වසභ රජු දේශපාලන, ආර්ථික, ආගමික සහජීවනය වෙනුවෙන් ඇපකැපවී ක‍්‍රියා කළේය. එනම් අද මහාචාර්ය කුලතුංගයන් සොයාගෙන ඇති වෘෂභ කාසි ක‍්‍රි.ව. දෙවන සිය වසේ වසභ රජුගේ කාලයේ භාවිත කළ කාසි විය හැකි බවට මතයක් ද පවතී. එහි දී ස්වයංපෝෂිත ආර්ථික රටාවක් තිබූ ලංකාවේ මුදල් භාවිතය තුළින් කොතරම් ආර්ථික දියුණුවක් තිබී ඇති දැයි නිශ්චය කළ හැකිය.
ඉතිහාසය අනේකවිධ අයුරින් යළි යළිත් අප අතරට එයි. බලය පිළිබඳ පාඩම් බොහෝමයක් කියා දෙයි. බල අරගල, බලය රැුක ගැනීම, කුමන්ත‍්‍රණ, යුද්ධ, පාලකයාගේ යුතුකම් හා කාර්යභාරය ඒ අතර ප‍්‍රධාන මාතෘකා වෙයි.
අප පසුගිය සතියේ මෙම බල අරගලයේ එක් සංධිස්ථානයක් වූ මෞර්ය රාජ්‍ය බිඳ වැටීම හා ලම්භකරණ වංශය රාජ්‍යත්වයට පත්වීම පිළිබඳ යසලාලකතිස්ස රජුගේ කතා පුවත ගෙන ආවෙමු.
එහි දී මෞර්ය රාජ්‍ය බිඳ වැටීමට පාදක වූ පාලකයාගේ ඇති දුර්වලතාවන් මොනවා දැයි සාකච්ඡුා කළෙමු. අද අප පාලකයෙකු ශ්‍රේෂ්ඨ පාලකයකු වන්නේ කුමන ආකාරයෙන් දැයි යන්න පිළිබඳ වසභ රජුගේ රාජ්‍ය කාලයත් සමග කතා කරමු.
එනම් අනුරාධපුර නගරයේ ආගමික සහජීවනය පතුරවමින්, ආර්ථිකය නගා සිටුවමින්, නගරය අලංකාර කරමින් පළමු වරට රාජ්‍ය බලය විමධ්‍යගත කළ ඒ අසහාය පාලකයාගේ ජීවිතය පිළිබඳ පුවත ජයවර්ධනපුර සරසවියේ ඉතිහාස හා පුරාවිද්‍යා මහාචාර්යවරයා වූ නන්ද ධර්මරත්න මහතා සමග මෙසේ පෙළ ගස්වමු.
යසලාලකතිස්ස රජු උපක‍්‍රමශීලීව මරුමුවට පත් කළ සබ හෙවත් සුභ දොරටු පාලකයා අනුරපුර රාජ්‍යත්වයේ හිමිකරු බවට පත් විය. ඔහු වසර හයක් අනුරපුර රාජ්‍ය පාලනය ගෙන ගිය අතර ඔහුට විශ්වාසදායී ලම්භකර්ණවංශික සෙන්පතියෙකුද වූයේය.
එම වකවානුවේ රාජ්‍ය බලය රැක ගැනීම හා තහවුරු කරගැනීම පිණිස දෛවඥයින්ගෙන් රටේ ඉතිහාසය හා තමන්ගේ බලපරාක‍්‍රමය පිළිබඳ විමසීම සුභ රජු ද සිදු කළේය.
එහි දී වසභ නම් කුමරුවකු රාජ්‍යත්වයට පත්වන බව ඔහු දැන ගත්තේය. ඉතිහාස කතාවලට අනුව සුභ රජු විසින් වසභ නමින් සිටි සිහළ කුමරුවන් ඝාතනය කිරීමේ ඛේදවාචකය ආරම්භ කළේය.
මෙහි දී රාජ්‍ය පාක්ෂිකයකු වූ ලම්භකර්ණවංශික සෙන්පතියකු ළඟ වසභ නම් ඥාති කුමරෙක් ද වාසය කළේය. එහි දී මෙම සෙන්පතියා වසභ කුමරු මාළිගාවට ගෙන ගොස් රජු අතට පත් කිරීමට සිත් ඇති වීමට තරම් අකාරුණික විය. ඒ නිසාම එක් දිනක් ඔහු වසභ කුමරු මාළිගයට රැගෙන යාමට කටයුතු කළේය. එය දැනගත් සෙන්පති බිරිය නොහොත් වසභ කුමරුගේ නැන්දණිය සිය ස්වාමියාගේ බුලත් මල්ලට හුණු නොදමා ගමනට පිටත් කළාය.
මාළිගය අසලට ගිය සෙන්පති බුලත් විටක රස බැලීමට සූදානම් වූ අතර එහි හුණු නොමැති බව දැන ගත්තේය. පසුව හුණු ගෙන ඒම සඳහා වසභ කුමරු ආපසු නිවසට පිටත් කළේය.
