Pages

Sunday, August 30, 2015

බුදු රදුන්ගේ ශ්‍රී දේහයට ගිනි අවුළවන්න මල්ල රජදරුවන්ට නොහැකි වුණේ ඇයි?

ලොව පහළ වූ සියලුම බුදුවරුන් අතරෙන් අල්ප ආයුෂ ප්‍රමාණයක් වැළැඳූ බුදුවරයකු වන්නේ ලොව්තුරා අමා මෑණී අප ගෞතම බුදු පියාණන් වහන්සේය. ගිහිගෙයින් නික්මී දුෂ්කර ක්‍රියා කොට, පසුව මැදුම් පිළිවෙත අනුගමනය කළ උන්වහන්සේ ලෝ සතුන් දුකින් මුදා ගැනීමේ අරමුණින් සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. සම්මා සම්බුද්ධත්වයට පත් වූ ගෞතම බුදු රදහු අසූ වැනි වියට එළැඹෙන තුරුම භික්‍ෂු ශාසනය ව්‍යාප්ත කරමින් දුක් සයුරේ ගිලුණු ලෝක සත්ත්වයා දුකින් මුදාලූහ. ලක්‍ෂ සංඛ්‍යාත දෙව්, බඹුන්, මිනිසුන්, සත්ත්වයන් සසර දුකින් මුදාලූ අප තථාගතයාණන් වහන්සේගේ අවසන් කාලවකවානුව එළැඹියේ අසූ වැනි වියට වැඩමවීමත් සමඟයි. දිනක් බේළුව නම් වූ ග්‍රාමයේ වස් සමාදන් වූ බුදු රදුන්ට “ලෝහිතපක්ඛන්දිඛා” නම් වූ දරුණු රෝගය වැලඳිණි. අසීමාන්විත වූ සමාපත්ති බලයෙන් එම දරුණු රෝගය තාවකාලිකව යටපත් කරගත් උන්වහන්සේ වස් පවාරණය කොට බේළුව ගමේ සිට සැවැත්නුවර දෙව්රම් වෙහෙර බලා වැඩම කළ සේක. එහි වැඩම කළ බුදු පියාණෝ උන්වහන්සේගේ අනුගාමික භික්‍ෂුන් වහන්සේ රැස් කොට “මහණෙනි, තව නොබෝ දිනකින් මාගේ පරිනිර්වාණය සිදු වන්නේය” යනුවෙන් වදාළහ. එයින් හටගත් අධික සිත් තැවුලෙන් අනුගාමික භික්‍ෂුහු උන්වහන්සේගේ ශ්‍රී පාද ගෞරවයෙන් වන්දනාමාන කළෝය. ඉන්පසු විසාලා මහනුවර චාපාල නම් වූ චෛත්‍යස්ථානයට වැඩම කළ බුදු පියාණෝ ආයු සංස්කාර අතහැර භික්‍ෂුන් වහන්සේට ධර්මය දේශනා කොට අදින් තුන් මසකට පසුව තමන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන බව දන්වා සිටියහ.
විසාලා මහනුවරින් නික්මී භණ්ඩ ග්‍රාම, හස්ති ග්‍රාම, අම්බ ග්‍රාම, ජම්බු ග්‍රාම, භෝග ග්‍රාම නමැති ගම්වලට වැඩම කළ උන්වහන්සේ ග්‍රාමීය ජනයාට ධර්මය දේශනා කරමින් පාවා නමැති නුවරට වැඩම කළහ. පාවා නුවරට වැඩම කළ බුදුන් වහන්සේ සඳහා චුන්ද කර්මාර පුත්‍රයා විසින් පිළිගන්වන ලද දානය වැළැඳීමෙන් පසුව යටපත්ව තිබූ ලෝහිත පක්ඛන්දිඛා රෝගය යළිත් ඉස්මතු විය. සිය පරිනිර්වාණ සමය එළැඹී ඇති බව බුදු ඇසින් දැක ගත් උන්වහන්සේ සිය අනුගාමික භික්‍ෂුන් සමඟ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ට අයත් උපවත්තන සල් උයනට වැඩම කොට අනඳ තෙරුන් ලවා සල් වෘක්‍ෂ දෙකක් මධ්‍යයේ උතුරට හිස දමා ඇඳක් සකස් කර ගත්හ. උතුරු ප්‍රදේශයට හිස පිහිටන සේ සිංහ සෙය්‍යාවෙන් ඇඳෙහි සැතැපුණු උන්වහන්සේ යළි නොනැඟිටීමටද අදිටන් කර ගත්හ.
දහස් සංඛ්‍යාත සංඝයාද තථාගතයාණන් වහන්සේ සැතැපී වැඩ සිටින ඇඳ වටා රැස් වී ‍ෙදාහොත් මුදුන් තබා වැඩ සිටි අතර දහස් සංඛ්‍යාත දෙවි දේවතාවෝද අවසන් වරට බුදු රදුන් වන්දනාමාන කිරීම සඳහා පැමිණියහ. දිව්‍ය මලින්, දිව්‍ය ගන්ධයෙන් උපවත්තන සල් උයන සුවඳවත් කළ දෙව් බඹුහු බුදුරදුන් වන්දනාමාන කළහ. එදින රාත්‍රියෙහි පූර්ව යාමයේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ මල්ල රජ දරුවන්ට සහ දහස් සංඛ්‍යාත ජනයාට ධර්මය දේශනා කළ අතර මැදියම් රාත්‍රියේ සුභද්‍ර නමැති පරිබ්‍රාජකයා දමනය කොට ඔහු පැවිදි මඟට ඇතුළත් කරගත්හ. අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ආශීර්වාදයෙන් පැවිදි දිවියට සම්ප්‍රාප්ත වූ අවසන් භික්‍ෂුව වන්නේ සුභද්‍ර භික්‍ෂුවයි. අනතුරුව බුදු හිමියෝ රැස්ව සිටි සංඝයා වෙත හැරී “හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ” යනුවෙන් දේශනා කළහ. “මහණෙනි, මම දැන් ඔබ සැම අමතමි. සියලු සංස්කාර ධර්මයන් අනියත බැවින් අප්‍රමාදීව කටයුතු කරන්න” යනු එහි සිංහල තේරුමයි. සිය අනුගාමික සංඝයාට අවසන් අවවාදය දුන් උන්වහන්සේ ධ්‍යානයන්ට සමවැදී ඉන් මිදී අලුයම් කාලයේදී අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පරිනිර්වාණයට පත් වූ සේක. එකෙනෙහිම මහා ගිගුරුම් හඬක් නැඟී අකල් වර්ෂාවක් ඇද හැලුණු අතර පොළෝ ගර්භය දෙදරවමින් මහා භූමිකම්පාවක්ද හටගත් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
දහස් සංඛ්‍යාත සංඝයාගේද, දෙව් බඹුන්ගේද, ජනයාගේද, සත්ත්වයන්ගේද සෝ තැවුල් මැද මහා පරිනිර්වාණයට පත් වූ බුදුරදුන් නමින් සොබා දහමද කම්පා විය. පිරිනිවන වූ දින සිට පුරා දින සතක් තථාගත ශ්‍රී දේහය මල්ල රජ දරුවන් විසින් අප්‍රමාණ පූජාවට පත් කරනු ලැබූ අතර සත් වැනි දින බුදුන්ගේ ශ්‍රී දේහය මකුටබන්ධන නමැති චෛත්‍ය පිහිටා ඇති ස්ථානයේ තැන්පත් කෙරිණ.
ආනන්ද හිමියන්ගේ උපදෙස් පරිදි මල්ල රජදරුවන් විසින් තථාගත ශ්‍රී දේහය අලුත් චීවරයකින් වෙළන ලදී. අනතුරුව නැවැතත් චීවරය මතු පිටින් කපු පටලයක් වෙලූහ. නැවැතත් අලුත් චීවරයකින් ශ්‍රී දේහය වෙලූ අතර මේ අයුරින් චීවර පන්සියයක්ද, කපු පටල පන්සියයක්ද බුදු පියාණන්ගේ ශ්‍රී දේහය වටා එතූ අතර අනතුරුව තථාගත ශ්‍රී දේහය රන් දෙණක තැන්පත් කරන ලදී. ශ්‍රී දේහය තැන්පත් කළ රන් දෙණ මතුපිටින් තවත් රන් දෙණක් තැන්පත් කොට නේකවිධ සුවඳ දරවලින් චිතකයක් සාදා රන් දෙණ එම චිතකයේ තැන්පත් කළහ.
දස දහස් පිරිවරින් සමන්විත සංඝයා වහන්සේද, දෙවි දේවතාවන්ද, ජනයාද බලා සිටියදී මල්ල රජ දරුවෝ සිවු දෙනෙක් ස්නානය කොට පිරිසුදු වී සුදු වස්ත්‍ර හැඳ චිතකය දැල්වීමට උත්සාහ කළහ. එහෙත් කෙතෙක් වෙහෙසුණද තථාගත ශ්‍රී දේහයට ගිනි නොඇවිළිණි. ඉන් පසු මල්ල රජදරුවෝ අට දෙනෙක් ස්නානය කොට පිරිසුදු වී සුදුවතින් සැරසී ශ්‍රී දේහයට ගිනි ඇවිළීමට උත්සාහ ගත්හ. එහෙත් කිසිදු පලක් නොවූ අතර චිතකය නොදැල්විණි. අනතුරුව මල්ල රජදරුවන් දහසය දෙනකු, තිස් දෙදෙනකු ආදී වශයෙන් චිතකය දැල්වීමට උත්සාහ කළද චිතකය නොදැල්විණි. මෙයින් අතිශය විස්මයට පත් වූ මල්ල රජදරුවෝ දිවැස්බලයෙන් පිරිපුන් භික්‍ෂුන් වහන්සේ අතර අගතැන්පත් අනුරුද්ධ මහතෙරුන්ගෙන් මේ පිළිබඳ විමසූහ.
“ස්වාමීනී, චිතකය නොඇවිළීමට හේතුව කුමක්ද?”
“රජදරුවනි, එයට හේතුවක් පවතී. දෙවියන්ගේ කැමැත්ත ඔය නොවේ.” අනුරුද්ධ මහ තෙරහු පැවැසූහ.
“දෙවියන්ගේ කැමැත්ත කිමෙක්ද ස්වාමීනි?” මල්ල රජදරුවන් උන්වහන්සේගෙන් විචාළහ.
“රජ දරුවනි, කාශ්‍යප මහ රහතන් වහන්සේ පාවා නුවර සිට පන්සියයක් භික්‍ෂුන්ද සමඟ තථාගතයන් වහන්සේගේ සිරිපා වන්දනා කිරීම සඳහා කුසිනාරා නුවර බලා වැඩම කරමින් සිටිති. උන්වහන්සේ වැඩම වූ පසු තථාගත ශ්‍රී දේහය දැල්වේවා යනු දෙවියන්ගේ ප්‍රාර්ථනයයි.” උන්වහන්සේ පැවැසූහ.
එය එසේම වේවා යනුවෙන් පවසා නිහඬ වූ මල්ල රජදරුවන් කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන භික්‍ෂුන් පන්සිය නම වැඩම කරන තුරු බලා සිටියහ. පන්සියයක් භික්‍ෂුන් පිරිවරා භාග්‍යවතුන් වහන්සේගේ චිතකය පිහිටි තැනට වැඩමවූ කාශ්‍යප මහ රහතන් වහන්සේ මහා පාංශුකූල චීවරය ඒකාංශ කොට පොරවා ‍ෙදාහොත් මුදුන් තබා බුදු රදුන්ගේ ශ්‍රී දේහය වන්දනා කළහ. තථාගත ශ්‍රී දේහය ඇති දෙණ වටා තෙවරක් වැඩම කළ උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ හිස හා පත්ල දිවැසින් දැක මෙනෙහි කොට සිරිපා පිහිටි පස වැඳ වැටී අභිඤ්ඤා පාදක චතුර්ථ ධ්‍යානයට සම වැදුණහ. ධ්‍යානයෙන් මිදී උන්වහන්සේ “මාගේ ශාස්තෘෘන් වහන්සේගේ උතුම් සිරිපා යුවළ තථාගත ශ්‍රී දේහය ඔතා ඇති කපු පුළුන් පටල පන්සියයද, චීවර පන්සියයද, රන් දෙණද, සුවඳ දර සෑයද දෙබා කරමින් මාගේ හිස මත්තෙහි පිහිටන සේක්වා!” යනුවෙන් ප්‍රාර්ථනා කළහ.
එකෙනෙහිම තථාගතයාණන් වහන්සේගේ ශ්‍රී දේහය ඔතා තිබූ කපු පුළුන් පටල පන්සියයද, චීවර පන්සියයද, රන් දෙණද, සඳුන් දර සෑයද දෙබෑ කරමින් උන්වහන්සේගේ සිරිපා කමල කාශ්‍යප මහරහතන් වහන්සේගේ හිස මත්තෙහි නළලත මත පිහිටවුණු සේක. කාශ්‍යප මහ රහතන් වහන්සේ තථාගත ශ්‍රී පාද යුගල දෝතින් ගෙන සිය නළල මස්තකයෙහි රුවා ‍ෙදාහොත් මුදුන් තබා වන්දනාමාන කළ අතර රැස්ව සිටි දහසක් දෙව් බඹුහු, මිනිස්සු විමතියෙන් සාදුකාර දීමට පටන් ගත්තෝය. කාශ්‍යප හිමි සමඟ වැඩම කළ පන්සියයක් සංඝයා වහන්සේද බුදු සිරිපා වන්දනා කිරීමෙන් පසු කිසිවකුගේත් මැදිහත්වීමකින් තොරව බුදු සිරුර රන් දෙණ තුළ තැන්පත් විය. කපු පුළුන් පටල හා චීවර යථා පරිදි එතී ගිය අතර දෙබෑ වූ සඳුන් දර සෑයද යථා පරිදි පිහිටුවිණි. එකල්හිම කිසිවකුගේත් බලපෑමකින් තොරව සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ චිතකයට ඉබේ ගිනි ඇවිළිණි. දහස් සංඛ්‍යාත පිරිවර අතර සාදුකාරය මැද බුදු රදුන්ගේ චිතකය දැවිනි.
උන්වහන්සේ පිරිනිවන්පෑමට පෙර එක් අධිෂ්ඨානයක් සිදු කළහ. එනම් ලොව පහළ වූ බුදුවරුන් අතර අවම ආයුෂ ප්‍රමාණයක් වැළඳූ බුදුන් වන්නේ ගෞතම බුදුන්වහන්සේ බැවින් මතු පහළ වන සත්ත්වයන්ට උන්වහන්සේ දැක බලා ගැනීමට නොහැකි වන බැවින් උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී දේහය දැවී ලලාට ධාතුව, අකු ධාතු දෙනම, සතර දළදා සහ අස්ථි ධාතු නොදැවී මතු පහළ වන සත්ත්වයන්ට වන්දනාමාන කිරීමට පවත්වා යන අධිෂ්ඨානයයි. උන්වහන්සේගේ අදිටන අනුව ශ්‍රී දේහයේ සිවිය, සම්, මස්, නහර යන සියල්ලම දැවී අළු හෝ දැලි පමණටවත් නොමැතිව විනාශ වී ගියහ. තථාගත ශ්‍රී දේහය ඔතන ලද පන්සියයක් චීවර අතරෙන් පළමුව ඔතන ලද චීවරය හා අවසන ඔතන ලද චීවරය පමණක් ඉතිරි වී අනෙක් චීවර සියල්ලම හා කපු පුළුන් පටල සියල්ලද දැවී ගොස් තිබිණි. රත්රන් දෙණද නොදැවුණු අතර උන්වහන්සේගේ පෙර කී ධාතුන් වහන්සේ නොදැවුණු චීවරයේ කොටස් වශයෙන් දෙණ තුළ ඉතිරි වූහ.
ධාතුන් වහන්සේ ඉතිරි වන පමණට තථාගත ශ්‍රී දේහය දැල්වෙද්දී ගුවනින් ජල දහරාවක් පතිත වී චිතකය නිවා දැමිණි. එකෙනෙහිම චිතකයට සිවුදෙසින් පිහිටි සල් වෘක්‍ෂයන්හි අතු මතින්ද දිය දහරා පැමිණ චිතකය නිවාලීමට සහාය දැක්වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
ඉන් අනතුරුව මල්ල රජදරුවෝ සියලු සුවඳ රැගත් සුවඳ කුඩු දැමූ දිය පැන් දහරක් චිතකයට දමා ධාතු සහිත රන් දෙණ මනාව සරසන ලද හස්ති රාජයකුගේ පිට මත තබා විශාල පෙරහරකින් ඇතුළු නුවරට වැඩම කළහ. අලංකාරවත්ව සරසන ලද රන් මණ්ඩපයක රන් දෙණ තැන්පත් කරමින් පුරා සතියක් ඉමහත් පුද පූජා කරමින් බුදු හිමිගේ ධාතුන් වහන්සේ වන්දනාමාන කළහ.
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අදිටනින් ඉතිරි වූ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ එවක පටන් බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ අතර බුදුන් නොදුටු බොදුනුවන් හටද එතුළින් ජීවමාන බුදුරදුන් දැක බලා ගැනීමට අවස්ථාව සැලැසී තිබේ.
.

