Pages

Sunday, May 29, 2016

කෝපි බොන්නේ පරිස්සමෙන්

කෝපි පානය කිරීමෙන් මානසික උත්තේජනයක් සිදුවීමට අමතරව අමාශයේ ඇති ඇසිඞ් වර්ග ද උත්තේජනයකට ලක්වන බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
ආමාංශයේ ඇසිඩ් උත්තේජනය වීම නිසා, බඩවැල්වල සිදුවන ක්‍රියාදාමය ඉක්මන් වීමක් සිදුවන බවත් ඒ නිසා වැසිකිළි යෑමේ අවශ්‍යතාව ඇති වන බවත් පර්යේෂකයෝ පෙන්වාදෙති.
විද්‍යාඥයන් මීට පෙර සිතා සිටියේ කැෆේන්වලින් විරේකයකින් සිදුවන ආකාරයේ ක්‍රියාවලියක් සිදුවන බවත්, එය පුද්ගලයන් දහ දෙනකුගෙන් තිදෙනකු අතර තිබෙන තත්ත්වයක් බවත්ය.
කැෆේන් රසායනය ඉවත් කළ කෝපිවලිනුත් මේ තත්ත්වය ඇතිවන බව මේ වනවිට අනාවරණය වී ඇත.
සීනි රහිත කොකා කෝලාවලින් මෙය සිදුවන්නේ නැතැයි ද මීට හේතුව කෝපිවල ඇති රසායනයක් බව ද එහිදි අනාවරණය විය. ඇමෙරිකා රසායන විද්‍යා සංගමය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අතර කෝපිවල ඇති ඇසිඞ් ස්වභාවය යම් යම් පුද්ගලයන්ගේ ආමාශයේ සිදුවන ක්‍රියාකාරකම් බලපෑම් කරන බව ද ඔවුහු පෙන්වාදෙති.
අමාශයේ ඇති ඇසිඞ් මට්ටම් වැඩි කිරීමට කෝපිවල ඇති ක්ලෝරෝජෙනික් නැමැති ද්‍රව්‍යය හේතුවන බව පරීක්ෂණවලින් සොයාගෙන ඇත. ඒ අනුව ඇසිඞ් ක්‍රියාකාරිත්වය වැඩි වන අතර ඒ හේතුවෙන් ආමාශයෙන් ආහාර ඉක්මනින් බඩවැල් වෙත යවන බවත් යම් යම් පුද්ගලයන්ට කෝපි පානය කළ පසු මළපහ කිරීමේ අවශ්‍යතාවක් ඇති වන බවත් පර්යේෂකයෝ පෙන්වාදෙති.

Tuesday, January 12, 2016

උපන් ලප හෙලිකරන රහස්….

උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක්‌ අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්‌ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද යන කාරණාව මතයි.
උපන් ලප පෙර ආත්ම භවයන්ගේ සිට අප කරපින්නා ගෙන එන කර්මය මේ ආත්මයේදී ප්‍රකාශනය වන ක්‍රමයක්‌ ලෙසද මතයක්‌ පවතී.
ප්‍රථමයෙන් සිරුරේ ඉදිරිපස පිහිටා ඇති උපන් ලප පිළිබඳව අවධානය යොමු කරමු.

