Pages

Tuesday, January 12, 2016

මුහුණේ වියපත් ලකුණු මකන විශේෂ සත්කාරයක්


කාන්තාවන් වයස හංගන්න බොහොම කැමතියිනේ. ඔබේ වියපත් ලක්ෂණ මුලින්ම පෙන්නේ මුහුණෙන්. මුහුණ රැලි වැටුනොත් ඉතින් මොනවා කලත් වයස හංගන්න බැහැ.

අද අපි කියලා දෙන්නට යන්නේ ඔබේ මුහුණේ වියපත් බව අඩු කරන්නට පුළුවන් විශේෂ සත්කාරයක් කරගන්නා ආකාරයයි.

මුලින්ම මුහුණ තෙත ස්‌පොන්ඡ් එකකින් පිස දමන්න.

සුදුසු ස්‌ක‍්‍රබ් එකක්‌ තවරා බෙල්ලේ සිට උඩ පැත්තට ස්‌ක‍්‍රබ් කරන්න. මේ සඳහා මැද ඇඟිල්ල සහ මුදු ඇඟිල්ල යන ඇගිලි භාවිත කරන්න. දැන් ක‍්‍රීම් ඉවත් කරන්න.

වෙනත් ෆෙෂල්වලදී නම් ස්‌ක‍්‍රබ් කළ පසු ස්‌ටීම් කරනවා. නමුත් මේ ෆෙෂල් එකේදී ස්‌ටීම් කරන්නේ නෑ. දැන් ටෝනර් ආලේප කරන්න.

ඉන්පසුව මසාඡ් ක‍්‍රීම් එකක්‌ ආලේප කර බෙල්ලේ සිට උඩ පැත්තට මසාඡ් කරන්න. මසාඡ් කරන විට සම තදවන ලෙසට අත තද කරමින් මසාඡ් කරන්න.

එල්ලා වැටෙන මුහුණක්‌ වැඩිපුර විනාඩි 5- 10 ක්‌ පමණ අත තද කරමින් මසාඡ් කරන්න. ඇහි බැම, නළල, කම්මුල් දෙපස ද හොඳින් මසාඡ් කරන්න.

දැන් ඒ මතට තවත් මසාඡ් ක‍්‍රීම් තට්‌ටුවක්‌ දමා ගන්න. දැන් ගෝස්‌ කැබැල්ලක්‌ ගෙන දැස්‌ හා නාසය අසලට එන ප‍්‍රදේශවල කැපුම් දමා මුහුණට හොඳින් තදට සිටින ලෙස අලවා ගන්න.

ගෝස්‌ කැබැල්ල මතට ෆෙස්‌ පැක්‌ එක දමන්න. එය ආලේප කළ යුත්තේ උඩ අතටයි. මෙය විනාඩි 20 ක්‌ පමණ තැබිය යුතුය.

එල්ලා වැටන සමට ප‍්‍රතිකාර කිරීමට විවිධ උපකරණ අද තිබෙනවා. නමුත් ඒවා භාවිත නොකර ෆෙෂල් එකක්‌ කළ හැකි ආකාරයයි මේ. මුහුණේ සම තද කිරීමයි මෙයින් සිදුවන්නේ. අවුරුදු 35 පසු වූ ඕනෑම කෙනෙකුට මේ ෆෙෂල් එක කරගැනීම සුදුසුයි.

විනාඩි 20 ට පසු දමාගත් පැක්‌ එක සහිතව ගෝස්‌ කැබැල්ල ගලවා ඉවත් කරන්න. තෙත ස්‌පොන්ඡ් එකකින් මුහුණ පිස දමාගන්න.

දැන් ටෝනර් ස්‌වල්පයක්‌ මුහුණේ ආලේප කරන්න. සමට ගැලපෙන මොයිස්‌චරයිසර් එකක්‌ තෝරාගෙන ආලේප කරන්න. මුහුණට ටිෂූ එකක්‌ තබා තද කරමින් වැඩිපුර ඇති ක‍්‍රීම් ඉවත් කරන්න.
 

0 comments:

Post a Comment