සෙන්පතිගේ කූඨ උපාය දැනගත් වසභ කුමරුගේ නැන්දණිය ඔහුගේ ජීවිතයට ඇති අනතුරුදායක බව වටහා දී කහවණු දහසක් ද සමග ඔහු මහා විහාරයට පිටත් කර හැරියේය.
මහා විහාරයට ගිය වසභ කුමරු සිය ජීවිතයෙහි ඇති අනතුරුදායක බව භික්ෂූන් වහන්සේලාට දැනුම් දුන් අතර එහි දී ද අපූරු දෙයක් සිදු විය.
එනම් මහා විහාරයේ ප‍්‍රතිකාර ලබමින් සිටි කුෂ්ඨ රෝගියෙකු තාරකා ශාස්ත‍්‍රයට අනුව මේ කුමරු අනිවාර්යයෙන්ම රජ වන බවට අනාවැකි පල කළේය.
මේ සියලූ දේ පාදක කර ගනිමින් ජීවිතාරක්ෂාව පිළිබඳ සියලූ උපදෙස් ලබා දුන් භික්ෂූන් වහන්සේලා එනම් චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයා අනුගමනය කළ මැහැල්ලක් වුණු කැවුමක් දරුවෙකුට කෑ යුතු ආකාරය පිළිබඳ දුන් අවවාදය පිළිබඳ ආදර්ශය සිහි කොට යුද කටයුතු මෙහෙයවීය.
ඒ අනුව දරුවා කැවුම මැද මුලින් නොකා වටේ කා අවසානයේ මැද කන ආකාරයට ප‍්‍රධාන රාජ්‍ය වටේ ඇති අන් ප‍්‍රදේශවල බලය තහවුරු කරගත්තේය.
මෙම යුද කටයුතුවලින් ජයග‍්‍රහණය ලබා ගැනීමට වසභ කුමරු රාජ්‍ය උරුමක්කාරයෙකු නොවූව ද ලම්භකර්ණ වංශිකයෙකු වීම එක් ප‍්‍රධාන හේතුවක් විය.
එනම් ඔහු රාජ්‍ය පාලනයේ උසස් නිලතල දැරූ වංශවත් ලම්භකර්ණ පරම්පරාවකට හිමිකම් කීම ප‍්‍රබල කරුණක් විය.
තව ද වසභ කුමරු වැහැබ් යන නමින් ද හැඳින්වීය. වැහැබ් නම වෘෂභයා නොහොත් ගවයාට යොදන නාමයකි. එම නිසා ගවයා ලම්භකර්ණ වංශයේ සංකේතයක් ලෙස හඳුන්වා දිය හැකිය.
මේ සියලූ කරුණු සේම කලක් අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ද කිඹුල්වත්පුර රාජ්‍ය පාලකයෙක්ව සිටියේය. එතුමාගේ වංශය ද වෘෂභ විය. එබැවින් වසභ යනු රාජ්‍ය පාලනයට සුදුසු පුද්ගලයෙකු බව මහා විහාර භික්ෂූන් විශ්වාස කළ අතර බලය ලබා ගැනීම සඳහා පුරවැසියා ඒකරාශි කිරීමේ කටයුත්තට උන්වහන්සේලා ද උදව් උපකාර කළහ.
මේ සියලූ කරුණු නිසා රටවැසියාගේ පක්ෂපාතිත්වය තව තවත් ඒකරාශී කරගත් වසභ කුමරු සුභ රජුගේ සේනාවත් සමග වසර දෙකක කාලයක් දරුණු යුද්ධයක් පවත්වාගෙන ගියේය.
අවසානයේ වසභ කුමරු ඔහුගේ සේනාව සමග රජ මාළිගය ආක‍්‍රමණය කළ අතර සුභ රජු රජ මැදුරේ මිදුලේ දී ඝාතනය කළ බව මහාවංශයේ සඳහන් වේ. එහි දී වසභගේ මාමා ද සුභ රජුත් සමගම මරණයට පත් විය.
අවසානයේ වසභ කුමරු අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත් විය.
පසුව තමන්ගේ ජීවිතය බේරා ගැනීමට මූලික වී කටයුතු කළ කනවැන්දුම් නැන්දණියට කෘතගුණ සැලකීම සඳහා සරණපාවා ගත්තේය. මෙය සිංහල සංස්කෘතියට අනුව හෙළාදකින ලද ක‍්‍රියාවක් වුව ද සිංහල ඉතිහාසයේ එවැනි අසම්මත විවාහයක් සිදුවූ පළමු අවස්ථාව ලෙස පෙන්වා දිය හැකිය. කෙසේ වුව ද වසභ රජුගේ පාලනයත් සමග නැවත අනුරාධපුර රජධානිය නව මුහුණුවරක් ගත්තේය.