උපන් ලපය 01
ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.
උපන් ලපය 02
ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්‌මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්‌මක්‌
රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා.
උපන් ලපය 03
ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක්‌ නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය.
උපන් ලපය 04
මෙම උපන් ලපය හිමි ඔබ ආහාර පුරුදුවලදී ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන්ම උපන් ලපය කළු පැහැති නම් සහ හොඳින් කැපී පෙනෙයි නම් හොදින් සැලකිලිමත් විය යුතුය. අවේලාවලදී පමණ ඉක්‌මවා ආහාර නොගන්න. නමුත් මෙම උපන් ලපය ලා පැහැති නම් ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබට බෙහෙවින් ආදරය කරයි.
උපන් ලපය 05
ළයේ ඉහළ කොටසේ පිහිටා තිබෙන මෙම උපන් ලපයට හිමිකම් කියන අයට දුක්‌ කරදර ස්‌වල්පයක්‌ සහිත ප්‍රීතිමත් ජීවිතයක්‌ සංකේතවත් කරයි. නමුත් වයස අවුරුදු පනස්‌ ගණන්වල පසුවෙද්දී සෞඛ්‍යය ගැන නිරෝගීකම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
උපන් ලපය 06
මෙම උපන් ලපය හිමි තැනැත්තා ලොකු සිහින දකින, ඉතාම අපේක්‌ෂා සහගත පුද්ගලයෙකි. ඔබගේ දෛව සටහනේ සාර්ථකත්වය ගැන ඉහළින් සඳහන් ව ඇති නම් එම සිහින සහ අපේක්‌ෂා අනාගතයේ යථාර්ථයක්‌ වනු ඇත.
උපන් ලපය 07
මෙවැනි උපන් ලපයක්‌ හිමිවන්නේ ත්‍යාගශීලී හා කරුණාබර හදවතක්‌ හිමි අයටය. එසේම ඔබ තමන් කරන කාර්යයේ අවංකකම හා විශ්වාසනීයත්වය
රැකෙන පරිදි කටයුතු කිරීමට වගබලා ගනී.
උපන් ලපය 08
උදරය මත ඇති මෙම උපන් ලප හැම අතින් ම වාසනාවන්ත ජීවිතයක්‌ සංකේතවත් කරයි. ඔවුන්ගේ ජීවිතය සැහැලුවෙන් ගලා යන්නකි. අවදානම් සහගත තත්ත්වයක්‌ අඩුය. ආරක්‌ෂිතය. උපන් ලපය ප්‍රමාණයෙන් කුඩා නම් මේ ගුණාංග තවත් ඉහළ යයි.
උපන් ලපය 09
උදරයේ පහළ කොටසේ ඇති මෙම උපන් ලපය හිමි තැනැත්තා ඉතාම සෞභාග්‍යවත් පුද්ගලයෙකු බව හඟවයි. එයද ප්‍රමාණයෙන් කුඩා වන්නේ නම් වාසනා ශක්‌තිය විශාල වේ. එම උපන් ලපය තද පැහැය මෙන්ම පැහැදිලිව දැකගත හැකි එකක්‌ විය යුතුය. නාභිය අසලින් ම පිහිටා තිබේනම් ඔහු විශාල ධනවතෙකු වනු ඇත.
උපන් ලපය 10
පුරුෂයෙකුගේ මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක්‌ නැත.
උපන් ලපය 11
පපු පෙදෙසේ පිහිටා ඇති මෙම උපන් ලපයෙන් කියෙවෙන්නේ කීකරු දරුවන් ඔබ වෙත සතුට
රැගෙන එන බවයි. එම නිසා ඔබට ආඩම්බර වීමට පුළුවනි.
