් ඇට මද,සැවැන්දරා මුල්,සුදු හඳුන් ඇල්වතුරෙන් අඹරා ශරීරයේ ආලේප කරන්න. සුවඳ වේ.

77. සිසිල් වීමට

ලොක් සුඹුඵ,කොහොඹ කොළ,දෙඵම් පොතු,නෙඵම් මල් ඇල් වතුරෙන් අඹරා ශරීරයේ ආලේපකොට පැයකින් නාන්න.

78. නෂ්ඨ කාමයට

නෙල්ලි යුෂ බඳුනකලා අවුවේ කීප දිනක් වේලා කකාරා සූකිරි,ගිතෙල්,මී පැණි මිශ්‍රකොට උදේ සවස ටික ටික වළඳන්න. (කාම රතිය ඇතිවේ)

79. ධාතු ශක්තිය ඇතිවීමට

එළකිරිවලට සීනි දමා එයට උඳු සෑහෙන ප්‍රමාණයක් දමන්න.පවනේ උඳු වේලාගන්න.දින 6 ක් මෙලෙස එම උඳු නැවත නැවත කිරිවල බහා වේලාගන්න.ඉන්පසු අඹරා ගුලිකොට සවසට ගිතෙලින් බැද අනුභව කරන්න.එදිනෙදාට බැදගන්න. උෂ්ණ ආහාර අගුණයි.මහත්සේ ධාතු ශක්තිය ඇතිවේ.

80. වීය්‍යී ශක්තිය වැඩීමට

ඌරුතෙල්,මී පැණි සමානව ගෙන අනා රාත්‍රියට ලිංගයේ ආලේප කොට පිරිමැද උදේට උණුවතුරෙන් සෝදන්න.ඝනවෙයි,දිගුවෙයි,ශක්තිය ලැබෙයි.

81. ක්ෂණික මෝචනයට

නුග පොතු යුෂින් ඇඹරූ සුදු නීරමුල්ලිය ඇට අඹරා මගුල් කරඳ ඇටයක දමා බිඳක් වේලා තබා අඹරා ගුලිකොට මුඛයේ තබාගෙන යෙදෙන්න.

82. අධික වේලාවක් ප්‍රීතිවීමට

කඵ කැම්බේරිය මුල්,නෙඵම් දඞු සමවගෙන මී පැණියෙන් අඹරා පැයකට පෙර නාභියෙහි ගා යෙදෙන්න.

83. ලොකුම සැපතකට

එළකිරි,එළගිතෙල් එකට මිශ්‍රකොට හොඳට පාදෙක සෝදා යටිපතලේ ආලේපකොට පැයක් සිට යෙදෙන්න.

84. විෂ සඳහා ප්‍රතිකාර ප්‍රථමාධාර

I – සියඵම සර්ප විෂේදී හෘදය ආරක්ෂා වීමට විෂ ශරීරගත වී නම් පළමුව වමනය කරවන්න.ඊට පසු එළිගිතෙල් ටිකක් පොවන්න.

II – වමනය කරවීමට අඹ මේස හැන්දක් වතුරෙන් අඹරා වතුරට දියකර පොවන්න.වමනය වේ.වමනය නොගියේ නම් උගුරට ඇගිල්ල ගසා වමනය කරවන්න.විෂ වර්ග බීමේදී මෙය හොඳයි.

85. ගෝනුසු විෂට

පරණ කොහු ලණු පුඵස්සාගත් අඵ පොල්තෙලෙන් අඹරා ගාන්න.වරා කොළ කොටා පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.ඇට සහිත ගස් කරල් හැබ ඇල්වතුරෙන් අඹරා ගාන්න.

86. පත්තෑ විෂට

I – පැපොල් මුලක් පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.කෑ තැන ලුණු වතුරෙන් තෙමා අමුකහ අල,දෙමට මුල් උණු දියෙන් අඹරා ගාන්න.

II – විෂ වැඩිනම් දිවුල්ගසේ පස් පංගුව තම්බා පීරිසි කෝප්පයක් තරම් වතුර ටිකක් බොන්න.

87. දෙබර බඹරු මී මැසි විෂට

එරබදු කොළ දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.අමුකහ අල,දෙමට මුල් උණුදියෙන් අඹරා ගාන්න.

88. කුනකටු විෂට

දිවුල් දඵ,දෙහි දඵ සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.ඉන්පසු දිවුල් කොළ පොතු,කහ,ලුණු දමා කොටා මලවා බඳින්න.

89. විෂකුරු සතෙක් දෂ්ඨ කළ විට සතා නොදනී නම්

I – සස්සඳ මුලක් දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.

II – එළගිතෙල් ටිකක් පොවා වෛද්‍යවරයෙක් හමුවට ගෙනයන්න.

90. බලු විෂට

I – සපා කෑ විගස බෙහෙත් සබන් ජාතියක් ගා සෝදන්න.

II – මුරුංගා කොළ හුණු සමග කොටා තුවාලයේ බඳින්න.

III – දිවුල් කොළ,පොතු,අමුකහ,දියලුණු සමව ගෙන කොටා මලවා බඳින්න.

IIII – තුවාලය ඇත්නම් කහ කුඞු,පොල්කටු අගුරු කුඩු එකට කළවම් කර තුවාලයට දමන්න.

91. බළල් විෂට

කුප්පමේනියා කොළ අඹරා තබන්න.

92. මී විෂට

I – කෑ විගස රත්‍රන් කෑල්ලක් රත්කර කෑ මුඛයේ තබන්න.

II – එළගිතෙල් කෑ මුඛයේ ගා බළලකු ලවා ලෙව කෑමට සලස්වන්න.

III – දිවුල් කොළ, පොතු කොටා මිරිකා රතු කැකුඵ හාලෙන් කැඳ පිස දෙන්න.

93. සියඵ විෂට

තිප්පිලි,වියළි ඉගුරු,වදකහ,ගම්මිරිස්,සහිඳ ලුණු කළං 2 බැගින් ගෙන කුඩුකර හලා ගිතෙල්,මී පැණි දමා අනා මුදවාපු කිරි දමා කලවම් කර වරකට තැලුම් බටු ගෙඩියක් තරම් වයස12 ඉහළ අයට නිවුන වතුරෙන් දෙන්න.දවසට දෙවරක් උදේ සවස.

94. අත්තන විෂට

හීං ඇඹුල් ඇඹිලියා කොළ ඉස්ම කීප වරක් පොවන්න.

95. නියගලා විෂට

කැබැල්ල කොළ ඉස්ම,පොල්කිරි කළවම් කර කීපවරක් පොවන්න.

96. කදුරු විෂට

කළාඳුරු අල,කී කිරිඳිය කොළ ඉස්මෙන් අඹරා කී කිරිදිය කොළ ඉස්මට දියකර කීපවරක් පොවන්න.

97. භූමිතෙල් විෂට

I – වමනය කරවන්න.

II – කරවිල වැල් ඉස්ම,පුහුල් වැල් ඉස්ම පොවන්න.

98. කිනිතුල්ලන් එල්ලුන විට

රතුඵෑණු ගෙඩියක් ගෙන මුඩ්ඩ කඩා කිනිතුල්ලා වැටෙන තෙක් අතුල්ලන්න.

99. උලුක්කුවට

බේත් එඩරු ගසේ පස් පංගුව දියලුණු,අමුකහ දමාකොටා තල තෙලින් මලවා බදින්න.

100. තැලීමට කෙටීමට

අඵ විනාකිරෙන් අනාගන්න.බටතැල්ල ගස කහ,දියලුණු දමා කොටා මලවා බඳින්න.