Sunday, August 23, 2015

හෙළ වෙදකම ඔප්නැංවූ කාව්‍ය රසය......



අපේ ජන ජීවිතය රසාලිප්ත බව බොහෝ වියතුන් පවසන්නේ ගැමියා දුකට, සන්තාපයට, සතුටට මෙන්ම වියෝවටද කවිය අවියක්‌ කොටගත් නිසාය. ජීවිතයේ දුක්‌ කරදර අටෝ රාශියක්‌ මැදින් යනෙන විට දැනෙන පීඩාව ඔවුහු සමනය කර ගත්තේ ද තම සිත්හි නැඟෙන සුන්දර අදහස්‌ කවියට පෙරැළීමෙනි. ඒවා ජනකවි ලෙසට ජනවහරේ අදටත් එයි. එහෙත් වෙද පරපුරේ අතැඹුලක්‌ සේ දත් රහස්‌ ඔසු පිළිබඳව කවි කලාවක්‌ද පවතී. වරෙක උග්‍ර දන්තාබාධයක්‌ වැළඳුන රෝගියකුට අපූරු කවියක්‌ වෙදැදුරෙකු ලියා දුන්නේය.

වැල්මී අමු ඉඟුරු එක පමණට ගන්න
මිරිකා පොල් කිරෙන් ලිප බා පැස වන්න
නස්‌නාරං යුෂට කපුරුත් දම මින්න
අඹරා දතෙහි රඳවනු කැක්‌කුම යන්න.

වැල්මී ඉඟුරු එක පමණට ගෙන පොල්කිරි දමා නස්‌නාරං යුෂ කපුරු මිශ්‍ර කොට අඹරා දත මුල තබන්න. එවිට දත් කැක්‌කුම සුවවේය යන්න මෙම වෙද කවියෙහි අරුතය.

පොළඟා අපේ ගම්වල, හේන්වල, ගෙවත්තේ ගොවිතැන් කරන ගොවියන්ට ගෙවිලියන්ට බොහෝ හිංසා පීඩාදිය ගෙන දෙන්නෙකි. එහෙත් කාලාන්තරයක්‌ මුළුල්ලේම අපේ ගැමියා මෙබඳු සර්ප දෂ්ඨනයන්ගෙන් මුදවා ගත්තේ අපේ හෙළ වෙද ඉසිවරයන්ය. ඔවුහු හෙළයේ ගහකොළ මුල්වැල් උපයෝගී කරගෙන අපූරු පිළියම් කළහ.

ආයුර්වේදයෙහි එන සතුන් සඳහා වූ වෙදකම වෛද්‍යවරුන්ගේ මතක ගබඩාවෙහි තැන්පත් කිරීම සඳහා අපූරුතම කවි වහරක්‌ ඔවුන් භාවිතා කළහ. මේ කවි බස ලාලිත්‍යයෙන් සපිරි වීම හේතු කොටගෙනම හෙළ වෙද පරම්පරාවේ කණිෂ්ඨයන්ට බොහෝ සෙයින් උදව් ගෙන දිනි. මේ හෙළ ඔසු රටාව සුසංයෝග කරන්නට කිවි කලාව උපයෝගී කර ගන්නට අපේ ඉපැරැණි වෙද ඉසුරන් කල්පනා කළහ. පොළොන් විසට තනාගත් ඔසුව ඔවුන් කවියෙන් පැවසුවේ මේ ලෙසටය.

සොඳට ඇසතු බෝ නුග මුල් ගන්නේ
දියට එනරදිය ගලපා ගාන්නේ
ටිකට නැතුව මැස්‌සක්‌ අර ගන්නේ
එවිට අලුත් පානෙන් බැස යන්නේ

තෙලිසාද අපේ ගැමියන්ට දුක්‌ගැහැට හිරිහැර හා වද වේදනා ගෙන දෙන සර්පයකු ලෙසට ප්‍රකයට. ගමේ ගොඩේ ප්‍රකටය. මේ තෙලිසප් විසට දෙන ඔසු අපේ පැරැණි වෙද ඉසිවරුන් කවියට නඟා ඇති අයුරුය.

තඹලං ගෙඩි කුඩු මිරිස්‌ ද ගන් නේ
කහඅනුලා වෙන වෙනම බඳින් නේ
කැකිරිවරා කොළ ලේප කරන් නේ
හැට තෙලිසප් විස මින් පහවන් නේ

කැකිරි වරා කොළ පොතු ලේප කරමි න
ලුණු දෙහි අඹරා ලේප කරමි න
සැමෝ කොල යුසරස රස දිය ලේපයෙ න
තෙලිසප් විස ගුණ වෙයි දනු සැනෙකි න
සැමෝයුෂය ගනිමින් නේ
රසදිය එහි සමගින් නේ
විත් මුක තුළ ගාමින් නේ
තෙලිසප් විස බැස යන් නේ
කීකිරිදිය කොල ගන් නේ
කහලුනුලා මලවා ගන් නේ
කෑ මුඛයෙහි බඳිමින් නේ
තෙලිසප් විස නොතිබෙන් නේ

මාපිල් වර්ග බොහෝමයක්‌ පිළිබඳව අපේ වනගත ගම්මානවල සිටින ඇත්තන් දැන සිටිති. මාපිලා වටා එතෙනු ජනප්‍රවාද බොහෝය. ඒවා ඒ ආකාරයෙන්ම රසවත්ය. මාපිලකු මරා දැමූ විට තවත් සත්දෙනකු ආසන්නයට එන බව ප්‍රකට මතවාදයකි. එලෙස වන්නට එAවාට විද්‍යාත්මක හේතු මතවාද තිබෙනමුත් අදටත් බැද්දේ ගම්මානවල මාපිල් විසට කෙරෙන ඔසු වෙදහෙදකම් කවිවලට ගොනුව ඇත්තේ මෙසේය.

කරල් සැමෝ ඇට නිකදළු ගන් නේ
සුදුළූණුත් සමකර අඹරන් නේ
නිකකොල මිරිකා නස්‌න කරන් නේ
මාපිල් විසයට ඇඟ ගල්වන් නේ
මාපිලාට ගන්නෙ පිටවක්‌ක ත්
පින්නකොලත් දෙහි ඇඹුලෙන්වල ද ත්
අමුකහ සමගින් පිස හැර මුඛය ත්
ඉන් දුරුකරවයි මාපිල් විසය ත්
නිල් වැල්ලන් ද ගෙන්වා ගෙ න
කොටමින් යුෂ මිරිකා ගෙ න
එම යුෂ ඇඟ ගැල්ලූ තැ න
මාපිල් විස කෙරෙයි සම න
මුකුණුවැන්න කොල ගන් නේ
කොටමින් යුෂ මැඩ ගන් නේ
මීතෙල් ගෙන පොවමින් නේ
මාපිල් විස නොතිබෙන් නේ
දිමි ගොටුවක්‌ කොටා රැගෙ න
මුත්‍රාදියෙන් මිරිකා ගෙ න
විසාකුරයන්හට පෙවූ තැ න
මාපිල් විස නසයි සොඳි න
වල් ඉඟුරුත් හරංකහ අල ගනිමින් නේ
පුවඟු කොළත් සමගම ගලගා ගන් නේ
කෑ තැන ලේපය කළ හෙයින් නේ
මාපිල් විස නොතිබෙයි සැනෙකින් නේ
කරපිංචා කොල අඹරා ලේපයෙ න
මුගුණුවැන්න නරමුත්‍රයෙන් පොව න
කළු සබරල කොල කොටමින් නසපයෙ න
මාපිල් විස නොතිබෙයි කිව් සැනෙකි න

මූසිකයා ගොවියාට බොහෝ දුක්‌ ගැහැට පීඩාදිය ඇති කරන්නෙකි. කාන්ත්‍රිකයන්ගේ ලොවේ ප්‍රධානතම සාමාජිකයකු වන මූසිකයා එක්‌ රැස්‌ කර අටුවේ තබන බවභෝගවලට වී වලට නාස්‌තිකාර ප්‍රහාර එල්ල කරයි. එපමණකුදු නොව මූසිකයන් ගේ දොර ගැවසීම සර්පයන් ගෙවද්දා ගැනිමටද මං තැනීමකි. ඉඳහිට අහම්බෙන් වුව මීයන් සපා කෑමට ද ගෙවිලියක, පවුලේ දරු පැටවකු ලක්‌විය හැකිය. මේ මී විෂට අදටත් ගම්මානවල තනාගන්නා ඔසු කවිවලට ගොනු කළ අපූරුවය.

ඇසලත් බැලතන මුල් දෙක සමගි න
නිලකටරොලු නැතහොත් තල මුල් ගෙ න
සීනිද මී පැණි ගිතෙලුත් සමගි න
බුව, අටලොස්‌ කුල මී විස නැතිවෙන් න

තුන්බෝ අත්තන සහ මුල් ගෙන යා
නැවුන් සලක ලා මැටි ඔඳ ගෙන යා
කරන් ලිපේ අන්කර දුමේ යා
පොවන් කරන් අළු ගෙන මෙලෙසේ යා

මංචාඩියේ බර කිරලා ගෙන හෙ ව
ගිතෙල් දෙමංචාඩිය සහ වළ ඳ ව
අත්දුටු බේතකි පෙර ඉසි පැවසු ව
දැනගෙන නැති මූසික විසිකර සු ව

ගිවුල කොලත් ගනිමින් නේ
කසාය කකාර ගන් නේ
තලතෙල් ලා පොවමින් නේ
මූසික විස නසිමින් නේ

දිවුලු ගසේ සැමදේ ම
කැමැති විදියකටම දී ම
මූසික විසයට ම සෑ ම
හිත බව දැනගනු පේ ම

සිකනලා ගම්වැසියන්ට ආගන්තුකයකු නොවේ. ගෙවත්තේ මෙන්ම නිවසේ ද මේ සත්වයා ගේ ලැඟුම් තැන් බවට ඇතැම් විට පත්වෙයි. එහෙත් අහම්බයකින් හෝ සිකනලු දෂ්ඨනයට ද ලක්‌වන්නට ගැමියාට සිදු විය. "අහසේ තරුත් මුහුදේ මඩත්" ඇවැසිවනු

මේ ප්‍රතිකර්මයත් සිකනලාට උචිත බව අදටත් ගම්මානවල පොඩි ඇත්තන් දනිති. එහෙත් සිකනලාට ඔසු අපේ වෙදැදුරන් කවි බසට හරවා ඇත්තේ මෙසේය.

මිදි කොල සුදුළූණුත් සමකර ති
තලතෙල් සිකනල් විසයට පොව ති
බළු දං කොල පොතු පොල්කිරි ගනි ති
බිඳී යයි සිකනැල් විස ගත පැව තී

රන් තැඹිලිය මුල්කල් පොතු ගන් නේ
තුන් පලා ද මුල් සමකර ගන් නේ
තුන් වගයට කැඳවිය දෙවමින් නේ
ඉන් සිකනැල් වෙව්ලුම් නැතිවෙන් නේ

පුසුල් කොලද ලුනු දිය ගෙන එම සේ
වූවොත් එයින් සිකනල් විස වැන සේ
එකල් මුලත් පොල්කිරි ගෙන සම සේ
කුහුල් නොවමි බොනු ගුණවෙයි නොල සේ

ගෝනුස්‌සාද අනේකවිද විපත්ති ගෙන දෙන්නකු බවට ගැමියන් අඳුනාගෙන තිබේ. ඉඳහිට පැදුරු ආනකින් මතුවන, පොල්අතු රුප්පාවකින් ගෙට වදින ගෝනුස්‌සාගේ දෂ්ඨනය හීන් එවුන්ට දරා ගැනීමට අපොහොසත් රුදු වේදනාවකි. ගෝනුසු විෂට අත්බෙහෙත් වුවමනා තරම් හෙළ වෙද ඔසු ගොන්නෙහි දැකගත හැකිය. අදටත් අතිශය දුෂ්කර ගම්මානවල වෙසෙන ගැමියන් මේ ඔසු ගැන හොඳින් දැන සිටිති. මේ ගෝනුස්‌සාගේ දස්‌ඨයට අපේ හෙළ වෙද ඇඳුරිඳුන් මුවග අදටත් කියෑවෙන ප්‍රවාදයෙහි එන කවි කිහිපයකි.

කල කොයඹ ද කොස්‌ පල සමඟ ගත් ක ලා
එක්‌කොට ගිතෙල ගලා අරගෙන රෙදි වෙ ලා
අව්ලා නිවා දුම් දුන්කලට මත කලා
ගෝනුසු විස හැර යයි සෙත වේහුය සුවපු ලා

මොණර පිලුත් ගනිමින් නේ
එළඟි තෙලින් පොවමින් නේ
දල්වාලා දුම් දෙන් නේ
ගෝනුසු විස ගුණවන් නේ

අත්තන යුෂ ගනිමින් නේ
විස මුඛ තුළ ගාමින් නේ
ආතුර එම සැනෙකින් නේ
සැපයේ වැජඹි ඉන් නේ

මේ කවි අදටත් ඉපැරණි හෙළ ඔසු සුසංයෝග කොට දිව ඔසු තනනු අපේ හෙද වෙදැදුරන් කටපාඩමින් දනිති. ඔවුන්ගේ සෙසු පරම්පරාවලට ද මේ රසකාරක මිශ්‍රණයන් ගෙනයැම අතිශය වැදගත්ය.

මාරාන්තික විෂ සහිත සර්ප විශේෂ........

ස්‌වභාවික පරිසරයේ ජෛවවිවිධත්වය ආරක්‍ෂා කිරීමට මහත් දායකත්වයක්‌ සපයන සත්ත්ව කොට්‌ඨාසයක්‌ ලෙස උරග ගණයට අයත් සර්පයින් හඳුනාගත හැකිය. සර්පයින්ගේ විසකුරු බව මත පමණක්‌ පදනම්ව මිනිසුන් මොවුන් විනාශ කිරීම නිසා ජීවත්වීමේ වරම නොලද, වඳවෙමින් යන සත්ත්ව කොට්‌ඨාසයක්‌ ලෙස සර්පයින් හඳුනාගෙන තිබේ.

ලෝකය පුරා සර්ප විශේෂ 2400 ක්‌ පමණ වාසය කරන අතර මින් විශේෂ 96 ක්‌ පමණ ශ්‍රී ලංකාවේ ජීවත්වන බව වාර්තාවී ඇත. මෙම සර්පයින් අතරින් බොහෝ කොටසක්‌ ජීවත්වනුයේ මුහුදේ වන අතර ඉතිරි කොටස ගොඩබිමට සීමාවී තිබේ. ගොඩබිම ජීවත්වන සර්පයින් අතරින් වැඩි දෙනෙකු විෂ රහිත වූවන් ලෙස හඳුන්වා තිබේ. එමෙන්ම විෂ සහිත ගොඩබිම් සර්පයින් මාරාන්තික විෂ සහ මද විෂ සහිත සර්පයින් ලෙස කොටස්‌ දෙකකින් හඳුනාගත හැකිය.

සර්පයින් දෂ්ටකිරීම අනුව ලොව පුමුඛපෙළේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවද වැඩි අවධානයක්‌ හිමිකරගත් රටකි. එදිනෙදා ජීවිතයේදී අප මුහුණපාන හදිසි අනතුරු අතර සර්ප දෂ්ටනයට හිමිවන්නේ සුවිශේෂී වූ ස්‌ථානයකි. නොසැලකිලිමත්කම මෙන්ම නොදැනුවත්කම නිසා අනතුරු වැඩිකර ගත්තද සර්ප දෂ්ටනයෙන් සෑම රෝගියෙකුම මරණයට පත්නොවේ.

පුද්ගලයකුට සර්පයකු දෂ්ට කළ විට එම රෝගියාට ප්‍රතිකාර ලබාදීමේදී දෂ්ට කළ සර්පයා හඳුනා ගැනීම විශේෂ කරුණකි. මේ නිසා අප ජීවත්වන පරිසරයේ වෙසෙන සර්පයින් පිළිබඳව නිසි අවබෝධයක්‌ ලබා තිබීම ඉතා වැදගත් වේ. එම අවබෝධය "විසඝෝර සර්පයා, දැක නෑර මෝඩයා" යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට නොව පරිසරයේ චමත්කාරජනක සර්ප ගහණය ආරක්‍ෂා කරගැනීමට සහ සර්පයින්ගෙන් ආරක්‍ෂා වී සර්ප විෂ මිනිස්‌ ජීවිත බිලි ගැනීම අවමකර ගැනීම සඳහාය.

ශ්‍රී ලංකාවේ වෙසෙන මාරාන්තික විෂ සහිත ගොඩබිම් සර්පයින්:

නයා
සිංහල - නයා/නාගයා
දමිල - නාගපාම්බු
ඉංග්‍රීසි Cobra
විද්‍යාත්මක - Naja naja

ශ්‍රී ලංකාවේ සර්පයින් අතරින් වඩාත් ප්‍රසිද්ධ මෙන්ම උග්‍ර විෂ සහිත සර්පයින්ගෙන් විශාලතම සත්ත්වයා ලෙස නාගයා හඳුනාගත හැකිය. නයකු සාමාන්‍යයෙන් අඩි 6 ක්‌ හෝ 8 ක්‌ පමණ දිගින් යුක්‌තය. එහෙත් වාර්තාවී ඇති වැඩිම විශාලත්වය වන්නේ අඩි 7 , අඟල් 4 කි. මොවුන්ගේ විශේෂ ලක්‍ෂණය වන්නේ පෙන ගොබයයි. නයකුගේ ශරීරය තද කළුÊපැහැයට හුරු දුඹුරු, ලා දුඹුරු හා රතු පැහැයට හුරු අළු පාට මිශ්‍ර දුඹුරු පැහැයෙන් සමන්විතය. ශරීරයේ තැනින් තැන කහ වර්ණයෙන් හෝ සුදු වර්ණයෙන් හරස්‌ ඉරි දක්‌නට ලැබේ. සමහර නාගයින්ගේ මෙම ඉරි පටි ආකාරයට පිහිටා තිබේ. උදරය ප්‍රදේශය තද කළු සහ සුදු පැහැතිය. එමෙන්ම උදරයෙහිද කළු හෝ දුඹුරු පැහැති හරස්‌ පටි 20 ක්‌ පමණ දැකගත හැකිය. නාගයකු වයස්‌ගත වෙත්ම එම පටි ක්‍රමයෙන් මැකී යයි. පෙනය කළ පසු පිටුපසින් "ප" අකුරට සමාන සළකුණක්‌ දක්‌නට ලැබෙන අතර එම සළකුණට මදක්‌ ඉහළින් සුදු පැහැති තිත් දෙකක්‌ හෝ ඉරි දෙකක්‌ දැකගත හැකිය.

නාගයා දිවා කාලයේදී ඉතා ක්‍රියාශීලීව හැසිරෙයි. ගැහැනු සතුන් අප්‍රේල්, මැයි, ජුනි යන මාසවල දිරාගිය ගස්‌ බෙනයන හෝ හුඹසක බිජු දැමීම සිදුකරයි. වරකට 12 - 45 පමණ වන මෙම බිත්තර දික්‌ වූ හැඩයෙන් යුක්‌තය. බිත්තර තුළින් බිහිවන කුඩා නයි පැටවුන් සෙන්ටිමීටර් 20 - 30 ත් අතර දිගය. බිත්තර වලින් එළියට පැමිණෙනවාත් සමගම පෙනය පුම්බා තම ශක්‌තිය පෙන්වා දෂ්ට කිරීමට උත්සාහ කරයි. අලුතින් බිහිවන පැටවාගේ විෂ වැඩුණු නයකුගේ විෂට සාමානය. ජලයේ පිහිනා යැමට සුවිශේෂී හැකියාවක්‌ ඇති නාගයාට සාමාන්‍ය ප්‍රමාණයේ ගස්‌වලට නැගීමටද හැකියාවක්‌ ඇත. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම දැකිය හැකි නාගයා මුහුදු මට්‌ටමේ සිට මීටර් 1500 පමණ ඉහළ ප්‍රදේශ දක්‌වා පැතිරී සිටී.

නාගයා එතරම් කලබලකාරී සර්පයකු නොවේ. කිපුන විට පෙනය පුම්බා ශරීරයේ ඉදිරි කොටස පොළොවෙන් ඉහළට ඔසවා තද පිඹීමක්‌ ඇති කරයි. නාගයා පොළොවෙන් ඉහළට එසවෙන ප්‍රමාණය අනුව පහරදෙන්නා වූ පරාසය තීරණය වේ. එනම් නාගයා අඩි 2 ක්‌ පොළොවෙන් ඉහළට එසවෙන්නේ නම් එම ස්‌ථානයේ සිට අඩි 2 ක වටප්‍රමාණයක්‌ දක්‌වා දෂ්ටකිරීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ වෙසෙන නාගයකු දෂ්ටකළ විට එම ස්‌ථානයේ අධික වේදනාව, පටක කුණුවීම සහ ප්‍රධාන වශයෙන් රෝගියාගේ ස්‌නායු අඩපණවීම සිදුවේ.

තෙල් කරවලා
සිංහල - තෙල් කරවලා / මගමරුවා
දමිල යෙට්‌ටාඩි මිරියන්
ඉංග්‍රීසි -Common Krait /Inian Krait
විද්‍යාත්මක - Bungarus Caeruleus



තෙල් කරවලකු සාමාන්‍යයෙන් අඩි 3-4 දක්‌වා දිගින් යුක්‌තය. කරවලාගේ පෘෂ්ඨිය ප්‍රදේශය දිලිසෙන සුළුÊකළු හෝ නිල් පැහැයක්‌ ගනී. මේ නිසාම මෙම සර්පයාට හිමිව ඇති විද්‍යාත්මක නාමයක්‌ වන Caeරමකැමි යන නම හිමිවී ඇති බව සඳහන් වේ. Caeරමකැමි යනු ලතින් භාෂාවෙන් තද නිල් පැහැයට කියනු ලබන නමයි. තෙල් කරවලාගේ ශරීරය පුරාවට හරස්‌ අතට දිවෙන සුදු පැහැති ඉරි යුගල 40-45 අතර ප්‍රමාණයක්‌ දැකගත හැකිය. තරුණ සර්පයින්ගේ මෙම විහිදුණු සුදු පැහැති ඉරි දක්‌නට ලැබුණද වයස්‌ගත සර්පයන්ගේ ක්‍රමයෙන් මේවා නොපෙනී යයි. හිස කළුÊපැහැයෙන් යුක්‌ත වන අතර උදර ප්‍රදේශය හා තොල් සුදු පැහැයෙන් දිස්‌වෙයි.

තෙල් කරවලා රාත්‍රී කාලයේදී ඉතා ක්‍රියාශීලී සර්පයකු වුවද දිවා කාලයේදී දිරාගිය කොළරොඩු, පොල්ලෙලි, ගල් ගොඩවල්, වියළි තණකොළ, ලී ගොඩවල් තුළ මෙන්ම බුරුල් වැලි පසෙහිද සැඟවී සිටියි. ඇතැම්විට දියකඩිති. ආශ්‍රිතවද දක්‌නට ලැබේ. ගැහැනු සත්ත්වයා වරකට බිත්තර 5-10 අතර ප්‍රමාණයක්‌ දමා තම වර්ගයා ව්‍යාප්ත කරයි. ශ්‍රී ලංකාවේ වෙසෙන විෂ අධිකව සර්පයා ලෙස සැලකෙන්නේද මෙම තෙල් කරවලා හෙවත් මගමරුවාය. පහතරට වියළි කලාපයේ ප්‍රදේශ රැසකදීත් අතරමැදි කලාපයේ ප්‍රදේශ කීපයකින්ද තෙල් කරවලා බහුලව හමුවී ඇත.

මුදු කරවලා
සිංහල - මුදුකරවලා/ හත්කරවලා/දුනු කරවලා
දමිල - යෙන්නායි මිරියන්
ඉංග්‍රීසි - Ceylon Krait
විද්‍යාත්මක - Bungarus Ceylonicus



මුදු කරවලා දිගින් අඩි 3 ක්‌ පමණ වර්ධනය වන අතර ශ්‍රී ලංකාවට ආවේණික වූ සර්පයෙකි. ශරීරය තද කළුදම් පැහැයෙන් යුක්‌තය. ශරීරය පුරාවට හරස්‌ අතට දිවෙන සුදු පැහැති ඉරි දක්‌නට ලැබේ. මෙම ඉරි සාමාන්‍ය මුදු කරවලයකුගේ 15-25 අතර ප්‍රමාණයක්‌ දැකගත හැකි වන අතර සර්පයා වයස්‌ගත වෙත්ම එම ඉරි කැඩීගොස්‌ ලප බවට පත්වේ. එමෙන්ම වයස්‌ගත සර්පයින්ගේ උදරය කළු හා සුදු වර්ණයෙන් සමන්විතය.

රාත්‍රි කාලයේ ඉතා ක්‍රියාශීලීව හැසිරෙන මුදු කරවලා දිවා කාලයේදී දිරාගිය කඳන් යට, අඳුරු ස්‌ථාන, දිරාගිය කොළරොඩු හා ගල්ගොඩවල් වැනි ස්‌ථානවල සැඟවී සිටියි. ඉතා අලස ලෙස හැසිරෙන මුදු කරවලා බොහෝ විට වනාන්තර ආශ්‍රිතව ජීවත්වීමට රුචිකත්වයක්‌ පෙන්වයි. අතරමැදි වනාන්තරවල හා පහතරට වනාන්තර වලදීද මුදු කරවලුන් බහුලව දැකගත හැකිය.

වැලිපොළඟා
සිංහල - වැලි පොළඟා
දමිල - සුරති පාම්බු
ඉංග්‍රීසි - Sawscale viper
විද්‍යාත්මක - Echis Carinatus



ශ්‍රී ලංකාවේ උතුරු වෙරළාසන්න ප්‍රදේශවල සිට නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශ සහ ඉන් මදක්‌ දකුණට යාල දක්‌වා සීමා වී ඇති වැලි පොළඟා දිගින් අඩි 1-2 පමණ වේ. ශුෂ්ක කලාපයේ වැලි කඳු ආශ්‍රිතවද ඉතා බහුල ලෙස වෙසෙන බව වාර්තාවේ. දිවා කාලයේදී කොළරොඩු, පඳුරු අතර මෙන්ම බුරුල් වැලි පසෙහිද වාසය කරන මෙම සර්පයා රාත්‍රි කාලයේ ක්‍රියාශීලීව හැසිරෙයි. ජීවත්වන පරිසරයේ බාහිර පෙනුමට සමානකම් ඇති නිසා එක්‌වරම හඳුනාගැනීම අපහසුය.

වැලි පොළඟාගේ හිස මැද කුරුලු පාදයක හැඩ ඇති සලකුණක්‌ දක්‌නට ලැබෙන අතර හිස ත්‍රිකෝණාකාර හැඩයක්‌ උසුලයි. පෘෂ්ඨියට පිට ප්‍රදේශය අඳුරු පැහැයක්‌ ගන්නා අතර එය පිදුරු පැහැයේ සිට මඩ පැහැය අතර පැහැයක්‌ ගනී. පිට ප්‍රදේශයෙහි තද පැහැති පුල්ලි දක්‌නට ලැබේ. පිට දෙපස කහ හෝ ලා දුඹුරු වර්ණයෙන් සමන්විතය. උදරය අඳුරු කහ හෝ දුඹුරු පැහැයක්‌ ගන්නා අතර දුඹුරු වර්ණ පුල්ලි මිශ්‍රව පවතී. එමෙන්ම උදරය දෙපසින් සුදු පැහැති රේඛා දෙකක්‌ දික්‌ අතට දිවෙයි. සම්පුර්ණ ශරීරයේ කොරපොතු ඉහළට එසවී තිබීම නිසා මතුපිට රැළි වැටුණු ස්‌වභාවයක්‌ උසුලයි. මේ නිසාම කියතක දත් යන අරුත දෙන ඉංග්‍රිසි නම ලැබී ඇත.

ලෝකයේ සිටින පොළඟුන් අතරින් අධිකව විෂ ඇති දරුණුම පොළඟා ලෙස වැලි පොළඟා හැඳින්වුවද ශ්‍රී ලංකාවේ වැලි පොළඟා තුළ ඇති විෂ එතරම් ප්‍රබල නොවේ. මෙයට හේතු වශයෙන් විද්වතුන් දකින්නේ, මෙරට වැලි පොළඟුන්ට ඔවුන් ජීවත්වන පරිසරවල ආහාර බහුල වශයෙන් තිබීමත් හා ශ්‍රී ලංකාවේ වැලි පොළඟා ප්‍රමාණයෙන් කුඩා වීමත් නිසා දෂ්ට කරන අවස්‌ථාවේදී හරියාකාරව විෂ ශරීරගත නොවීම යන කරුණුය. ශ්‍රී ලංකාව තුළදී මෙතෙක්‌ වැලි පොළඟෙකුගේ දෂ්ට කිරීමකින් මරණයට පත්වූවකු පිළිබඳව වාර්තා වී නොමැත.

සපාකන විටදී ඉතා ඉක්‌මනින් ඉදිරියට පැන යළි පස්‌සට පැනීම මෙම සර්පයාගේ සිරිතකි. කෙතරම් වේගයෙන් පහර දෙන්නේද යෑයි කිවහොත් දෂ්ටනයට ලක්‌වූ පුද්ගලයා ඇතැම් විට ඔහුව සපා කෑ බව පවා නොදනී. දෂ්ටනයට ලක්‌වූවකුගේ රෝග ලක්‍ෂණ ලෙස සපා කෑ ස්‌ථානය ඉදිමීම, දියර ගැලීම හා දිය පට්‌ටා ඇතිවීම මෙන්ම ශරීරගත අධික විෂ හේතුවෙන් රුධිරය කැටි ගැසීම වැනි තත්ත්වයන්ද ඇති විය හැකිය. ගැහැණු සතුන් වරකට පැටවුන් 3-15 අතර ප්‍රමාණයක්‌ බිහි කරයි.

තිත් පොළඟා
සිංහල - තිත් පොළඟා
ඉංග්‍රීසි - Russells Viper
විද්‍යාත්මක - Daboia russelli



තිත් පොළඟෙකු සාමාන්‍යයෙන් අඩි 4 ක්‌ හෝ 4 1/2 ක ප්‍රමාණයක දිගින් වර්ධනය වේ. මහත ශරීරයෙහි වලිගය ඉතා කෙටිය. ශරීරයෙහි පිට පෙදෙස රතු වර්ණය මිශ්‍ර දුඹුරු පැහැයක්‌ ගනී. රවුම් හෝ ඕවලාකාර හැඩයෙන් පුල්ලි පේළි 3 ක්‌ දක්‌නට ලැබේ. එක්‌ පුල්ලි පේළියක්‌ සත්ත්වයාගේ පෘෂ්ඨියට මධ්‍ය ප්‍රදේශයේ දිග් අතට දිවෙන අතර අනෙක්‌ පේළි දෙක දෙපසින් පිහිටා තිබේ. පුල්ලි මැද ලා පැහැයක්‌ ගන්නා අතර වටේ කළු පැහැයක්‌ ගනී. එක්‌ පේළියක 23 - 30 අතර පුල්ලි ප්‍රමාණයක්‌ පිහිටා ඇත. උදරය කොටස ලා පැහැ මිශ්‍ර සුදු පැහැයක්‌ උසුලයි. එහි කළු පැහැති කුඩා ලප දැකිය හැකිය. හොඳින් වෙන්වුණු ගෙලක්‌ ඇත. හිස මැදට වන්නට ත්‍රිකෝණාකාර වූ තද දුඹුරු පැහැති ලපයක්‌ දක්‌නට ලැබේ. හිස දෙපසින් එම ලපය මැදිවන ලෙස සුදු පැහැයට හුරු ඪ හැඩයෙන් යාවුණු රේඛා දෙකකි. සර්පයාගේ නාසය ප්‍රදේශයේදී එම රේඛා දෙක එකතුවන පරිදි පිහිටා තිබේ. තිත් පොළඟාට විශාල වූ නාස්‌ කුහරද පිහිටා ඇත. ගැහැනු සතුන් වරකට පැටවුන් 25 - 40 ප්‍රමාණයක්‌ බිහි කරයි.

තිත් පොළඟා ශ්‍රී ලංකාවේ පුළුල් ප්‍රදේශයක පැතිරී සිටී. මුහුදු මට්‌ටමේ සිට මීටර් 1800 පමණ උස ප්‍රදේශ දක්‌වා පැතිරී සිටින තිත් පොළඟා රාත්‍රි කාලයේදී ඉතා ක්‍රියාශීලීව හැසිරෙයි. දිවා කායේදී දිරාගිය මුල්, කොළ සහ ගල් ගොඩවල් යටට වී වාසය කරයි. මෙම සර්පයා විවේකීව සිටින විට දඟර ගැසී සිටින අතර දඟරය මැද හිස තබාගනී. කලබලයට පත්වූ විට හිස ඔසවා බලා දිවද එලියට දමා අධික ශබ්දයකින් නොනවත්වාම පිඹීමක්‌ ඇති කරයි.

ශ්‍රී ලංකාව තුළ සර්ප දෂ්ටනයෙන් සිදුවන ජීවිත හානි වලින් වැඩි ගණනක්‌ වාර්තා වන්නේ මෙම තිත් පොළඟා දෂ්ට කිරීමෙනි. දෂ්ටකිරීම ඉතා වේගයෙන් සිදුකරන මෙම සර්පයා පළමු දෂ්ටනයේදී 75% ක පමණ විෂ ප්‍රමාණයක්‌ මුදාහරී මෙම විෂ ශරීරගත වීම හේතුවෙන් රුධිර සෛල විනාශ වී රුධිරය කැටිගැසීම වළකී. පසුව එම විෂ ස්‌නායු පද්ධතියටද බලපෑම් ඇති කරයි. මෙය මෙරට පොළොන් විශේෂයන් දෂ්ට කිරීමේදී දැකගත හැකි ලක්‍ෂණයති. මේ නිසා රෝගියාට වපරය, දිව එළියට දැමීමේ නොහැකියාව, ඇසිපිය කඩා වැටීම හා ආහාර ගිලීමේ අපහසුතාව මෙන්ම කට ඇරීමේ නොහැකියාව වැනි රෝග ලක්‍ෂණ ඇතිවේ.

මිනිසාගේ විවිධ අවශ්‍යතා සඳහා සර්පයින් ජීවත්වන ප්‍රදේශ අනිසි ලෙස ආක්‍රමණය කිරීම නිසා ඔවුන්ට තම වාසස්‌ථාන අහිමි වෙමින් පවතී. එපමණක්‌ද නොව දුටු තැන සර්පයින් මරාදැමීම නිසා සර්ප වර්ගයන් වඳවීයැමේ තර්ජනයකටද ලක්‌වී තිබේ. සර්පයින්ට විෂ පිහිටා ඇත්තේ දෂ්ටකර මිනිසුන් මරාදැමීමට යෑයි පටු පරමාර්ථයෙන් සිතීම සාධාරණ නොවන්නකි. සර්පයින් සතු විෂ යනු ජීවත්වන පරිසරයේ බාහිර බලපෑම් වලින් ඔවුන්ට ආරක්‍ෂා වීම සඳහා අඩු වැඩි වශයෙන් සොබාදහමින් දායාද කරන ලද්දකි. එහෙත් සියොළඟෙහිම විෂ ඇති මිනිස්‌ වර්ගයා හමුවේ මේ සතුන් ජීවත්වීමේ වරම නොලබා විනාශ වන්නේද ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහාම ලැබූ විෂ නිසාවෙන්ම වීම කනගාටුදායකය.



Saturday, August 22, 2015

දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල.............

ළමා නිර්මාණකරණය වැඩිහිටියාට නිර්මාණ බිහි කිරීමට වඩා බෙහෙවින් දුෂ්කර කටයුත්තකි. සාර්ථක ළමා කාව්‍ය නිර්මාණයක් බිහි කිරීමට අපේක්ෂිත නිර්මාණකාරකයා, මනසින් ළමා අවධිය කරා ගමන් කළ යුතු ය. ළමා මනසට ගෝචර විරිතකට අනුව හැඩගස්වා, සරල සංකල්ප රූපවලින් සරසා සරල බසකින් පෝෂණය කොට ඉදිරිපත් කළ යුතු ය.
මේ කාර්යභාරය මැනවින් ඉටු කළෝ මුනිදාස කුමාරතුංග, ආනන්ද රාජකරුණා හා ටිබෙට් ජාතික ඇස්.මහින්ද හිමියෝම වෙති. කවර තරාතිරමේ උගත්කම්, කුසලතා තිබුණත් කිසිවෙකුට කිසි දිනෙක මේ නිර්මාණකරුවන් තිදෙනා අබිබවා ළමා නිර්මාණ බිහි කළ නොහැකි බව පැහැදිලි ව පෙනේ. නන්දා මාලිනීගේ ‘හඳහාමි” ළමා ගීත සංග්‍රහයට තෝරාගෙන තිබුණේ මොනවාද? එය පරයා නැඟී සිටි ළමා ගීත අද වනතුරු බිහිවූයේ ද?
මහින්ද හිමියන්ගේ “දරු නැළවිල්ල” හෙවත් ජාතික තොටිල්ල” දීර්ඝ කාව්‍යාවලියකින් උපුටා ගන්නා ලද පද්‍ය දහයකින් සමන්විත ය. දරුවා තුළ ජාතිකාභිමානය, දේශානුරාගය ජනනය කිරීමත්, අතීත සුරුවිරුවන් හා රජදරුවන් කව්රුන් ද යන්න හඳුන්වාදීමත්, දරුවා රටට ජාතියට ණය නැතිව මිය යන්නකු බවට පත්කිරීමත්, මේ රචනයෙහි මුඛ්‍යාධ්‍යාශය ලෙස හඳුන්වා දිය හැකිය. මෙවන් හැඟීම් ජනනය කළ අන් රචකයන් වේ නම්, කුමාරතුංග හා අල්විස් පෙරේරා පමණකැයි කීමේ වරදක් නොපෙනේ. මෙහි අන්තර්ගතය පිළිබඳ ව සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ කුඩා දරුවාට මෙන් ම වැඩිහිටියාටත් මෙය එක සේ ගෝචර වන බවයි. එවන් නිර්මාණ ද සිංහල පද්‍ය සාහිත්‍යයෙහි අතිශයින් දුර්ලභ ය.
මාත්‍රා දොළසේ සුගායනීය වූ වසන්ත විරිතෙන් මෙය සූචිත ය. අධිජනප්‍රිය දරු නැළවිල්ලක් මෙහිදී සිහිපත් කෙරේ. “ආදරයේ උල්පත වූ අම්මා” නම් උත්තම මව් ගුණ ගීතය නිර්මාණය කිරීමේ දී ද තමන් උපයුක්ත කර ගත්තේ උක්ත නැළවිලි ගීතය ම බව වික්ටර් රත්නායකයෝ බොහෝ අවස්ථාවල දී සඳහන් කර ඇත්තාහ. මාත්‍රා හයෙන් හයට පිහිටන යතිය ප්‍රකාශනයෙහි රමණීයත්වය තියුණු කිරීමට හේතු වන බව ද කිව යුතුය.

මුනි සිරිපා සිඹිමින්           නේ
සමනොළ ගිරි පෙදෙසින්  නේ
මද සුළඟයි මේ එන්         නේ
මගේ පුතා නිදියන්           නේ

නිදහස මහ මුහුදක්            වේ
එහි උල්පත පුත නුඹ          වේ
ඒ බව සිහි කොට මෙලො   වේ
යුතුකම් ඉටු කල යුතු          වේ

විජය තුමා තම්මන්            නේ 
පිරිවර සෙන් සමගින්         නේ
සිටි සැටි දැන් සිහි වෙන්     නේ
මගේ පුතා නැළවෙන්        නේ

දෙන දිවි මුත් රට වෙනු    වෙන්
ජාතික දරුවන් ලැබු         වෙන්
මිදී නොයෙක් සතුරු මු    වෙන්
ලක් මව් විසුවාය සු          වෙන්

තවුසෙකු සේ ඇඳ පැල         දා
පඩුවස් දෙව් මහා නිරි           දා
මාකදුරෙන් ගොඩ බට          දා
මගුලක් වී රට මුළු               දා

දෙව් පුර මෙන් දෙවියන්    නේ
සිරි ලක් දිවී බබළන්         නේ
එහි සක් දෙව් රජු මෙන්    නේ
මගේ පුතා ලොකුවෙන්    නේ

ලස්සන මෙන් මහ පොළො වේ
අනුරපුර ඉදි කෙරු             වේ
දොරමඩලේ කුමරිදු            වේ
උබට පුතේ සුව එළ            වේ

ජාතික රණ දෙරණ ම         තේ
ගැටී වැටි මළ මොහො       තේ
සුන්දර සුරඹුවන්ගේ අ        තේ
නැළවෙන බව සිතනු පු       තේ

සිරි මහ බෝ සිඹිමි             නේ
මහ මෙවුනා පෙදෙසින්      නේ
සුළං දැලක් මේ එන්          නේ
මුටසිව රජු සිහිවන්            නේ

ලක්වැසියන් කෙරෙහි      නැමී
අරහත් මහ මිහිදු               හිමි
පෙවුවේ උතුම් සදහම්          මි
පුත් නුඹටත් පොවමි         එමි

    ඇස්. මහින්ද හිමි.......

