සුගලා දේවියගේ සැඟවුණ, කතානොවන ඉතිහාසය අපි අනාවරණය කරමු. ඒ නිසාම මහාවංශයට අනුව ඇගේ දිවියේ තිබූ රණකාමීත්වය, නොපසුබට ධෛර්යය, නිර්භීතකම පිළිබඳව කතා කරමු.
2පරාක‍්‍රමබාහු රජතුමාගේ පළමුවැනි අභිප‍්‍රාය වූ පාත‍්‍රාධාතුව ලබා ගැනීමේ කාර්ය සිදුවිය. මීළඟට ඔහුගේ දෙවැනි අභිප‍්‍රාය වූයේ සුගලාදේවි අල්ලා ගැනීම හා රෝහණයේ බලය පැතිරීමය. එහිදී සුගලා දේවිය පරාක‍්‍රමබාහු රජුගේ සේනාව මඟහැර පලාගිය අතර ඇගේ පුතා සිටි අවධියේ සිටි දක්ෂ සෙන්පතියකු වූ සුඛරභාසුදේව නැවතත් සුගලා බිසවගේ කණ්ඩායමට එකතු විය. පසුව ධෛර්යය හීන වූ සුගලා බිසවගේ සේනාව පණගන්වා යුද බලයෙන් සන්නද්ධ කිරීම ආරම්භ කළේය.
එහිදී විශේෂයෙන්ම සුගලා බිසව අල්ලා ගැනීම හා රුහුණ අත්පත් කර ගැනීම සඳහා මංජු අධිකාරි නම් සෙන්පතියා යටතේ තවත් සෙනඟක් පිටත් කිරීමට පරාක‍්‍රමබාහු රජතුමා කටයුතු කළේය. ඔවුන් බදුල්ලට යෑම පිරිස හපන්ගමුව ප‍්‍රදේශයට පැමිණියේය. එහිදී සුඛරභාසුදේව ඇතුළු පිරිස පලාගිය අතර මංජු අධිකාරි සේනාධිපතිට ඔවුන් අල්ලා ගත නොහැකිවිය. රෝහණය රැුක ගැනීම හා අහිමි වූ ධාතුන් වහන්සේලා සුගලා දේවියගේ රැුකවරණයට කෙසේ හෝ පත්කරමි යන්න සුඛරභාසුදේව අරමුණු කර ගත්තේය. එමනිසා පරාක‍්‍රමබාහු රජුගේ සේනාවන්ට තදින් පහරදීම හා දරුණු සටන් ඇතිවීම නිරන්තරයෙන්ම සිදුවිය.
මේ සටන්වලට භූත අධිකාරි, රඛිතසේනාධිපති, මංජු අධිකාරි යන ප‍්‍රධාන සේනාධිපතිවරු තුන්දෙනාම සිය සේනාව මෙහෙය වූ අතර සුගලාගේ සේනාවේ සිටි සුඛරභාසුදේව ඇතුළු පිරිසගේ හැංගී පහරදීමේ සටන් ක‍්‍රම නිසා පසුබැසීමට සිදුවූ අවස්ථා බොහෝමය. පරාක‍්‍රමබාහු රජුගේ සේනාව ජයග‍්‍රහණය කළ බව ප‍්‍රකාශ කළ ද සත්‍ය ලෙසම ඔවුන් පසුබැස්ස බව දක්නට ලැබිණි. එනම් එම සෙනවියන් ඔක්කම්පිටිය සහ සප්තනාරු කෝවිල් යන ප‍්‍රදේශවලට දන්ත ධාතුන් වහන්සේත් රැගෙන ආපස්සට ගමන් ගත්හ. මෙහිදී ඇතිවූ දරුණු සටන්වලින් පරාක‍්‍රමබාහු රජුගේ දක්ෂ සේනාපතියෙක් වූ රඛිත සේනාධිපති මිය ගියේය.
3එහිදී පොළොන්නරුවේ හිටපු ගජබාහු රජුගේ සේනාවේ පවා හිටි දක්ෂ සේනාධිපතියන් මොහුගේ නමින් කෘතගුණ දැක්වීමක් විදිහට එම ස්ථානයේම ආදාහන කටයුතු කර එම ස්ථානයේ දාන ශාලාවක් කරවා ඔහුට ගරු බුහුමන් දැක්වූවේය. මීළඟට මේ මරණයත් සමඟ සුගලා දේවියගේ සේනාව මෙහෙය වූ සුඛරභාසුදේව තවත් ඔවුන්ගේ සේනාව යුද බලයෙන් සන්නද්ධ කිරීමට කටයුතු කළේය. පසුව ඔවුන් බුත්තලට රැුස්වූ අතර නැවතත් මෙම දෙපිරිස අතර බිහිසුණු සටන් ආරම්භ විය. මෙම සටන් තිස්සමහාරාමය දෙසටත් පැතිරී ගියේය. මෙහිදී පරාක‍්‍රමබාහු රජුගේ සේනාව අත්පත් කර ගත් දළදාව හා පාත‍්‍රා ධාතුව ඔවුන් අල්ලා ගත්ත ගමින් ගමට ගෙනයමින් ප‍්‍රදර්ශනය කිරීම සිදු කළේය. එහිදී පරාක‍්‍රමබාහු රජතුමා එම දළදා ප‍්‍රදර්ශනය වහාම නවතා එය පොළොන්නරු රාජධානියට ගෙනත් භාර දෙන ලෙස රාජාඥාවක් නිකුත් කළේය.
පසුව එහි සිටි සේනාධිපතිහු නැගෙනහිර ප‍්‍රදේශයේ අම්පාර දිස්ත‍්‍රික්කයේ ලොග්ගල් ඔය ප‍්‍රදේශයේදී සුගලාදේවියගේ පිරිස සමඟ ප‍්‍රබල සටනක් කර ඔවුහු මණ්ඩලය දෙසට ගමන් ගත්හ. ඒ මාර්ගය ඔස්සේ මංජු අධිකාරි සෙනවියාගේ භාරකාරත්වය මත ධාතුන්වහන්සේලා පොළොන්නරු රජමාළිගයට ගෙනයාමට කටයුතු සැලසුවේය. ඒත් මේ ධාතුන්වහන්සේලා පොළොන්නරුවට ගෙන යන මාර්ගය දෙපස සුගලා දේවියගේ සේනාව කඳවුරු බැඳගෙන සැඟවී සිට ප‍්‍රහාර එල්ල කළෝය. එනම් හිත්තාරවතගාම, බීරගාම, තණකලූකය වන අම්බගල්ලය, කුරුවේපොත යන ප‍්‍රදේශවලදීද දරුණු සටන්වලට මුහුණදීමට පරාක‍්‍රමබාහු රජුගේ සේනාවට සිදුවිය.
පසුව මේ දරුණු සටන්වලට මුහුණ දෙමින්ම මංජු අධිකාරි ධාතුන්වහන්සේලාත් රැුගෙන මහවැලි ගඟ අසබඩට පැමිණියේය. එහිදී ධාතුන් වහන්සේලා පිළිගැනීම සඳහා පරාක‍්‍රමබාහු රජතුමා ජනතාවත් සමඟ අගනුවරට පැමිණියහ.
මේ සියල්ල ඒ ආකාරයට සිදුවුවද රුහුණු රාජධානියේ බලය තවමත් සුගලා දේවියගේ අණසක යටතේ පැවතුණි. එබැවින් රුහුණේ සිටි පරාක‍්‍රමබාහු රජුගේ සේනාධිපතිවරු යුද තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් කර ඔවුන්ගේ යුද උපක‍්‍රම සියල්ල වෙනස් කළහ.
යළිත් නැගෙනහිර දීඝවාපියේ දරුණු කැරැුල්ලක් ඇතිවිය. එමනිසා සුගලා දේවියගේ සේනාවගේ යුද සැලසුම් ගවේෂණය කරමින් පැනනැගෙන යම් යම් ගැටුම්කාරි තත්ත්වයන්ට මුහුණදීමට රජුගේ සෙන්පතියන්ට සිදුවිය. මෙවැනි කරුණු නිසා පරාක‍්‍රමබාහු රජුගේ සෙන්පතියෝ ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කර රෝහණයේ බලය තහවුරු කර ගැනීමට කි‍්‍රයා කළහ. ඒ ආකාරයට සැලසුම් සකස් කළ ඔවුහු මහවැලි ගඟට නුදුරු දීඝවාපි සීමාවේ පිහිටි වලිවාසර ග‍්‍රාමයට ගොස් සවනවියලිය, සැකම්ම යන ප‍්‍රදේශවල සටන් කර බාලාපාකම්මයට පැමිණියහ. එම ස්ථානයේ විශාල බළකොටුවක් ගොඩනැඟූ ඔවුහු ලංකාපුර, කිත්ති සේනාධිපති යටතේ සේනාවක් නැවැත්වූහ.
පසුව දීඝවාපි ප‍්‍රදේශය යටත් කර ගැනීම සඳහා පරාක‍්‍රමබාහු රජුගේ සේනාව දිගටම ගමන් ගත්තේය. එහිදී දකුණට බරව හා නැගෙනහිරට බරව සටන් කළ අතර මල්වත්ත, වදකාමකපාසාදය, සේනාගුත්තකගාමය, බෝලගාමය, වාතරයාමය යන ස්ථානවල සටන් කර ජයග‍්‍රහණය කළහ. මෙහිදී සුගලා බිසවගේ සේනාවන්ට පහරදෙමින් නැගෙනහිර සිට බස්නාහිර දෙසට ගමන් ගත් සේනාව දීඝවාපියට ඇතුළු විය. එහිදී ඇතිවූ සටන්වලින් දීඝවාපියත් යටත් කර ගැණින. මින් රෝහණ ප‍්‍රදේශයේ සුගලා බිසවගේ සේනා විසිරී හිටිය බව පැහැදිලි වේ. තැනින් තැනින් පැමිණි සුගලා බිසවගේ සේනා කරවූ බළකොටු ද රජුගේ සේනාව අත්පත් කර ගත්හ.
පසුව හිත්තාලන ප‍්‍රදේශයේදී යළිත් දරුණු සටනක් ඇතිවිය. ඉන් සුගලා බිසවගේ සේනාව පරාජය වූ අතර නැවත වතාවක් දීඝවාපිය අල්ලා ගැනීමට සූදානම් විය. එමනිසා නැවතත් පරාක‍්‍රමබාහු රජුගේ සේනාවට දීඝවාපිය දෙසට හැරීමට සිදුවිය. එහිදී බාලප‍්‍රාසන ප‍්‍රදේශයට යළිත් පරාක‍්‍රමබාහු රජුගේ සේනාවක් එවූ අතර පෙර සිටි අය හා පසුව ආ අය ඒකාබද්ධ වී සුගලා බිසවගේ සේනාවට පහරදෙන්නට විය.
ඒත් එම උත්සාහය නිශ්ඵල වූ අතර ඔවුන් බුත්තල රටට ගොස් එය අල්ලා ගැනීම සඳහා ප‍්‍රධාන සේනාව නැවතත් කණ්ඩායම් කරති. මෙහිදී ඇතිවූ සේනා හිඟය නිසා පරාක‍්‍රමබාහු රජුගේ සේනාව ප‍්‍රදේශ අල්ලා ගැනීමත් යළිත් අලූත් තැනකට ගමන් ගැනීමේදී එම ප‍්‍රදේශ ගිලිහීයාමත් නිතර සිදුවූ බව දක්නට ලැබේ. එමනිසා පරාක‍්‍රමබාහු රජුගේ සේනාව කණ්ඩායම්වලට ඛෙදී දඹගල්ල, ගොරම්භාව, මුලනාගාමය, උළදාව, වැල්ලවාය, යන ස්ථානවලදී යළිත් සටන් කළහ. පසුව උයන ග‍්‍රාමයේදි යළිත් එකතු විය. මීලඟට නැගෙනහිර ප‍්‍රදේශයේ සුගලා බිසවගේ නිජබිම වූ අටදහස් රටේද දරුණු සටන් ආරම්භ විය. එසේම දොළොස්දහස් රටේ ද සටන් ඇතිවිය.
මෙහි ප‍්‍රධාන අරමුණ වූයේ පෙර රුහුණු රජවරුන්ගේ රාජධානිය වූ රුහුණේ මහනාගඋල හෙවත් රම්බාවිහාරය අල්ලා ගත්හ. එය සුගලා බිසවගේ බළකොටුවක් වගේම රාජ්‍ය බලය පැතිර වූ මධ්‍යස්ථානය ද විය. එමනිසා පරාක‍්‍රමබාහු රජතුමා රඛිත කංචුකී නායක යන සෙන්පතියා යටතේ සේනාව මේ ප‍්‍රදේශයට යැවීය. රඛිත දමිළ අධිකාරි සෙනෙවියා සමඟ කදුකරය මැදින් තවත් සේනාවක් එව්වේය. එහිදී පළමුව ගිංතොට අල්ලා ගැනීම සඳහාත් පස්්දුන්කෝරළයේ සිට සේනාවක් පිටත් කළේය. මේ වන විට සුගලා බිසවගේ ප‍්‍රධාන රාජධානිය වූයේ ගිංතොට ප‍්‍රදේශයය. මෙහිදී රජුගේ සෙන්පතියෙකු වූ කංචුකී නායක ගිං ගඟ අසලින් හමුදාවට එකතු විය. මේ සමයේදී පරාක‍්‍රමබාහු රජුගේ හමුදා බළ ඇණි තුනක් ගිං තොට හා රම්භාවිහාරය අල්ලා ගැනීමට ක‍්‍රියාත්මක වී සිටියහ. එහිදී පරාක‍්‍රමබාහු රජුගේ සේනාව ගිං ගඟ එගොඩට පැමිණ වැලි ගඟින් එපිට කඳවුරු බැඳගත්හ. පසුව ධනවත් වෙළෙන්දන් සිටි එම ප‍්‍රදේශයට කංචුකීි නායක යටත් කර ගත්තේය.
පසුව යළිත් සේනාව කණ්ඩායම්වලට ඛෙදී සටන් කර කම්මාරුගාමයි (කබුරුගමුව, පැලෑග, දෙවුන්දර, කදලියන්න) යන ප‍්‍රදේශ ජයග‍්‍රහණය කළහ. ඊළඟට අකුරැුස්සට පැමිණි රජුගේ සේනාව ඒ ප‍්‍රදේශත් අත්පත් කර ගත්තෝය. මෙහිදී සුගලා බිසවගේ සේනාව තැනින් තැන සේනා කණ්ඩායම් සංවිධානය කර පහරදීමේ ක‍්‍රියාව නිසා රුහුණ අත්පත් කර ගැනීම පරාක‍්‍රමබාහු රජුට අපහසු කාර්යක් වී තිබුණේය. එම නිසාම එම යුද උපක‍්‍රම තේරුම් ගත් සේනාව වෙන්ව ගමන් ගැනීම, යළිත් එකට එකතුවීම ආදී විවිධ ක‍්‍රමවලින් අසීරු යුද මෙහෙයුමක යෙදුන බව නිදර්ශනය වේ.
මේ ආකාරයට ගලා ගිය සටන කෙමෙන් කෙමෙන් පරාක‍්‍රමබාහු රජුගේ සේනාව අතට පත්විය. ඔවුන් රුහුණේ ප‍්‍රදේශ අත්පත් කර ගනිමින් ඉදිරියටම ගමන් ගත්තේය. එහිදී ස්වර්ණමලය හෙවත් රන්මලයකන්ද අසල ඇති වූ සටනේදී සුගලා බිසවගේ සේනාව පසු බැස්සහ. පසුව රම්බා විහාරය හෙවත් මහානාගඋල අභියස කඳවුරු බැඳගෙන කංචුකීනායක, තැන තැන සිටි සුගලා බිසවගේ සේනාව පරාජය කිරීමට සේනාව දියත් කළේය. එහිදී කංචුකී නායක රන්මලේ කන්ද දෙසට සටන මෙහෙයවීම හා අනිත් පසින් ආ සේනාව එකට එකතු වී ගිංතොට හා මහනාගඋල අල්ලා ගැනීම සඳහා වෙරළ දිගේ ගමන් ගැනීම සිදුවිය. මෙහිදී රඛිත දමිළ අධිකාරී නම් සෙනවියා ද දකුණේ දෙනවක ප‍්‍රදේශයට පැමිණ තවදුන් කෝරලය අල්ලා ගැනීමට පිටත්විය.
පරාක‍්‍රමබාහු රජුගේ අවවාද අනුව අටකලමියන ප‍්‍රදේශයට පැමිණි සේනාවට සුගලා බිසවගේ සේනාව නැවතත් ඔවුන් අත්පත් කර ගත් ප‍්‍රදේශ අල්ලා ගැනීමට තැත් කරන බව ආරංචි විය. පසුව දෝණි වග්ගයට පැමිණි මොවුහු මුල සිට ආයි නැවත සටන් ආරම්භ කළේය. සටනින් ජයගත් හැම ප‍්‍රදේශයකම විධිමත් පාලනයක් ගෙනයාම සඳහා සැලසුම් සකස් කර ඒ සඳහා නිලධාරීහුද පත් කළහ.
මෙසේ වෙද්දී සුගල බිසවගේ සේනාව ද කහවත්ත අසල පුවක්දණ්ඩාවේදී කඳවුරු බැඳ ගත්හ. පසුව මාදම්පේ අසල පිහිටි තඹගොමුව අල්ලා ගැනීම සඳහා පරාක‍්‍රමබාහු රජුගේ සේනාව රාත‍්‍රි සටන් මෙහෙයවීම සිදු කළහ. එම ප‍්‍රදේශය අත්පත් කරගත් ඔවුන් පුවක්් ගොමුවට පැමිණි දමිළ අධිකාරි ඇතුළු පිරිසක් සමඟ එකතු වී බෝගහවෙල, බිත්තේගම යන ප‍්‍රදේශයද අල්ලා ගත්හ.
සුගලා බිසවගේ සේනාව ඌරු බොක්ක දෙසින් ගිරවාබොක්ක ප‍්‍රදේශයට පැමිණ සටන් කිරීමට සූදානම් වූහ. දමිළ අධිකාරියේ සෙනඟ ද සටන්වලට සූදානම් විය. එහිදී ඇතිවූ සටනින් ලංකාපුර රඛිත සේනාධිපති මරුමුවට පත්වූ අතර සුගලාදේවියගේ සේනාව වනසා දැමීය. පසුව පරාක‍්‍රමබාහු රජතුමාගේ අවශ්‍යතාවට වූ රම්බා විහාරය අත්පත් කර ගැනීම සිදුවිය. පසුව කංචුකීනායක මහනාගඋල හෙවත් රම්භාවිහාරයට පැමිණි දමිළ අධිකාරිගේ සේනාවට එකතු විය. පසුව මේ සේනා වෙහෙස සන්සිඳවා ගන්නා අතරතුර සුගලා බිසවගේ සේනාව අම්බලන්ගොඩ උතුරු ප‍්‍රදේශයට රැුස්විය. එය ආරංචි වූ පසු කංචුකීනායක කොග්ගල්ල උධකවට ගොස් ඔවුන් පලවා හැර ආපසු පැමිණියේය. එහිදී ඇති වූ ක්ෂණික සටනකින් සුඛරභාසුදේව ද මරණයට පත්විය. එහිදී සුඛරභාසුදේව හා ලංකාපුර රඛිත සේනාධිපති වන සුගලා බිසවගේ ප‍්‍රධාන සෙන්පතියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වීම ඇගේ බලය අඩපණවීමට ප‍්‍රබල හේතූන් විය. එම හිස්තැන පුරවන්න සුගලා බිසව අලූත් සෙන්පතියකු පත් කළාය.
ඒත් ඔහුටත් සිතුල්පව්ව ප‍්‍රදේශයෙන් පසුබැසීමට සිදුවිය. එළිපිටදී ඔවුන් පරාජයවුවද සැඟවී ඔවුන් බිහිසුණු සටන් ක‍්‍රියාත්මක කිරීමට සැලසෙන බව පරාක‍්‍රමබාහු රජුගේ සේනාව දැනගත්හ. එනම් රෝහණයටම ආවේණික වූ සැඟවී පහරදීමේ සටන් ක‍්‍රමයත් සුගලා දේවියගේ සේනාව සතු වූ බව ඉන් නිදර්ශනය වේ. එමනිසා දමිළ අධිකාරියේ උපායකට අනුව පරාක‍්‍රමබාහු රජුගේ සේනාව අල්ලා ගෙන තිබූ ප‍්‍රදේශ අත්හැර දමා යන බව පෙන්වා සුගලාගේ සේනාව එළියට ගෙන එම සේනාවට පහර දුන්නේය. පසුව මොරවක්කෝරලය ප‍්‍රදේශයේදී සුගලා බිසවගේ සියලූ සේනා වනසා දැමූහ. ගිරුවාපත්තුවේ හා මාගම්පත්තුව ප‍්‍රදේශයේ ඇතිවූ පොඩි පොඩි කැරළි මැඩ පැවැත්වූ රජුගේ සේනාව බුත්තලට පැමිණ එයද යටත් කර ගත්හ.
එහි ඇතිවූ කතිකාවත අනුව සුගලා බිසව අල්ලා ගැනීමේ මෙහෙයුම භූත අධිකාරි හා මංජු කිත්ති සෙනවිවරු සැලසුම් කළහ. පසුව සුගලා බිසව සැඟවී සිටි අටදහස්රට ප‍්‍රදේශයේ සුගලා බිසව සොයා ගියේය. එහිදී පලාගිය සුගලා බිසවගේ සේනාවට දමිළ අධිකාරි පහර දුන්නේය. ඊටපසු පරාක‍්‍රමබාහු රජුගේ නියෝගය අනුව ඉතුරු වී සිටි කැරලිකරුවන් සහ සුගලා බිසව ජීවග‍්‍රහණයෙන් අල්ලා බාරදීමට සෙන්පතියෝ කටයුතු කළෝය.
දොළොස්දහස් රට අල්ලා ගත් දමිළ අධිකාරි රම්බාවිහාරයට පැමිණ සතුරු සේනාවන් සමූල ඝාතනය කළේය. පසුව කුඹුක්කන්ගාමයේ සිටි සේනාපතිවරු තිදෙනා පරණ අළුපොත නම් ගම්මානයටත්, කිහිවැල්ගොඩටත්, බැද්දේගමටත් සේනාව මෙහෙයවිය. දැදිගම ප‍්‍රදේශයේ ඇතිවූ සටනින් සුගලා දේවිය ජීවග‍්‍රහයෙන් රජුගේ සේනාව අතට පත්වූ අතර පිටත්වූ භටයෝ පළා ගියහ. ඔවුන්වත් ලූහුබැද මරා දැමූ අතර සුගලා බිසව රජුගේ භාරයට පත් කළ ඔවුහු දාමරිකයන් සමූල ඝාතනය කර මුළු රුහුණේම බලය තහවුරු කළහ. පසුව රජු වසර දහයකට ආසන්න කාලයක් දුෂ්කර ගමන් මාර්ගයක යමින් කළ අසීරු සටන්වලින් පසුව මුළු රටේම බලය එක්සේසත් කර රාජාභිෂේක විය. එසේම සුගලා බිසව හිරභාරයට ගත්ත ද රාජකීය බිසවකට අයත් වරප‍්‍රසාද ලබාදී පිටත්වීමට ඉඩ ප‍්‍රස්ථා සලසා දුන්නේය. එහෙත් සුගලා දේවිය රජුගේ අත්අඩංගුවට ගත් බැවින් රෝහණ වැසියෝ රජු මියයන තුරුම ඔහුට එතරම් පක්ෂපාතී බවක් දැක්වූ බව ඉතිහාසයේ සඳහන් නොවන්නේය.
Wednesday, September 30, 2015
Tuesday, September 29, 2015
ඉතිහාසයේ පළමු වතාවට බලය විමධ්‍යගත කළ වසභ රජතුමා
වසභ රජු දේශපාලන, ආර්ථික, ආගමික සහජීවනය වෙනුවෙන් ඇපකැපවී ක‍්‍රියා කළේය. එනම් අද මහාචාර්ය කුලතුංගයන් සොයාගෙන ඇති වෘෂභ කාසි ක‍්‍රි.ව. දෙවන සිය වසේ වසභ රජුගේ කාලයේ භාවිත කළ කාසි විය හැකි බවට මතයක් ද පවතී. එහි දී ස්වයංපෝෂිත ආර්ථික රටාවක් තිබූ ලංකාවේ මුදල් භාවිතය තුළින් කොතරම් ආර්ථික දියුණුවක් තිබී ඇති දැයි නිශ්චය කළ හැකිය.
ඉතිහාසය අනේකවිධ අයුරින් යළි යළිත් අප අතරට එයි. බලය පිළිබඳ පාඩම් බොහෝමයක් කියා දෙයි. බල අරගල, බලය රැුක ගැනීම, කුමන්ත‍්‍රණ, යුද්ධ, පාලකයාගේ යුතුකම් හා කාර්යභාරය ඒ අතර ප‍්‍රධාන මාතෘකා වෙයි.
අප පසුගිය සතියේ මෙම බල අරගලයේ එක් සංධිස්ථානයක් වූ මෞර්ය රාජ්‍ය බිඳ වැටීම හා ලම්භකරණ වංශය රාජ්‍යත්වයට පත්වීම පිළිබඳ යසලාලකතිස්ස රජුගේ කතා පුවත ගෙන ආවෙමු.
එහි දී මෞර්ය රාජ්‍ය බිඳ වැටීමට පාදක වූ පාලකයාගේ ඇති දුර්වලතාවන් මොනවා දැයි සාකච්ඡුා කළෙමු. අද අප පාලකයෙකු ශ්‍රේෂ්ඨ පාලකයකු වන්නේ කුමන ආකාරයෙන් දැයි යන්න පිළිබඳ වසභ රජුගේ රාජ්‍ය කාලයත් සමග කතා කරමු.
එනම් අනුරාධපුර නගරයේ ආගමික සහජීවනය පතුරවමින්, ආර්ථිකය නගා සිටුවමින්, නගරය අලංකාර කරමින් පළමු වරට රාජ්‍ය බලය විමධ්‍යගත කළ ඒ අසහාය පාලකයාගේ ජීවිතය පිළිබඳ පුවත ජයවර්ධනපුර සරසවියේ ඉතිහාස හා පුරාවිද්‍යා මහාචාර්යවරයා වූ නන්ද ධර්මරත්න මහතා සමග මෙසේ පෙළ ගස්වමු.
යසලාලකතිස්ස රජු උපක‍්‍රමශීලීව මරුමුවට පත් කළ සබ හෙවත් සුභ දොරටු පාලකයා අනුරපුර රාජ්‍යත්වයේ හිමිකරු බවට පත් විය. ඔහු වසර හයක් අනුරපුර රාජ්‍ය පාලනය ගෙන ගිය අතර ඔහුට විශ්වාසදායී ලම්භකර්ණවංශික සෙන්පතියෙකුද වූයේය.
එම වකවානුවේ රාජ්‍ය බලය රැක ගැනීම හා තහවුරු කරගැනීම පිණිස දෛවඥයින්ගෙන් රටේ ඉතිහාසය හා තමන්ගේ බලපරාක‍්‍රමය පිළිබඳ විමසීම සුභ රජු ද සිදු කළේය.
එහි දී වසභ නම් කුමරුවකු රාජ්‍යත්වයට පත්වන බව ඔහු දැන ගත්තේය. ඉතිහාස කතාවලට අනුව සුභ රජු විසින් වසභ නමින් සිටි සිහළ කුමරුවන් ඝාතනය කිරීමේ ඛේදවාචකය ආරම්භ කළේය.
මෙහි දී රාජ්‍ය පාක්ෂිකයකු වූ ලම්භකර්ණවංශික සෙන්පතියකු ළඟ වසභ නම් ඥාති කුමරෙක් ද වාසය කළේය. එහි දී මෙම සෙන්පතියා වසභ කුමරු මාළිගාවට ගෙන ගොස් රජු අතට පත් කිරීමට සිත් ඇති වීමට තරම් අකාරුණික විය. ඒ නිසාම එක් දිනක් ඔහු වසභ කුමරු මාළිගයට රැගෙන යාමට කටයුතු කළේය. එය දැනගත් සෙන්පති බිරිය නොහොත් වසභ කුමරුගේ නැන්දණිය සිය ස්වාමියාගේ බුලත් මල්ලට හුණු නොදමා ගමනට පිටත් කළාය.
මාළිගය අසලට ගිය සෙන්පති බුලත් විටක රස බැලීමට සූදානම් වූ අතර එහි හුණු නොමැති බව දැන ගත්තේය. පසුව හුණු ගෙන ඒම සඳහා වසභ කුමරු ආපසු නිවසට පිටත් කළේය.
සෙන්පතිගේ කූඨ උපාය දැනගත් වසභ කුමරුගේ නැන්දණිය ඔහුගේ ජීවිතයට ඇති අනතුරුදායක බව වටහා දී කහවණු දහසක් ද සමග ඔහු මහා විහාරයට පිටත් කර හැරියේය.
මහා විහාරයට ගිය වසභ කුමරු සිය ජීවිතයෙහි ඇති අනතුරුදායක බව භික්ෂූන් වහන්සේලාට දැනුම් දුන් අතර එහි දී ද අපූරු දෙයක් සිදු විය.
එනම් මහා විහාරයේ ප‍්‍රතිකාර ලබමින් සිටි කුෂ්ඨ රෝගියෙකු තාරකා ශාස්ත‍්‍රයට අනුව මේ කුමරු අනිවාර්යයෙන්ම රජ වන බවට අනාවැකි පල කළේය.
මේ සියලූ දේ පාදක කර ගනිමින් ජීවිතාරක්ෂාව පිළිබඳ සියලූ උපදෙස් ලබා දුන් භික්ෂූන් වහන්සේලා එනම් චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයා අනුගමනය කළ මැහැල්ලක් වුණු කැවුමක් දරුවෙකුට කෑ යුතු ආකාරය පිළිබඳ දුන් අවවාදය පිළිබඳ ආදර්ශය සිහි කොට යුද කටයුතු මෙහෙයවීය.
ඒ අනුව දරුවා කැවුම මැද මුලින් නොකා වටේ කා අවසානයේ මැද කන ආකාරයට ප‍්‍රධාන රාජ්‍ය වටේ ඇති අන් ප‍්‍රදේශවල බලය තහවුරු කරගත්තේය.
මෙම යුද කටයුතුවලින් ජයග‍්‍රහණය ලබා ගැනීමට වසභ කුමරු රාජ්‍ය උරුමක්කාරයෙකු නොවූව ද ලම්භකර්ණ වංශිකයෙකු වීම එක් ප‍්‍රධාන හේතුවක් විය.
එනම් ඔහු රාජ්‍ය පාලනයේ උසස් නිලතල දැරූ වංශවත් ලම්භකර්ණ පරම්පරාවකට හිමිකම් කීම ප‍්‍රබල කරුණක් විය.
තව ද වසභ කුමරු වැහැබ් යන නමින් ද හැඳින්වීය. වැහැබ් නම වෘෂභයා නොහොත් ගවයාට යොදන නාමයකි. එම නිසා ගවයා ලම්භකර්ණ වංශයේ සංකේතයක් ලෙස හඳුන්වා දිය හැකිය.
මේ සියලූ කරුණු සේම කලක් අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ද කිඹුල්වත්පුර රාජ්‍ය පාලකයෙක්ව සිටියේය. එතුමාගේ වංශය ද වෘෂභ විය. එබැවින් වසභ යනු රාජ්‍ය පාලනයට සුදුසු පුද්ගලයෙකු බව මහා විහාර භික්ෂූන් විශ්වාස කළ අතර බලය ලබා ගැනීම සඳහා පුරවැසියා ඒකරාශි කිරීමේ කටයුත්තට උන්වහන්සේලා ද උදව් උපකාර කළහ.
මේ සියලූ කරුණු නිසා රටවැසියාගේ පක්ෂපාතිත්වය තව තවත් ඒකරාශී කරගත් වසභ කුමරු සුභ රජුගේ සේනාවත් සමග වසර දෙකක කාලයක් දරුණු යුද්ධයක් පවත්වාගෙන ගියේය.
අවසානයේ වසභ කුමරු ඔහුගේ සේනාව සමග රජ මාළිගය ආක‍්‍රමණය කළ අතර සුභ රජු රජ මැදුරේ මිදුලේ දී ඝාතනය කළ බව මහාවංශයේ සඳහන් වේ. එහි දී වසභගේ මාමා ද සුභ රජුත් සමගම මරණයට පත් විය.
අවසානයේ වසභ කුමරු අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත් විය.
පසුව තමන්ගේ ජීවිතය බේරා ගැනීමට මූලික වී කටයුතු කළ කනවැන්දුම් නැන්දණියට කෘතගුණ සැලකීම සඳහා සරණපාවා ගත්තේය. මෙය සිංහල සංස්කෘතියට අනුව හෙළාදකින ලද ක‍්‍රියාවක් වුව ද සිංහල ඉතිහාසයේ එවැනි අසම්මත විවාහයක් සිදුවූ පළමු අවස්ථාව ලෙස පෙන්වා දිය හැකිය. කෙසේ වුව ද වසභ රජුගේ පාලනයත් සමග නැවත අනුරාධපුර රජධානිය නව මුහුණුවරක් ගත්තේය.
