Pages

Thursday, December 17, 2015

ඔබෙත් ඇස් වටේ කළු වෙලාද ? විසඳුම මෙන්න

මුහුණේ ලස්සන වැඩි කරන්නේ ඇස් දෙකෙන් බව හැමෝම දන්නා රහසක්. ඉතින් ඇස දෙක ලස්සන නැති වුනොත් මුහුණ මොන තරම් ලස්සනට තිබුණත් වැඩක් නැහැ. ඒ නිසයි රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ වැඩි අවධානය ඇස් වලට යොමු වෙන්නෙත්. ඉතින් ඇස් දෙක ඇස් දෙකක් වගේ බලා ගනිද්දී ඔබට මතුවන ගැටළු වලට අපි පිළිතුරු හොයලා දෙනවා. අද කතා කරන්නට යන්නේ බොහෝ දෙනාට ගැටළුවක් වන ඇස් වටේ අඳුරු පහ වීම ගැනයි.

ඇත්තටම අපේ ඇස් වටේ කළු වෙන්නට හේතු මොනවාද?

• මානසික ආතතිය
• අධික නිදිවැරීම
• ශරීරය විඩාවට පත්වීම
• ස්නායු ආශ්‍රිත රෝග හෝ ඇස් ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර නොගෙන සිටීම
• පීනස හා වෙනත් සෙම් රෝග නිසා ඇස් කැසීම
• මුහුණේ ගල්වන ආලේපන ඇස් වටා තැවරීම
• දෑසට මස්කාර වැනි රූපලාවණ්‍ය ආලේපන නිතර ගැල්වීම

වළක්වා ගැනීම

ඉහත කී හේතු නිසා මෙලෙස ඇස් යට අවපැහැ ගැන්වීමට ඔබත් මුහුණපා සිටිනවා විය හැකියි. මේ නිසා මානසික ආතතියක් ඇත්නම් එයට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන්න. දෑස් වැඩිපුර වෙහෙසීමද මෙයට බලපෑ හැකි නිසා වෛද්‍ය උපදෙස් මත කණ්ණාඩි පලඳින්න. වෙනත් අක්‍ෂි දෝෂ පවතී දැයි අක්‍ෂි රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන්න.

දෑස්වලට සත්කාර

ඇතැම් විට ඔබේ දින චර්යාවේ අවිධිමත් බවත් මෙයට බලපාන නිසා එහි වෙනස්කම් සිදුකිරීම ගැනත් සැලකිලිමත් වන්න.

• සවස නින්දට පෙර දෑස්වලට සියුම් සම්භාහනයක් මුදු ඇඟිල්ල භාවිත කර කරන්න. ඔබට ආමන්ඩ් තෙල් ස්වල්පයක් හෝ රෝස වතුර භාවිත කර මෙය පහසුවෙන්ම නිවෙසේදී කර ගන්නට පුළුවන්.

• සතියකට දෙවරක් හෝ කෝමාරිකා යුෂ, තක්කාලි ඉස්ම, අල පෙති ඉස්ම හෝ තේ කහට යන ද්‍රව්‍යවලින් එක් වර්ගයක් ගෙන දෑස් මත පැක් එකක් ලෙස තබා විනාඩි 15කින් පමණ සෝදා ඉවත් කරගන්න.

• අනතුරුව පුළුන් කැබලි ගෙන එය ආමන්ඩ් තෙල්වල පොඟවා දෑස් මත තබා හෝ ඉහත කී ඉස්ම තබා විනාඩි 5ක් පමණ මෘදු සම්භාහනයක් කර ඉවත් කර ගැනීමටත් පුළුවන්.
මෘදු ආලේපන තෝරා ගන්න

දෑස් යට කළු වීමට ඔබේ නොසැලකිමත් බවත් බලපානවා. බොහෝදෙනා මුහුණේ ආලේප කරන ක්‍රීම් වර්ග දෑස් අවට ආලේප කිරීමට හුරු වී සිටිනවා.
නමුත් දෑස අවට ඇති සියුම් සමට එම ආලේපන හිතකර නොවේ. අධික සැර සබන් භාවිතයත් සුදුසු නැහැ.