මදුරුවන්ටත් වඩා භයානක මදුරු කොයිල්...............

විවිධ හේතුන් නිසා ලොව පුරා මදුරු ගහනය ඇති විශාල ලෙස වර්ධනය වෙමින් පවතින අතර ඒ හා සබැදි මදුරුවන් මගින් බෝවන භයානක රෝග රාශියකට අප ගොදුරුව පවතී. එලෙසම වැඩිවන මදුරු ගහනය පාලනය කිරීම සදහා තිරසාර සහ පරිසර හිතකාමි ක්‍රම පසෙකලා විවිධ රසායනයන් අන්තර්ගත වෙළද භාණ්ඩ වෙත නැඹුරුවීම අද බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. මේ නිසා මදුරු කොයිල්(Mosquito coils), මැට්,එරසෝල්(Erasole) සහ විවිධ මදුරු විකර්ශක ක්‍රීම් සහ ලෝෂන්(Mosquito repellant cream and lotion) වර්ග ජනප්‍රිය සහ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ බවට පත්වී ඇත.
මේවා කොතෙක් ජනප්‍රියද කිවහොත් ලොවපුරා වෙසෙන ජනතාව වර්ෂයකදී ඇමරිකන් ඩොලර් බිලියන දෙකකටත් වඩා වැඩි මුදලක් මදුරු කොයිල්(Mosquito coils) සඳහා පමණක් පුලුස්සා දමති. බොහෝ දෙනෙක් තම නිවස අවට පරිසයේ මදුරුවන් බෝවන ස්ථාන පිලිසකර කර ගන්නවා වෙනුවට මදුරු කොයිල්වල පිහිට පැතීමට පුරුදු වී සිටිති.ඒ බොහෝ දෙනෙකුට තම වෙහෙසකර දවස අවසානයේ මළාක් මෙන් නිදි සුව විදීමට පිහිටවනුයේ ඉහ ඉද්දරින් දල්වා ගන්නා මදුරු කොයිල්එකය.
"වදින්න ගිය දේවාලෙ හිසේ කඩාගෙන වැටීම
මැලේසියානු ළය රෝග පිළිබද පර්යේණ පදනමේ අධ්‍යක්ෂ ‘සන්දිප් සැලිටි’ ඇතුලු විද්‍යාඥ යන්ගේ පර්යේෂණවලට අනුව මදුරු කොයිල් මහජන සෞඛ්‍යයට හානිකරවන බව දැන් සොයගෙන ඇත. වදින්ට ගිය දේවාලය හසේ කඩා වැටිම යනු මෙයයි. දොර ජනේල වසා මදුරු කොයිල් එකක් දල්වාගන සිටින්නෙකුගේ ශරීරයට දුම්වැටි 130 දහනය වීමෙන් පිටවන විෂ සිරුරට ඇතුලු වේ."
මදුරු කොයිල්වල ලේබලයේ සදහන් වන පරිදි මදුරු කොයිල් වල පර්මිත්‍රීන් (Permetrcne) ඇලතීන් (Allethrine) සහ ඩී- ට්‍රාන්ස් ඇලත්‍රීන්(D- trans allethrine) වැනි පිරත්‍රොයිඩ වර්ග ක්‍රියාකාරි සංඝටක ලෙසද පිරවුම් ද්‍රව්‍ය සහ දාහකයන් ලෙස ලීකුඩු , ගොම කුඩු සහ විවිධ වර්ණක සංඝටක අඩංගු වේ. මෙම පිරිතොයිඩ් කාණ්ඩයේ රසායනික සංයෝග ක්ෂිරපායි සතුන්ට සෘජුවම බලපෑම් ඇති කරන බව සොයගෙන ඇත.
මේවා මගින් ස්නායු අධි උත්තේජනයට පත්වන බවත් (Hyper excitation of nervous system) ස්නායු පද්ධතිය හා මොලයේ ස්නායු සෛල මත අසාමාන්‍ය ප්‍රතිඵල අතිකල හැකි බවත් පර්යේෂණ මගින් සොයාගෙන ඇත. මදුරු කොයිල් හා විර්ශක වල ඇති ඇලත්‍රීන් විසින් මොලයේ අශ්‍යන්තර රුධිර වහනය වීම වළක්වාලන බාධකයේ (Blood Brain Barrier) පාරගම්‍යතාවය වැඩිකරවන බැවින් මොළයට සිදුවන බලපෑම සුලුපටු නොවේ. මෙහිදි ගර්භනී මවුවරුනට සහ කුඩා දරුවනට විශාල බලපෑමක් සිදුවන අතර දීර්ඝ කාලීනව මෙම රසායනයට නිරාවරණය විම මගින් මොළයේ ස්නායු සෛලවල ඇටයිල් කොලීන් ප්‍රතිග්‍රාහකවල(MACHRS) යලි යථා තත්ත්වයට පත්කල නොහැකි ලෙස වෙනස්කම් ඇති කරණ බව සොයා ගෙන ඇත. මෙහි ප්‍රථිඵලය පසු කාලීනව ඇති වන හැසිරීම් ගැටලු සහ නොසන්සුන්තාවය(Behavioral disturbances) වැනි ආබාධයන් වේ.
එලෙසම ඇලත්‍රීන් සතුව ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කිරීමේ හැකියාවක් පවතින බව විද්‍යාඥයන් ප්‍රකාශ කරති. (Immunotoxicity) එම නිසා බාහිරින් අප ශරීරයට අතුලුවන ක්ෂුද්‍රජීවීන් මගින් අප ශරීරය ආරක්ෂා කර දෙන මෙම ප්‍රතිශක්ති කරණ පද්ධතිය දුර්වලවීම නිසා ලෙහෙසියෙන්ම රෝග වැළදීමේ සහ උත්සන්න වීමේ අවධානමක් ඇත. එලෙසම සමහර මදුරු කොයිල් වල අඩංගුවන ඩී - ට්‍රාන්ස් ඇලත්‍රීන් රසායනිකය මිනිස් හෝමොන පද්ධතිය කෙරෙහි අහිතකර ලෙස බලපාන බවත් එමගින් මදසරුභාවය පවා ඇතිවිය හැකිබවත් ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව පිළිකා ඇතිවීමට හේතුවක් විය හැකි බවත් සොයාගෙන ඇත.
එලෙසම කෙටිකාලීන සංකුලතා වන හුස්ම ගැනිමේ අපහසුතා ඇස් දැවිල්ල, කැකස්ස, හිසරදය, ඇදුම, ස්වසන පද්ධතියේ දැවිල්ල, කසීම, නාසයේ සහ උගුරේ ඇතිවන වේදනාව වමනය ඔක්කාරය වැනි සෞඛ්‍ය ගැටලු මෙන්ම මදසරුභාවය, ඇදුම, පෙනීමේ ආබාධ, අක්කමාවට හානි වීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල විම, පිළිකා ඇතිවීම, ස්නායු පද්ධතියේ අක්‍රමිකතා වැනි දීරඝ කාලීන බලපෑම් රාශියකට හේතුවිය හැකි මදුරු කොයිල් දැලීවීම මදුරුවන්ට සමහර ආසියාතික මදුරු කොයිල්වල ලේබලයේ සදහන් නොවන S-2 නමැති පිළිකාකරක රසායනිකය අඩංගු වන බවත් මේවා පෙනහලු පිළිකාකරකයකි.
එලෙසම මදුරු කොයිල් වලින් කාබනිල් සහ බහුකාබනික, බහු චක්‍රිය ඇරෝමැටික සංයෝග සැලකිය යුතු මට්ටම මාත්‍රාවකින් වුවද දීර්ඝ කාලයක් ශරීරගත වීමෙන් පිළිකා ඇතුලු යලි නිවැරදි කල නොහැකි ගැටලු ගනනාවක් ඇතිවේ. එලෙසම සමහර මදුරු කොයිල් වල අන්තර්ගත විය යුතු ප්‍රමාණය ඉක්මවා කැඩීමියම්ද(Cadmium) අන්තර්ගත වන බව සොයාගෙන ඇත. මේවා ඇමරිකානු පාරිසරික ඒජන්සිය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමත ප්‍රමාණ ඉක්මවීමක් සහ අනුමත නොකළ ද්‍රව්‍ය අඩංගු වීමත් වේ එනම් සංවර්ධනය වන රටවල් බොහෝමයක් නිෂ්පාදනයන් අති බහුතරයක් ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් උල්ලංගණය කරණ බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා මගන් හෙළි කර ඇත.

සියක් ආයු ලබාදුන් සිංහලයාගේ අහාර සංස්කෘතිය............

