Pages

Thursday, December 17, 2015

ඔබෙත් ඇස් වටේ කළු වෙලාද ? විසඳුම මෙන්න

මුහුණේ ලස්සන වැඩි කරන්නේ ඇස් දෙකෙන් බව හැමෝම දන්නා රහසක්. ඉතින් ඇස දෙක ලස්සන නැති වුනොත් මුහුණ මොන තරම් ලස්සනට තිබුණත් වැඩක් නැහැ. ඒ නිසයි රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ වැඩි අවධානය ඇස් වලට යොමු වෙන්නෙත්. ඉතින් ඇස් දෙක ඇස් දෙකක් වගේ බලා ගනිද්දී ඔබට මතුවන ගැටළු වලට අපි පිළිතුරු හොයලා දෙනවා. අද කතා කරන්නට යන්නේ බොහෝ දෙනාට ගැටළුවක් වන ඇස් වටේ අඳුරු පහ වීම ගැනයි.

ඇත්තටම අපේ ඇස් වටේ කළු වෙන්නට හේතු මොනවාද?

• මානසික ආතතිය
• අධික නිදිවැරීම
• ශරීරය විඩාවට පත්වීම
• ස්නායු ආශ්‍රිත රෝග හෝ ඇස් ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර නොගෙන සිටීම
• පීනස හා වෙනත් සෙම් රෝග නිසා ඇස් කැසීම
• මුහුණේ ගල්වන ආලේපන ඇස් වටා තැවරීම
• දෑසට මස්කාර වැනි රූපලාවණ්‍ය ආලේපන නිතර ගැල්වීම

වළක්වා ගැනීම

ඉහත කී හේතු නිසා මෙලෙස ඇස් යට අවපැහැ ගැන්වීමට ඔබත් මුහුණපා සිටිනවා විය හැකියි. මේ නිසා මානසික ආතතියක් ඇත්නම් එයට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන්න. දෑස් වැඩිපුර වෙහෙසීමද මෙයට බලපෑ හැකි නිසා වෛද්‍ය උපදෙස් මත කණ්ණාඩි පලඳින්න. වෙනත් අක්‍ෂි දෝෂ පවතී දැයි අක්‍ෂි රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන්න.

දෑස්වලට සත්කාර

ඇතැම් විට ඔබේ දින චර්යාවේ අවිධිමත් බවත් මෙයට බලපාන නිසා එහි වෙනස්කම් සිදුකිරීම ගැනත් සැලකිලිමත් වන්න.

• සවස නින්දට පෙර දෑස්වලට සියුම් සම්භාහනයක් මුදු ඇඟිල්ල භාවිත කර කරන්න. ඔබට ආමන්ඩ් තෙල් ස්වල්පයක් හෝ රෝස වතුර භාවිත කර මෙය පහසුවෙන්ම නිවෙසේදී කර ගන්නට පුළුවන්.

• සතියකට දෙවරක් හෝ කෝමාරිකා යුෂ, තක්කාලි ඉස්ම, අල පෙති ඉස්ම හෝ තේ කහට යන ද්‍රව්‍යවලින් එක් වර්ගයක් ගෙන දෑස් මත පැක් එකක් ලෙස තබා විනාඩි 15කින් පමණ සෝදා ඉවත් කරගන්න.

• අනතුරුව පුළුන් කැබලි ගෙන එය ආමන්ඩ් තෙල්වල පොඟවා දෑස් මත තබා හෝ ඉහත කී ඉස්ම තබා විනාඩි 5ක් පමණ මෘදු සම්භාහනයක් කර ඉවත් කර ගැනීමටත් පුළුවන්.
මෘදු ආලේපන තෝරා ගන්න

දෑස් යට කළු වීමට ඔබේ නොසැලකිමත් බවත් බලපානවා. බොහෝදෙනා මුහුණේ ආලේප කරන ක්‍රීම් වර්ග දෑස් අවට ආලේප කිරීමට හුරු වී සිටිනවා.
නමුත් දෑස අවට ඇති සියුම් සමට එම ආලේපන හිතකර නොවේ. අධික සැර සබන් භාවිතයත් සුදුසු නැහැ.

දෛනිකව නිසි ව්‍යායාම කරන්න

දෑසට කරන සත්කාරවලට අමතරව ඒවාට සුදුසු ව්‍යායාම ගැනත් සැලකිලිමත් විය යුතුයි. ඇහැ සිරස්ව හා තිරස්ව චලනය කිරීමත්, රවුමට චලනය කිරීමත් වැනි සරල ව්‍යායාමයක විනාඩි 5ක් පමණ යෙදෙන්න.
 

0 comments:

Post a Comment