එනම් ආර්ථික, දේශපාලනික, සාමාජික, සාධක යළිත් නවතාවයකින් ඉදිරියට ආවේය.
මුළු ලංකාවේම ආධිපත්‍ය පැතිරවූ වසභ රජු පිළිබඳ ඓතිහාසික සාධක යාපනය, කතරගම ආදී ප‍්‍රදේශවලින් සොයාගත් සෙල් ලිපිවලින් පැහැදිලි වේ.
මේ කාලයේ දී රජවරුන් රටවැසියනුත් දෛවඥයන්ගේ අනාවැකි බොහෝ සේ විශ්වාස කළහ. එම නිසා වසභ රජු කුමරු කාලේ දෛවඥයන් කියූ අනාවැකිය සත්‍ය වූ බැවින් නැවතත් රජ වීමෙන් පසු අනාගතය පිළිබඳ විචාළේය.
එහි දී වසභ රජු කෙටි කාලයකින් මිය යන බව දෛවඥයෝ ප‍්‍රකාශ කළහ. එය ඇසූ වසභ රජු සංඝයා වහන්සේලා මුණ ගැසී මෙම අනාවැකිය සත්‍ය වේ ද, එය වළක්වාගත හැක්කේ කෙසේ දැයි විමසුවේය.
සංඝයා වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කිරීමත්, ගරා වැටුණු විහාරාරාම පිළිසකර කිරීම, පෝයට අටසිල් සමාදන් වීම, පංචශීලය ආරක්ෂා කිරීම දීර්ඝායුෂ ලැබීමට හේතු බව සංඝයා වහන්සේලා පෙන්වා දුන්හ.
ඒ අනුව යමින් කටයුතු කළ වසභ රජු දේශපාලන, ආර්ථික, ආගමික සහජීවනය වෙනුවෙන් ඇපකැපවී ක‍්‍රියා කළේය. එනම් අද මහාචාර්ය කුලතුංගයන් සොයාගෙන ඇති වෘෂභ කාසි ක‍්‍රි.ව. දෙවන සිය වසේ වසභ රජුගේ කාලයේ භාවිත කළ කාසි විය හැකි බවට මතයක් ද පවතී. එහි දී ස්වයංපෝෂිත ආර්ථික රටාවක් තිබූ ලංකාවේ මුදල් භාවිතය තුළින් කොතරම් ආර්ථික දියුණුවක් තිබී ඇති දැයි නිශ්චය කළ හැකිය.
එසේම වසභ රජු දේශපාලන ලෝකයේ ද කතිකා කළ යුතු නාමයක් විය. එනම් පළමු වරට නව පාලන රටාවක් ලංකාද්වීපයේ නිර්මාණය කළේ එතුමාය. මීට පෙර සෑම රාජ්‍ය පාලකයෙකුම බලය ඒකරාශී කරගෙන රට පාලනය කළේය. එහෙත් ලංකාවේ පළමු වරට බලය විමධ්‍යගත කළ රජු ලෙස වසභ රජු හඳුන්වා දීමට පුළුවන.
එනම් වසභ රජුට පුතුන් තිදෙනෙකු සිට ඇත. එහෙත් මහාවංශයේ සඳහන් වන්නේ වංකනාථ තිස්ස නම් එක් පුතෙකු ගැන පමණි. එහෙත් හැබැස්ස හා තම්මැන්නා සෙල් ලිපිවලට අනුව ඔහුට උත්තර සහ දුටක ලෙස තවත් පුතුන් දෙදෙනකු සිටි බව සඳහන්ව ඇත.
මෙහි දී වසභ රජුගෙන් පසු වංකනාථ තිස්සයින් අනුරාධපුර රාජ්‍ය පාලනය ගෙන ගිය අතර දුටක කුමරු වයඹ සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පාලනය ගෙන ගිය බවට අනුමාන කළ හැකි කරුණකි (තම්මැන්නා සෙල් ලිපිය). එසේම ඌව ප‍්‍රදේශයේ හැබැස්ස විහාරයේ සෙල් ලිපියක නාග නම් රජු කෙනෙක් පිළිබඳ සඳහන්ව ඇත. ඔහු වසභ රජුගේ මුණුබුරා බවත් උත්තර මහරජුගේ ප‍්‍රත‍්‍රයා බවත් එහි සඳහන්ව ඇත. මහාවංශයේ සඳහන් නොවූව ද උත්තර යනු වසභ රජුගේ තවත් පුතෙකු බව එම සෙල් ලිපියෙන් තහවුරු වේ.
මේ කරුණුවලට අනුව වංකනාථ තිස්ස, දුටක හා උත්තර ලෙස වසභ රජුට පුතුන් තිදෙනෙකු සිටිය බවත් ඒ අය මහරජ නාමය ආරූඪ කර ගනිමින් එක් එක් ප‍්‍රදේශ පාලනය කළ බවත් ගම්‍ය වන කරුණකි.
ඉතිහාසය අනේකවිධ අයුරින් යළි යළිත් අප අතරට එයි. බලය පිළිබඳ පාඩම් බොහෝමයක් කියා දෙයි. බල අරගල, බලය රැුක ගැනීම, කුමන්ත‍්‍රණ, යුද්ධ, පාලකයාගේ යුතුකම් හා කාර්යභාරය ඒ අතර ප‍්‍රධාන මාතෘකා වෙයි.
අප පසුගිය සතියේ මෙම බල අරගලයේ එක් සංධිස්ථානයක් වූ මෞර්ය රාජ්‍ය බිඳ වැටීම හා ලම්භකරණ වංශය රාජ්‍යත්වයට පත්වීම පිළිබඳ යසලාලකතිස්ස රජුගේ කතා පුවත ගෙන ආවෙමු.
එහි දී මෞර්ය රාජ්‍ය බිඳ වැටීමට පාදක වූ පාලකයාගේ ඇති දුර්වලතාවන් මොනවා දැයි සාකච්ඡුා කළෙමු. අද අප පාලකයෙකු ශ්‍රේෂ්ඨ පාලකයකු වන්නේ කුමන ආකාරයෙන් දැයි යන්න පිළිබඳ වසභ රජුගේ රාජ්‍ය කාලයත් සමග කතා කරමු.
එනම් අනුරාධපුර නගරයේ ආගමික සහජීවනය පතුරවමින්, ආර්ථිකය නගා සිටුවමින්, නගරය අලංකාර කරමින් පළමු වරට රාජ්‍ය බලය විමධ්‍යගත කළ ඒ අසහාය පාලකයාගේ ජීවිතය පිළිබඳ පුවත ජයවර්ධනපුර සරසවියේ ඉතිහාස හා පුරාවිද්‍යා මහාචාර්යවරයා වූ නන්ද ධර්මරත්න මහතා සමග මෙසේ පෙළ ගස්වමු.
යසලාලකතිස්ස රජු උපක‍්‍රමශීලීව මරුමුවට පත් කළ සබ හෙවත් සුභ දොරටු පාලකයා අනුරපුර රාජ්‍යත්වයේ හිමිකරු බවට පත් විය. ඔහු වසර හයක් අනුරපුර රාජ්‍ය පාලනය ගෙන ගිය අතර ඔහුට විශ්වාසදායී ලම්භකර්ණවංශික සෙන්පතියෙකුද වූයේය.
එම වකවානුවේ රාජ්‍ය බලය රැක ගැනීම හා තහවුරු කරගැනීම පිණිස දෛවඥයින්ගෙන් රටේ ඉතිහාසය හා තමන්ගේ බලපරාක‍්‍රමය පිළිබඳ විමසීම සුභ රජු ද සිදු කළේය.
එහි දී වසභ නම් කුමරුවකු රාජ්‍යත්වයට පත්වන බව ඔහු දැන ගත්තේය. ඉතිහාස කතාවලට අනුව සුභ රජු විසින් වසභ නමින් සිටි සිහළ කුමරුවන් ඝාතනය කිරීමේ ඛේදවාචකය ආරම්භ කළේය.
මෙහි දී රාජ්‍ය පාක්ෂිකයකු වූ ලම්භකර්ණවංශික සෙන්පතියකු ළඟ වසභ නම් ඥාති කුමරෙක් ද වාසය කළේය. එහි දී මෙම සෙන්පතියා වසභ කුමරු මාළිගාවට ගෙන ගොස් රජු අතට පත් කිරීමට සිත් ඇති වීමට තරම් අකාරුණික විය. ඒ නිසාම එක් දිනක් ඔහු වසභ කුමරු මාළිගයට රැගෙන යාමට කටයුතු කළේය. එය දැනගත් සෙන්පති බිරිය නොහොත් වසභ කුමරුගේ නැන්දණිය සිය ස්වාමියාගේ බුලත් මල්ලට හුණු නොදමා ගමනට පිටත් කළාය.
මාළිගය අසලට ගිය සෙන්පති බුලත් විටක රස බැලීමට සූදානම් වූ අතර එහි හුණු නොමැති බව දැන ගත්තේය. පසුව හුණු ගෙන ඒම සඳහා වසභ කුමරු ආපසු නිවසට පිටත් කළේය.
සෙන්පතිගේ කූඨ උපාය දැනගත් වසභ කුමරුගේ නැන්දණිය ඔහුගේ ජීවිතයට ඇති අනතුරුදායක බව වටහා දී කහවණු දහසක් ද සමග ඔහු මහා විහාරයට පිටත් කර හැරියේය.
මහා විහාරයට ගිය වසභ කුමරු සිය ජීවිතයෙහි ඇති අනතුරුදායක බව භික්ෂූන් වහන්සේලාට දැනුම් දුන් අතර එහි දී ද අපූරු දෙයක් සිදු විය.
එනම් මහා විහාරයේ ප‍්‍රතිකාර ලබමින් සිටි කුෂ්ඨ රෝගියෙකු තාරකා ශාස්ත‍්‍රයට අනුව මේ කුමරු අනිවාර්යයෙන්ම රජ වන බවට අනාවැකි පල කළේය.
මේ සියලූ දේ පාදක කර ගනිමින් ජීවිතාරක්ෂාව පිළිබඳ සියලූ උපදෙස් ලබා දුන් භික්ෂූන් වහන්සේලා එනම් චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයා අනුගමනය කළ මැහැල්ලක් වුණු කැවුමක් දරුවෙකුට කෑ යුතු ආකාරය පිළිබඳ දුන් අවවාදය පිළිබඳ ආදර්ශය සිහි කොට යුද කටයුතු මෙහෙයවීය.
ඒ අනුව දරුවා කැවුම මැද මුලින් නොකා වටේ කා අවසානයේ මැද කන ආකාරයට ප‍්‍රධාන රාජ්‍ය වටේ ඇති අන් ප‍්‍රදේශවල බලය තහවුරු කරගත්තේය.
මෙම යුද කටයුතුවලින් ජයග‍්‍රහණය ලබා ගැනීමට වසභ කුමරු රාජ්‍ය උරුමක්කාරයෙකු නොවූව ද ලම්භකර්ණ වංශිකයෙකු වීම එක් ප‍්‍රධාන හේතුවක් විය.
එනම් ඔහු රාජ්‍ය පාලනයේ උසස් නිලතල දැරූ වංශවත් ලම්භකර්ණ පරම්පරාවකට හිමිකම් කීම ප‍්‍රබල කරුණක් විය.
තව ද වසභ කුමරු වැහැබ් යන නමින් ද හැඳින්වීය. වැහැබ් නම වෘෂභයා නොහොත් ගවයාට යොදන නාමයකි. එම නිසා ගවයා ලම්භකර්ණ වංශයේ සංකේතයක් ලෙස හඳුන්වා දිය හැකිය.
මේ සියලූ කරුණු සේම කලක් අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ද කිඹුල්වත්පුර රාජ්‍ය පාලකයෙක්ව සිටියේය. එතුමාගේ වංශය ද වෘෂභ විය. එබැවින් වසභ යනු රාජ්‍ය පාලනයට සුදුසු පුද්ගලයෙකු බව මහා විහාර භික්ෂූන් විශ්වාස කළ අතර බලය ලබා ගැනීම සඳහා පුරවැසියා ඒකරාශි කිරීමේ කටයුත්තට උන්වහන්සේලා ද උදව් උපකාර කළහ.
මේ සියලූ කරුණු නිසා රටවැසියාගේ පක්ෂපාතිත්වය තව තවත් ඒකරාශී කරගත් වසභ කුමරු සුභ රජුගේ සේනාවත් සමග වසර දෙකක කාලයක් දරුණු යුද්ධයක් පවත්වාගෙන ගියේය.
අවසානයේ වසභ කුමරු ඔහුගේ සේනාව සමග රජ මාළිගය ආක‍්‍රමණය කළ අතර සුභ රජු රජ මැදුරේ මිදුලේ දී ඝාතනය කළ බව මහාවංශයේ සඳහන් වේ. එහි දී වසභගේ මාමා ද සුභ රජුත් සමගම මරණයට පත් විය.
අවසානයේ වසභ කුමරු අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත් විය.
පසුව තමන්ගේ ජීවිතය බේරා ගැනීමට මූලික වී කටයුතු කළ කනවැන්දුම් නැන්දණියට කෘතගුණ සැලකීම සඳහා සරණපාවා ගත්තේය. මෙය සිංහල සංස්කෘතියට අනුව හෙළාදකින ලද ක‍්‍රියාවක් වුව ද සිංහල ඉතිහාසයේ එවැනි අසම්මත විවාහයක් සිදුවූ පළමු අවස්ථාව ලෙස පෙන්වා දිය හැකිය. කෙසේ වුව ද වසභ රජුගේ පාලනයත් සමග නැවත අනුරාධපුර රජධානිය නව මුහුණුවරක් ගත්තේය.
එනම් ආර්ථික, දේශපාලනික, සාමාජික, සාධක යළිත් නවතාවයකින් ඉදිරියට ආවේය.
මුළු ලංකාවේම ආධිපත්‍ය පැතිරවූ වසභ රජු පිළිබඳ ඓතිහාසික සාධක යාපනය, කතරගම ආදී ප‍්‍රදේශවලින් සොයාගත් සෙල් ලිපිවලින් පැහැදිලි වේ.
මේ කාලයේ දී රජවරුන් රටවැසියනුත් දෛවඥයන්ගේ අනාවැකි බොහෝ සේ විශ්වාස කළහ. එම නිසා වසභ රජු කුමරු කාලේ දෛවඥයන් කියූ අනාවැකිය සත්‍ය වූ බැවින් නැවතත් රජ වීමෙන් පසු අනාගතය පිළිබඳ විචාළේය.
එහි දී වසභ රජු කෙටි කාලයකින් මිය යන බව දෛවඥයෝ ප‍්‍රකාශ කළහ. එය ඇසූ වසභ රජු සංඝයා වහන්සේලා මුණ ගැසී මෙම අනාවැකිය සත්‍ය වේ ද, එය වළක්වාගත හැක්කේ කෙසේ දැයි විමසුවේය.
සංඝයා වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කිරීමත්, ගරා වැටුණු විහාරාරාම පිළිසකර කිරීම, පෝයට අටසිල් සමාදන් වීම, පංචශීලය ආරක්ෂා කිරීම දීර්ඝායුෂ ලැබීමට හේතු බව සංඝයා වහන්සේලා පෙන්වා දුන්හ.
ඒ අනුව යමින් කටයුතු කළ වසභ රජු දේශපාලන, ආර්ථික, ආගමික සහජීවනය වෙනුවෙන් ඇපකැපවී ක‍්‍රියා කළේය. එනම් අද මහාචාර්ය කුලතුංගයන් සොයාගෙන ඇති වෘෂභ කාසි ක‍්‍රි.ව. දෙවන සිය වසේ වසභ රජුගේ කාලයේ භාවිත කළ කාසි විය හැකි බවට මතයක් ද පවතී. එහි දී ස්වයංපෝෂිත ආර්ථික රටාවක් තිබූ ලංකාවේ මුදල් භාවිතය තුළින් කොතරම් ආර්ථික දියුණුවක් තිබී ඇති දැයි නිශ්චය කළ හැකිය.
