Pages

Friday, November 6, 2015

සෙංගෙඩි සුව කරගැනීමට ස්වභාවික පිළියම්....

සෙම් රෝගවලින් පීඩා විඳින ඔබ සෙංගෙඩි නිසා වඩාත් පීඩනයට පත් වීමට තිබෙන ඉඩකඩ වැඩියි. එමෙන්ම නිතර සෙම ගතියෙන් පෙළෙන ඔබ සෙංගෙඩි රෝගයට ඉතා ඉක්මනින් ගොදුරු වේ. ආයුර්වේදයේ සෙංගෙඩි රෝගය සුවකර ගැනීම සඳහා ප්‍රතිකාර රැසක් හමුවේ. එමගින් මේ රෝගය සුවකර ගැනීමට ඔබට රුකුලක් ලැබේ.
සෙංගෙඩි සාමාන්‍යයෙන් හට ගන්නේ උගුර ආශ්‍රිතවය. කන, නාසය, මුඛය යන ප්‍රදේශවල සිරවූ සෙම පැසවීමෙන් උගුරේ ග්‍රන්ථි ඉදිමුම්භාවයට පත්වේ. මෙය හඳුන්වන්නේ සෙංගෙඩි යනුවෙනි.

සෙංගෙඩි හට ගැනීමට මූලිකවම බලපාන හේතු කාරණා කිහිපයකි. විශේෂයෙන් නිතර සෙම ගතියෙන් පෙළෙන්නන් සීතල ආහාරවලට යොමු වීමෙන් මෙවැනි රෝග හට ගනී. විශේෂයෙන් නිතර අයිස්වතුර පානය කිරීම, යෝගට්, මුදවපු කිරි ආදිය ඔරොත්තු නොදෙන ආකාරයෙන් ආහාරයට ගැනීම, බණ්ඩක්කා, නිවිති වැනි සීතල ආහාරවලට යොමුවීමත් මීට හේතුවකි. එමෙන්ම මුඛය හොඳින් සේදීම සිදු නොකළ හොත් සෙංගෙඩි හට ගනී. ඇඹුල් සහිත ආහාර අඩුවෙන් ආහාරය ගැනීමද මේ සඳහා හේතුවකි.

සෙංගෙඩි රෝගය වැලඳී සිටින ඔබේ දරුවාට ආයුර්වේදයේ එන මෙවැනි ප්‍රතිකාරයක් භාවිත කිරීමෙන් මෙම රෝගයෙන් වළක්වා ගත හැකිය.හීන් නාරං ඉස්මවලට මී පැණි හැඳි කාලක් ඉඟුරු ඉස්ම සමඟ කවලම් කර රතු රෙදි කැබැල්ලකින් පොඟවා ඉතා පරිස්සමෙන් උගුරට දැමීම සහ එමගින් දිව මැදීම මේ සඳහා හොඳ ප්‍රතිකාරයකි.

වැඩිහිටියකුට නම්, එවැනිම හීන්නාරං, ඉඟුරු, සුදුලූණු බිකක්, මුරුංගා කොළ ඉස්ම හැන්දක්, මී පැණි හැන්දක් සමඟ කවලම් කර පිරිසුදු රෙදිකඩකින් මිරිකා බෙල්ල දෙපැත්තේ හොඳින් තවරන්න.
සෙංගෙඩි වැලඳෙන්නේ බොහෝ විට සෙම ගතියෙන් පෙළෙන පුද්ගලයන්ටය.
කෙසේ වුවත් සෙංගෙඩි හට ගන්නා අවදානමක් සහිත නම් දිනපතා උදෑසන දෙහි යුෂ සහිත ජලයෙන් කට සෝදන්නේ නම් ඉතා යහපත්ය. විශේෂයෙන් ස්නානය කිරීමෙන් පසු හා අධික ලෙස නිදිවැරීමෙන් පසු සීතල ආහාරවලින් වැළකීම අනිවාර්ය වේ.සෙංගෙඩි රෝගයෙන් පෙළෙන ඔබට ආයුර්වේදයේ එන මෙම ප්‍රතිකාරය වඩාත් හොඳ ප්‍රතිඵල ලබා දෙයි.

දෙහි ඇට, සියඹලා ඇට මද, නාරං ඇට, ජම්බු ඇට, පේර ඇට, නෙළුම් ඇට, ඉඟිනි ඇට, මී ඇට මේ සියල්ල හොඳින් කොටා කබලක රන්වන් පැහැති වන තෙක් රත්කර සහිඳ ලුණු හා ගෙන්දගම් කුඩු ස්වල්පයක් එක්කර ඇඹුල් ‍දොඩම් ඉස්මෙන් අනා, මී පැණි සමඟ කවලම් කොට බෙල්ල දෙපස හා සුෂුම්නාළය ආශ්‍රිතව හොඳින් තවරන්න.

කිරි වෙහෙරිය, කොත්තමල්ලි, වියළි ඉඟුරු, තිප්පිලි, වීපොරි, ඉඟුරු පියලි කබලේ හොඳින් බැද කුඩුකර කෝපි මෙන් කසායක් ලෙස උදේ හවස පානය කරන්නේ නම් යහපත්ය.
 

0 comments:

Post a Comment