දෛනිකව නිසි ව්‍යායාම කරන්න

දෑසට කරන සත්කාරවලට අමතරව ඒවාට සුදුසු ව්‍යායාම ගැනත් සැලකිලිමත් විය යුතුයි. ඇහැ සිරස්ව හා තිරස්ව චලනය කිරීමත්, රවුමට චලනය කිරීමත් වැනි සරල ව්‍යායාමයක විනාඩි 5ක් පමණ යෙදෙන්න.
 

Tuesday, December 8, 2015

වකුගඩු රෝගීන්ට අක්කපාන

ශරීරයේ උදර කුහරයේ කුඩා ඉන්ද්‍රියකි වකුගඩු යුගලය. අප ගන්නා ආහාරවල අවශ්‍ය රස කොටස් අවශෝෂණය වී ඉතිරිය දියර බවට පත්ව නළ හරහා ගමන් කර එය වකුගඩු මඟින් පවිත්‍රකර මුත්‍රා ලෙස පිටකිරීම වකුගඩුව මඟින් සිදුකරන කාර්යයි. මෙම වකුගඩු ආශ්‍රිතව රෝග ගණනාවක් ඇතිවීමට පුළුවන.

ශරීරයේ උදර කුහරයේ කුඩා ඉන්ද්‍රියකි වකුගඩු යුගලය. අප ගන්නා ආහාරවල අවශ්‍ය රස කොටස් අවශෝෂණය වී ඉතිරිය දියර බවට පත්ව නළ හරහා ගමන් කර එය වකුගඩු මඟින් පවිත්‍රකර මුත්‍රා ලෙස පිටකිරීම වකුගඩුව මඟින් සිදුකරන කාර්යයි. මෙම වකුගඩු ආශ්‍රිතව රෝග ගණනාවක් ඇතිවීමට පුළුවන.


තුනටිය වේදනා දෙන්නේ නම් එය වකුගඩුවල ඉදිමීමක් විය හැකිය. රෝගය සෑදුණවිට ඉකිලි ප්‍රදේශය දක්වා වේදනාව දැනෙන අතර සම වියළීම - නිතර උණ - බඩ කැක්කුම - පිපාසය - මුත්‍රා සමඟ සුදුපැහැති දියරක් පිටවීම වැනි ලක්‍ෂණ වෙයි. වකුගඩු අක්‍රිය වුවහොත් ඉන් භයානක රෝග ඇතිවිය හැකිය.
වකුගඩු රෝගී අයට රණවරා මල් තම්බා බීම, කැඳ සාදාගෙන බීම ඉතාම ගුණදායකයි.


ලුණුවරණ පොතු සහ අක්කපාන කොළ තම්බා සෑම උදයකම හිස්බඩ පානය කර උදය වරුවේ ස්නානය කරන්න.
අක්කපාන ශාකය වකුගඩු ආසාදන සඳහා වටිනා ඔෟෂධයකි. මුත්‍රා පිරිසුදු කරයි. වකුගඩු ආශ්‍රිත ගල් දියකර හරියි.
කටු අනෝදා හෙවත් කටු ආත්තා ඉදුණු ගෙඩියක් ගෙන යුෂ මිරිකා සීනි වතුර දමා දෙහි නොදමා කෝප්ප දෙකක් බොන්න. එය වකුගඩු අක්‍රිය වූවිට - ඉදිමී ඇති විට - කොන්ද කැක්කුම - මුත්‍රා දැවිල්ල - මුත්‍රා පෙරීම සිදු නොවන විට - ගල් ඇතිවූ විට හොඳ ප්‍රතිකාරයකි.
අමු අනෝදා ගෙඩි වෑංජන සාදා කෑමෙන් වකුගඩු ශක්තිමත් වෙයි.