එසේම වසභ රජු දේශපාලන ලෝකයේ ද කතිකා කළ යුතු නාමයක් විය. එනම් පළමු වරට නව පාලන රටාවක් ලංකාද්වීපයේ නිර්මාණය කළේ එතුමාය. මීට පෙර සෑම රාජ්‍ය පාලකයෙකුම බලය ඒකරාශී කරගෙන රට පාලනය කළේය. එහෙත් ලංකාවේ පළමු වරට බලය විමධ්‍යගත කළ රජු ලෙස වසභ රජු හඳුන්වා දීමට පුළුවන.
එනම් වසභ රජුට පුතුන් තිදෙනෙකු සිට ඇත. එහෙත් මහාවංශයේ සඳහන් වන්නේ වංකනාථ තිස්ස නම් එක් පුතෙකු ගැන පමණි. එහෙත් හැබැස්ස හා තම්මැන්නා සෙල් ලිපිවලට අනුව ඔහුට උත්තර සහ දුටක ලෙස තවත් පුතුන් දෙදෙනකු සිටි බව සඳහන්ව ඇත.
මෙහි දී වසභ රජුගෙන් පසු වංකනාථ තිස්සයින් අනුරාධපුර රාජ්‍ය පාලනය ගෙන ගිය අතර දුටක කුමරු වයඹ සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පාලනය ගෙන ගිය බවට අනුමාන කළ හැකි කරුණකි (තම්මැන්නා සෙල් ලිපිය). එසේම ඌව ප‍්‍රදේශයේ හැබැස්ස විහාරයේ සෙල් ලිපියක නාග නම් රජු කෙනෙක් පිළිබඳ සඳහන්ව ඇත. ඔහු වසභ රජුගේ මුණුබුරා බවත් උත්තර මහරජුගේ ප‍්‍රත‍්‍රයා බවත් එහි සඳහන්ව ඇත. මහාවංශයේ සඳහන් නොවූව ද උත්තර යනු වසභ රජුගේ තවත් පුතෙකු බව එම සෙල් ලිපියෙන් තහවුරු වේ.
මේ කරුණුවලට අනුව වංකනාථ තිස්ස, දුටක හා උත්තර ලෙස වසභ රජුට පුතුන් තිදෙනෙකු සිටිය බවත් ඒ අය මහරජ නාමය ආරූඪ කර ගනිමින් එක් එක් ප‍්‍රදේශ පාලනය කළ බවත් ගම්‍ය වන කරුණකි.
Monday, September 28, 2015
බුද්ධදාස රජුගෙ ලාහුගල ගිරි ලිපිය
මහාවංසය, රාජාවලිය ආදී ඓතිහාසික මූලාශ්‍රවල ඉමහත් ගෞරවාදරයෙන් වර්ණනාවට ලක් කෙරෙන රාජ චරිතයක් ලෙස බුද්ධදාස රජුගේ චරිතය හැඳින්විය හැකිය. වංසකතාකරුවන් විසින් මෙතුමා හඳුන්වනුයේ බෝසත් ගුණැති යහපත් පාලකයකු හා දක්ෂ වෙදැදුරකුද වශයෙනි. තිරිසන් සතුන් කෙරෙහි පවා කුලුණු ගුණ දැක්වූ මෙතුමා රෝගී වූ සතුන්ද සුවපත් කළ බව සඳහන් වේ. එමෙන්ම විහාරාරාම ඉදිකරමින් සම්බුද්ධ ශාසනයේ උන්නතියට ද ප්‍රශංසනීය සේවාවක් කළ රජ කෙනකු වශයෙන්ද මූලාශ්‍රවලින් බුද්ධදාස රජු හඳුන්වා දී ඇත. බුදු දහමට මෙතුමා කළ සේවාව වංස කතාවලින් මෙන්ම ශිලා ලේඛනවලින් ද සනාථ වේ. ඒ සඳහා ප්‍රබල සාක්ෂියක් ලෙස අම්පාර ලාහුගල ගිරි ලිපිය සැලකිය හැකිය.
නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පානම ග්‍රාම නිලධාරි වසමේ ලාහුගල නාවික හමුදා කඳවුරේ 14 කණුව ආසන්නයේ පැරැණි ස්තූපය අසලින් උක්ත ලිපිය පිටපත් කර ඇත. ශිලා ලේඛනයේ සාමාන්‍ය දිග මීටර් 1 සෙන්ටි මීටර් 20ක්ද, පළල සෙන්ටිමීටර් 50ක්ද වේ. ලේඛනයේ අක්ෂර ස්වරූපය අනුව එය ක්‍රි.ව. 3 සියවසට දින නියම කළ හැකිය. ඒ අනුව ප්‍රස්තුත ශිලා ලේඛනයේ අක්ෂර අපර බ්‍රාහ්මී වන අතර භාෂාව පුරාණ සිංහල වේ.
පෙළ
බුදදස රජි ම විහාර ක ර වය වෙය දිසියෙ මහ බි
කුසගහට දිණි
අර්ථය
බුද්ධදාස රජු විසින් මහා විහාරය කරවා චෛත්‍ය දිසාවේ මහා භික්ෂු සංඝයාට පූජා කරන ලදී.
රාජකීය නාමය සඳහන් සෙල් ලිපි අතරට ලාහුගල ලිපි ද අයිති වනුයේ බුද්ධදාස රජුගේ නම එහි සඳහන් වන බැවිනි. ලේඛනයේ අක්ෂරවල කාලයත් එහි සඳහන් රාජකීය නාමයත් අනුව මේ ලේඛනයේ සඳහන් රජු, ක්‍රිස්තු වර්ෂ 3 සියවසේ මෙරට රජ කළ බුද්ධදාස (ක්‍රිස්තු වර්ෂ 340 _ 368) රජු ම යැයි නියත වශයෙන් ම කිව හැකිය. ශාසනික වශයෙන්ද, දේශපාලනික වශයෙන්ද, පොදුවේ රටවැසියා වෙනුවෙන්ද ප්‍රශස්ත සේවාවක් ඉටු කළ බුද්ධදාස රජු පිළිබ¼දව මහාවංසයේ සඳහන් වනුයේ මෙසේය. බුද්ධදාස රජු විසින් "දහම් දෙසන භික්ෂුන්ට බෝගයන් හා කැපකරුවන් දුන්නේය. සිවුපසයෙන් යුක්ත විහාර ද පිරිවෙන්ද වැව් ද දන්හල් ද පිළිම ගෙවල් ද කරවීය." යනුවෙන් මහාවංසය සඳහන් කරයි.
මේ රජු විසින් කළ විහාර කර්මාන්ත පිළිබඳ රාජාවලිය දක්වනුයේ මෙසේය."මෙසේ හැම විහාර කරවා සාංඝික කොට පිළිගන්වා සංඝයා සියයකට නිතිපතා දන් දෙනා... මොරපාය, පැපිලි වෙහෙර කරවා බොහෝ සංඝාරාම කරවා.." යනුවෙනි.
ඓතිහාසික මූලාශ අනුව පෙනී යනුයේ බුද්ධදාස රජු බොහෝ විහාර ආරාම කළ බවයි. මේ වංසකතා තොරතුරු සනාථ කරන ප්‍රබල සාක්ෂියක් අප සාකච්ඡාවට භාජනය වන ලාහුගල ලිපියෙන් අනාවරණය වේ. එනම් බුද්ධදාස රජු විසින් මහා විහාරයක් කරවා එය සංඝයා විෂයෙහි පූජා කළ බවයි. බුද්ධදාස රජු විසින් විහාර ආරාම කරන ලද ගම් පිළිබඳ ව මූලාශ්‍රවල සඳහන් වුවද, ඒ ගම් අතර උක්ත ශිලා ලේඛනයේ ඇති ස්ථානයේ වර්තමාන නාමය වන "පානම" යන නමට ආසන්න වශයෙන් හෝ ව්‍යවහාර වන නමක් නොදැක්වේ. එසේ වුවද රජු විසින් බොහෝ සංඝාරාම
කරවූ බැව් උක්ත ඓතිහාසික මූලාශ්‍රවල වාර්තා වේ.
ඒ අනුව බුද්ධදාස රජු විසින් බොහෝ විහාර කර්මාන්ත සිදු කළ බැව් වංස කතාකරුවන් පවසන සඳහන ලාහුගල ශිලා ලේඛනය තවදුරටත් තහවුරු කරයි. ප්‍රස්තුත ශිලා ලේඛනයේ අන්තර්ගතය අනුව බුද්ධදාස රජු විසින් මහා විහාරයක් කරවා එය චෛත්‍යය දිසාවේ මහා භික්ෂු සංඝයා වෙත පූජා කර ඇත. මෙහි චෛත්‍ය දිසාවේ යනු ස්තූපය දිසාවේ වාසය කරන භික්ෂු සංඝයා ලෙස සිතිය හැකිය. වර්තමානයේ ද මේ ස්ථානයේ පැරැණි ස්තූපයක් දක්නට ඇත. ඉන් පැහැදිලි වනුයේ අතීතයේ මෙකී ස්ථානය භික්ෂුන් වහන්සේ වැඩ වාසය කළ ආගමික ආයතනයක් ලෙස පැවතුණ බවයි.
Wednesday, September 23, 2015
ගලේ හැදූ ‘යහන් ඇඳ’
එළදැත්තේ නොක්ස්ගේ ජීවිතය පිළිබඳ එදා රොබට් නොක්ස් සිර කළ ගම සොයා ගිය ගමන මැයෙන් 2014 මැයි 6 දින මෙම පුවත්පතේ පළවිය. එහෙත් සැඟවුණු කථාවක් එළිදැත්තේ නැත. ගොවිතැන්බත් කරමින්, එළුගාලක් පවත්වාගනිමින් අතමිට සරු කරගත් නොක්ස් ඉතාමත් සැහැල්ලූවෙන් ජීවිතය ගතකරමින් සිටින අතර තම නිවෙසට කිට්ටුව වෙසෙන ගොවිරාල කෙනෙකුගේ එකම දියණිය වන ‘‘ ටිකිරිඑතනා’’ නම් තරුණියක් ගොවිරාලගේ ඇඹිණියක් තමා ගැන අනුකම්පා සහගතව බලා හිතවත්කමක් ඇතිකරගෙන ඇත.
නිතරම ඔවුන් කෑමබීම සකස්කර ගෙන නොක්ස්ගේ නිවසට ආගිය අතර ඔහුද අල්ලාප සල්ලාපයේ යෙදීමට එහි ගොස් ඇත. ‘‘ටිකිරිඑතනා’’ නොක්ස්ට කරකාර දීමට හිතාගෙන ඔවුන් එසේ කටයුතු කරන බව ඔහුට සිතුනත් තමාගේ එකම අධිෂ්ඨානය, අරමුණ රටින් පැනයාම බැවින් ඔහු ඉන් ඔබ්බට නොගිය බව ඔහුම සඳහන් කරයි. නොක්ස් වෙළෙදාමේ යන බව පවසා රටින් පැනයන මෙහෙයුමට යන දින ටිකිරි එතනාගේ ඇස්වල කඳුළු දැක දැක පියමංකර ඇත. ගමරාලගේ බලකිරීම මත ටිකිරිඑතනා ගමේ ගොවි තරණයෙකුට විවාහ කර දී ඇත. එලදැත්තේ මෙම තොරතුරු විස්තරය සොයා ගන්නා ලද්දේ රන්ජිත් ධම_කිර්ති මහතාගේ රොබට් නොක්ස් නම් කෘතියෙනි.
ලක්දිවේ සිරකරුවකුව සිටි තමාගේ ජීවිතය ගැනත් අප හෙළදිව ගැනත් සටහන් තැබීම අපගේ ඉතිහාසයේ II රාජසිංහ රජුගේ සාක්‍ෂිකරුවකු වශයෙන් අප ඔහුට ගරු කළ යුතුය. නොක්ස් සහ පිරිස අපගේ රටේ ආරක්‍ෂාව පතා රජතුමා විසින් සිරකරගෙන සිටිනු ලැබීම ගැනත් රජුට ස්තූතිය පිරිනැමිය යුතුය.
එහෙත් අද වර්තමානයේ ඉතිහාසයට අගය කිරීමක් නොමැති තරම්ය. නොක්ස්ගේ ලංකා වෘත්තාන්තය වැළලී යෑමට ඉඩදී බලාසීටීම අප අපගේම අගය හෑල්ලූවට ලක්කිරීමක් වන්නේය. වසර හාරසීයක් පැරණි නොක්ස්ගේ වෘත්තාන්තය පරිවර්තන පොත් කිය වූ බුද්ධිමතුන්, පාලකයන් කොපමණ ඇද්ද? ලංකාවේ දරුදැරියන්ටත්, සංචාරකයන්ටත් දැකබලා ගැනීමට ඔහුගේ ඉතිහාසය මතක සටහන් ආරක්‍ෂා කිරීමට මෙතෙක් නොහැකි වීම කණගාටුවට කරුණකි. එය රැකගැනීම රටේ අගය වැඩි වීමකි. 1908 හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජේ.පී ලූවිස් මහතා විසින් ලැගුම්දෙණියේ සහ එලදැත්තේ ස්මාරකයක් ඉදිකරනු ලැබ තිබීම පිළිබඳ ස්තුතිවන්ත විය යුතුය.
ලැගුම්දෙණියේ ස්මාරකය පසුගිය දිනක මහනුවර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, සහකාර අධ්‍යක්‍ෂ එල්.එම්. ගුනතිලක බණ්ඩා මහතාගේ මැදිහත් වීම මත ‘‘එලර්ටන්’’ පෞද්ගලික හෝටල් ආයතනය මඟින් ආරක්‍ෂිත වැටක් ඉදි කර ඇති අතර එලදැත්ත ස්මාරකය ද එසේ රැක ගැනීමට කටයුතු කිරීම යුතුකමක් සේම අතරගල්ල නිවස තිබූ තැන ස්ථානය ද ස්මාරකයක් ඉදිකිරීමත්, බණ්ඩාර කොස්වත්ත නමැති ස්ථානය ද එසේ සංරක්‍ෂණය කිරීම දැනටත් ප‍්‍රමාද නැත.
නොක්ස් සමඟ සියලූම සිරකරුවන් II රාජසිංහ රජුගේ අණ පරිදි කන්දේ නුවර නිල්ලඹ නගරයට කැදවනු ලැබූ බව ඔහු සඳහන් කරන පරිදි රජ මාලිගාව සොයා යා යුතුය. නිල්ලඹ රජමාලිගාවේ තිබුණ කිසිවක් නටබුන් සොයා ගැනීමට නැත අනුමාන කළ හැකි උළුකැට කැබලි කීපයක් සොයාගැනීමට හැකිවීම සාක්‍ෂියක් වෙයි.
ඉංග‍්‍රිසි පාලන සමයේ තේ වගාව සඳහා ඉඩම් මිලදී ගත් පුද්ගලයකු එහි තිබූ සඳකඩ පහන රැගෙන ගොස් ඇති අතර එය රැගෙන ගිය අයට රාත‍්‍රියේ නින්ද ගොස් නොමැතිව බයෙන් නිදි වර්ජිතව සිට උදෑසන අසළ ඇති පිට්ටනියේ කොස් ගස අසළට ගෙනවිත් දමා ඇත. ප‍්‍රදේශවාසීන් ප‍්‍රකාශ කරන්නේ සෑහෙන කලක් එය එම ස්ථානයේ තිබුණත් දැන් එම සඳකඩ පහන අතුරුදහන් වී ඇති බවයි. නොදන්නා කෙනෙක් හෝ එය ගෙනගොස් ඇත්නම් මහනුවර පුරාවිද්‍යා කාර්යාලයට භාර දීම මනුෂ්‍ය ගුණධම_යකි.
‘‘රාජමලේ වත්ත’’ රජ දවස නිල්ලඹ නගරයකි. රජුගේ මාලිගාව තිබූ තැන අදටත් ඇති අතර මාලිගාවේ සිට නිල්ලඹ ඔයෙන් එගොඩවී එතනින් හන්තාන කදුවැටියෙන් පහළට සැතපුම් හතරක් ගෙවා මහනුවර රජමාලිගාවට යාහැකිය. රජු ගමන් කර ඇත්තේ එසේය. එහෙත් අද දවස එම මාර්ගය වල්බිහිවී අඩිපාර පමණක් ඇත. පේරාදෙණිය ගලහ හන්දියේ සිට ගලහ මාර්ගයේ ගොස් සැතපුම් දහසයක් දුර ගෙවා ‘‘රාජමලේ’’ වත්තට ළඟාවිය හැකිය.