එනම් ආර්ථික, දේශපාලනික, සාමාජික, සාධක යළිත් නවතාවයකින් ඉදිරියට ආවේය.
මුළු ලංකාවේම ආධිපත්‍ය පැතිරවූ වසභ රජු පිළිබඳ ඓතිහාසික සාධක යාපනය, කතරගම ආදී ප‍්‍රදේශවලින් සොයාගත් සෙල් ලිපිවලින් පැහැදිලි වේ.
මේ කාලයේ දී රජවරුන් රටවැසියනුත් දෛවඥයන්ගේ අනාවැකි බොහෝ සේ විශ්වාස කළහ. එම නිසා වසභ රජු කුමරු කාලේ දෛවඥයන් කියූ අනාවැකිය සත්‍ය වූ බැවින් නැවතත් රජ වීමෙන් පසු අනාගතය පිළිබඳ විචාළේය.
එහි දී වසභ රජු කෙටි කාලයකින් මිය යන බව දෛවඥයෝ ප‍්‍රකාශ කළහ. එය ඇසූ වසභ රජු සංඝයා වහන්සේලා මුණ ගැසී මෙම අනාවැකිය සත්‍ය වේ ද, එය වළක්වාගත හැක්කේ කෙසේ දැයි විමසුවේය.
සංඝයා වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කිරීමත්, ගරා වැටුණු විහාරාරාම පිළිසකර කිරීම, පෝයට අටසිල් සමාදන් වීම, පංචශීලය ආරක්ෂා කිරීම දීර්ඝායුෂ ලැබීමට හේතු බව සංඝයා වහන්සේලා පෙන්වා දුන්හ.
ඒ අනුව යමින් කටයුතු කළ වසභ රජු දේශපාලන, ආර්ථික, ආගමික සහජීවනය වෙනුවෙන් ඇපකැපවී ක‍්‍රියා කළේය. එනම් අද මහාචාර්ය කුලතුංගයන් සොයාගෙන ඇති වෘෂභ කාසි ක‍්‍රි.ව. දෙවන සිය වසේ වසභ රජුගේ කාලයේ භාවිත කළ කාසි විය හැකි බවට මතයක් ද පවතී. එහි දී ස්වයංපෝෂිත ආර්ථික රටාවක් තිබූ ලංකාවේ මුදල් භාවිතය තුළින් කොතරම් ආර්ථික දියුණුවක් තිබී ඇති දැයි නිශ්චය කළ හැකිය.
එසේම වසභ රජු දේශපාලන ලෝකයේ ද කතිකා කළ යුතු නාමයක් විය. එනම් පළමු වරට නව පාලන රටාවක් ලංකාද්වීපයේ නිර්මාණය කළේ එතුමාය. මීට පෙර සෑම රාජ්‍ය පාලකයෙකුම බලය ඒකරාශී කරගෙන රට පාලනය කළේය. එහෙත් ලංකාවේ පළමු වරට බලය විමධ්‍යගත කළ රජු ලෙස වසභ රජු හඳුන්වා දීමට පුළුවන.
එනම් වසභ රජුට පුතුන් තිදෙනෙකු සිට ඇත. එහෙත් මහාවංශයේ සඳහන් වන්නේ වංකනාථ තිස්ස නම් එක් පුතෙකු ගැන පමණි. එහෙත් හැබැස්ස හා තම්මැන්නා සෙල් ලිපිවලට අනුව ඔහුට උත්තර සහ දුටක ලෙස තවත් පුතුන් දෙදෙනකු සිටි බව සඳහන්ව ඇත.
මෙහි දී වසභ රජුගෙන් පසු වංකනාථ තිස්සයින් අනුරාධපුර රාජ්‍ය පාලනය ගෙන ගිය අතර දුටක කුමරු වයඹ සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පාලනය ගෙන ගිය බවට අනුමාන කළ හැකි කරුණකි (තම්මැන්නා සෙල් ලිපිය). එසේම ඌව ප‍්‍රදේශයේ හැබැස්ස විහාරයේ සෙල් ලිපියක නාග නම් රජු කෙනෙක් පිළිබඳ සඳහන්ව ඇත. ඔහු වසභ රජුගේ මුණුබුරා බවත් උත්තර මහරජුගේ ප‍්‍රත‍්‍රයා බවත් එහි සඳහන්ව ඇත. මහාවංශයේ සඳහන් නොවූව ද උත්තර යනු වසභ රජුගේ තවත් පුතෙකු බව එම සෙල් ලිපියෙන් තහවුරු වේ.
මේ කරුණුවලට අනුව වංකනාථ තිස්ස, දුටක හා උත්තර ලෙස වසභ රජුට පුතුන් තිදෙනෙකු සිටිය බවත් ඒ අය මහරජ නාමය ආරූඪ කර ගනිමින් එක් එක් ප‍්‍රදේශ පාලනය කළ බවත් ගම්‍ය වන කරුණකි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment