Pages

Thursday, October 1, 2015

රාවණ රජු සීතා සඟවා තැබුවේ සීගිරියේද?

පුරාවිද්‍යාව අතහැර ඉතිහාසය කරා යොමු වූ විටකදී වඩා ඇගැයීමට ලක්වන්නේ මුඛ පරම්පරාගත කරුණුය. එයද විටකදී පුරාවිද්‍යාවට දෙවැනි නොවේ. පාදාගත් ඉතිහාසය තුළ පුරාවිද්‍යාව ගොඩනැඟීම සඳහා මුඛ පරම්පරාව වඩා පැහැදිලි කාර්යභාරයක් ඉටුකර ඇතැයි යන්න ඉතිහාසයට සරදම් කරන සියල්ලෝම පාහේ පිළිගත යුතු යුක්ති යුක්තකි. මා ඔබ සමඟ බෙදා හදාගන්නා කාරණයේ ප්‍රථම අදියරය අයත් වන්නේ ඉතිහාසයටය. දෙවැන්න අයත් වන්නේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව යන දෙකොටසටය.පළමු අදියර තුළ ඉතිහාසය එක් අවස්ථාවකදී අප හට මෙලෙස පවසා සිටී. 'සීතා' යනු රාවණගේ නැඟණියයි. යම්තාක් දුරකට අදහස් හකුළුවාලන එම කරුණ කෙරේ වැඩිමනත් අවධානය යොමු කළොත් එය මෙලෙසය.

විශ්‍ර වස්මුණි රජුට දාව කෛතසි බිසවකට දියණියක් ලැබිණි. උපන් කුමරියගේ ජන්ම පත්‍රය පිරික්සා බලන විට විශ්‍ර වස්මුණි රජු වඩ වඩාත් අසරණ තත්ත්වයකට පත් වුණේ කුමරිය මෙරට තුළ සිටියෝතින් ඇයගේ සියලු සහෝදරයන් මරා දමා විශාල කලබැගෑනියක් රට තුළ ඇති කරනවා යැයි එහි සඳහන්ව තිබූ නිසාය. රාජ්‍යත්වය සහ රාජ්‍යය යන සංකල්පයේ බරපතළකම අනුව රජුට කළ හැකි එකම කරුණ වූයේ අලුත උපන් බිලිඳිය නොදන්නා ඉසව්වක් කරා යැවීමය. මත්ස්‍ය හැඩයක් ගත් ඔරුවක බිලිඳිය බහා ගොළු මුහුදේ ඇය පා කර හැරි බවත් එම බෝට්ටුව මුහුදේදී විශාල කුණාටුවකට හසුව මුහුද පිටාර ගැලූ නිසා බෝට්ටුව ගංගා නම් ගඟට පා වුණි යැයි කියැවේ. ගංගා නම් ගඟේ දිය නෑමට පැමිණ සිටි මාගින නම් බ්‍රාහ්මණ තාපසයාට ඔරුව ගං තෙරදී දක්නට ලැබී බිලිඳිය ගංගා නම් ගඟ අසබඩ රාජ්‍යය කෙරූ ජනක රජුට භාර දෙනු ලැබුවේ කුඩා බිලිඳියගේ ළමැදේ සටහන් කර තිබූ පුලස්ති පරපුරේ රාජ්‍ය ලාංඡනය නිවැරැදි ලෙස හඳුනා ගැනීමට හැකි වූ නිසාය.


ජනක රජු සී සෑමේ උත්සවයක නිරත වී සිටි මොහොතක මාගින නම් බ්‍රාහ්මණයා ගෙනැවිත් දුන් බිලිඳිය 'සීතා' ලෙස නම් ලද බවත් පැවැසේ. මෙම කරුණට සාපේක්ෂව යමින් රාමායණය රචනා කළ වාල්මිකී පවසා සිටින්නේ සී සාන විට හීයෙහි පැටලී බිලිඳු කුමරිය අහුලාගත් බැවින් ඇය සීතා වූ බවයි. 'නගුලිය' යනුවෙන් ඇයට අප්‍රකට වූ නමක් පටබැඳි වූයේද මේ සීසාන මහෝත්සවයකදී ඇය හමු වූ නිසා යැයි ඉතිහාස කතාකරු පවසයි. රාජ්‍ය සහ රාජකීයත්වය කෙරේ ඇති අධිලෝභත්වය නිසා බිලිඳි කුමරියන් රැසක් බිලිදීම වූ කලී ඉතිහාසයේ නිතර නිතර සඳහන් වන කරුණක් නිසා 'සීතා' වටා ගෙතී ඇති මෙම ඉතිහාස කතාවේද තාර බරක් ඇතැයි සිතිය යුතු නොවේ.