රාජමලේ රජුගේ මාලිගාව තිබූ තැනට පහළින් නිල්ලඹ ඔයේ රජු දිය නානලද ස්ථානයේ ඓතිහාසික සාධක මනාවට පිළිබිඹු වෙයි. ‘‘යහන් ඇඳ’’ නමින් හදුන්වන ස්ථානය ඇති අතර එම ස්ථානයට යෑමට පිවිසුම් මාර්ගයක් නොමැත. නිල්ලඹ ඔය දිගේ සැතපුම් කාලක පමණ දුරක් ගල්මතින් නැග ජල පහරවල් අතරින් දුෂ්කර ගමනකින් පසු එතනට ළගාවිය හැකිය.
‘‘යහන් ඇඳ’’ ගල්තලාව මට්ටම් කර ඇඳ නිර්මාණය කර ඇත. ‘‘යහන’’මතට වර්ෂාව ඇති අවස්ථාවල ජලය ඒම වැළැක්වීමට මනා ගල්පිහිල්ලක් කොටා ඇති අතර යහනේ හිස තැබීමට ගලින්ම කරන ලද කොට්ටයක් මෑතක් වෙනතුරු තිබී ඇත. අව්ව, වැස්ස සඳහා පියස්සක් ඉදිකර තිබූ බවට සලකුණු පෙන්නුම් කරන්නේ සමාන්තරව ගලේ හාරා ඇති වළවල්ය. යහන් ඇඳේ කොට්ටයේ නිදන් ඇතැයි සිතා අපගේ ඉතිහාසයේ අගය නොදන්නා අධමයන් නිදන් සොයා එය ගල් බෝර දමා විනාශකර ඇත. කොට්ටයේ මනාවට සියුම් ලෙස නෙළුම් මල් දෙකක් නිමවා තිබූ බව ගම් වැසියෝ ප‍්‍රකාශ කරති.
‘‘යහන් ඇඳේ’’ ගල්තලාවේ පහළින් ඇත්තේ ස්වාභාවික දියතටාකයකි. ගල් අතරින් ගලාඑන සුපිරිසිදු ජලයෙන් එය නිර්මාණය වෙයි. දර්ශනීය ලෙස දිස්වෙන වෘක්ෂලතාවෙන් අවට පරිසරය ආවරණය වෙන නැගෙන හිරු බැසයන තුරුම හිරුඑළිය ජලතටාකයට මනාසේ පතිතවෙන ස්ථානයකි.
යහන් ඇඳට මදක් ඉහළින් රජුගේ මගුල් ඇතා දිය නෑවීම සඳහා යොදාගන්නා එවැනිම ස්ථානයක් ඇත. එය පැහැදිලිව පෙන්වා සිටියේ නිල්ලඹ ශ්‍රී බෝධිරාජාරාමය, ශ්‍රී ආනන්දාරාමය යන උභය විහාරාධිපති පූජ්‍ය මුල්ගම සුමන කිත්ති හිමියන් විසිනුයි. ඇතා දිය නෑවීමට යොදාගෙන ඇති ස්ථානය පැති දෙකකින් ගල් පවුරක් ආකාරයට ඔයේ නිර්මාණය වී ඇති ස්ථානයක්ය. මගුල් ඇතාගේ හිස එම ගලේ නිර්මාණයකර පැහැදිලිකර ඇති ආකාරය දිස්වන්නේ ඇතුගේ ඇස සහ කන නිර්මාණය පුදුම මානව කි‍්‍රයාකාරකමක් ලෙසටයි. රජු ඇතා පිට යනවිට එලන ලද සළුව ගලේ නිර්මාණය කර ඇති බව දිස්වෙන අතර, එහි නෙළුම් මල් කොටා තිබීම හේතුවෙන් ගල්බෝර දමා නිදන් සොයා විනාශකර ඇත.
‘‘යහන් ඇඳ’’ ඇති ගල්තලාව රජුගේ මාළිගාව තිබූ ‘‘රාජමලේ’’ වත්ත දෙසට විහිදී පවති. එම ගල්තලාවේ යහන් ඇඳට යටින් අභ්‍යන්තරයේ උමං මාර්ගයක් ඇත. තරමක් දුරට ගියත් ඉහළින් ගල් කඩාවැටී උමං මාර්ගය වැසී ඇත. ජනප‍්‍රවාදයේ පවතින්නේ එම උමග මාලිගාව දක්වා තිබී ඇති බවත් මුල්ගම ප‍්‍රදේශයේ ඇති කොහොඹා දේවාලයට තවත් උමගක් සහ හන්තාන කදු ප‍්‍රදේශයෙන් සෙංකඩගල පුරට තවත් උමගක් තිබී ඇති බවත්ය.
ෂෂ රාජසිංහ රජුගේ නිල්ලඹ රජ මාලිගාවේ උළුවස්ස බේරි තිබී කෙසේ හෝ නිල්ලඹ ඔයට දමා ගසාගෙන විත් මහවැලි ගෙඟ් මොරේවක නම් ස්ථානයේ ඉවුරේ රැඳී තිබී එයින් ඔසවා ගෙන ගොස් උඩුනුවර ලෝකේෂ්වර නාථ දේවාලයේ උළුවස්සට තබා ඇත. එය දැක ගැනීමට දේවාලයටම යායුතුය. අඩි 6 අඟල් 10 උස අඩි 4 අඟල් 6 පළල හා අඟල් 6 ඝනකම වටිනා දැවයෙන් නිර්මාණය කර ඇති පුදුමාකාර කලාත්මක කැටයම් නිර්මාණයකි. කිසිම තැනක දැකගත නොහැකි අපූරු උළුවස්සකි. දේවාලයේ තිර රෙද්ද මෑත්කර එය පෙන්වනුලැබ සිටියේ ලෝකේෂ්වර නාථ දේවාලයේ කපු මහතා වන ඒ.එම්. ටිකිරිබණ්ඩා කපු මහතා විසිනුයි.
Monday, September 21, 2015
ජාවක චන්ද්‍රභානු අවසන් ගමන් ගිය තැන
ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසයේ අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර ආදී වූ සුවිශේෂී යුග කිහිපයක ඓතිහාසික තොරතුරු ආශ‍්‍රිත පර්යේෂණ ගවේෂණ කොතෙක් වුවද මධ්‍යකාලීන යුගයේ මෙරට ඉතිහාසයේ වැදගත් සිදුවීම් පිළිබඳ තොරතුරු විරල ය. ඒ අනුව මෙරට දඹදෙණි රාජධානි සමය හා බැඳි තොරතුරු අධ්‍යයනයේ දී ජාවක චන්ද්‍රභානු නමැති විදේශිකයාගේ ආක‍්‍රමණය මෙරට මධ්‍යකාලීන ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් ලෙස ගත හැකිය.
ඓතිහාසික මූලාශ‍්‍ර රචකයන් දක්වන පරිදි දඹදෙණි රාජධානි සමයේ ජාවක දේශයෙන් මෙරටට ආක‍්‍රමණයක් සිදුවී ද, ආක‍්‍රමණික චන්ද්‍රභානු ,, වැනි පැරකුම්බා රජු අතින් පරාජයට පත්වීම සැබෑවක් ද, එය සිදු වූයේ කෙසේ ද, කිනම් ස්ථානයක දී ද, නැතහොත් යථෝක්ත ආක‍්‍රමණය ඉතිහාස රචකයන්ගේ ප‍්‍රබන්ධයක් ද, යනාදී වූ ගැටලූ රැසකට විසඳුම් සෙවීමට ප‍්‍රායෝගික දායකත්වය සපයන ප‍්‍රධාන සාධකය වන්නේ ජාවක චන්ද්‍රභානු සොහොනයි. දඹදෙණි රාජධානියට අයත් කටුගම්පොළ හත්පත්තුව දේවමැදි හත්පත්තුව ආදී ප‍්‍රදේශාශ‍්‍රිත ජන සම්ප‍්‍රදායගත තොරතුරු අනුව මෙම ජාවක චන්ද්‍රභානු ආක‍්‍රමණය සිදු වූ ගමන් මාර්ගයත් ,, වැනි පැරකුම්බා රජුගේ පිරිස ආක‍්‍රමණිකයන් සමග සටන් කළ ප‍්‍රදේශයත් හඳුනාගත හැකි අතර කටුගම්පොළ හත්පත්තුවේ බොහෝ ග‍්‍රාම නාම පවා සකස් වී ඇත්තේ එම සටන් හා බැඳි සිදුවීම් ආශ‍්‍රිතව ය.
වයඹ සංස්කෘතික චතුරස‍්‍රය ආශ‍්‍රිත දඹදෙණි රාජධානිය හා බැඳි ඓතිහාසික සිදුවීම් අතර වැදගත් වන ජාවක චන්ද්‍රභානු ආක‍්‍රමණය ජනප‍්‍රවාදගත කතාවක් හෝ මූලාශ‍්‍රකරුවන් තම රජුගේ දක්‍ෂතාව දැක්වීමට සකස් කළ ප‍්‍රබන්ධයක් නොවන බවට සාධක බොහොමයක් හමුවේ.
,, වැනි පැරකුම්බා රජුගේ රාජ්‍ය හෝ පාත‍්‍රා ධාතුව හා දන්ත ධාතුව ලබා දෙන ලෙස තර්ජනය කරමින් ජාවක දේශයේ චන්ද්‍රභානු කළ ආක‍්‍රමණය හා පළමුවර පළවාහරින ලද මෙම ආක‍්‍රමණිකයා මරා දමා ලබාගත් ජයග‍්‍රහණය සත්‍යයක් බව සනාථ කිරීමට දඹදෙණි රාජධානියට අයත් ‘‘ඇන්නරුව’’ ප‍්‍රදේශයේ කුඹුරු යායක් මධ්‍යයේ තිබී හමුවූ ජාවක චන්ද්‍රභානුගේ බව සැලකෙන සොහොන වැදගත් සාක්ෂියක් වේ. ලාංකිකයන්ගේ බෞද්ධාගමික සංස්කෘතිිය අනුව සතුරාට ද අවසන් ගෞරව දැක්වීමට අවනත වෙමින් දුටු ගැමුණු රජු, ආක‍්‍රමණික පාලක එළාර රජු වෙනුවෙන් ඔහු මළ ස්ථානයේ සොහොනක් කරවූවා මෙන්ම දෙවැනි පැරකුම්බා රජු ද තමන් අතින් මරණයට පත් ආක‍්‍රමණික ජාවක චන්ද්‍රභානු ඔහු මළ ස්ථානයේ සොහොනක් කරවූ බව ඇන්නරුව විහාරාධිපති පල්ලේවෙල ආනන්ද හිමියන් පැවසූ අතර මෙම ඉපැරණි සොහොන හා ඇන්නරු යුද්ධය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් විහාරාධිපති හිමියන් සතුය.
මහාවංසයෙහි තත්කාලීන යුගය ආශ‍්‍රිත සිදුවීම් දක්වන වංසකතාකරුවා ජාවක චන්ද්‍රභානු ආක‍්‍රමණය හා ඇන්නරු යුද්ධය විස්තර කරමින් අලි 998ක්, අශ්වයන් 878ක් සහිත හතලිස් දහසක සේනාව හමුවේ පසුබා පළා යන චන්ද්‍රභානු හට, ‘‘එම්බල දුෂ්ටය, රජකුට බයේ රජෙක් පළා ගිය රටක් නොවන්නේ’’ යැයි දක්වමින් වහා සටනට කැඳවූ බව දැක්වේ. ,, පැරකුම්බා රජු අත වූ ජය කොන්තයෙන් ඇන්න පහරින් සටන සිදුවූ වෙල් යාය මැද මැරී වැටුණු චන්ද්‍රභානුගේ භෂ්මාවශේෂ තැන්පත් කර රාජානුග‍්‍රහයෙන් මෙම වෙල්යාය මධ්‍යයේ චන්ද්‍රභානු සොහොන ඉදිකර තිබේ. දෙවැනි පැරකුම්බා රජු තම සතුරට ජය කොන්තයෙන් පහර දුන් ආකාරය දුටු සිංහල සේනාව ‘‘ඇන්නරුව’’ යනුවෙන් පැවසූ අතර එතැන් පටන් එම වෙල් යාය ආශ‍්‍රිත ගම් ප‍්‍රදේශය ‘‘ඇන්නරුව’’ ලෙසත් එම ජාවක චන්ද්‍රභානු හා දෙවැනි පැරකුම්බා රජු අතර සිදු වූ සටන ‘‘ඇන්නරුව යුද්ධය’’ ලෙසත් ප‍්‍රදේශවාසීන් අතර ඉතිහාසගත වී තිබේ.
ලංකාවේ සොහොන් සංස්කෘතියේ තවත් වැදගත් අවස්ථාවක් ලෙසින් ඉතිහාසගත වුව ද වැඩි අවධානයට ලක් නොවූ ලංකාවේ නිරිතදිග රාජධානි සමයේ දඹදෙණි යුගයට අයත් ජාවක චන්ද්‍රභානු සොහොන ආශ‍්‍රිත සාධක වර්තමානයේ ද දක්නට ලැබේ. ඓතිහාසික වශයෙන් මෙහි ඇති අගය කොතරම් වුවද කෘෂිකාර්මික කටයුතු ආශ‍්‍රිතව එයට විශාල බලපෑමක් එල්ලවී ඇත.
චන්ද්‍රභානු සොහොන වටා ඇත්තේ කුඹුරු යායක් බැවින් මෙම සොහොන වටා ප‍්‍රදේශය කුඹුරු ගොවිතැන් කටයුතු සඳහා පස් කපා ඉවත් කිරීම නිසා සොහොන වර්තමානයේ තණකොළින් වැසුණු කුඩා ගල් ගොඩකට සීමා වී තිබෙන අතර ඇන්නරුව ශ්‍රී විජය සුන්දරාරාම අධිපති පල්ලෙවෙල ආනන්ද හිමියන් සතුව මෙසේ ගොවිතැන් කටයුතුවල දී ගැලවී ඉවත්වුණු චන්ද්‍රභානු සොහොනෙහි ගඩොලක් සුරක්ෂිතව තිබීම සතුටට කරුණකි. මෑතක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම ස්ථානයේ ශිලා ස්ථම්භයක් පිහිටුවීමට ද කටයුතු කර තිබේ.
මේ ආශ‍්‍රිතව තවදුරටත් පර්යේෂණ කිරීමෙන් ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අවස්ථාව සැලසෙනවා මෙන්ම වයඹ පළාත ආශ‍්‍රිතව වර්තමානයේ වයඹ සංස්කෘතික චතුරස‍්‍රය නම් සංකල්පය යටතේ ක‍්‍රියාත්මක වන පුරාවිද්‍යාත්මක හා සංචාරක කටයුතු තවදුරටත් වර්ධනය කරගත හැකි වන අතර, දඹදෙණිය රාජධානිය ආශ‍්‍රිත පුරාණ සොහොන් සංස්කෘතිය හා බැඳි ජාවක චන්ද්‍රභානු සොහොන ප‍්‍රාදේශීය සංචාරක ආකර්ශන ස්ථානයක් ලෙස ද ප‍්‍රවර්ධනය කළ හැකිය.
රාජසිංහ රජුට ප‍්‍රතිකාර කළ වෙද පරපුර හමුවෙයි
රණසිංහ මුදිහන්සේලාගේ ගාමිණී රණසිංහ කපුමහතා බදාදා කෙම්මුර දිනක මළුව අතුගාමින් සිටින විට මුණගැසුණා. එතුමා සමඟ කතාකර දේවාලේ කාර්ය ගැන දැන ගැනීමේදී මැදගොඩ දෙවොලට සීතාවක රාජසිංහ රජු සන්නසකින් මැදගොඩ ගම අක්කර 631, රූඞ් 1, පර්චස් 18 ප‍්‍රමාණයක් රජතුමා විසින් නින්දගමක් වශයෙන් පූජා කෙරී දේව රාජකාරි වශයෙන් කොටස් 18 කට වෙන්කර භාරදී ඇත. එයින් පළමුවැන්න වන්නේ දේවාලයේ කපුකමයි. කපුකමේ රාජකාරිය වන්නේ මංගල්‍ය හතරේදී දෙවියන් වැඩමවීම, දේවාලයේ සියලූම භාණ්ඩ ආරක්ෂා කිරීම, ගම්මඩුවට වෙඩි බෙහෙත් දීම ආදියයි.
වෙඩි බෙහෙත් දීම කියූ විට කපු මහතාගෙන් අසා සිටියේ කුමකටද කියාය. ඉන්පසු කපු මහතා ප‍්‍රකාශ කර සිටියේ රජ දවස සිට පෙරහර මංගල්‍යයේ වෙඩිමුරය පවත්වන්නේ සීතාවක රාජසිංහ රජු දේවාලයට පූජාකර ඇති එතුමාගේ කාලතුවක්කුවෙන් බවත් එයට වෙඩි බෙහෙත් දීම කපු මහතාගේ කාර්ය බවත්ය. කපුමහතාගේ රාජකාරියෙන් පසු හේන මාමා පංගුව, ලෙවන්ගමගේ රාජකාරිය, දීගලගේ පංගුව, ගීකියනගේ පංගුව, පනාවලගේ පංගුව, කල්තොට පංගුව, පුවක්පිටියගේ පංගුව, ඇස්වත්තේ පංගුව, තිඹිරිපොළගේ පංගුව, මහබද්දගේ පංගුව, මංඩාවලයලැ පංගුව, නැකතිගෙ පංගුව, ආචාරිගේ පංගුව, මෙම දේවකාරි කොටස් දහ අට රජු විසින් භාරදෙනු ලැබ නින්දගම ඔවුන්ට කොටස් වශයෙන් භුක්ති විදීමට සලස්වා, දේවාලයේ කටයුතු නිසි පරිදි කිරීමට අණකර ඇත. මෙම නම්වලින් එම ප‍්‍රදේශයේ වාසගම් පවතී. රජුගේ තුවක්කුව ආරක්ෂා සහිතව තබා ඇති අතර පෙරහර දිනට පමණක් එය ගෙන නැවතත් ආරක්ෂා සහිතව තබන බවත් කපු මහතා ප‍්‍රකාශ කරයි.
මැදගොඩ දේවාලයේ කැලණි ගඟට සමාන්තරව දයිගල, කුරුපැත්ත පසුකර යා යුතු වන්නේ රුවන්වැල්ල වෙතටයි. රුවන්වැල්ල නගර මධ්‍යයේ පිහිටා ඇති අම්බලම විශාලය. නගරය පුළුල් කිරීමේදීත් මාර්ගය සංවර්ධනය කිරීමේදීත් ඉවත් කිරීමට ඉඩ නොදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් එය රැකගෙන ප‍්‍රතිසංස්කරණය කරමින් පවතී. නගර මධ්‍යයේ අම්බලමට පිටුපසින් විශාල බළකොටුවකි. සිංහල රජ සමයේ ආරක්ෂිත ස්ථානයක් වශයෙන් භාවිතා කළ තැනක් වශයෙන්ද ලන්දේසීන් විසින් 1665 දී ඔවුන් එය අල්ලාගෙන ශක්තිමත් බළකොටුවක් බවට පත්කර ගනු ලැබ ඇත.
ඉන්පසු ඉංගී‍්‍රසි පාලන සමයේද ශක්තිමත් කර ඇත. ඉංගී‍්‍රසින් විසින් ඉදිකෙරුණු දොරටුව සහ ප‍්‍රාකාර බැම්ම අදටත් දැකිය හැකි අතර රුවන්වැල්ල නගර මධ්‍යයේ මෙම ස්ථානයේ මේ වන විට රුවන්වැල්ල පොලිසිය ස්ථාපිත කර ඇත.
රට මැද මාවතේ බළකොටු
කොළොම්තොට කන්ද උඩරට සෙංකඩගල රාජධානිය අතර රට මැද මාවතේ තිබූ බළකොටු අතර සීතාවක, රුවන්වැල්ල, අරන්දර, ඉද්දමල්පාන, හෙට්ටිමුල්ල, දිවෙල, අට්ටාපිටිය, බලන, යන ස්ථානවල බළකොටු ඉදිවී ඇත. මෙම බළකොටු අතර සීතාවක බලන සහ රුවන්වැල්ල, ඉද්දමල්පාන, බළකොටු පාලනය කෙරී ඇත්තේ මහනුවර රජු විසිනි.
රුවන්වැල්ල කොටුව භාවිත කර ඇත්තේ වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙනි. උඩරට කුරුඳු, ගම්මිරිස්, සාදික්කා, පුවක්, ඇත්දත්, පඩික්කන්, කැටයම් හෙප්පු ආදිය වෙළෙඳාම කර ඇති අතර පෘතුගීසින් හා
ලන්දේසීන් දෙපක්ෂයම සිංහලයන් හා කළ වෙළෙඳාමේදී ගැටුම් ඇතිවූ බව ප‍්‍රකාශ වේ. රුවන්වැල්ලේ සිට කොළොම්තොට අතර බඩු ප‍්‍රවාහනය කර ඇත්තේ කැලණි ගඟ ඔස්සේ පාරු මගිනි.
අට්ටාලගම, අටුළුගම වී ඇත. අට්ටාලගම සීතාවක රාජසිංහ රජුගේ නවාතැන්පොළක් බව ප‍්‍රකාශ වන්නේ රජතුමා සංචාරය කරන විට රාති‍්‍රය ගත කිරීමේදී අලින්ගෙන් බේරීම සඳහා අට්ටාල බැඳ ගිනිමැල ගසා තිබූ බවත් එම අසලම ඇති -කනංගම” ඔයට බිසෝවරුන් දිය නෑම සඳහා ගිය බවත් ප‍්‍රකාශ වේ. අටුළුගම කුඩා විහාරයක්ද ඇති අතර එම විහාරගෙයට බිසෝවරුන් වන්දනා මාන සඳහා ගිය බවත් අටළුගම පන්සලේ දහම් පාසලේ සහ දේවාලයේ කටයුතු කරන එන්.පී.ආර්. ගුණවර්ධන මාතාව ඉතිහාසය පිළිබඳව කරුණු කියා පායි. එතුමිය සමග කතා කරමින් සිටින අතර තුර ප‍්‍රකාශ කර සිටියේ කබුළුමුල්ල දේවාලය අවට ගම්වල සංඝයා වහන්සේලා පිරිත් නොකියන බවයි. එතුමිය කිරිඅම්මාවරුන්ගේ දාන කීපයකට එම ගමට ගිය බවත් පිරිත් දේශනා කරන්නට එපා කියූ බවත් එම නිවැසියන් ප‍්‍රකාශ කළ බවයි.
දෙහිගම්පල් කෝරළේ, පල්ගේම, කබුළුමුල්ල, පොල්ගස්වත්තේ ඇළ, දීගොඩමායිම යන ගම්මාන බවත් එතුමිය පැවසුවාය.
කරවනැල්ල තුන්මංසල අසලින් යටියන්තොට දෙසට කිලෝ මීටර් එකක් පමණ ගිය පසු කබුළුමුල්ල දේවාලය හමුවෙයි. ප‍්‍රධාන මාර්ගයේ වම්පස කඳුගැටය දෙසට පඩිපෙළ බැඳ දේවාලයට යෑමට පහසුවෙන ආකාරයට සකස්කර ඇත. ප‍්‍රධාන මාර්ගයෙන් දකුණට පහළින් ඇත්තේ කැලණි ගංතෙරයි. සීතාවක රාජසිංහ රජ සමයේ මෙම දේවාලය ඉදිකරන විට මඟුල් කප සිටවූ මුල්ල කප-ලූ-මුල්ල පසුව කබුළුමුල්ල වී යැයි ජනප‍්‍රවාදයේ පවතී.
කබුළුමුල්ල දේවාලය, හඳුන්වන්නේ -සිද්ධ ගනේගොඩ දෙළොස් පත්තිනි දේවාලය” යනුවෙනි. දේවාලයට යෑමට පෙර ගල්පඩි පෙළ වම්පස පැත්තේ ගනේගොඩ දේව ප‍්‍රතිමාවක්, දකුණු පසින් පත්තිනි දේව ප‍්‍රතිමාවක් නිර්මාණය කර දර්ශනීය ලෙස විනිවිද පෙනෙන ආකාරයට ආවරණය කර තිබෙන ආකාරය දැකිය හැක.
කබුළුමුල්ල දේවාලයේ ආරම්භය පිළිබඳව සොයා බැලීමේදී දේවාලයේ කපු මහතා සොයා යා යුතුය. දේවාලය අසලම නිවස සාදාගෙන ඇති කපු මහතා කබුළුමුල්ල දේවාලයේ බස්නායක නිලමේ වරයා ද වෙයි. අභය රණසිංහ මුදියන්සේලාගේ කුඩා බණ්ඩාර රණසිංහ මහතා 52 වෙනි කපු මහතාය.
ලංකාවේ ඇති දේවාල රජමහා විහාර අතරින් බස්නායක නිලමේ ධුරයක් දේවාලයේ කපුමහතාත් යන නිලයන් දෙකම දරන එකම දේවාලය වන්නේ කබුළුමුල්ල දේවාලයයි. එතුමා ප‍්‍රකාශ කරන්නේ රජ පරම්පරාවෙන් සන්නසකින් ලැබී ඇති දේවාල රාජකාරිය නොපිරිහෙළා කිසිම දේශපාලන බලයකට යටත් නොවී ඉතාමත් දියුණුවෙන් දියුණුවට පත්වෙමින් බස්නායක නිලමේ ධුරයක් දරමින් හොඳින් කටයුතු කරගෙන යන බවයි.
දේවාලයට කැපවූ රජ කතාව එතුමාගෙන්ම අසා දැනගනිමු. සීතාවක රාජසිංහ රජුගේ සේනාවේ කළුතොට බළකොටුව භාර සෙනවි ධුරය දැරූ සෙනවියා -රණසිංහ මුදියන්සේ” ය. ඔහු රාජසිංහ රජුගේ විශ්වාසය දිනාගෙන සිටි ප‍්‍රබල සෙනවියෙක්ව සිට ඇත. එවකට වනිගකුල අබේසිංහ නමින් ව්‍යවහාර වී ඇති අතර මොහු රජුගෙන් සම්මාන සහ ගෞරව ලැබීමක් කෙරෙහි නොමනාපයෙන් සිටි පිරිසක් සීතාවක රජ වාසලේ සිට ඇති අතර නිතරම පැසසුම් ලැබූහ. -වනිගකුල” සෙනවියාට රජු කෙරෙහි විශ්වාසය බිඳවීමට නොයෙක් වැරැුදි තොරතුරු රජුට සපයා ඇත. ටික කලකින් රජු වනිගකුල සෙනවියා කෙරෙහි විශ්වාසය අඩු වී පසුව අත්අඩංගුවට ගෙන හිරගෙට දමා පසුව මරණයට නියම කරන්නට තබා ඇත.
එහෙත් මෙම රණසිංහ මුදියන්සේගේ සහෝදරයෙක් මංගෙදර මුල්ලේ පත්තිනි දේවාලයක් කරගෙන ගොස් ඇති අතර ඔහු සහෝදරයා කෙරෙහි දුක ඇතිවී දෙවියන්ට කන්නලව් කරන්නට පටන්ගෙන ඇත. කන්නලව්වේ ප‍්‍රතිඵලයක් ලෙස සීතාවක රාජසිංහ රජු රැුයේ සිිිරියහන් ගබඩාවේ සැතපී නිදි සුව විඳිමින් සිටියේය. රජුට සිහිනයෙන් දෙවියන් පෙනිණි. රතුරෙදි හැඳ කඩු පලිහ ගත් දෙවියෝ රජු සිහිනයෙන් බය කළ පසු සිහිනය අවසානයේ රජු සැතපෙන ඇඳ කඩාගෙන රාජසිංහ රජු බිම ඇද වැටී ඇත.
රජු ඇමැතිවරු කැඳවා සිරකරගෙන සිටින සෙනවියා බලන ලෙස අණකර ඇත. සෙනවියා නිරුපද්‍රිතව සිටියේය. එහෙත් දෑතට දෙපයට, දැමූ විලංගු ගැලවී කැබලි වී ඇත. ඇමැතියන්ගෙන් කරුණු විමසා රජු රණසිංහ මුදියන්සේ කැඳවා සෙනවියා සතුව හාස්කමක් ඇද්දැයි විමසූ විට එවන් හාස්කමක් නොමැති බවත් එල්ලවී ඇති චෝදනාවලට තමන් නිර්දෝෂී බවත් ප‍්‍රකාශ කර ඇත. මංගෙදරමුල්ලේ දේවාලයේ කපුකම කරන සොහොයුරා යාතිකා කළේ දැයි තමන් නොදන්නා බවද ප‍්‍රකාශ කර ඇත.
පසුව රජු එම දේවාලයේ කපුවා කැඳවා විමසා සිටීම අනුව තමා දෙවියන්ට කන්නලව් කළ බවත් නිර්දෝෂී තම සොහොයුරා පත් විපත ගැන කනගාටුවෙන් එලෙස කළ බවත් කියා සිටීම අනුව රණසිහ මුදියන්සේ නිර්දෝෂි බව වටහාගත් රජු දේව නියමය අනුව ඔහුට අභයදානය දී ඇත. එතැන් පටන් -අභයරණසිංහ මුදියන්සේ” යන නමින් හඳුන්වා ඇත.
සොහොයුරන් දෙදෙනා ගැන පැහැදුණු සීතාවක රාජසිංහ රජු කබුළුමුල්ල දේවාලය තනා -අභයරණසිංහ” මුදියන්සේට භාර දුන්නේය. මැදගොඩ දේවාලය තනා මංගෙදර මුල්ලේ සිටි -රණසිංහ මුදියන්සේට” භාර දුන්නේය.
සීතාවක රාජසිංහරජු සිහිනෙන් බයව ඇඳ කඩාගෙන බිම වැටුණු බවත් එම සිරියහන් ඇඳේ කොටස් කබුළුමුල්ල දේවාලයට පූජා කළ බවත් කියවේ. කැඞී බිදී ගිය ඇඳේ -වියල හා බාපත” දේවාලයේ ඇත. අභයරණසිංහ මුදියන්සේ බස්නායක නිලමේ තුමා එම සිරියහන් ඇඳේ කොටස් පෙන්වා සිටි අතර රජු විසින් පරිහරණය කරන ලද කෞතුක වස්තුව රත්හඳුන් ලීයෙන් නිම කළ අගනා කැටයම් සහිත නිමවුමකි. -බාපතේ” වර්ණ ගන්වා ඇති වර්ණ අදටත් පැහැදිලිව දක්නට ඇත.
වසර 430 ක් පැරණි, රජු පරිහරණය කරන ලද එම වස්තූන් රටේ නොයෙක් ආක‍්‍රමණ සහ යටත්විජිත සමයේදී ද ආරක්ෂා කරගෙන අනාගත පරපුර වෙනුවෙන් රැුකබලාගත් අභයරණසිංහ මුදියන්සේ පරම්පරාවට ස්තූතිය පරිනැමිය යුතුය.
කබුළුමුල්ල දේවාලයේ බස්නායක නිලමේතුමාගෙන් අසා සිටියේ පිරිත් නොකියන කතාවේ තේරුම ගැනයි. එතුමාද එය සනාථ කරමින් ප‍්‍රකාශකර සිටියේ පිරිත් කියූ නිවසක් මේ ළඟම තිබෙන බවත් ඔවුන් නිවස අතහැර ගිය බවයි. සියළුම ආගමික කටයුතු පන්සල සමග හොඳින් කරන බවත් මරණයකදී අවසන් කටයුතු, දානමය කටයුතු කිසිම අඩුවකින් තොරව සිදුවෙතත් පිරිත් කීමේදී එවැනි බලවේගයක් ඇති බවයි.
දේවාලයේ බස්නායක නිලමේ මෙන්ම කපුමහතා යන ධුරයන් දෙකම දරන අභයරණසිංහ බණ්ඩාර මහතාගෙන් සමුගෙන කන්ද උඩරටට යෑමට ඇති මාර්ගයේ එනවිට මීළඟට හමුවන්නේ කඩදොර දේවාලයයි. කඩදොර දේවාලය ඇත්තේ කන්නන්තොට නමැති ගම්මානයේය. එම දේවාලයත් රාජසිංහ රජු ආභාසය ලැබූ දේවාලයක් සේම විශාලතම මැණික් පත්තිනි සළඹ රජු ලබාදී ඇත්තේ කඩදොර දේවාලයටයි. කන්නන්තොටත් පෙතන්ගොඩත් අතර පිහිටි මෙය රජ දවස මෙන්ම අදටත් ඇළ දොළ මංමාවත් අතරින් කඳු බෑවුමකින් ගමන්කර යා යුතුය.
කඩදොර දේවාලයේ විස්තරය දැනගැනීම සඳහා දේවාලයේ බස්නායක නිලමේ සොයා යා යුතුය. ඉඹුලාන වත්තේ ඇති වසර ගණනාවක් පැරණි ඉතාමත් අලංකාර මැදමිදුලක් සහිත නිවසේදී ශ්‍රීලාල් අප්පො බස්නායකතුමා හමුවිය.