දියවැඩියා රෝගයට දිගුකලක් ප්‍රතිකාර ගන්නා විට වකුගඩු පිළිබඳ අසනීප ඇති වෙයි. එලෙසම දැනට රජරට ප්‍රදේශයේ ආසනික් නිසා ඇතිවී තිබෙන වකුගඩු රෝග තත්ත්වයද ඉතා උත්සන්නව පවතී. මෙම රෝගයට අපගේ හෙළ වෙදකමෙහි වටිනා ප්‍රතිකාර ක්‍රමයක්ද අතීතයේ සිට මේ දක්වා පවතී.
සැඟව ඇති මෙවන් දිව්‍ය සත්කාර ඉදිරියට ගෙන රෝගී ජනතාවට ප්‍රතිකාර ලබාදීම බලධාරීන් සතු වගකීමකි. පාරම්පරික වෙදැදුරන් සතු පැරැණි බෙහෙත් වට්ටෝරුවල මෙම ප්‍රතිකාර ක්‍රම සඳහන්ව ඇති බවද ප්‍රකාශ කරමි.


එම වට්ටෝරු ඇහැළේපොළ අදිකාරම්තුමා, බුද්ධදාස රජතුමා වැනි උතුමන්ගේ කාලයේ සිට පැවැත ආ ක්‍රමයන්ය.
වකුගඩු රෝගයද දිනෙන් දින උග්‍ර අතට පත්වෙයි. දුක්විඳිනා එවන් රෝගීනට මෙම ලිපිය ඉතා වැදගත් වනු ඇතැයි සිතමි.
සියලු සත්ත්වයෝ නිරෝගී වෙත්වා!
සුවපත් වෙත්වා!
 

හදිසියේ Fit එකක් හැදුණොත් මොකද කරන්නේ ?

Fit එකක් එහෙමත් නැත්නම් වලිප්පුව කියන තත්වය කුඩා දරුවන් අතර බහුලව ඇති වන තත්වයක්. සමහර අයගේ කුඩා වයසේ ඇති වන මේ තත්වය වැඩිහිටි විය දක්වාම පවතෙන්නටත් පුළුවන්.

දරුවෙකුට Fit එකක් ආවොත් කල යුතු නොකළ යුතු දේවල් ගැන දෙමව්පියෝ විතරක් නෙමෙයි හැමදෙනාම දැනුවත්ව සිටීම වැදගත්. මුලින්ම ඔබ කලබල නොවිය යුතුයි.

දරුවා සිටින්නේ අනතුරු සහිත තැනක නම් උදාහරණයක් විදියට විදුලි පේනු අවට තිබේ නම් ළිඳක් හෝ එවැනි හදිසි අනතුරක් ඇති විය හැකි තැනක නම් එතනින් දරුවාව ඉවත් කරන්නට පියවර ගන්න.

ඉන් පසු දරුවාව වම් ඇලයට හරවන්න. කට ඇතුලට විවිධ දේවල් දමන්නට යන්න එපා. ඒ වගේම අතට යකඩ වැනි දේ දෙන්නට යන්නත් එපා. වලිප්පුව ඇති වන ආකාරය මතක තබා ගන්න.

දරුවාගේ ගැහීමක් සිදු වනවා නම් ඒ සිරුරේ කුමන කොටස් වලද කියා මතක තබාගන්න. වෛද්‍ය වරයෙක් වෙත රැගෙන ගිය පසු මේ දේවල් ඔබෙන් විමසාවි. දරුවාගේ ඉදිරි ප්‍රතිකාර සඳහා එය වැදගත් වේවි.

වලිප්පුව ඇති වන කාලය දළ වශයෙන් විනාඩි කීයක්ද කියා මතක තබා ගන්න. දරුවාට අධික උණ ඇත්නම් අත් යට සහ කකුල් යට ඉකිලි කිහිලි තෙත රෙදි කැබැල්ලකින් තෙත් කරන්න.

දරුවාව වම් ඇලයේම තිබෙන පරිදි ඉක්මනින් ළඟම ඇති රෝහලකට ගෙන යන්න. විවිධ අත් බෙහෙත් කරමින් ගෙදර තබා ගන්නට යෑම දරුවාගේ ජිවිතයටද අවදානමක් වෙන්නට ඉඩ තිබෙනවා.

මේ දේවල් ගැන දැනුවත් වීමෙන් ඔබට ඔබේ දරුවාට වලිප්පුවක් සැදුණු විට ඉතා ප්‍රවේසමෙන් දරුවාව රෝහලකට ගෙන යන්නට පහසු වනවා.