පසු කලෙකදී දශාර්ථ රජුගේ වැඩිමහල් පුත් රාමචන්ද්‍ර සමඟ විවාහ වූ 'සීතා' රාවණ රජු විසින් පැහැර ගන්නේ දණ්ඩයත්කරණය පාලනය කළ තම නැඟණි වූ සුපර්ණිකා සමඟ රාම - ලක්ෂ්මණ ඇතිකරගත් ආරාවුලක් නිසා යැයි කියැවේ. වැඩිමනත් කරුණක් එයට එකතු කළහොත් 'සීතා' යනු තමන්ගේ නැඟණියක් බව රාවණ රජුද දැන සිටි බව එහි සඳහන් වේ. එම ඉතිහාස කතාවට අනුගත වුවහොත් සීතා යනු පුලස්ති පරපුරේ දැරියකි.රාවණ රජුගේ නැඟණියකි. ඉතිහාස කතාකරුවකු තවත් පියවරක් ආසන්න වුවහොත් සීගිරිය නැතහොත් 'සිංහගිරිය' යනු පුලස්ති රජුගේ රාජධානියයි.


දෙවැනි අදියර ලෙස ඉතිහාසය සමඟ පුරාවිද්‍යාව ගළපා ගැනීමේදී සීගිරි පර්වතය සුවිශාල වැදගත්කමක් දරනු ලබයි. පොළොව මට්ටමේ සිට අඩි 600ක් නැතිනම් මීටර් 185ක් පමණ සීගිරි පර්වතය උස්වන අතර මුහුදු මට්ටමේ සිට පර්වතය මුදුනට අඩි එක්දහස් එකසිය අනූතුනක් ඇති අතර, මීටර් වශයෙන් ගතහොත් 367කි. සීගිරි පව්ව සැබෑ ලෙසම ඛාදිත ශේෂයකි. ඛාදිත ශේෂයක් ලෙස හැඳින්වෙන්නේ අවුරුදු දස දහස් ගණනක් තිස්සේ මතුපිට පාෂාණ ඛාදනය වීම නිසා ශේෂ වූ තද පාෂාණ සහිත පර්වතය ය. භූගෝල විද්‍යාත්මක ලෙස ගතහොත් මේවා නාමකරණය වී ඇත්තේ මොනැඩිනොක් (ර්ධදචඤදධජඬ) යන නමිනි. ලෝක ආරම්භයේ සිට පළමු වැනි වරට පාෂාණ ධාතු තැන්පත් වීම දක්වා කාලය හැඳින්වෙන්නේ ප්‍රාග් කේම්බි්‍රජ් යුගය ලෙසය. මෙම යුගය සීමා වන්නේ ලෝක ආරම්භයේ සිට අවුරුදු දස ලක්ෂ තුන් දහසක් පමණ කාලය දක්වා වූ වකවානුවකටය. සීගිරි පර්වතය නිර්මාණය වූයේද මෙම ප්‍රාග් කේම්බි්‍රජ් යුගයේදී යැයි භූගෝල විද්‍යා මතය ය.


කාශ්‍යප රජු විසින් සීගිරිය නිර්මාණය කළා යැයි යන මතය පළමු වරට විවාදාත්මක විය යුත්තේ මෙම භූගෝල විද්‍යා දැනුම මඟිනි. ඒ මන්ද යත් මේසා විශාල කාලයක් මුළුල්ලේ විවිධ හැල හැප්පිලිකම් මැද ලංකා රාජ්‍යය නිරිත දිගට සංක්‍රමණය වීමේදී ස්වාභාවික ආරක්ෂාව කෙරේ කුදු මහත් විශ්වාසය තැබූ රජ පරපුර සීගිරි පව්ව කෙරේ අවිශ්වාස නොකළා වැනි අදහසක් කාශ්‍යප රජු විසින් සීගිරිය නිර්මාණය කළා යන මතයේ සැඟවී පැවැතීමය. කාශ්‍යප රජුගේ රාජ්‍ය විචාරය අවසන් වන්නේ වසර 18ක් පමණ වූ කෙටි කාලයකිනි. එම වසර 18 තුළ සීගිරි පව්ව මත මෙවැනි සුවිශාල නිර්මාණයක් කිරීමට කාශ්‍යප රජු හට හැකියාවක් ඇත්ද යන පැනය ඇති වන්නේ කාශ්‍යප රාජ්‍යය සමඟ දේශපාලනිකව එක්සේසත් රාජ්‍ය සමයක් නොවූ නිසාය. මෙම මතය අනුව යමින් මංගල ඉලංගසිංහ මහතා සඳහන් කරන්නේ මුළු රාජ්‍යයේම ජනතාව වහලුන් වශයෙන් යොදාගෙන හෝ එවන් කෙටි කාලයකින් සීගිරිය වැනි දැවැන්ත නිර්මාණයක් කළ නොහැකි බවය. මුළු රාජ්‍යයේම ජනතාව වහලුන් ලෙස යොදාගෙන වුව යන තර්කය බැහැර කළද කාශ්‍යප රජුට පෙර අනුරාධපුර රජවරුන් සිය විවේකස්ථානයක් ලෙස සීගිරිය භාවිත කළා යන ඉලංගසිංහ මහතාගේ මතය බොහෝ වටී.

මිනිසුන්ට නැඟීමට පවා අපහසු සීගිරි පව්ව මතට කාශ්‍යප රජු ගියා යැයි මහාවංසය පවසා සිටියත්, එම මතයත් පුරාවිද්‍යා කොමසාරිස් බෙල් මහතාගේ මතයත් අතර වෙනසක් නොවේ. බෙල් මහතාගේ සහ මහාවංසයේ මතයත් පසෙකලා සිටියොත් පැහැදිලිව පෙනී යන්නේ පූර්ව ශිලා යුගයෙන් පසු සීගිරිය මිනිස් පරිහරණයට නතු වූ භූමියක් බවය. සීගිරි නයි පෙණ ගුහාවේ එක් ලෙනක් නාමකරණය වී ඇත්තේ පරුමුඛ නගුලිය ලෙන - ප්‍රමුඛ නගුලිය ලෙන ලෙසය. අප ඉතිහාසය සහ පුරාවිද්‍යාව එක් තැන් කරනු ලබන්නේ පෙර කී නගුලිය ලෙන තුළය. මෙම නගුලි ලෙන යනු යම් අයෙක් සිය පාවිච්චිය සඳහා යොදාගත් ස්ථානයක් යැයි සිතීමට කරුණු භෞතිකව එම ලෙන පරීක්ෂාවට ලක් කරන්නකුට බොහොමත්ම ඇත. මෙම ලියමන ආරම්භ කළ මුල් අවස්ථාවේදී ඉතිහාසකතාකරු අප හට පෙන්වා දුන්නේ 'සීතා' සහ 'නගුලිය' යන පද ජීවය ලැබූ සැටිය. එය තවදුරටත් ඉන්දීයමය ඉතිහාස කතාවක් නිසා නගුලිය යන්න පිළිබඳ ලාංකික අරුත පිළිබඳ දැන ගැනීම වටී.
සීතා යන්න සංස්කෘත පදයකි. රාවණ රජු විසින් 'සීතා' පැහැරගෙන විත් පළමුව රඳවා තබා ගෙන ඇතැයි පැවැසෙන්නේ ලංකා පුරවරයේය. ලංකාපුරය යනු සිවගිරිය හෙවත් සීගිරියය. එහි සීතාට මනා ආරක්ෂාවක් නොතිබූ නිසා සහ සීතාගේම නැඟණියක වූ ගුර්ණපබාගෙන් සීතාට වූ කෙණෙහිලිකම් නිසා සීතාව අශෝක වනයෙහි රැඳවී යැයි කියනු ලැබේ. සීතාගේ උපත පිළිබඳ වූ මති මතාන්තර පිළිබඳ දැනුවත්ව සිටි යක්ෂ පරපුරට අයත් කාන්තාවක් වන ගුර්ණපබා ඇයට 'නගුලි'යන අවමන්ගත වචනයෙන් ආමන්ත්‍රණය කරන්නට ඇතැයි උපකල්පනය කළහොත් ලංකාපුරයේදී (සිගිරියේදී) සීතා රඳවා තැබූ ස්ථානය (ලෙන) නගුලිගේ ලෙන ලෙස නම් ලද්දාදැයි යන උපකල්පනය නිවැරැදිය.


උපහාස නම් පටබැඳීම පිළිබඳ යක්ක පරපුර තරම් පළපුරුදුකරුවෝ තවත් මෙදියත නැතැයි යන්නටද ඉතිහාස කතාකරු සාක්ෂි දරනු ලබයි. (චූලෝදර (හීන් බණ්ඩා) මහෝදර (මහබඩා) ඛල්ලාටනාග (තට්ට නාගයා)) වසර 12ක් තරම් කාලයක් රාවණ රජුගේ සිර අඩස්සියේ සිටි සීතා ලංකාපුරයේදී රඳවා තබාගෙන සිටියේ නගුලියගේ ලෙන තුළ යැයි ඉතිහාසය සහ අන් පුරාවිද්‍යාත්මක කරුණු සාක්ෂි නොදරන්නේද?
නයි පෙණ ගුහාවට යාව ඇති නගුලියගේ ලෙන පිළිබඳ පරීක්ෂණ කළ විද්වතුන් සියල්ලන්ගේම පාහේ මතය වී ඇත්තේ සීතා රඳවා තැබූ ස්ථාන අතරින් මෙම ස්ථානය ඉතිහාස කතාවට වඩා අනුරූප වන බවයි. පසු කලකදී කාශ්‍යප රජු දවස මෙම නගුලිය ලෙන පර්යන්ත පාලකයකුට වෙන් කර දුන්නා විය හැකි වුවද නගුලි යන්න නොවෙනස්ව තබා ගැනීමට කාශ්‍යප රජුද ක්‍රියාකොට ඇතැයි කිව හැකිය.


නයි පෙණ ගුහාව කරා පිය නැඟීමට කලියෙන් සීගිරි පව්ව පාමුල තවත් විවාදජනක ස්ථානයක් වේ. ඒ රාම කැලේය. වර්තමාන සීගිරියට යාබද වනජීවී කාර්යාලය භූමිය පිහිටා ඇත්තේ රාම කැලේ යැයි සඳහන්ය. එයට වෙනස්ව අනුරාධපුර තෙල් සංස්ථා භූමියට යාබද පුරාවිද්‍යා බිම්කඩ හැඳින්වෙන්නේද රාම කැලය ලෙසය. කෙසේ වුව රාම කැලය යන නම භාවිතා වෙන්නේ ඉන්දියාවේ සිටි පැරැණි රාම කුමරු රාවණ රජු සමඟ සටන් වැදීමට ප්‍රථම සේනා සංවිධානය කළ ස්ථානය හැඳින්වීමට යැයි යන්න පිළිගත් මතය ය. පිළිගත හැකි රාම කැලය සීගිරිය ආසන්නයේ පිහිටි බිම් කඩ යැයි සිතිය හැක්කේ එම කොටසේ පැරැණි දාගැබක තිබී සොයා ගන්නා ලද මහාමේරු ගල නිසා යැයි සඳහන් කළේ නම සඳහන් කිරීමට අකමැත්ත ප්‍රකාශ කළ වන සංරක්ෂණ නිලධාරියෙකි.