කඩදොර දේවාලයේ බස්නායක නිලමේ ශ්‍රීලාල් මහතා දේවාලය පෙන්වීමටත් කඩදොර ඇති ස්ථානය පෙන්වීමටත් නොපැකිළිව ඉදිරිපත් වුණා. එතුමා පළමුවෙන්ම රත්තානගල පෙතංගොඩ අතර කිතුල්ගස්දෙණියේ කඩදොර එතුමා පෙන්වා සිටියා. එදා රජ දවස රජුටයි, මහ අධිකාරම්ටයි, අවසරයකින් තොරව එම කඩදොර පසුකර එහා මෙහා ගමන්කළ හැකි බවත්, සෙසු දිසාව හෝ අවශේෂ මුලාදෑනීන් යනවා නම් තම තමන්ගේ නිලයන් අනුව තුවක්කු පත්තුකර හක්ගෙඩිය පිඹ දැනුම්දීලා අනික් පැත්තේ අය ගෙන්වාගෙන අවසර ගෙන ඒ හරහා ගමන්කළ යුතුය.
”අම්බලම් ඕවිටත්” දේවාලයත් අතර මෙම කිතුල්ගස්දෙණියේ කඩදොර සිට දෙවොලට සැතපුමක් පමණ දුරක් ඇති අතර සීතාවක රාජසිංහ රජතුමා විසින් තෑගි දෙන ලද පත්තිනි දෙවියන්ගේ විශාල මැණික් සළඹක් කඩදොර දේවාලයේ ඇති බව කියති. පෙරහර මංගල්‍යයේදී දිය කැපීමට එය වඩම්මයි.
කඩදොර දෙවොලේ බස්නායක නිලමේතුමාගෙන් සමුගෙන යා යුත්තේ රුවන්වැල්ල ගුරුගොඩ පසුකර අඟුරුවැල්ලට පැමිණ ගුරුගොඩ ඔයෙන් එගොඩවී පෙතන්ගොඩටය. පෙතන්ගොඩ වඩාත්ම ප‍්‍රසිද්ධව ඇත්තේ නපුරු උණකටුව රාජසිංහ රජුගේ ඇනුණු උණපදුර නිසාය.එමගින් තුවාල ලද රජුගේ අවසානය සිදුවූයේ එම උයනේදීය.
කඩදොර දෙවොලේ බස්නායක නිලමේතුමාගෙන් සමුගෙන යා යුත්තේ රුවන්වැල්ල ගුරුගොඩ පසුකර අඟුරුවැල්ලට පැමිණ ගුරුගොඩ ඔයෙන් එගොඩවී පෙතන්ගොඩටය. පෙතන්ගොඩ වඩාත්ම ප‍්‍රසිද්ධව ඇත්තේ නපුරු උණකටුව රාජසිංහ රජුගේ ඇනුණු උණපදුර නිසාය.එමගින් තුවාල ලද රජුගේ අවසානය සිදුවූයේ එම උයනේදීය.
එහිදී රාජපුරුෂයින් වෙදෙක් ගෙනෙනා ලෙස නුවරට පණිවිඩ යවා තිබූ අතර පෙතංගොඩ උයනේදී වෛරයෙන් සිටි සැවොම රජුට විෂ බැඳ තුවාලයට ප‍්‍රතිකාර කළ බව ප‍්‍රකාශවෙයි. (මහා වංශයේ 59 ෙඡ්දයේ සඳහන් කර ඇත.) රජතුමාගේ තුවාලයට වෛරකරුවන් විසින්, අශ්වබෙටි, ගවබෙටි, ඇත්බෙටි කකාරා දැමූ බවත් එයින් පිටගැස්ම හැදී ඇති අතර පෙතංගොඩ සිට අඟුලෙන් සීතාවක දක්වා පිරිස රජු ගෙනගිය අතර වැලිපිටියේ කිකිළි බිත්තර වැල්ලේදී රජු කටින් පෙන දමා මියගිය බවත් ප‍්‍රකාශවෙයි.
පෙතංගොඩ උයනේදී ප‍්‍රතිකාර කිරීම සඳහා පණිවිඩ යවා පැමිණි නුවර වෙදරාළ පෙතංගොඩ ප‍්‍රදේශයේම නතරවී ඇත. එම වෙදරාලලාගේ පරම්පරාව අද එම ගම්පියසේ ජීවත් වෙයි. නුවර වෙදරාල සොයා යා යුතුය.
පෙතංගොඩ උයනට නුදුරේම තොරතුරු සොයා බලන විට වෙදරාලලාගේ ගුණතිලක (ඩබ්ලිව්.ආර්. ගුණතිලක) වෙදරාල හමුවිය. වයස 72ක් වූ වෙදරාල ප‍්‍රකාශ කර සිටියේ රජතුමාට වෙදකම් කිරීමට පැමිණ සර්ප විෂ වෙදරාලලාගේ හත්වෙනි පරම්පරාව ඔවුන් බවයි. ගුණතිලක වෙදරාලලාගේ පියා, මුදියන්සේ නුවර වෙදරාලයි. ඔහුගේ පියා අප්පුහාමි වෙදරාල, මුත්තා ගුණතිලක නුවර වෙදරාලයි. මෙම පරම්පරාවෙන් ගෙනා සර්ප වෙදකම පින්තකා කරන බවත් මුදල් අයකිරීමක් නොකරන බවත් සර්පයින් දෂ්ටකර රෝහල් ගතවූ රෝගීන්ගේ කකුල් ඉදිමීමේ රෝගය සුවකර දීමේ හැකියාව ඇති බවත් ¥ත ලක්ෂණ බලා රෝගියා හඳුනාගෙන ප‍්‍රතිකාර කිරීමේ හැකියාව ඔවුන් සතුව ඇති බවත් ප‍්‍රකාශ කරන අතර දෙබරුන් හයදෙනකු දෂ්ටකර පිස්සුවෙන් සිටි අයෙක් ඇස් අන්ධව සිට දැන් ප‍්‍රතිකාර කිරීමෙන් පසු හොඳටම සුවය ලබාගත් බව ගුණතිලක මහතා ප‍්‍රකාශ කරයි.
වෙදකමක් කිරීමට යන විට පරෙස්සමෙන් යන බවත් ප‍්‍රසිද්ධ නොකර රෝගියාගේ නිවසට යන බවත් එසේ නොවුණහොත් විෂ බඳින කතාවක් කියන වෙදරාල තුන්දොස් සමනය කර දෙහිකපා බෙහෙත් කරන බවත් සර්පයකු දෂ්ට කළ විට විෂ ශරීරගත නොවීමට ප‍්‍රතිකාර කර රෝගියාට ප‍්‍රතිකාර කිරීමෙන් පසු ඉදිමුම් බැසීම සඳහා පුපුල කොළ, පිරිමි ළදරුවෙකුගේ මූත‍්‍රා සමග අඹරා ගෑමෙන් ඉදිමුම බසින බවත් ඔහු ප‍්‍රකාශ කළේය.
අඟුරුවැල්ල, පෙතංගොඩ, පෙතංගොඩඋයන පසුකර කන්නන්තොට, මත්තමගොඩ, අම්පේ, කොටියාකුඹුර, අටාල, ටික්කංගල, උඩුගම පසුකර අරන්දරින් බෝගස් හන්දියෙන් දකුණට හැරී කැකුලාවල කොටුගොඩැල්ලට පැමිණිය යුතුය.
අරන්දරින් වම්අත පැත්තට ඇති මාර්ගයේ ස්ත‍්‍රීපුර මහාවිහාරය පසුකළ පසු මැණික්කඩවර පෘතුගීසි බළකොටුව හමුවෙයි. එම මාර්ගය වැටී ඇත්තේ දැදිගම මීරිගම පැත්තටය. රට මැද මාර්ගයේ කන්ද උඩරට රාජධානියට ගමන් කරන විට අරන්දරින් දකුණට ගමන් කළ යුතුය. තරමක් දුරට යන විට අරන්දර අම්බලම හමුවෙයි. මාර්ගයේ අද්දර අම්බලම පිහිටා ඇත.
අරන්දරින් කොටුගොඩැල්ලේ පිහිටි ඉද්දමල්පානේ, සිංහල බළකොටුවේ ආධාරයෙන් විමලධර්මසූරිය රජු (1686-1705) පෘතුග‍්‍රීසි ගැස්පාර් කොරයා සමග විශාල සේනාවක් විනාශ කළ බව ප‍්‍රකාශ වෙයි. කොටුගොඩැල්ලේ බළකොටුවේ මේ වන විට කිසිම සලකුණක් සොයාගැනීමට නොමැති අතර කොටුගොඩැල්ල පසුකර තරමක් දුරට යන විට හමුවන්නේ හරිගලයි.
හරිගල පිහිටා ඇත්තේ කොටුගොඩැල්ලේ කොටුවට තරමක් නුදුරිනුයි. හරිගල නම ගමට පටබැඳී ඇත්තේ ”එකහරිගල දෙකකිනිගම මලෙන් පහන ගම කොතනද” මෙම පද කීපය කියමින් ඉන්දියාවේ සිට බ‍්‍රාහ්මණයින් දෙදෙනෙකු හරිගල සොයා පැමිණ ඇත.
මෙහි අරුත වන්නේ ඉද්දමල්පානේ හරිගල නමැති ගල කොතනද කියාය. පසුව ඔවුන්ට ලාහුපනේ නමැති ස්ථානයේදී කුඩා මාර්ගයේ අද්දර ඇති ගලේ නයිපෙනයක් සහ ලාහා කොටා තිබී හමුවී ඇත. ලාහා යනු වී මැනීමට ගන්නා උපකරණයකි. මෙම සලකුණ අනුව ඉදිරියෙන් කුට්ටිගලක් වශයෙන් දිස්වන හරිගල හමුවී ඇති අතර ඔවුන් එහි තිබූ වටිනා වස්තු ප‍්‍රමාණයක් ගල බිඳ රැුගෙන ඇති බවත් එවකට සිටි ග‍්‍රාමයේ පාලකයෙක් සහ පිරිස ඔවුන් පසුපස ලූහුබැඳ ඇති බවත් බ‍්‍රාහ්මණයින් ‘වරාගං’ ස්වල්පයක් පසුපසින් එන අයවෙත විසිකර ඇති අතර ඔවුන් එම ‘වරාගං’ ඇහිදින අතරේ බ‍්‍රාහ්මණයින් අසුපිටින් පලාගොස් ඇති බවත් කියැවේ.
මෙම සිදුවීම ලන්දේසි සමයේ සිදුවූවක් බව ප‍්‍රකාශ කරන්නේ ඉතිහාසය පිළිබඳව උපාධිධාරී හරිගල ගමේ සමරවර්ධන විශ‍්‍රාමලත් ගුරුමාතාවයි. එතුමිය හරිගල සොයන මගපෙන්වන්නිය වූවාය. ලාහුපනේ ගලක් මාර්ගය පුළුල් කිරීමේදී තරමක් කඩා ඉවත්කර ඇත. සමතලා ඉඩමක් මධ්‍යයේ ඇති හරිගල වස්තුව තිබූ ගල කළයක් හා සමාන කොටස ඇය පැහැදිලිවම පෙන්වා සිටියා. ලාහුපනේ ඒ අසලම භාවිතයේ ඇති ගමකි. ගලේකොටා තිබූ නයිපෙනේ ලාහා ළඟම කොටා තිබූ නිසා ලාහා ූ පෙනේ ලාහුපෙනේ වශයෙන් අද භාවිත වේ.
හරිගල පසුකර මද දුරක් ගිය පසු මංකඩක් ඇත. එය දොළපාරකින් එගොඩවීමට ඇති ස්ථානයකි. මංකඩින් එගොඩ වූ පසු හමුවන්නේ ඉද්දමල්පාන රජමහා විහාරයයි. ඉද්දමල්පාන දෙපස ඇති ගම්මාන වදුරදෙණියත් අමුගොඩත් හමුවේ. අමුගොඩ ගම පිළිබඳව සමරවර්ධන ගුරුමාතාව කවියක් කියා සිටියාය.
අටිය වඩන අටුගොඩ කුරු වරකාව
නැටිය බරින් පලගත්තේ ඵලදාව
කටුවට එන බඹරු මැද කෑ ගෝසාව
කටුව රසයි අටුගොඩ කුරු වරකාව
නැටිය බරින් පලගත්තේ ඵලදාව
කටුවට එන බඹරු මැද කෑ ගෝසාව
කටුව රසයි අටුගොඩ කුරු වරකාව
ඉද්දමල්පාන කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේ ඉදිවූවකි. රජතුමා තඹ සන්නසකින් රිදී කරඬුවක් පූජාකර ඇත.
රජමහා විහාරයට ගියත් එම රිදී කරඬුව දැකබලා ගැනීමට නොහැක. හරිගල සුමනරතන හිමියන් ප‍්‍රකාශ කළේ 2007 වර්ෂයේ දිනක රාත‍්‍රියේදී සොර කණ්ඩායමක් පැමිණ බෝපිටියේ ශ්‍රී සුමනරතන හිමියන් (අපවත්වී ඇත) ගැටගසා රත්රන් පිළිමය ඉල්ලා සිටි බවත් එවැන්නක් නොමැති බව ප‍්‍රකාශ කළෙන් රිදී කරඬුව පෙන්වා එය කුමක්ද කියා ඇසූ බවත් දහම්පාසලේ ළමයින්ගේ උත්සවයක කරඬුවක් බව ප‍්‍රකාශ කළ බවත් පසුව රිදී පිළිමයක් සහ මුදල් පැහැරගෙන ගිය බවත් ප‍්‍රකාශ කර සිටින ලදී. එම සිදුවීමෙන් පසු රිදී කරඬුව වැඩි ආරක්ෂාව පතා ඈත පිටිසර රජමහා විහාරයක ආරක්ෂාවට තබා ඇති බව ප‍්‍රකාශකර සිටින ලදී.
Sunday, September 20, 2015
වැස්සට අධිපති දෙවියන්ට පිදු ආඬිගල රජමහා විහාරය
ගමයි - පන්සලයි - වැවයි දාගැබයි යන අපූර්ව සංස්කෘතියට නෑකම් කියන වෙහෙර විහාර රාශියක් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පිහිටා තිබේ. අදත් එම සංස්කෘතීන් නමටම සීමා වී නොපැවතීම මෙහිදී දැකිය හැකි විශේෂ ලක්‍ෂණයකි. අනුරාධපුර කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ තඹුත්තේගම රැජින හන්දියෙන් හැරී කිලෝමීටර් 15ක් පමණ ගියවිට හමුවන ආඬිගල රජමහා විහාරය ද එකී සුවිශේෂත්වය ඇසින් දැකිය හැකි විඳිය හැකි මනස්කාන්ත පුදබිමෙකි.
මේ විහාරයේ ඉතිහාසය සොයා බලද්දී අනුරාධපුර යුගයේ මුල් සමයට නෑකම් කියන විහාරයක් හැටියට පැහැදිලිව හඳුනා ගත හැකිය. විහාරයේ සුවිසල් වූ ගිරි ශිඛරය පාදක කොට ගෙන පිහිටි පර්වත ලිපි දෙක, ලෙන් ලිපි දෙක හා කටාරම් කෙටූ ගල්ලෙන් ක‍්‍රිස්තු පූර්ව දෙවැනි සියවස තරම් දුරාතීතයට අයත් යැයි විශ්වාස කෙරේ.
ඇතැම් ලෙන් ලිපි කාලයත් සමග විනාශව ගොස් ඇතත් ලෙන් ලිපිවල ඉතිරිව පවත්නා කොටස් කියැවීමෙන් යම්තාක් දුරකට අර්ථ විග‍්‍රහයකට යෙදිය හැකිය. එවැනි එක් ලෙන්ලිපියක සඳහන් වන්නේ තිස්ස ගෝත‍්‍රයට අයත් භික්ෂුවක විසින් මේ ලෙස පුදන ලද බවය. තවත් ලෙන් ලිපියක සඳහන් වන්නේ ප‍්‍රමුඛ උත්තියගේ පුත‍්‍ර ප‍්‍රමුඛශුම විසින් ලෙන් පූජාව සිදු කරන ලද ඇති බවය. කෙසේ නමුත් මේ තොරතුරු ගවේෂණයේ යෙදෙන විට පැහැදිලි වන්නේ ලක්දිවට බුදුසසුන පැමිණි මුල් සමයේම ආඬිගල විහාරය කීර්තිමත් සිද්ධස්ථානයක් හැටියට පවතින්නට ඇති බවය.