උපන් ලපය 12
මෙම උපන් ලපය විශාල වාසනාවක්‌ උදාකර දෙනු ඇත. සැහැල්ලුවෙන් ගලා යන ජීවිතයේ අනපේක්‌ෂිත වාසනාවන්ගෙන් ද අඩුවක්‌ නැත. මෙම උපන් ලප යුගල ලෙස පිහිටා ඇත්නම් ධනවත්, සෞභාග්‍ය සම්පන්න ජීවිතයකට හිමිකම් කියයි.
උපන් ලපය 13
පුරුෂයෙකුට මෙම උපන් ලපය පිහිටා ඇතිනම් ඔහුට සුන්දර බිරිඳක්‌ ලැබෙයි. ස්‌ත්‍රියකට නම් කඩවසම් සැමියෙක්‌ ලැබෙනු ඇත. මෙම උපන් ලපය හිමි තැනැත්තා සුන්දර පෙනුමකට උරුමකම් ඇත්තෙකි.
උපන් ලපය 14
පුරැෂයකුගේ මෙය පිහිටා තිබේනම් සෞභාග්‍ය සංකේතවත් කරයි.එය භාහුවේ යටි පැත්තට වන්නට සැඟවී මෙන් පිහිටයි නම් ඡීවිතයේ උසස් ස්ථානයකට පත්වෙයි.
මෙවැනි උපන් ලපයක් හිමි කාන්තාවක් ඇය සිය දරුවන්ට ඉහලම ආරක්ෂාවත් ආදරයත්උරුමකරදීමට කැපවෙයි.
උපන් ලපය 15
මෙම ලපයෙන් කියවෙන්නේ ඕනෑම දෙයක් ලබාගැනීමට ඔබ වෙහෙස වී වැඩ කලයුතු බවයි.විශේෂයෙන් ඇඟ වෙහෙස වී වැඩ කිරීමට සිදුවනු ඇත.
උපන් ලපය 16
මෙයින් අදහස් කරන්නේ බොහෝ වෙහෙස වී වැඩ කලත් ප්‍රතිපල ලබාගැනීමට අපහසු බවයි.මෙය කාන්තාවකට නම් මුදල් පිලිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අතර අර පරෙස්සමෙන් වියදම් කල යුතු කෙනකි.මහන්සියෙන් උපයාගත් මුදල් ක්ෂනිකව වැයවී යන කාරනා ඔබට සුලබව යෙදේ.
උපන් ලපය 17
මෙයින් සංකේතවත් වන්නේ ඡීවිත කාලය පුරාම ඔබ මුදල් සමග හොඳින් ගැවසෙන කෙනකු බවයි.අතේ ගැවසෙන මුදල් ඔබගේම නොවන්නට පුලුවන.නමුත් ඔබ ප්‍රවේසම් විය යුතුය.මෙය අනතුරු අඟවන උපන් ලපයකි.
උපන් ලපය 18
ප්‍රතිපත්ති ගරුකබව අඩුවෙන් ඇති කාන්තාවන් අතෙහි මෙම උපන් ලපය පිහිටා තිබේ.පමන ඉක්මවා මුදල් වියදම් කිරීමේ දුර්ගුනයද ඇය සතුය.මෙම උපන් ලපය හිමි ස්ත්‍රී පුරුෂ සැවොම මුදල් වියදම් කිරීමට ආශාකරන අයයි.සැමටම ආර්තික අතින් දුෂ්කරතා වලට මුහුන පෑමට සිදුවේ.පුන්‍ය කටයුතු සඳහා මුදල් දීමට පුරුදු වන්න.ඒමගින් අර්තවත් දේ සඳහා පමනක් ඔබ මුදල වැයකිරීමට පුරුදු පුහුනුවනු ඇත.ඔබ ධනවත්මුත් ලැබෙන ආදායමට වඩා වියදම් ඉහල ස්වභාවයක් දිස්වේ.නමුත් මෙය පිහිටා ඇත්තේ දකුණු අතේ නම් එවැනි අයෙකු වෙත ධනය ගලාඑන බවටද විස්වාසයක් පවතී.
උපන් ලපය19
කලවයේ ඇතුල් පැත්තට වන්නට උපන් ලපයක් හෝ ලප කීපයක් ඇත්නම් උපතින් හිමිවන ධනයකට උරුමකම් කියයි.කාන්තාවකගේ මෙසේ පිහිටියේ නම් ඇය ස්වඋත්සාහයෙන්ම ධන වාසනාව උදාකරගත යුතුබව පැවසේ.
උපන් ලපය20
මෙම උපන් ලපය සුබ ලකුණක් නම් නොවේ.මෙමගින් ඡීවිතයේ අසීරු කාල පරිඡිඡේදය සහ වියදම් හඟවනු ඇත.

