Pages

Tuesday, December 8, 2015

වකුගඩු රෝගීන්ට අක්කපාන

ශරීරයේ උදර කුහරයේ කුඩා ඉන්ද්‍රියකි වකුගඩු යුගලය. අප ගන්නා ආහාරවල අවශ්‍ය රස කොටස් අවශෝෂණය වී ඉතිරිය දියර බවට පත්ව නළ හරහා ගමන් කර එය වකුගඩු මඟින් පවිත්‍රකර මුත්‍රා ලෙස පිටකිරීම වකුගඩුව මඟින් සිදුකරන කාර්යයි. මෙම වකුගඩු ආශ්‍රිතව රෝග ගණනාවක් ඇතිවීමට පුළුවන.

ශරීරයේ උදර කුහරයේ කුඩා ඉන්ද්‍රියකි වකුගඩු යුගලය. අප ගන්නා ආහාරවල අවශ්‍ය රස කොටස් අවශෝෂණය වී ඉතිරිය දියර බවට පත්ව නළ හරහා ගමන් කර එය වකුගඩු මඟින් පවිත්‍රකර මුත්‍රා ලෙස පිටකිරීම වකුගඩුව මඟින් සිදුකරන කාර්යයි. මෙම වකුගඩු ආශ්‍රිතව රෝග ගණනාවක් ඇතිවීමට පුළුවන.


තුනටිය වේදනා දෙන්නේ නම් එය වකුගඩුවල ඉදිමීමක් විය හැකිය. රෝගය සෑදුණවිට ඉකිලි ප්‍රදේශය දක්වා වේදනාව දැනෙන අතර සම වියළීම - නිතර උණ - බඩ කැක්කුම - පිපාසය - මුත්‍රා සමඟ සුදුපැහැති දියරක් පිටවීම වැනි ලක්‍ෂණ වෙයි. වකුගඩු අක්‍රිය වුවහොත් ඉන් භයානක රෝග ඇතිවිය හැකිය.
වකුගඩු රෝගී අයට රණවරා මල් තම්බා බීම, කැඳ සාදාගෙන බීම ඉතාම ගුණදායකයි.


ලුණුවරණ පොතු සහ අක්කපාන කොළ තම්බා සෑම උදයකම හිස්බඩ පානය කර උදය වරුවේ ස්නානය කරන්න.
අක්කපාන ශාකය වකුගඩු ආසාදන සඳහා වටිනා ඔෟෂධයකි. මුත්‍රා පිරිසුදු කරයි. වකුගඩු ආශ්‍රිත ගල් දියකර හරියි.
කටු අනෝදා හෙවත් කටු ආත්තා ඉදුණු ගෙඩියක් ගෙන යුෂ මිරිකා සීනි වතුර දමා දෙහි නොදමා කෝප්ප දෙකක් බොන්න. එය වකුගඩු අක්‍රිය වූවිට - ඉදිමී ඇති විට - කොන්ද කැක්කුම - මුත්‍රා දැවිල්ල - මුත්‍රා පෙරීම සිදු නොවන විට - ගල් ඇතිවූ විට හොඳ ප්‍රතිකාරයකි.
අමු අනෝදා ගෙඩි වෑංජන සාදා කෑමෙන් වකුගඩු ශක්තිමත් වෙයි.


දියවැඩියා රෝගයට දිගුකලක් ප්‍රතිකාර ගන්නා විට වකුගඩු පිළිබඳ අසනීප ඇති වෙයි. එලෙසම දැනට රජරට ප්‍රදේශයේ ආසනික් නිසා ඇතිවී තිබෙන වකුගඩු රෝග තත්ත්වයද ඉතා උත්සන්නව පවතී. මෙම රෝගයට අපගේ හෙළ වෙදකමෙහි වටිනා ප්‍රතිකාර ක්‍රමයක්ද අතීතයේ සිට මේ දක්වා පවතී.
සැඟව ඇති මෙවන් දිව්‍ය සත්කාර ඉදිරියට ගෙන රෝගී ජනතාවට ප්‍රතිකාර ලබාදීම බලධාරීන් සතු වගකීමකි. පාරම්පරික වෙදැදුරන් සතු පැරැණි බෙහෙත් වට්ටෝරුවල මෙම ප්‍රතිකාර ක්‍රම සඳහන්ව ඇති බවද ප්‍රකාශ කරමි.


එම වට්ටෝරු ඇහැළේපොළ අදිකාරම්තුමා, බුද්ධදාස රජතුමා වැනි උතුමන්ගේ කාලයේ සිට පැවැත ආ ක්‍රමයන්ය.
වකුගඩු රෝගයද දිනෙන් දින උග්‍ර අතට පත්වෙයි. දුක්විඳිනා එවන් රෝගීනට මෙම ලිපිය ඉතා වැදගත් වනු ඇතැයි සිතමි.
සියලු සත්ත්වයෝ නිරෝගී වෙත්වා!
සුවපත් වෙත්වා!
 

0 comments:

Post a Comment