රෝම අධිරාජ්‍යයේ විසූ ප්ලීනි (Pliny) නම් දාර්ශනිකයකු ක්‍රිස්‌තු වර්ෂ 77-79 අතර කාලයේදී "Natural History" නමින් විශ්ව කෝෂයක්‌ ලියා ඇත. එහි තැප්‍රොබාන් (Thaproban) නමින් ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබෙන අතර, එම රටේ ජීවත් වන මිනිසුන් අවුරුදු 100 ක්‌ ජීවත් වන බව, එහි විශේෂයෙන් සඳහන් කර තිබීම අපගේ විශේෂ අවධානයට ලක්‌විය යුතු කාරණාවකි. ප්ලීනි ජීවත් වූ රෝම යුගයේ මිනිසෙකුගේ සාමාන්‍ය ආයු කාලය වසර 30 - 40 ක්‌ පමණ වී ඇතැයි සොයා ගෙන තිබේ. කොටින්ම එකල රෝමයේ ඉපැදුණු ළමයින්ගෙන් හරි අඩක්‌ම අවුරුදු 10 කට වඩා ජීවත්ව නොසිටි බවට ශාක්‌ෂි ඇත. ((http://www.historytoday.com/maryharlow/old-age-ancient-rome) බටහිර ජාතිSන්ගේ ඉහළ සම්භාවනාවට පාත්‍ර වුණු රෝම ශිෂ්ටාචාරයේ ජීවත් වූ මිනිසුන්ගේ පමණක්‌ නොව, 18 වන සියවස වන විට හිරු නොබසින අධිරාජ්‍යයේ (මහා බ්‍රිතාන්‍යයේ) වැසියෙකුගේ සාමාන්‍ය ආයු අපේක්‌ෂාව වී ඇත්තේ වසර 40 කි. (http://www.localhistories.org/life.html )
දහතුන් වන සියවසේ දඹදෙනිය රාජධානි සමයේ දී පවා මෙරට අවුරුදු 160 ක්‌ ආයු වැළ» අය සිටි බවත් සාමාන්‍ය ආයු කාලය අවුරුදු 100 ක්‌ බවත් ධර්මසේන මාහිමි විසින් රචිත සද්ධර්මරත්නාවලියෙහි පතිපූජීකා වස්‌තුවෙහි දැක්‌වෙයි. මෙරට පැරැන්නන් විඳි නිරෝගි සුවය සහ ඔවුන් ගේ සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳ ශාක්‌ෂි කලින් කලට මෙරටට ආ ගිය විදේශිකයින් විසින් තැබූ සටහන්, ලේඛන වලින් පවා පැහැදිළි වෙයි. ක්‍රිස්‌තු වර්ෂ 1660 සිට 1679 දක්‌වා මෙරට විසූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ රොබට්‌ නොක්‌ස්‌ විසින් ලියන ලද, ''එදා හෙළ දිව'' (පරිවර්තනය) නම් කෘතියෙහි ද ඒ පිළිබඳව ලියෑවුණු සටහනක්‌ මෙසේය.
''ලක්‌වැසියෝ සාමාන්‍යයෙන් අවුරුදු අසූවක පරමායුෂ ඇත්තෝය. අසූවෙහිදීත් ඔවුහු දුර්වල නො වෙති. කන්දේ රජුගේ සහෝදරිය අවුරුදු සියයකට ළං වන තුරු ම ජීවත් වූවාය. කොතරම් මහලු වුව ද ඔවුහු නිරෝග ශරීර ඇත්තෝ ය.''
වයස අවුරුදු 40 ක්‌ 50 ක්‌ පමණ ජීවත් වීම උරුම කර ගත් බටහිරයින්ට වසර 100 ක්‌ ජීවත් වන මිනිසුන් ජීවත් වන රටක්‌ තිබීම යනු ඇදහිය නොහැකි ආශ්චර්යයක්‌ ම වන්නේය. ඒ අනුව ක්‍රිස්‌තු පූර්ව වර්ෂ වල පවා සේද මාවතේ පිහිටි අපේ රටට විජාතිකයින් ආවේ ගියේ මුතු මැණික්‌ අලි ඇතුන් පිළිබඳ සොයා බැලීමට පමණක්‌ නොවන බව අප තේරුම් ගත යුතු වේ.
ඔබ යනු ඔබගේ ආහාරයයි.
මානව විද්‍යාවට අනුව (Anthropology) නූතන හෝමෝ සේපියන් සේපියන්ස්‌ ("Homo sapiens sapiens"Homo sapiens sapiens) මහ පොළොව මත බිහි වී දැනට වසර ලක්‌ෂයක පමණ කාලයක්‌ ගත වී ඇති අතර, ඉන් වසර 90,000 ක්‌ම ගත කොට ඇත්තේ ශිලා යුගයේය. මෙම ශිලා යුගයේ නොහොත් පැලියොලිතික යුගයේ දඩයක්‌කාරයින් සහ ආහාර ද්‍රව්‍ය රැස්‌ කරන්නන් ලෙස අප ගත කළ යුගයේ විකසනය වූ වර්ධනය වූ ජාන වල ලක්‌ෂණ තවමත් අප සතුව පවතින බවත්, අපගේ මුතුන් මිත්තන්ගේ පරිසරයට විශේෂයෙන් ඔවුන්ගේ ආහාර වලට දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පරිණාමය වූ අනුවර්ථනය වූ අපගේ ජාන ඒ හැටි වෙනසකට ලක්‌ වී නොමැති බවත් නූතන මානව විද්‍යාඥයින් අවධාරණය කරයි. (http://www.nationalgeographic.com/foodfeat
ures/evolution-of-diet) ඒ යුගයේ අනුභව කළ ආහාර වලට සමාන ආහාර අද දවසේ ද අපගේ ශරීර ඉල්ලා සිටී. ස්‌වභාවික (කාබනික) එළවළු හා පලතුරු බහුල වශයෙන් ද, අල වර්ග, ඇට වර්ග, හා මී පැණි වැනි ස්‌වභාවික පැණි වර්ග මධ්‍යස්‌ථ ප්‍රමාණයෙන් ද, ඉ`ද හිට වන සතුන්ගේ මස්‌, බිත්තර හා මාළු වර්ග ද ඒ අතීත ආහාර වේලෙහි අඩංගු විය.
ලාංකිකයා ද, යෑන්කියා ද, චීනා ද, රෝමන් කාරයා ද යන මේ කවුරුත් හෝමෝ සේපියන් සේපියන්ස්‌ ලා බව සැබවි. එහෙත් ඒ එක්‌ එක්‌ ජන වර්ගයා අවුරුදු දහස්‌ ගණනක්‌ පුරාවට පරිණාමය වී ඇත්තේ වෙනස්‌ වූ සුවිශේෂී භූ දේශගුණික කළාපයන් තුළය. ඒ වෙනස්‌ වූ කළාපයන් තුළ ඔහුට ආහාරය සඳහා ගන්නට තිබුණු දේවල් ඒ එක්‌ එක්‌ කළාපයන් තුළ බොහෝ සෙයින්ම වෙනස්‌ වන්නේය. ඉහළ ජෛව විවිධත්වයක්‌ ද හිමි අපේ රට ආහාර වර්ග වලින් ද වෙසෙසින්ම අනූන වෙයි. මෙරට තුළ පරිණාමය වුණු ජනතාවට අන් බොහෝ රටවල්වලට නොමැති පෝෂණ හා ඖෂධීය ගුණයෙන් සරු ආහාර වර්ග භුක්‌ති විඳීමේ භාග්‍යය ලබා ඇත.
ක්‍රිස්‌තු පූර්ව 10 වන සියවස වන විටත්, මෙරට ජනතාව ගින්දර සහ මැටි භාජනයන් භාවිතය දැන සිටි බව තහවුරු වී ඇත. දඩයම් යුගයේ දීම ශරීරයට හානියක්‌ නොවන ආහාර වර්ග හඳුනා ගැනීමටත්, පිළියෙල කර ගැනීමත්, ඒවා අතර තිබෙන විෂ හඳුනා ගැනීමටත්, ඒවා ආහාරයට ගත යුතු ආකාරය, නොකෑ යුතු අවස්‌ථාවන්, ඒවායේ රෝග නිවාරණ සහ රෝග සුව කිරීමේ ගුණයන් පිළිබඳවත් මනා නිපුනතාවයක්‌ තිබී ඇත. මෙම දැනුම වැඩි දියුණු වෙමින් පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය වීමක්‌ ද සිදුව ඇති බව පෙනෙන්නට තිබේ. අපගේ පැරැන්නන් පිළිකාව, දියවැඩියාව, හෘද රෝග වැනි බෝ නොවන රෝග වලින් වැළකී සියක්‌ ආයූ වැළඳීමේ රහස ඇත්තේ පරිණාම ක්‍රියාවලිය තුළ අවුරුදු දස දහස්‌ ගණනක්‌ පුරාවට ඔවුන් විසින් ප්‍රගුණ කොට අනුභව කළා වූ විවිධත්වයෙන්, විචිත්‍රත්වයෙන් අනූන සහ සංඛ්‍යාත්මකව වැඩි ආහාර වර්ග තුළ අන්තර්ගත වන සහ නිසැකයෙන්ම අන්තර්ගත විය හැකි සමබල පෝෂ්‍ය පදාර්ථ, ශාක රසායනිකයන් සහ ජෛව පදාර්ථ වල අනුහසින් බව පැහැදිළි වෙයි. ජීවන රටාව හා බැ`දී තිබෙන කවර රෝගාබාධයක්‌ සඳහා වුව හේතුවන ප්‍රධාන කරුණු කිහිපයක්‌ තිබේ. ඒවා අතරින් ආහාර පරිභෝජනය සහ ක්‍රියාශීලී ජීවන රටාව මූලික වෙන බව මතකයේ තබා ගත යුතුම වේ. අපට අහිමි වූ, සෞඛ්‍ය සම්පන්න ජීවිතය , පෝෂණය යළි ලබා ගැනීම උදෙසා අප ඉහත කරුණු ගැන දැන ගැනීම අවශ්‍යයෙන්ම වැදගත් වන බව කිව යුතුව තිබේ.
ආයුෂ වැඩි කළ තවත් රහසක්‌.
ආහාරය මිනිසාගේ ජීවත්වීමට පමණක්‌ නොව ඔහුගේ ජීවන මෝස්‌තරය සකස්‌ වීමට ද හේතුවක්‌ වෙයි. පුද්ගලයා නිවන් අරමුණු කොට ශික්‌ෂණයට පත් කිරීමේදී බුදුන් වහන්සේ ආහාරය පිළිබඳවත්, එම අවස්‌ථාවන්හි පිළිපැදිය යුතු වත් පිළිවෙත් පිළිබඳවත් විශේෂ අවධානයක්‌ යොමු කොට ඇති බව පෙනේ. බෞද්ධ සංස්‌කෘතික සමාජ පරිසරයක්‌ තුළ ඊට ආවේනික ව ගොඩනගා ගන්නා ලද ආහාර පිළිබඳ සිරිත් විරිත්, ධර්මතා හා අගනාකම් බොහොමයක්‌ම පවතින බව පෙනේ. අනෙක්‌ අතට මෙරට ප්‍රචලිතව තිබූ සිංහල වෛද්‍ය ක්‍රමයට මූලික වශයෙන් පදනම දමා ඇති ආයුර්වේදයේ මූලික අරමුණ වන්නේ සත්වයාගේ පැවැත්මට උපයෝගී කරගන්නා විද්‍යාව ලෙසත්, දීර්ගායුෂ පිළිබඳ උපදේශය ලෙසත් ය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි ආයු සංරක්‌ෂණය පිළිබඳව නීති පහක්‌ දක්‌වා ඇති අතර, එහි මූලික කාරණාව වන්නේ ආහාරයයි. මෙලොව හා පරලොව සැප කැමති පුද්ගලයා ආහාර පාන සහ විහරණ විධි පිළිබඳ හිතවත් දේ සේවනය කිරීමට උත්සාහවත් විය යුතු යෑයි චරක සංහිතාවේ දැක්‌වෙයි. එමෙන්ම ආහාරය ඖෂධයක්‌ ලෙසින්ද සලකා ඇති බව පෙනේ. මේ සඳහා වන කදිම උදාහාරණයක්‌ රොබට්‌ නොක්‌ස්‌ගේ එදා හෙළ දිව පොතෙහි දැක්‌ වෙයි.
ඖෂධ පැළෑටිවලින් ලක්‌ වැසියන් හට කිසිම අඩුවක්‌ පාඩුවක්‌ නැති. බෙහෙතක්‌ ගත වූ කළ ඔවුන් යා යුත්තේ කැලෑවටය. එහෙයින් කැලෑව ඔවුන්ගේ බෙහෙත් ශාලාව වන්නේ ය.
එකල සෑම ගමකම පාහේ මෙම මහා ඥාන සම්පත්තිය උරුම කර ගත් වෙදවරු, භික්‌ෂූන් වහන්සේලා සහ ඇසූ පිරූ උදවිය සිටි අතර, සෑම ගෘහණියක්‌ම අති විශිෂ්ට සූපවේදිනියක්‌ මෙන්ම නිවසේ වෛද්‍යවරියද වූවාය. මේ පිළිබඳ නොක්‌ස්‌ මෙසේ පවසා ඇත.
''මේ රටේ එක්‌ විශේෂයක්‌ ඇත. එනම් රටේ හැමෝම වෙද්දුය.
සුද්දාගේ පෝෂණ ඉරිසියාව.
බටහිර ජාතීන් තම දිගු කාලීන සූරා කෑමේ උවමනාවන් සාක්‌ෂාත් කර ගැනීමට තිබුණු ලොකුම බාධාව බවට මෙරට ජනයා සතුව පැවති නිරෝගී කම හා පෝෂණීය ආහාර බව හොඳින්ම හැඳින සිටියහ. උඩරට අල්ලා ගත් පසු, ඌව වෙල්ලස්‌ස පෙදෙස්‌වල නිල ගමනකට සහභාගී වූ ''බ්‍රවුන්රිංග්'' ආණ්‌ඩුකාරයා මෙම නිල ගමන, යටත් විජිත භාර මහ ලේකම් වරයාට වාර්තා කළේ මෙසේය.
''.. වංශාධිපති තුමනි, ඌව වෙල්ලස්‌සට ගිය මගේ ප්‍රථම නිල ගමනින් පසු මගේ හිත තුළ බලවත් හැඟීමක්‌ ඇති විය. ඌව සහ වෙල්ලස්‌ස, ලක්‌දිව වනෝද්‍යානයක්‌ යයි මට කිව හැකිය. එහි සෑම ප්‍රදේශයක්‌ම ගොවිතැන් කොට තිබේ. මුලු ප්‍රදේශයම පලතුරු ගස්‌ වලින් පිරී පවතී. වංශාධිපතිතුමනි, ඌව වෙල්ලස්‌සේන් නිපදවන වී වලින් මුළු රටම ස්‌වයංපෝෂිත කිරීමට හැකි වනවා පමණක්‌ නොව, ඉන්දියාවටද සහල් සැපයිය හැකිය....''
(ත්‍රි සිංහලේ ඉඩම් අහිමි වීම - තෙන්නකෝන් විමලානන්ද)
ඔවුන් අපේ රටේ ආහාර සංස්‌කෘතිය, ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සහ පරිභෝජන රටාව විනාශ කර දැමූ ආකාරය කියා පාන කදිම නිදසුනක්‌ පහත දැක්‌ වෙයි. 1818 වෙල්ලස්‌සේ කැරැල්ලේන් පසු ඉහත බ්‍රවුන්රිංග් ආණ්‌ඩුකාරයාම යටත් විජිත මහ ලේකම්ට ලීවේ මෙසේය.
''.. සියලු වාරිමාර්ග ක්‍රම විනාශ කරවා ඇත. පලතුරුවලින් පිරුණු ගස්‌ කපා දමා තිබේ. මුළු පළාතම පාලු වී ඇත. වයස අවුරුදු 18 ට වැඩි වයසේ සිංහල මිනිසුන් මරණයට පත් කොට ඇත. ඌව වෙල්ලස්‌ස දෙපළාතෙම බිත්තර වී සොයා ගැනීමට අපහසුය....''
1920 ගනන් වලදී බදුල්ලේ කච්ෙච්රියේ රාජකාරී කළ රොබට්‌ නම් ඒජන්ත කෙනෙකු පවත්වාගෙන ගිය දින පොතක ඇති මේ කියමන බලන්න.
''..ඌවේ මිනිස්‌සු හරි කපටියි. ඔවුන් අපි කියන දෙයක්‌ පිළිගන්නේ නෑ. ඔවුන් අපි දිහා බලන්නේ සැකයෙන්. පහළ ඌවට ජලය හිඟ කිරීමට කළ හැකි එක්‌ ක්‍රමයක්‌ තමයි, අපේ තේ වතු ආශ්‍රිතව, ජලය උරා ගන්නා ගස්‌ වැවීම. විශේෂයෙන් ''ටර්පන්ටයින්". එවිට ඒ අයත් අපව අනුගමනය කරනවා ඇති. කල් යැමේදී අපි බලාපොරොත්තු වන ජල හිඟය ඉබේම ඇති වේවි''.
ජාතියේ මරණීය නිලයෙන් අල්ලා ගැනීම.
ඉදින් ඔවුන් මෙරට ජනයා ගේ දුර්වලම නිලය නිවැරදිවම හඳුනා ගෙන ඇත. අපගේ අනුකාරකවාදයට ඇති ලැදියාව සූක්‌ෂම ලෙස අපව නරකාදියටම තල්ලු කොට අවසන්ය. පාරම්පරිකව පරිණාමය වෙමින්, සුපෝෂණය වූ ඒ විශිෂ්ට ආහාර වේලෙහි උරුමය අපගේ පැරණි පරම්පරාව සතු විය. යටත් විජිතවාදීන් ශ්‍රී ලාංකිකයින්ගේ ගමන ආපසු හරවා ඇත. අධිරාජවාදීන් තමන්ගේ අනාගත ආහාර සහ වෙළෙද අවශ්‍යතාවයන් සාක්‌ෂාත් කර ගැනීම උදෙසා අපේ රටේ පැවති කෘෂි සංස්‌කෘතිය ඊනියා කෘෂි කර්මාන්තයෙනුත්, වාරි ශිෂ්ටාචාරය වාරි මාර්ග, ඩෑම් සහ සහ වාරි යෝජනා ක්‍රම මගිනුත් මේ මහ පොළොව මත සඳහටම වල දමන ලදි. ඔවුන් අපේ විශිෂ්ට ආහාර පරිභෝජන රටාව මෙන්ම උසස්‌ පෝෂණීය ආහාර වර්ගද මෙරටින් අතුරුදහන් කළේය. මෙරට උසස්‌ බීජ වර්ග ජාන සම්පතද සමගම කොල්ල කා ගත් ඔවුන් අප මෝඩ අනුකාරකවාදී නිවටුන් බවට පත් කර, සුදු පාන් පිටි, කිරි පිටි. ඇපල්, මිදි, ටින් මාළු, කෝලා බීම, මීට්‌ බෝල්, සොසේජස්‌, සීරියල් යනු සුපිරි ආහාර යෑයි හිතන මතන සුපර් මාර්කට්‌ පාරිභෝගිකයින් බවට පත් කොට ඇත.
හිරු සඳු තාරකා මහ පොළොව ගස්‌ වැල් මී මැස්‌සන්ගේ පහස නොලද ස්‌වභාවිකත්වය මුලිනුපුටා දැමූ ආහාර රටාවක්‌ වසංගතයක්‌ව මිනිසා ගිලගෙන පැතිර යමින් තිබේ. දෛනිකව උග්‍රවෙමින් පවතින හීන්සීරුවේ අපව මරණය කරා ගෙන යන, බත් කනවාට වඩා බෙහෙත් පෙති ගිල දමන තත්ත්වයකට අපව පත් කර ඇත්තේ, ඉවක්‌ බවක්‌ නොමැතිව කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදූ, ජාන වෙනස්‌ කළ, කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයන් යෙදූ, ක්‌ෂණික ආහාර සහ පෝෂණ විෂමතාවයෙන් යුතු අපගේ ජාන නොහඳුන වැරදි ආහාර භාවිතයට ගැනීම නිසාවෙනි. ජනතාව ඒවා බදා වැළඳගෙන ඇත්තේ ඒවායේ අවදානම පිළිබඳ නොදන්නා කම නිසාවෙනි. අපගේ ජාන වලටම පත්තියම් වූ ස්‌වභාවික සම්ප්‍රදායික ආහාර වල වටිනාකම සහ ගුණ මහිමය සහ ඒවාට නිසි සුරක්‌ෂිත ඉහුම් පිහුම් ක්‍රම පිළිබඳ නොදන්නා කම නිසාවෙනි. එම සම්ප්‍රදායික භෝග සහ ඉබේ වැවුණු ආහාර භෝග සුරක්‌ෂිත කර නොගත් නිසාවෙන් සහ වැඩි දියුණු කළ ජාන වෙනස්‌ කළ දෙමුහුන් කළ භෝග වර්ග පමණක්‌ වගා කිරීම නිසාවෙන් ඒවායේ ජාන සම්පතද පිරිහී ගියේය. ඒ අනුව අද දවසේ අප වගා කරන බණ්‌ඩක්‌කා ඇටයේ, ගස්‌ ලබු ඇටයෙ පටන් අල ගෙඩිය (අර්තාපල්) දක්‌වා සියල්ල පිට රැටියන්ගේ ය. ඒවා සඳහා අවැසි කෘෂි රසානික ද්‍රව්‍යයද ඒ කෘෂි රසායනික වල සඟවා ඇති සමූල ඝාතක වස විස ද උන්ගේ ය. පස සකස්‌ කරන උදැල්ල ද, සීසාන නඟුල ද උන්ගේ ය. අස්‌වැන්න නෙලන සුනාමිය වැනි යන්ත්‍ර සූත්‍ර ද, අස්‌වැන්න අසුරන ගෝනිය ද, ඒ ගෝනිය මසන ගෝනි කටුවද, නූල් ද උන්ගේය. එහෙත් මෙකී විජාතික සරණ ගිය ආහාර අනුභවයෙන් අප කරා පැමිණෙන රෝග පීඩාදීන් අපගේය. ඒ රෝග පීඩාදීන් සඳහා බොන බෙහෙත් පෙත්ත ද උන්ගේ වන අතර, අවසන උරුම වන අකල් මරණය අප හට උරුම කරුමය වී ඇත.
ඊනියා හරිත විප්ලවය, අතීත ප්‍රේමීන් සහ සැබෑ දේශ ප්‍රේමීන්.
ඊනියා හරිත විප්ලවය, පාරිසරික තිරසභාවය තුට්‌ටුවකට මායිම් නොකරන සංවර්ධනය, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ජනතාවගේ නොදැණුවත්කම නිසාවෙන් අපෙන් ඈත් වුණු සම්ප්‍රදායික ආහාර කෙරෙහි අපගේ අවධානය වඩා වැඩියෙන් යොමු විය යුතු කාලයක්‌ එළැඹ ඇත. හරිත විප්ලවය මරාගෙන මැරෙන තත්ත්වයකට පත් ව තිබේ. යෙදවුම් සඳහා වැය වන අධික වියදම ගොවීන්ට දරා ගැනීමට නොහැකි වීම නිසාවෙන් පමණක්‌ නොව, පරිසරයට සහ ආහාර භෝග වලට එක්‌කළ අධික වස විස කන්දරාව, ඉවක්‌ බවක්‌ නොමැති පරිසර විනාශය, භෝග විවිධත්වය, මෙන්ම ස්‌වභාවික ආහාර භෝග වඳ වීම ද නිසාවෙන් එය අද දවසේ සම්භාවනාවට පාත්‍ර වන්නේ නැත. අපේ රටට ආවේනික මහා කෘෂි සංස්‌කෘතිය, වාරි ශිෂ්ටාචාරය, මෙරට මහ පොළොවට ගැළපෙන හීය, දේශගුණයට ඔරොත්තු දෙන දේශීය බීජ, සුවදායක පරිසරය හා පරිසරයට හිතකර කෘමි සතුන් , පාංශු ජීවීන් හා ක්‌ෂ්‍රද්‍රජීවීන් ගොවීන්ගේ සම්ප්‍රදායික දැණුම හා සාරධර්ම හරිත විප්ලවය සහ නව ලිබරල් ආරථීක ක්‍රමවේද නිසාවෙන් අපි අහිමි කර ගත්තෙමු. ඉදින් අප දැන් කළ යුත්තේ ඒ අතීතය කර පින්නාගෙන අතීත ප්‍රේමීන්ව, අහිමි වූ අතීතය අභිමුව සෙම් සොටු පෙරා ගෙන හ`ඩා වැළපෙන්නවුන් වීම නොව, ශිෂ්‍යත්ව ළමුන්ට ඒ අතීතය කට පාඩම් කරවීම පමණක්‌ නොව, රට පුරා ප්‍රදර්ශනාත්මක අපේ ගම් හදා මිනිසුන් ඒවාට ගෙන්වා, ඔවුන්ගේ සාක්‌කු ශුද්ධ කර ඔවුන්ට අතීතය සමග ස්‌වයංවින්දනයේ යෙදෙන්නට සැලැස්‌වීම නොව, අතීතකාමය කුළු ගැන්වෙන චිත්‍රපටි, රූපවාහිනී සංවාද මාකට්‌ කිරීමවත් නොවන බවද අවධාරණය කළ යුතුව ඇත. අවුරුදු දෙතුන් සියයක ඉතිහාසයක්‌ ඇති ඇමරිකානුවන් අතින් වසර දහස්‌ ගණනක ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක්‌ තිබුණු ජපන් අධිරාජ්‍යය පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසු පොළොවට සමතලා විය. ඔවුන් ඇමරිකානුවන්ට ශාප කරමින්, තම අතීත කෙරුවාවන් සමරමින් පමණක්‌ සිටියානම් ජපනා අද සෙල්ලම් කාරයක්‌වත් නොසාදනු ඇත. දේශප්‍රෙAමීන් යෑයි කියා ගන්නා මෙරට අතීතප්‍රෙමීන් බොහෝ දෙනෙකු අද දවසේ කරමින් ඉන්නේ ජපනා නොකළ දේය.
මිනිසුන් පෝෂණය කිරීම සඳහා මහ පොළොව සතු හැකියාව අති විශාලය. ඒ හැකියාවන් හඳුනා ගැනීමත්, ඒවා ගැන මිනිසුන්ට කියා දී මිනිසුන් සවි බල ගැන්වීමත් අද දවසේ ප්‍රමුඛ කාර්යභාරයක්‌ වී ඇත. සාම්ප්‍රදායික භෝග වර්ග සහ ආහාර වර්ග වලට මනුෂ්‍ය වර්ගයාගේ සෞඛ්‍ය හා පෝෂණය වෙනුවෙන් කළ හැකි කාර්යභාරය ද අති විශාලය. ඒවා හඳුනාගෙන ඒවායේ වැදගත්කම නිසි ලෙස අධ්‍යයනය කොට ඒවායේ භාවිත වූ ක්‍රම ශිල්ප අදට ගැළපෙන පරිදි ගළපා අනාගත තිරසාර පැවැත්මක්‌ ඇති වන සේ සංවර්ධනයට උචිත පරිදි යොදා ගන්නා ආකාරය අප වහ වහා සොයා බැලිය යුතුව ඇත.
(මූලාශ්‍ර - සාම්ප්‍රදායික ආහාර -