ලංකාපුර අසල උප වනයක සේනා සංවිධානය කිරීම අවසන් වශයෙන් සිදුකළ රාම කුමරු සිදුවීමට නියමිත මහා සංහාරය අවම කිරීමේ අරමුණ ඇතිව 'අඬගද' කියන වැඩි මනත් බුද්ධිමත් මිනිසෙක් රාවණ රජු හමුවීමට යැව්ව කියල කියැවෙනවා. එතකොට ඒ විදියට සේනා සංවිධානය වුණේ මේ බිම් කොටසේදී. රාම කැලේ පරණ දාගැබක් තිබුණා. බෙල් මහත්තයලාගේ කැලේදීත් මේ දාගැබ තිබූණට ඒක පරීක්ෂාවට ලක්වෙලා නැහැ. පස්සේ කාලෙක දාගැබ පරීක්ෂා කළාම තමයි ඔය මහාමේරු ගල සොයා ගන්නේ. ඒ ගල දැනට තියෙන්නේ කොළඹ කෞතුකාගාරයේ. උන්නත නාග රූප සහිත ගල් 3ක් එක්ක තමයි මහානාග පබ්බත විහාරයෙන් ඔය මහාමේරු ගල හම්බ වුණේ. දැන් මහාමේරු ගල කියන්නේ 'වේදක' ආගමික සංකේතයක්. මහානාග පබ්බත විහාරය එක්ක සීගිරිය කාශ්‍යප රජු නිර්මාණය කළානම් එතැන තියෙන්න ඕනෑ බෞද්ධ ආගමික යමක්. එහෙම වෙන්නේ කාශ්‍යප රජු බෞද්ධ නිසා. අනෙක තමයි බෞද්ධ ධර්ම රැසක නිකාය තමයි ඔය අවධියේ කාශ්‍යප පාලනය එක්ක මුල් බැසගන්නේ. වේදික ආගමට අයිති මහාමේරු ගල එක්ක මේ නිර්මාණය කරල තියෙන්නේ රාවණ රජු. ඇත්තටම කරන්න ඕනෑ මේ වගේ වටිනා කෞතුක භාණ්ඩ කෞතුකාගාරවලට සීමා කරගන්නේ නැතුව කාල නිර්ණය කරන එක. ඇත්ත කතාව තමයි කිසිම පුරාවිද්‍යාඥයෙක් මේ වැඩේට කැමැති නැහැ කියන එක. මොකද ඒ අය ඉගෙනගෙන අදටත් පාවිච්චි කරන්නේ බෙල් මහත්තයාගේ පුරාවිද්‍යාව. ඔතැනින් පොඩ්ඩක් හරි වෙනස් රාජ් සෝමදේව මහත්තයා විතරයි.
ඉතිහාසය සහ පුරාවිද්‍යාව සිය මිමි සකසා ගෙන ඇති ආකරය පිළිබඳ මඳ දැනුමක් හෝ ලබා ගැනීම සඳහා උක්ත ගෙන හැර පෑම ප්‍රමාණවත්ය. කෙසේ වුවද රාවණ ඉතිහාසය පුරාවිද්‍යාව මඟින් තහවුරු නොකළ නිසා එය හිතලුවක් යැයි පැවැසිය හැකි නොවේ. සිදුකළ යුත්තේ ඉතිහාසය පුරාවිද්‍යාව එක්කොට ගෙන පර්යේෂණ සිදුකිරීම නොවේද?

මිනිසුන්ට නැඟීමට පවා අපහසු සීගිරි පව්ව මතට කාශ්‍යප රජු ගියා යැයි මහාවංසය පවසා සිටියත්, එම මතයත් පුරාවිද්‍යා කොමසාරිස් බෙල් මහතාගේ මතයත් අතර වෙනසක් නොවේ. බෙල් මහතාගේ සහ මහාවංසයේ මතයත් පසෙකලා සිටියොත් පැහැදිලිව පෙනී යන්නේ පූර්ව ශිලා යුගයෙන් පසු සීගිරිය මිනිස් පරිහරණයට නතු වූ භූමියක් බවය. සීගිරි නයි පෙණ ගුහාවේ එක් ලෙනක් නාමකරණය වී ඇත්තේ පරුමුඛ නගුලිය ලෙන - ප්‍රමුඛ නගුලිය ලෙන ලෙසය. අප ඉතිහාසය සහ පුරාවිද්‍යාව එක් තැන් කරනු ලබන්නේ පෙර කී නගුලිය ලෙන තුළය. මෙම නගුලි ලෙන යනු යම් අයෙක් සිය පාවිච්චිය සඳහා යොදාගත් ස්ථානයක් යැයි සිතීමට කරුණු භෞතිකව එම ලෙන පරීක්ෂාවට ලක් කරන්නකුට බොහොමත්ම ඇත. මෙම ලියමන ආරම්භ කළ මුල් අවස්ථාවේදී ඉතිහාසකතාකරු අප හට පෙන්වා දුන්නේ 'සීතා' සහ 'නගුලිය' යන පද ජීවය ලැබූ සැටිය. එය තවදුරටත් ඉන්දීයමය ඉතිහාස කතාවක් නිසා නගුලිය යන්න පිළිබඳ ලාංකික අරුත පිළිබඳ දැන ගැනීම වටී.
සීතා යන්න සංස්කෘත පදයකි. රාවණ රජු විසින් 'සීතා' පැහැරගෙන විත් පළමුව රඳවා තබා ගෙන ඇතැයි පැවැසෙන්නේ ලංකා පුරවරයේය. ලංකාපුරය යනු සිවගිරිය හෙවත් සීගිරියය. එහි සීතාට මනා ආරක්ෂාවක් නොතිබූ නිසා සහ සීතාගේම නැඟණියක වූ ගුර්ණපබාගෙන් සීතාට වූ කෙණෙහිලිකම් නිසා සීතාව අශෝක වනයෙහි රැඳවී යැයි කියනු ලැබේ. සීතාගේ උපත පිළිබඳ වූ මති මතාන්තර පිළිබඳ දැනුවත්ව සිටි යක්ෂ පරපුරට අයත් කාන්තාවක් වන ගුර්ණපබා ඇයට 'නගුලි'යන අවමන්ගත වචනයෙන් ආමන්ත්‍රණය කරන්නට ඇතැයි උපකල්පනය කළහොත් ලංකාපුරයේදී (සිගිරියේදී) සීතා රඳවා තැබූ ස්ථානය (ලෙන) නගුලියගේ ලෙන ලෙස නම් ලද්දාදැයි යන උපකල්පනය නිවැරැදිය.


උපහාස නම් පටබැඳීම පිළිබඳ යක්ක පරපුර තරම් පළපුරුදුකරුවෝ තවත් මෙදියත නැතැයි යන්නටද ඉතිහාස කතාකරු සාක්ෂි දරනු ලබයි. (චූලෝදර (හීන් බණ්ඩා) මහෝදර (මහබඩා) ඛල්ලාටනාග (තට්ට නාගයා)) වසර 12ක් තරම් කාලයක් රාවණ රජුගේ සිර අඩස්සියේ සිටි සීතා ලංකාපුරයේදී රඳවා තබාගෙන සිටියේ නගුලියගේ ලෙන තුළ යැයි ඉතිහාසය සහ අන් පුරාවිද්‍යාත්මක කරුණු සාක්ෂි නොදරන්නේද?
නයි පෙණ ගුහාවට යාව ඇති නගුලියගේ ලෙන පිළිබඳ පරීක්ෂණ කළ විද්වතුන් සියල්ලන්ගේම පාහේ මතය වී ඇත්තේ සීතා රඳවා තැබූ ස්ථාන අතරින් මෙම ස්ථානය ඉතිහාස කතාවට වඩා අනුරූප වන බවයි. පසු කලකදී කාශ්‍යප රජු දවස මෙම නගුලිය ලෙන පර්යන්ත පාලකයකුට වෙන් කර දුන්නා විය හැකි වුවද නගුලි යන්න නොවෙනස්ව තබා ගැනීමට කාශ්‍යප රජුද ක්‍රියාකොට ඇතැයි කිව හැකිය.
නයි පෙණ ගුහාව කරා පිය නැඟීමට කලියෙන් සීගිරි පව්ව පාමුල තවත් විවාදජනක ස්ථානයක් වේ. ඒ රාම කැලේය. වර්තමාන සීගිරියට යාබද වනජීවී කාර්යාලය භූමිය පිහිටා ඇත්තේ රාම කැලේ යැයි සඳහන්ය. එයට වෙනස්ව අනුරාධපුර තෙල් සංස්ථා භූමියට යාබද පුරාවිද්‍යා බිම්කඩ හැඳින්වෙන්නේද රාම කැලය ලෙසය. කෙසේ වුව රාම කැලය යන නම භාවිත වෙන්නේ ඉන්දියාවේ සිටි පැරැණි රාම කුමරු රාවණ රජු සමඟ සටන් වැදීමට ප්‍රථම සේනා සංවිධානය කළ ස්ථානය හැඳින්වීමට යැයි යන්න පිළිගත් මතය ය. පිළිගත හැකි රාම කැලය සීගිරිය ආසන්නයේ පිහිටි බිම් කඩ යැයි සිතිය හැක්කේ එම කොටසේ පැරැණි දාගැබක තිබී සොයා ගන්නා ලද මහාමේරු ගල නිසා යැයි සඳහන් කළේ නම සඳහන් කිරීමට අකැමැත්ත ප්‍රකාශ කළ වන
සංරක්ෂණ නිලධාරියෙකි.

1 comments:

  1. මුතූගේ පන්හිඳෙන් ලියවුනු..
    කතා සිත්තම් රසවිදින්නට...
    ඔබට ඇරයුම්...
    http/:muthugepanhida.blogspot.com

    ReplyDelete