උපන් ලපය21
පුරුෂයකුගේ මෙය පිහිටියේ නම් එමගින් සංකේතවත් කරන්නේ සතුට හා සංචාරයයි.රැකියා සඳහා දුර බැහැර ගමන් හෝ පිටරට යාමට සිදුවනු ඇත.උපන් ලපය තිතක් මෙන් කුඩානම් සතුට පෙන්වයි.නමුත් එය කැළලක් මෙන් විශාල නම් එයින් අදහස් වන්නේ සංචාරවලදී විවිධ ගැටලු මතුවිය හැකි බවයි.

ආතරයිටීස් වේදනාවට මාළු සහ කජු

මාළු, කජු සහ එළවළු ආහාරයට ගැනීම ආතරයිටීස් වේදනාව නැති වීමට උදවු වන බව නවතම පර්යේෂණයකට අනුව සොයාගෙන තිබෙනවා. සෑම දිනකම ප්‍රධාන වශයෙන් සැමන් වර්ග, කජු සහ බේ‍රාකොලි බෙහෙවින් උදවු වෙනවා ආතරයිටීස් නිසා හටගනු ලබන වේදනාව අඩු කරන්න. එමෙන්ම චෙරි, ඉඟුරු, බිම්මල්, බොකුටු ගෝවා, සුදු ලූනු සහ ඔලිව් තෙල් මඟින් සන්ධි ඉදිමුම අඩු කිරීමට සමත් වන බවද පර්යේෂකයන් පවසා තිබෙනවා කජුවල අඩංගුව තිබෙන සෙලනියම් මූලද්‍රව්‍ය නිසා ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා.

කාටිලේජ අතර මැද පවතින අස්ථි දියවීම, සන්ධි එකිනෙක ඇතිල්ලීම, දෑත්වල සහ දණහිසේ ඇති වන ඉදිමුම හා වේදනාව යන නොයෙකුත් තත්ත්වයන්ට මෙම කජු ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා. සෞඛ්‍ය සංවිධාන සිදුකරන ලද සමීක්ෂණයන්ට අනුව, මිල අඩු සුපිරි ආහාර, සෞඛ්‍ය සම්පන්න වීමට ලබා ගන්නා බෙහෙත් ලෙස ලබා ගැනීම පරස්පර බව හෙළිවී තිබෙනවා. කජු අහුරක අඩංගු වන සෙලෙනියම් මූල ද්‍රව්‍යයට ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට මෙන්ම ආතරයිටීස් ඇති වීම හීන කිරීමටද හැකියාව තිබේ.

එක් සතියකට තෙල් සහිත මාළු කොටසක් මඟින් එනම් ආතරයිටීස් ඇතිවීමේ අවදානම අවම කිරීමට පුළුවනි. චෙරි තුළ ඇන්තොසයනින් නම් වූ ප්‍රතිඔක්සිකාරකය ඇතුළත් වෙනවා. එමෙන්ම සිසිල්කාරක ගුණද ඇතුළත් වෙනවා. ඉඟුරු තුළද සිසිල් කාරක ගුණය අන්තර්ගත වී තිබේ. එහෙත් සුදු ලූනු, ලීක්ස් සහ ලුණු සතුව කාටිලේජ හානිවීම සීමා කිරීමට හැකියාව පවතිනවා. බේ‍රාකොලි තුළ ඇතුළත් වන ස්වාභාවික රසායනිකයක් වන සල්ෆෝරාපේන් මඟින් ආතරයිටීස් වර්ධනය වීම වැළැක්වීම සිදු කරනවා.
 

මුහුණේ වියපත් ලකුණු මකන විශේෂ සත්කාරයක්


කාන්තාවන් වයස හංගන්න බොහොම කැමතියිනේ. ඔබේ වියපත් ලක්ෂණ මුලින්ම පෙන්නේ මුහුණෙන්. මුහුණ රැලි වැටුනොත් ඉතින් මොනවා කලත් වයස හංගන්න බැහැ.

අද අපි කියලා දෙන්නට යන්නේ ඔබේ මුහුණේ වියපත් බව අඩු කරන්නට පුළුවන් විශේෂ සත්කාරයක් කරගන්නා ආකාරයයි.

මුලින්ම මුහුණ තෙත ස්‌පොන්ඡ් එකකින් පිස දමන්න.

සුදුසු ස්‌ක‍්‍රබ් එකක්‌ තවරා බෙල්ලේ සිට උඩ පැත්තට ස්‌ක‍්‍රබ් කරන්න. මේ සඳහා මැද ඇඟිල්ල සහ මුදු ඇඟිල්ල යන ඇගිලි භාවිත කරන්න. දැන් ක‍්‍රීම් ඉවත් කරන්න.

වෙනත් ෆෙෂල්වලදී නම් ස්‌ක‍්‍රබ් කළ පසු ස්‌ටීම් කරනවා. නමුත් මේ ෆෙෂල් එකේදී ස්‌ටීම් කරන්නේ නෑ. දැන් ටෝනර් ආලේප කරන්න.

ඉන්පසුව මසාඡ් ක‍්‍රීම් එකක්‌ ආලේප කර බෙල්ලේ සිට උඩ පැත්තට මසාඡ් කරන්න. මසාඡ් කරන විට සම තදවන ලෙසට අත තද කරමින් මසාඡ් කරන්න.

එල්ලා වැටෙන මුහුණක්‌ වැඩිපුර විනාඩි 5- 10 ක්‌ පමණ අත තද කරමින් මසාඡ් කරන්න. ඇහි බැම, නළල, කම්මුල් දෙපස ද හොඳින් මසාඡ් කරන්න.

දැන් ඒ මතට තවත් මසාඡ් ක‍්‍රීම් තට්‌ටුවක්‌ දමා ගන්න. දැන් ගෝස්‌ කැබැල්ලක්‌ ගෙන දැස්‌ හා නාසය අසලට එන ප‍්‍රදේශවල කැපුම් දමා මුහුණට හොඳින් තදට සිටින ලෙස අලවා ගන්න.

ගෝස්‌ කැබැල්ල මතට ෆෙස්‌ පැක්‌ එක දමන්න. එය ආලේප කළ යුත්තේ උඩ අතටයි. මෙය විනාඩි 20 ක්‌ පමණ තැබිය යුතුය.

එල්ලා වැටන සමට ප‍්‍රතිකාර කිරීමට විවිධ උපකරණ අද තිබෙනවා. නමුත් ඒවා භාවිත නොකර ෆෙෂල් එකක්‌ කළ හැකි ආකාරයයි මේ. මුහුණේ සම තද කිරීමයි මෙයින් සිදුවන්නේ. අවුරුදු 35 පසු වූ ඕනෑම කෙනෙකුට මේ ෆෙෂල් එක කරගැනීම සුදුසුයි.

විනාඩි 20 ට පසු දමාගත් පැක්‌ එක සහිතව ගෝස්‌ කැබැල්ල ගලවා ඉවත් කරන්න. තෙත ස්‌පොන්ඡ් එකකින් මුහුණ පිස දමාගන්න.

දැන් ටෝනර් ස්‌වල්පයක්‌ මුහුණේ ආලේප කරන්න. සමට ගැලපෙන මොයිස්‌චරයිසර් එකක්‌ තෝරාගෙන ආලේප කරන්න. මුහුණට ටිෂූ එකක්‌ තබා තද කරමින් වැඩිපුර ඇති ක‍්‍රීම් ඉවත් කරන්න.
 

Thursday, December 17, 2015

ඔබෙත් ඇස් වටේ කළු වෙලාද ? විසඳුම මෙන්න

මුහුණේ ලස්සන වැඩි කරන්නේ ඇස් දෙකෙන් බව හැමෝම දන්නා රහසක්. ඉතින් ඇස දෙක ලස්සන නැති වුනොත් මුහුණ මොන තරම් ලස්සනට තිබුණත් වැඩක් නැහැ. ඒ නිසයි රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ වැඩි අවධානය ඇස් වලට යොමු වෙන්නෙත්. ඉතින් ඇස් දෙක ඇස් දෙකක් වගේ බලා ගනිද්දී ඔබට මතුවන ගැටළු වලට අපි පිළිතුරු හොයලා දෙනවා. අද කතා කරන්නට යන්නේ බොහෝ දෙනාට ගැටළුවක් වන ඇස් වටේ අඳුරු පහ වීම ගැනයි.

ඇත්තටම අපේ ඇස් වටේ කළු වෙන්නට හේතු මොනවාද?

• මානසික ආතතිය
• අධික නිදිවැරීම
• ශරීරය විඩාවට පත්වීම
• ස්නායු ආශ්‍රිත රෝග හෝ ඇස් ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර නොගෙන සිටීම
• පීනස හා වෙනත් සෙම් රෝග නිසා ඇස් කැසීම
• මුහුණේ ගල්වන ආලේපන ඇස් වටා තැවරීම
• දෑසට මස්කාර වැනි රූපලාවණ්‍ය ආලේපන නිතර ගැල්වීම

වළක්වා ගැනීම

ඉහත කී හේතු නිසා මෙලෙස ඇස් යට අවපැහැ ගැන්වීමට ඔබත් මුහුණපා සිටිනවා විය හැකියි. මේ නිසා මානසික ආතතියක් ඇත්නම් එයට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන්න. දෑස් වැඩිපුර වෙහෙසීමද මෙයට බලපෑ හැකි නිසා වෛද්‍ය උපදෙස් මත කණ්ණාඩි පලඳින්න. වෙනත් අක්‍ෂි දෝෂ පවතී දැයි අක්‍ෂි රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන්න.

දෑස්වලට සත්කාර

ඇතැම් විට ඔබේ දින චර්යාවේ අවිධිමත් බවත් මෙයට බලපාන නිසා එහි වෙනස්කම් සිදුකිරීම ගැනත් සැලකිලිමත් වන්න.

• සවස නින්දට පෙර දෑස්වලට සියුම් සම්භාහනයක් මුදු ඇඟිල්ල භාවිත කර කරන්න. ඔබට ආමන්ඩ් තෙල් ස්වල්පයක් හෝ රෝස වතුර භාවිත කර මෙය පහසුවෙන්ම නිවෙසේදී කර ගන්නට පුළුවන්.

• සතියකට දෙවරක් හෝ කෝමාරිකා යුෂ, තක්කාලි ඉස්ම, අල පෙති ඉස්ම හෝ තේ කහට යන ද්‍රව්‍යවලින් එක් වර්ගයක් ගෙන දෑස් මත පැක් එකක් ලෙස තබා විනාඩි 15කින් පමණ සෝදා ඉවත් කරගන්න.

• අනතුරුව පුළුන් කැබලි ගෙන එය ආමන්ඩ් තෙල්වල පොඟවා දෑස් මත තබා හෝ ඉහත කී ඉස්ම තබා විනාඩි 5ක් පමණ මෘදු සම්භාහනයක් කර ඉවත් කර ගැනීමටත් පුළුවන්.
මෘදු ආලේපන තෝරා ගන්න

දෑස් යට කළු වීමට ඔබේ නොසැලකිමත් බවත් බලපානවා. බොහෝදෙනා මුහුණේ ආලේප කරන ක්‍රීම් වර්ග දෑස් අවට ආලේප කිරීමට හුරු වී සිටිනවා.
නමුත් දෑස අවට ඇති සියුම් සමට එම ආලේපන හිතකර නොවේ. අධික සැර සබන් භාවිතයත් සුදුසු නැහැ.

දෛනිකව නිසි ව්‍යායාම කරන්න

දෑසට කරන සත්කාරවලට අමතරව ඒවාට සුදුසු ව්‍යායාම ගැනත් සැලකිලිමත් විය යුතුයි. ඇහැ සිරස්ව හා තිරස්ව චලනය කිරීමත්, රවුමට චලනය කිරීමත් වැනි සරල ව්‍යායාමයක විනාඩි 5ක් පමණ යෙදෙන්න.
 

Tuesday, December 8, 2015

වකුගඩු රෝගීන්ට අක්කපාන

ශරීරයේ උදර කුහරයේ කුඩා ඉන්ද්‍රියකි වකුගඩු යුගලය. අප ගන්නා ආහාරවල අවශ්‍ය රස කොටස් අවශෝෂණය වී ඉතිරිය දියර බවට පත්ව නළ හරහා ගමන් කර එය වකුගඩු මඟින් පවිත්‍රකර මුත්‍රා ලෙස පිටකිරීම වකුගඩුව මඟින් සිදුකරන කාර්යයි. මෙම වකුගඩු ආශ්‍රිතව රෝග ගණනාවක් ඇතිවීමට පුළුවන.

ශරීරයේ උදර කුහරයේ කුඩා ඉන්ද්‍රියකි වකුගඩු යුගලය. අප ගන්නා ආහාරවල අවශ්‍ය රස කොටස් අවශෝෂණය වී ඉතිරිය දියර බවට පත්ව නළ හරහා ගමන් කර එය වකුගඩු මඟින් පවිත්‍රකර මුත්‍රා ලෙස පිටකිරීම වකුගඩුව මඟින් සිදුකරන කාර්යයි. මෙම වකුගඩු ආශ්‍රිතව රෝග ගණනාවක් ඇතිවීමට පුළුවන.


තුනටිය වේදනා දෙන්නේ නම් එය වකුගඩුවල ඉදිමීමක් විය හැකිය. රෝගය සෑදුණවිට ඉකිලි ප්‍රදේශය දක්වා වේදනාව දැනෙන අතර සම වියළීම - නිතර උණ - බඩ කැක්කුම - පිපාසය - මුත්‍රා සමඟ සුදුපැහැති දියරක් පිටවීම වැනි ලක්‍ෂණ වෙයි. වකුගඩු අක්‍රිය වුවහොත් ඉන් භයානක රෝග ඇතිවිය හැකිය.
වකුගඩු රෝගී අයට රණවරා මල් තම්බා බීම, කැඳ සාදාගෙන බීම ඉතාම ගුණදායකයි.


ලුණුවරණ පොතු සහ අක්කපාන කොළ තම්බා සෑම උදයකම හිස්බඩ පානය කර උදය වරුවේ ස්නානය කරන්න.
අක්කපාන ශාකය වකුගඩු ආසාදන සඳහා වටිනා ඔෟෂධයකි. මුත්‍රා පිරිසුදු කරයි. වකුගඩු ආශ්‍රිත ගල් දියකර හරියි.
කටු අනෝදා හෙවත් කටු ආත්තා ඉදුණු ගෙඩියක් ගෙන යුෂ මිරිකා සීනි වතුර දමා දෙහි නොදමා කෝප්ප දෙකක් බොන්න. එය වකුගඩු අක්‍රිය වූවිට - ඉදිමී ඇති විට - කොන්ද කැක්කුම - මුත්‍රා දැවිල්ල - මුත්‍රා පෙරීම සිදු නොවන විට - ගල් ඇතිවූ විට හොඳ ප්‍රතිකාරයකි.
අමු අනෝදා ගෙඩි වෑංජන සාදා කෑමෙන් වකුගඩු ශක්තිමත් වෙයි.


දියවැඩියා රෝගයට දිගුකලක් ප්‍රතිකාර ගන්නා විට වකුගඩු පිළිබඳ අසනීප ඇති වෙයි. එලෙසම දැනට රජරට ප්‍රදේශයේ ආසනික් නිසා ඇතිවී තිබෙන වකුගඩු රෝග තත්ත්වයද ඉතා උත්සන්නව පවතී. මෙම රෝගයට අපගේ හෙළ වෙදකමෙහි වටිනා ප්‍රතිකාර ක්‍රමයක්ද අතීතයේ සිට මේ දක්වා පවතී.
සැඟව ඇති මෙවන් දිව්‍ය සත්කාර ඉදිරියට ගෙන රෝගී ජනතාවට ප්‍රතිකාර ලබාදීම බලධාරීන් සතු වගකීමකි. පාරම්පරික වෙදැදුරන් සතු පැරැණි බෙහෙත් වට්ටෝරුවල මෙම ප්‍රතිකාර ක්‍රම සඳහන්ව ඇති බවද ප්‍රකාශ කරමි.


එම වට්ටෝරු ඇහැළේපොළ අදිකාරම්තුමා, බුද්ධදාස රජතුමා වැනි උතුමන්ගේ කාලයේ සිට පැවැත ආ ක්‍රමයන්ය.
වකුගඩු රෝගයද දිනෙන් දින උග්‍ර අතට පත්වෙයි. දුක්විඳිනා එවන් රෝගීනට මෙම ලිපිය ඉතා වැදගත් වනු ඇතැයි සිතමි.
සියලු සත්ත්වයෝ නිරෝගී වෙත්වා!
සුවපත් වෙත්වා!
 

හදිසියේ Fit එකක් හැදුණොත් මොකද කරන්නේ ?

Fit එකක් එහෙමත් නැත්නම් වලිප්පුව කියන තත්වය කුඩා දරුවන් අතර බහුලව ඇති වන තත්වයක්. සමහර අයගේ කුඩා වයසේ ඇති වන මේ තත්වය වැඩිහිටි විය දක්වාම පවතෙන්නටත් පුළුවන්.

දරුවෙකුට Fit එකක් ආවොත් කල යුතු නොකළ යුතු දේවල් ගැන දෙමව්පියෝ විතරක් නෙමෙයි හැමදෙනාම දැනුවත්ව සිටීම වැදගත්. මුලින්ම ඔබ කලබල නොවිය යුතුයි.

දරුවා සිටින්නේ අනතුරු සහිත තැනක නම් උදාහරණයක් විදියට විදුලි පේනු අවට තිබේ නම් ළිඳක් හෝ එවැනි හදිසි අනතුරක් ඇති විය හැකි තැනක නම් එතනින් දරුවාව ඉවත් කරන්නට පියවර ගන්න.

ඉන් පසු දරුවාව වම් ඇලයට හරවන්න. කට ඇතුලට විවිධ දේවල් දමන්නට යන්න එපා. ඒ වගේම අතට යකඩ වැනි දේ දෙන්නට යන්නත් එපා. වලිප්පුව ඇති වන ආකාරය මතක තබා ගන්න.

දරුවාගේ ගැහීමක් සිදු වනවා නම් ඒ සිරුරේ කුමන කොටස් වලද කියා මතක තබාගන්න. වෛද්‍ය වරයෙක් වෙත රැගෙන ගිය පසු මේ දේවල් ඔබෙන් විමසාවි. දරුවාගේ ඉදිරි ප්‍රතිකාර සඳහා එය වැදගත් වේවි.

වලිප්පුව ඇති වන කාලය දළ වශයෙන් විනාඩි කීයක්ද කියා මතක තබා ගන්න. දරුවාට අධික උණ ඇත්නම් අත් යට සහ කකුල් යට ඉකිලි කිහිලි තෙත රෙදි කැබැල්ලකින් තෙත් කරන්න.

දරුවාව වම් ඇලයේම තිබෙන පරිදි ඉක්මනින් ළඟම ඇති රෝහලකට ගෙන යන්න. විවිධ අත් බෙහෙත් කරමින් ගෙදර තබා ගන්නට යෑම දරුවාගේ ජිවිතයටද අවදානමක් වෙන්නට ඉඩ තිබෙනවා.

මේ දේවල් ගැන දැනුවත් වීමෙන් ඔබට ඔබේ දරුවාට වලිප්පුවක් සැදුණු විට ඉතා ප්‍රවේසමෙන් දරුවාව රෝහලකට ගෙන යන්නට පහසු වනවා.