Friday, August 14, 2015

මල බද්ධයට අයුර්වේද ප්‍රතිකාර......................

ඔබගේ ජීවිතයේ සතුට රැඳී ඇත්තේ සිතේ යැයි කිවහොත් ඔබට එය අරුමයක් නොවෙයි. සිත තුළ රැඳෙන සතුට විඳින්නට සිත මෙන්ම ගත ද 50% ක් දායක කරනවා. සිත සතුටින් තබන්නට ශරීරය ගොඩක් වෙහෙස ගන්නවා. ඒ නිරෝගීව තබා ගන්නටයි. මෙලෙස නිරෝගීව තබන්නට අප ගන්නා ආහාර බෙහෙවින් ප්‍රධාන තැනක් ගන්නවා.
බඩ කට පිරෙන්න කෑම ගත් පසු අපට දැනෙන සුවය තමයි සිතේ සතුට. ආරම්භයේ දී සිතෙත් සතුටක් ගැන කියන්නෙ මන්ද යැයි ඔබට දැන් ගැටලුවක් පැන නගිනවා ඇති. මම සතුටක් ගැන මතක් කර දුන්නේ අපට සෑම විටම ගැටලු ඇති කරන ආහාර ජීර්ණ පද්ධතිය නිසි ආකාරයට පවත්වා නොගැනීමෙන් ඇතිවන මල බැහැර වීම සම්බන්ධව පවතින කරුණු සතුටට හේතු නොවන නිසයි.
මේ සමාජයේ බෙහෙවින් දකින්නට ඇති මානසික සුවය නැති කරන්නට තුඩු දෙන හේතුවක් තමයි ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි ලෙස නොපවත්වා ගැනීම. ඉන් අපට මල පහවීම සම්බන්ධව නොයෙක් රෝග ඇති වේ. මෙය මල බද්ධයයි.
* අපගේ ශරිරය තුළ මේ ආහාර ජීර්ණය නිසි පරිදි සිදු නොවීම නිසා ඇතිවන අපහසුතා මොනවාද?
ප්‍රධානවම මල නිසි පරිදි බැහැර නොවීම මෙවැනි තත්ත්වයකදී සිදු වෙනවා. මල බද්ධය 2-30% ප්‍රමාණයක් ජනගහනයෙන් පීඩා විඳිනවා. මෙය රෝගයක් වෙනවා. නිසි ආකාරයෙන් මල බැහැර නොවීම හෝ ඉතා අපහසුතාවෙන් මල බැහැර කිරීම මෙහිදී තව දුරටත් අනාවරණය කළ හැකියි. මහ බඩවැලේ ඇතිවන චලනය ඉතා හෙමින් ඇතිවීම, ගුදයෙන් මල බැහැර කිරීමේ අපහසුව හෝ මේ දෙකෙහිම එකතුවක් වශයෙන් අන්ත්‍රවල ඇති චලනයේ මන්දගාමී ස්වරූපය සමඟින් මල මාර්ගය අවහිර වීම සිදුවෙනවා. එවිට මල බද්ධය ඇති වීම සිදු වේ.
* යම් කෙනෙකුට ආහාර රුචිය ඇති වන්නේත් බඩගින්න ඇති වන්නේත් මල බද්ධය නැති නිසාද? මෙය ඊට බලපානවාද?
පුද්ගලයෙක් දිනකට වරක් හෝ දෙවරක් මල පිටවීම සිදු කළ යුතු වෙනවා. පුරුද්දට අනුව දින 2 ට හෝ 3 ට වරක් මල බැහැර කරන්නන් ද සිටිනවා. මල බද්ධය නැතිනම් මෙය ලෙඩක් නොවේ. සුවසේ මල බැහැර වීම සිතේ සතුටක් ද තෘප්තියක් ද ඇතිවෙනවා. එවිට බඩගින්න ඇතිවී ආහාර රුචිය ඇතිවීම සිදු වෙනවා.
* මල බද්ධයට බලපාන වෙනත් හේතු මොනවාද?
ආයුර්වේදයට අනුව මෙය වාත දෝෂයක් නිසා ඇති වේ. එයට පිත හා කළු දෝෂයක් ද සම්බන්ධ විය හැකි වෙනවා. උෂ්ණ කාලවල දී විවිධ හේතුන්ගෙන් කුපිත වන නිසා මල වියළි වීම සිදු වෙනවා. ඒ අනුවත් මල බද්ධය ඇති වීම සිදු වේ. මෙසේ විව්ධ හේතුන්ගෙන් කුපිත වන කළු නිසා ද මල වල ඇලුනු ස්වභාවයක් ගන්නවා. මේ තත්ත්වය වැඩි වී අධික වූ සෙම මඟින් මල මාර්ගය අවරෝධකර මල බද්ධය ඇති කරනවා. සමහරුන්ට උපතින්ම මල බද්ධය ඇතිවෙනවා. ගර්භණී භාවය මෙන්ම වයසට යාමත් සමඟම මල බද්ධය වැඩි වෙනවා. මෙවැනි තත්ත්වයක් බලපානු ලබන්නේ කෙඳි සහිත ආහාර අඩුවෙන් ගැනීම, ජල පානය අඩු වීම හා ගන්නා ආහාර ප්‍රමාණයේ අඩුකම. සමහර ඖෂධ වර්ග භාවිතය (දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථි , වාත රෝග , මාංශ ක්ෂය , සුසුම්නා ආඝාත, අන්ත්‍ර ගත පිළිකා, අන්ත්‍රය යම් හේතුවකින් පටුවීම , ගුද මාර්ගයේ පැලීම් යනාදි රෝග) අධික තැටමීම නිසා මල බැහැර වන ස්ථාන අවහිර වීම වැනි දෑ නිසාය.
* මල බද්ධය ඇතිවන මුල් අවස්ථාවේ දී පිළියම් නොයෙදුවොත් ඇති වන සංකූලතා හෙවත් ආබාධ මොනවාද?
මල බද්ධය ඇතිවිට මල බැහැර කිරීමේ අපහසුව, මල ඝනව හෝ ඝන කැට වශයෙන් පිටවීම සිදු වෙනවා. ඊට අමතරව උදරයේ වේදනාව , බර බව, බඩ පුරවා දැමීම, හිසරදය යනාදිය ද ඇති වෙනවා. අර්ශස් , හර්නියා , ගුද හා යෝනි මාර්ගය පහත් වීම හා අධික ලෙස තැටමීමෙන් ගුද - ආශි‍්‍රත මාංශ පේශීන්ගේ දුර්වලතාව ඇතිවීම සිදු වෙනවා.
* මල බද්ධයෙන් වැළකීමට නම්?
1. කෙඳි සහිත ආහාර වර්ග සැළකිය යුතු ප්‍රමාණයක් ඔබගේ ආහාර වේලකට එක්කර ගන්න. එවිට ඉහත සඳහන් කළ පරිදි අන්ත්‍රවල චලනය වැඩිකර දිය වූ ආහාර ගුදය වෙත යාමේ කාලය අවම කරගන්න පුළුවන් වෙනවා. වරකට බැහැර වන මල වල ප්‍රමාණය වැඩි කරනවා.
තවද අන්ත්‍ර තුළ සිටින ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සිදුවන ආහාර පැසවීමේ කි‍්‍රයාවලිය වැඩිකර මල වල ප්‍රමාණය වැඩි කර ගන්නට පුළුවන්.
කුරුට්ට සහිත ධාන්‍ය, රනිල කුලයේ ශාකවල ඇට, එළවළු පලතුරු කොළ වර්ග මේ සඳහා සුදුසුයි.
2. දිනකට ජලය ලීටර් 3 පානය කරීම. මෙය ආහාරවල දිරවීමට මෙන්ම මල වල ඝන බව අඩු කිරීමට හේතු වේ. උදේ තේ පානයට පෙර මඳ උණුසුම් වතුර වීදුරුවක් පානය කරන්න.
3.ඉක්මනින්/හදිසියෙන් ආහාර නොගන්න. ආහාර හොඳින් සපන්න.
4.පෝෂ්‍යදායී සමතුලිත ආහාර වේලක් ගන්න. ධාන්‍ය, අල, එළවළු, කොළ වර්ග, මාංශ වර්ග, පලතුරු, කිරි වර්ග ආහාරයට එකතු කර ගන්න.
5. බැඳපු ආහාර, කුරුට්ට රහිත ක්ෂණික ආහාර කාබයිට් වර්ග ආහාරයට නොගන්න.
6.මත්පැන්, සිගරැට් භාවිතා නොකරන්න.
7.ව්‍යායාම, යෝග ව්‍යායාම කරන්න. මානසික ආතතියෙන් වළකින්න.
8. උදෑසන කොළ කැඳ වීදුරුවක් පානය කරන්න.
9.මල පහ කිරීමට වේලාවක් වෙන් කරගන්න. එය පුරුද්දක් කර ගන්න.
* ගත යුතු ආහාර
නිවුඩු සහිත තැම්බු/කැකුළු සහල් වලින් පිසූ බත්, මුං ඇට, කවුපි, කඩල කුරහන් වලින් සෑදු ආහාර, තිරිඟු, බඩ ඉරිගු, කොළ පැහැති එළවළු වර්ග, වැටකොළු, පතෝල, රාබු, කැරට්, ගෝවා, පිපිඤ්ඤා , කැකිරි, ලබු, කීඩාරම්, වට්ටක්කා, කොහිල, නෙළුම් දඩු හා අල කොළ වර්ග, ගොටුකොළ, නිවිති, සාරණ, කතුරු මුරුංගා, මුකුණුවැන්න, ගැටතුඔ, උක්ගස්, අඔ, ඇපල්, මිදි, දෙළුම්, බෙලි ,කෙසෙල්, ගස්ලබු, ලුණු කැඳ මෝරු
* ඖෂධ වර්ග ලෙස
ත්‍රිපලා චූර්නය, තේ හැදි 1/2-1 නටන උණු වතුර කෝප්ප 1/2 දමා තැම්බෙන්න තබා බීම, අරළු චූර්නය, උක් හකුරු සමඟ ගැනීම විරේචන ඖෂධ හා වස්ති කර්ම යෙදිය හැකියි. මෙලෙස සඳහන් කරන ආහාර පාන ගැනීමෙන් හා නිසි ගති පැවතුම් වලින් යුක්තව යහපත් චර්යා අනුගමනය කිරීමෙන් ඔබේ දිනපතා අපහසුවක් නොමැතිව බැහැර කළයුතු අපද්‍රව්‍ය මල මඟින් නිසි ලෙස බැහැර වෙනවා. මෙය පුද්ගල සෞඛ්‍ය හොඳින් පවත්වා ගන්නට රුකුලක් වනවා. කෙසේ වෙතත් මේ කිසිවකින්වත් යහපතක් නොලැබේ නම් නිසි වෛද්‍යවරයකු හමු වී රෝග හේතුවට ප්‍රතිකාර කර ගත හැකියි.

Thursday, August 13, 2015

ශ්‍රී ලංකාවේ ජන කවි.....

  • අතීත ජනයා තමන්ගේ කාන්සියත්, වෙහෙසත් නිවා ගැනීම සඳහා යොදා ගත් ජන කවිය විවිධ ක්‍ෂේත්‍රයන්, වෘත්තීන් ඔස්සේ නිර්මාණය වී ඇත.මෙම ජන කවි ගැමියාගේ ස්වයං නිර්මාණ වශයෙන් දැක්විය හැකිය.

    ලක් සන හිමව‍තේ මාවී පැසෙ                              න්නේ
    දුක් දෙන අලි ඇතුන් පන්නා හරි                            න්නේ
    රැක් මෙන දෙවියනේ වෙලේ බත බුදි                       න්නේ
    දුක් පත්කම නිසයි මම පැල් රකි                            න්නේ

  • වෙලක මහිම බල මාවී පැසී                                     ලා
    පැලක මහිම බල බට කොල හොයා                            ලා
    මලක මහිම බල අතු අග පිපි                                    ලා
    ළියක මහිම බල ගෝමර ඉසි                                    ලා

  • වෙල හොද මොකද යල මහ පාලු වේ                         නම්
    පැල හොද මොකද පොද වැස්සට තෙමේ                     නම්
    මල හොද මොකද අතු අග පරවයේ                           නම්
    ලිය හොද මොකද ඉසි ගොමර මැකේ                        නම්

  • ඇල් හේනේ උඩ මැස්සේ සිටින                           නගෝ
    ඇදි සේලේ රැළි සුළගට නගන                             නගෝ
    කකා බුලත් සප සුළගට නගන                             නගෝ
    කුරුණෑගලට මග නොසගව කියකෝ                     නගෝ

  • කන්ද උඩින් එන කිකිළි සේ ගෝමරි                        යේ
    නළල් වටින් එන දාඩිය මුතු සැටි                             යේ
    අත පා මුදු පය පා මුදු වයිරෝඩි                              යේ
    මට පිටිපා ගෙට යනවද සුරතලි                               යේ

ගමේ පන්සල ....

ගමේ පන්සල අපේ පන්සල
අපේකම රැක්කා
අපේ දානෙදී අපේ මරණෙදී
අපේ ළඟ හිටියා
අපේ ගම් වල අපේ දරුවන්
සසුන් ගත කරවා
නිවන් පුර වැද නිවී සැනහෙන
මාවතේ යැවුවා
ගමේ පන්සල ....
අපේ ජාතිය අපේ ආගම
අපේ බව කිවුවා
අපේ දෙස බස අපේ පන්සල
නිසාවෙන් රැකුණා
ගමේ පන්සල ....
Song by-Edward Jayakodi

දේශීය වෛද්‍ය විද්‍යාවේ ඉගුරු




අතීතයේ පටන් භාවිතයට ගත් ඖෂධීය වටිනාකමකින් යුත් කුළු බඩුවක් ලෙස ඉගුරු සැලකිය හැකිය. එහි විද්යාකත්මක නාමය වනුයේ“සින්ගිබර් ඔෆිසිනේල්” ය. සගන්ධ තෙල් නිෂ්පාදනය සදහා ද යොදා ගන්නා ඉගුරු මගින් ලැබෙන සෞඛ්යකමය ප්රනයෝජන බොහෝමයක් ඇත. එහි ඇති ප්ර්යෝජන නිසා ම ආයුර්වේදයේ දී “වෛද්ය විද්යාිවේ හදවත” ලෙස ද සලකයි.
01.ස්වසන ආබාධවලට ප්රතතිකාරයකි.
මෙහි ඇති ඇන්ටිහිස්ටමීන් ගුණය නිසා ආසාත්මිකතාවලට ප්ර තිකාරයකි. එය ස්වසන මාර්ගය ආශ්රිඇතව ඇති වන සොටු වෑස්සීම වලකයි. ඉගුරු ඉස්ම තේ හැන්දක් මී පැණි සමග භාවිතයට ගත් විට නොනැවති පවතින කැස්ස හා උගුර වණ වීම් සුව වේ. නැවුම් ඉගුරු ඉස්ම උළුහාල් සමග මිශ්රය කර ගත් මිශ්රපණය ඇදුම රෝගයට ඔසුවකි.
02.ඔක්කාරයට හා වමනයට
ඉගුරු සපා කෑමෙන් ඔක්කාරය හා වමනය නවතා ගත හැකි ය. සැත්කමකින් පසුව ඇති වන වේදනාවට බලපෑමක් ඇති කිරීමට ද පුළුවන. විටමින් බී6 ඇති නිසා උදෑසන ඇති වන වමනයට ද ප්රවතිකාරයක් ලෙස ද ඉගුරු යොදා ගත හැකි ය. එමෙන් ම ගර්භනී මවුවරුන්ට උදෑසන ඇති වන ඔක්කාරයට ද මනා ඖෂධයකි.
03.පාචනය අඩු කරයි.
ඉගුරු මගින් අත්යයවශ්යි පෝෂ්යැ පදාර්ථ දිරවීම හා අවශෝෂණය වැඩි කර ආහාර දිරවීම පහසු කරවයි. එමෙන් ම ආහාරයේ අඩංගු ප්රෝ්ටීන බිද හෙලීමටත් ආහාර ඡීර්ණ පද්ධතියේ අන්ත්රි ස්රාිවය ද උත්තේජනය කරයි.
04.ඔසප් වීමේ දී ඇති වන කෙන්ඩ පෙරලීම වලක්වයි.
ඔසප් වීමේ ආරම්භක අවධියේ දී ම ඉගුරු ආහාරයට එකතු කර ගැනීමෙන් ඇති වන වේදනාවන් අඩු කර ගත හැකි ය. දුඹුරු සීනි සමග ඉගුරු තේ පානය කිරීම මගින් ඔසප් වීමේ දී ඇති වන කෙන්ඩ පෙරලීම වලක්වයි.
05.ඩිම්භ හා බඩවැල ආශ්රිරත පිලිකාවලට ප්ර තිකාරයකි.
ඉගුරුවල පවතින ඉහල ඇන්ටිඔක්සිඩන්ට් ගුණය නිසා පිලිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් මෙන් ම නැවත ඇති වීමේ අවධානම ද අඩු කරයි.
විද්යාංනඥයන් පවත්වනු ලබන පරීක්ෂණ අනුව බඩවැල ආශ්රි ත පිලිකා සෛල වර්ධනය වීම වැලැක්වීමේ හැකියාවක් ඇත. එපමණක් නොව එම පිලිකා සෛල ප්රරගුණනය හා ක්රිකයාකාරීත්වය වලක්වයි.
06.ඉදිමුම් සහිත දැවිල්ල අඩු කරයි.
වේදනානාශක ගුණයක් පවතින නිසා ඉගුරු දණහිස් අමාරුව(අස්ථි සන්ධි ප්රිදාහය), රක්ත වර්ණ වී සන්ධි ඉදිමීම හා සාමාන්යා මාංශ පේෂිවල වේදනාවන්ගෙන් පෙලෙන රෝගීන්ට ගුණදායක වේ. ඉගුරු අඩංගු තෙල් ගැල්වීමෙන් සන්ධිවල වේදනාව අඩු කර ගත හැකි ය. ඊට අමතරව කහ සමග ඉගුරු මිශ්ර ණය ද ඊට සුදුසු වේ.
07. දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධවලට ප්රිතිකාරයකි.
දියවැඩියා රෝගය නිසා බොහෝමයක් රෝගීන්ට වැලදෙන රෝගයක් ලෙස වකුගඩු ආබාධය සැලකිය හැකි ය. එම නිසාම දියවැඩියා රෝගීන්ට ග්ලූකෝස් මට්ටම අඩු වීමසදහා සෑම උදෑසනක ම ඉගුරු ඉස්ම පානයට වෛද්යයවරු උපදෙස් දෙති.
08.ආමාශය ආශ්රිෝත රෝගවලට
ඉගුරුවල ඇති වාතනාශක ගුණය නිසා ආමාශයේ පිරවීම සුව කරයි. දිනකට දෙතුන් වතාවක් ඉගුරු ඉස්ම භාවිතයෙන් එම ගතිය මග හරවා ගත හැකි ය. ඉගුරු ආමාශයේ දැවිල්ලට ද හොද ප්රරතිකර්මයකි. ඉගුරු තේ පානය මෙයට වඩාත් උචිත වේ.
09.තරුණ බව රැක ගැනීමට
ඉගුරුවල ඇති ඇන්ටි-ඔක්සිඩන්ට් සංයුතිය මහලු පෙනුමට එරෙහිව ක්රිආයා කරයි. එමෙන් ම සමේ ඇති විෂ බීජ ඉවත් කිරීමට ද සමට පෝෂණයක් ලබා දීමට ද ඉගුරුවලට හැකියාවක් පවතී. ඇන්ටි-ඔක්සිඩන්ට් නිසා සමේ තාරුණ්යැබාවය වැඩි කිරීමට ද පුළුවන.
10.පිලිස්සු ලප කැලැල් සුව කිරීම
ස්වාභාවික ඉගුරු ඉස්ම මගින් පිලිස්සු නු තුවාලවල වේදනාව නැති කිරීමට ද එම ස්ථානයේ ලප කැලැල් සුව කර ගැනීමට ද හැකි ය. එම කැලැල් මත ඉගුරු පෙති දිනකට තුන් වතාවක් පමණ තැබීමෙන් සති 12ක් ඇතුලත එය සුව වේ. එමෙන්ම විෂබීජ නාශකයක් ලෙස ද ක්රිබයා කරයි.
11.කෙස් වැඩීම වර්ධනය කරයි.
ආයුර්වේදයේ දී බොහොමයක් ලෙඩ රෝගවලට ප්රුතිකාර කිරීම සදහා ඉගුරු භාවිතා කරයි. කෙස් වර්ධනය උත්තේජනය කරයි. එමෙන් ම අකලට කෙස් වැටීම වලක්වයි. කෙස් අග පැලීම වලක්වයි.