ආඬිගල විහාරයේ ලෙන් විහාරය ඉදිරිපිට පර්වතයේ පවත්නා සෙල් ලිපියක ”කළඳගවින” යන අකුරු කීපය පමණක් ඉතිරිවී ඇති මේ ලිපිය පිළිබඳව සෙනරත් පරණවිතාන මහතාද අදහසක් ඉදිරිපත් කොට තිබේ. පුරා විද්‍යාඥයන් විසින් සඳහන් කරන ලද මත වලට අනුව කලා ඔයට නුදුරුව අතීතයේ පැවැති දියුණු වෙළෙඳ නගරයක් හැටියට මෙම ප‍්‍රදේශය පැවැතී ඇත. එදා කාල දීඝවාපී ද්වාර විහාරය ලෙස හඳුන්වා ඇත්තේ මේ ආඬිගල රාජමහා විහාරයයි. එසේම කලකදී අහලිපවත විහාරය හැටියටත්, මේ විහාරය හඳුන්වා තිබේ. එදා මේ ප‍්‍රදේශයේ විසූ අහල නම් ඇමැතියා කරවූ ”අහල වැව” අද ”අංගමු වැව” යැයි විශ්වාස කරනු ලැබේ. මේ අහල වැවේ ජල බද්ද පූජාකර ඇත්තේ අහලිපවත චේතියටයි. සෙල්ලිපිගත තොරතුරු ගැඹුරින් පිරික්සා බලද්දී මේ ආඬිගල රාජමහා විහාරය හත්ථදාඨ මහ රජු විසින් කරවන ලද බවට තොරතුරු හමුවේ.
විහාරයේ ගල් පර්වතය තරණය කිරීමට ගලේ කෙටූ ඉතා රමණීය ගල් පඬි පෙළකි. මේ ගල් පඩිපෙළ ආඬිගල විහාරයේ මනස්කාන්තම හා වටිනාම නිර්මාණය යැයි අපිදු විශ්වාස කරමු.
ගල්පඩි නැඟ පර්වතය මුදුනට ගියවිට විශාල තැනිතලාවක් හමුවේ. ගල මුදුනෙහි ඉපැරණි දාගැබක නටබුන් දැකිය හැකිය. අඩි හයක් පමණ දිග ශෛලමය රූපය මේ දාගැබ අසලම දැකිය හැකිය මේ දාගැබ ආසන්නයේ කවාකාර ගොඩනැගිල්ලක්ද තිබී ඇත. මේ ඉපැරණි චේතිය අසේල වෛත්‍ය (අහලිපවත චේත) ලෙසද හඳුන්වනු ලැබේ. එය අසේල ඇමතිවරයා කරවූ නිසා මේ නමින් හඳුන්වන බව සිතිය හැකිය.
ගල මුදුනේ ලංකාවේ හැඩයට සමාන ස්වභාවික පොකුණක්ද දක්නට ලැබේ. එසේම ගල මුදුනේ සිට අවට බලද්දී ප‍්‍රදේශයේ සිරි අසිරිය අපූරුවට විඳ ගැනීමට පුළුවන. නිල්වන් කෙත් යාය, තුඹුල්ලේ වැව, අංගමුව වැව රාජාංගනය අවට සශ‍්‍රීකත්වය, කදිමට කියාපාන සොබාදහම් සිත්තම්ය.
මේ ගල් පර්වතයේ තැන් කිහිපයක ස්වභාවික පොකුණු කිහිපයක් දැකගත හැකිය.
පර්වතය පාමුල ඉපැරණි විහාර ගෙයක් දක්නට ලැබේ. එහි අංගනය කැටගලින් සාදා තිබේ මේ විහාර ගෙයි තිබූ බුදු පිළිමය හා විෂ්ණු රූපය විනාශ කර දමා ඇති අතර ඒ අවට ඉපැරණි නටබුන් බොහෝ දැකිය හැකිය.
විහාර ගිරි ශිඛරය පාමුල බෝධීන් වහන්සේ අභියස ඉපැරණි සෙල් ලිපියක කොටසක්ද, කාන්තා පිළිරුවක හිස කොටසද පාද ලාංජන ශිලා ඵලකයක්ද ඒකරාශි කර තිබෙනු දක්නට ලැබේ. රාජාංගනය ව්‍යාපාරය අවට පිහිටි ප්‍රෞඨ ඉතිහාසයකට නෑකම් කියන ආඬිගල රාජමහා විහාරය 1969 වසරේදී පහළගම ගුණරත්න නාහිමියන් විසින් සොයාගනු ලැබ මෑත කාලීන විහාර දියුණුවට කටයුතු සම්පාදනය කරන ලදහ.
දැනට විහාරයේ ක‍්‍රියාකාරී සංවර්ධන කටයුතු කැටකාලේ උපරතන හිමිගේ අනුශාසනා පරිදි සිදුවේ.
ඉතිහාසය, සොබා සුන්දරත්වය, අපූරු ලෙස එකට එකතු වූ අපේ රටේ පිහිටි ඓතිහාසික පුද බිමක් හැටියට ආඬිගල රාජමහා විහාරය හඳුනාගත හැකිය. මේ සුන්දර පින්බිම දැකබලා ගන්නට, ගවේෂණය කරන්නට ඔබටත් අවස්ථාව උදාවේවා.
ආමාශික තුවාල ග්‍රැස්ට්‍රයිටිස්වලට වඩා දරුණුයි‘
ගැස්ට‍්‍රයිටීස් යනු අද ඉතා පුරුදු කවුරුත් භාවිත කරන හා ඉතා බහුලව දන්නට ලැබෙන රෝගයකි. උදරයේ ඇතිවන දැවිල්ල, වේදනාව, බඩ පුරවා දැමීම, ඔක්කාරය, සමහරවිට වමනය හා ආහාර ප‍්‍රමාද වූ විට ඇතිවන උදරයේ වේදනාව වැනි රෝග ලක්‍ෂණ ඇති බහුතරයක් තමාට ගැස්ට‍්‍රයිටීස් තිබෙනවා යැයිද වෛද්‍යවරයකු පවසා තිබීම නිසා ගැස්ට‍්‍රයිටීස් ඇතැයි ද ප‍්‍රකාශ කරති. සමහරුන් මාස ගණන් වසර ගණන් ගැසට‍්‍රයිටීස් සදහා ප‍්‍රතිකාර ගන්නා අතර ප‍්‍රතිකාර ගත් පසු සුවවන අය මෙන්ම සුව නොවන අයත් ඉතා සුලභය. ඔබට ගැස්ට‍්‍රයිටීස් ඇති බව දැඩිව විශ්වාස කිරීමට ප‍්‍රථම ඒ ගැන තරමක් සොයා බැලිය යුතුය. ප‍්‍රවේසම් වන්න ඔබට ඇත්තේ එවන් රෝග ලක්‍ෂණ සහිත වෙනත් රෝගයක් විය හැකියි.
මෙහිදී අප ගැටලූ කිහිපයකට පිළිතුරු සොයා ගත යුතුයි. ගැස්ට‍්‍රයිටීස් ඇති බවට සනාථ වූවාද එසේ නොවේනම් වෙනත් රෝගයක් නොවන බවට සොයා බැලූවාද වෙනත් රෝගයක් තිබෙදැයි සොයා බැලීමට අවශ්‍ය වන්නේ කුමන අයටද?
ගැස්ට‍්‍රයිටීස් අති බව රෝග ලක්‍ෂණ මගින් තීරණය කර ප‍්‍රතිකාර කිරීම මුල් අවස්ථාවේදී වෛද්‍යවරු සිදුකරන්නේ බොහෝ විට ඔහුගේ රෝග නිශ්චයට අදාල සුවිශේෂ පරීක්‍ෂණවලින් තොරවයි. එයට හේතු වන්නේ රෝග නිශ්චය කිරීම සදහා අවශ්‍ය වන එන්ඩොස්කොපි පරීක්‍ෂණය සැම දෙනාටම කිරීම ප‍්‍රායෝගික නොවන නිසාත් එය මිල අධික නිසාත් එහි ඇති හානිකර තත්ත්වය නිසාත්ය. කෙසේ වෙතත් තෝරාගත් රෝගීන් සදහා පමණක් එන්ඩොස්කොපි පරීක්‍ෂණ නිර්දේශ කරනු ඇත. මෙලෙස තෝරා ගැනීමේදී සලකා බලන කරුණු වන්නේ රෝගියාගේ වයස (අවුරුදු 40 වැඩිවීම* නියමිත ප‍්‍රතිකාර නියමිත කාලයක් කළද සුව නොවන අය පවුලේ අයගේ ආමාශගත පිළිකා තිබිම ලේ වමනය වීම මළපහ තාරවන් කළු පැහැයට යාම වැනි කරුණුය.
එන්ඩොස්කොපි පරීක්‍ෂණයක් මගින් නිර්ණය නොකරන ලද ගැස්ට‍්‍රයිටිස් යයි ඔබ සිතා සිටින තත්ත්වයනම් වෙනත් රෝගයක් නොවන බව දැන ගැනීම ඉතා වැදගත්ය. ඊට හේතු වන්නේ එලෙස ඔබ රැුවටී සිටින අනෙකුත් රෝග සියල්ලම වාගේ ඉතා භයානක රෝග වන නිසාය. උදාහරණ වශයෙන් හෘද රෝග, අග්න්‍යාශ රෝග, පිත්තාශ රෝග හා ආමාශයේ ඒ අසල ආහාර මාර්ගයේ ඇතිවන වෙනත් රෝග දැක්විය හැකිය. හෘදයාබාධ සමහරවිට පපුවේ හෝ උදරයේ ඉහළ පෙදෙසේ වේදනාවක් ලෙස ඇතිවන අතර ගැස්ට‍්‍රයිටිස් යැයි රැුවටී සිටින අය අපි නිතර දැක ඇත්තෙමු. ඔබට දියවැඩියා, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, තරබාරු බව අංශභාගය වැනි රෝගය ඇත්නම් හෝ ඔබ දුම්පානය කරන්නේනම් හෝ ඔබගේ පවුලේ අයට හෘදයාබාධ ඇත්තේනම් ඒ ගැන සැලකිලිමත් විය යුතුය. අග්නාශයික රෝග හා අග්නාශයික පිළිකා බහුලව ප‍්‍රකට වන්නේ උදර වේදනා ලෙසටය. ආහාර සමග ඇති සම්බන්ධතාව හේතුවෙන් ගැස්ට‍්‍රයිටිස් යැයි රැුවටීමට ඉතා පහසුය. මධ්‍යසාර ගැනීම, දුම්පානය වැනි පුරුදු මෙයට මුල පුරන සාධක විය හැකිය. අග්න්‍යාශයික හා පිත්ත නාළවල ඇතිවන ගල් නිසාද මෙය ඇතිවය හැකියි.
පිත්තාශයේ ගල් ඇතිවීම බොහෝ දෙනා අසා පුරුදු රෝගී තත්ත්වයන්ය. මෙයද සමහරවිට ගැස්ට‍්‍රයිටීස් වැනි රෝග ලක්‍ෂණ ලෙස ප‍්‍රකාශ විය හැකිය. මැදිවයසේ පසුවන කාන්තාවෝ අතර මෙම රෝගය බහුලව දක්නට ලැබේ. ගැස්ට‍්‍රයිටීස් සදහා දෙන ප‍්‍රතිකාරවලට රෝගියා ප‍්‍රතිචාර නොදක්වන අවස්ථාවල ස්කෑන් පරීක්‍ෂණ මගින් ඉතා වටිනා තොරතුරු රැුස්කරගත හැකි අතර එහිදි අග්න්‍යාශයික රෝග පිත්තාශ රෝග හා අක්මා රෝග පිළිබද සොයා බැලීමට පිළිවන.
හෘද රෝග ඇතිදැයි සොයා බැලීමට ඊසිජී පරීක්‍ෂණ, එකෝ පරීක්‍ෂණ, මූලිකවත් පසුව ව්‍යායාම කරමින් ඊසිජී ගැනීම හෝ කොරොනරි ඇන්ජියෝග‍්‍රෑම් පරීක්‍ෂණ දක්වාත් ඔබට යොමු වීමට සිදුවනු ඇත. ආමාශ පිළිකා ගැස්ට‍්‍රයිටීස් වැනි රෝග ලක්‍ෂණ සහිතව ප‍්‍රකාශවීම ඉතා සුලභය. රෝගියාගේ වයස අවුරුදු 40ට වැඩිවීම ගැස්ට‍්‍රයිටීස් සදහා කළ ප‍්‍රතිකාරවලට ප‍්‍රතිචාර නොදැක්වීම, කෑම අරුචිය, බර අඩුවීම, ආහාර ගිලීමේ අපහසුතා, රුධිරය වමනය වීම හෝ කළු පැහැ මළ පහ පිටවීම ආදී ලක්‍ෂණ තිබේනම්
එන්ඩොස්කොපි පරීක්‍ෂණයක් අත්‍යවශ්‍යය. මන්ද මේවා ආමාශයික පිළිකාවල ලක්‍ෂණ විය හැකි නිසාය.
ආමාශයික තුවාල ඇතිවීම ගැස්ට‍්‍රයිටීස් යන තත්ත්වයට වඩා දරුණු අවස්ථාවකි. ගැස්ට‍්‍රයිටිස් තත්ත්වය ඉතා දරුණු වීමෙන් තුවාල ඇතිවිය හැකි අතර ඊට බලපාන වෙනත් හේතු තිබේදැයි සොයා බැලිය යුතුය. එවන් හේතු අතර දුම්පානය, සමහර වේදනානාශක ඖෂධ ගැනීම, ඇස්පිරින් ගැනීම, මධ්‍යසාර පානය කිරීම වැනි දෑ සඳහන් කළ හැකිය.මෙවන් හේතු ඇත්නම් ඒවා සොයා බලා නිසි ප‍්‍රතිකාර නොකළහොත් ඔබගේ රෝග ලක්‍ෂණ සුව නොවනු ඇත. සමහර පිළිකාද ආමාශයික තුවාල ලෙස මතුවිය
හැකිය. එක්තරා බැක්ටීරියා ආසාදන නිසා ආමාශික තුවාල ඇතිවිය හැකි බව සොයා ගෙන ඇති අතර එවන් අවස්ථාවල මෙම බැක්ටීරියාව සඳහා සුවිශේෂ ප‍්‍රතිකාර වර්ග කිරීම අවශ්‍ය වේ.
ඔබට මෙවන් වෙනත් රෝගයක් නොමැතිනම් ඇත්තේ නිශ්චිතව ගැස්ට‍්‍රයිටිස් නම් ඊට අදාල නිවැරැුදි ප‍්‍රතිකාර මගින් ගැස්ට‍්‍රයිටිස් ඉතා සාර්ථකව සුවකළ හැකියි. එහෙත් සාර්ථක ප‍්‍රතිකාර යනු ඖෂධ ගැනීම පමණක් යයි සිතා සිටිම මුළාවකි. ඒ සඳහා ඔබේ ජීවන රටාව ආහාර පුරුදු ආදියත් වෙනස් කළ යුතුයි. දුම්පානය, මධ්‍යසාර භාවිතය අත් හැරිය යුතුයි. ආහාර ගැනීමේදී ප‍්‍රමාද නොකර දිනපතා එකම වෙලාවක් යොදා ගැනීමට උත්සහ කළ යුතුය. අධිකව ආහාර ගැනීම, තෙල් අධිකව භාවිතය, මිරිස් තුනපහ ඉතා අධිකව භාවිතාකිරීම සුදුසු නැත. මානසික ආතතිය ගැස්ට‍්‍රයිටිස් උත්සන්න වීමට හේතුවිය හැකියි. අවිවේකය හා ප‍්‍රමාණවත් නින්දක් නොමැතිවීමද ගැස්ට‍්‍රයිටිස් තත්ත්වය සුවවීමට බාධාය. ඔබ තරබාරු නම් බර අඩුකර ගැනීම අවශ්‍යය. ක්‍ෂණික ආහාර පාන වර්ග හා කෘති‍්‍රම රසකාරක හා කෘති‍්‍රම වර්ණක යෙ¥ ආහාර භාවිතය හැකිතාක් අවම කරගත යුතුය. විවේකය දෛනිකව ව්‍යායාම කිරීම, භාවනා කිරීම, දිනකට අවම වශයෙන් නොකඩවා පැය 6 ක්වත් නිදා ගැනීම ගැස්ට‍්‍රයිටිස් මගහරවා ගැනීමට හේතුවේ.
ඉහත සඳහන් ජීවන රටාවේ වෙනස්කම් කරමින් නිසි ප‍්‍රතිකාර ගැනීම මගින් ගැස්ට‍්‍රයිටීස් නිසැකව සුවකළ හැකියි. එසේ කළද සුව නොවේනම් ඔබ එන්ඩොස්කොපි පරීක්‍ෂණයකට යොමුවීම සුදුසුය. එන්ඩොස්කොපි පරීක්‍ෂණය යනු කැමරාවක් සහිත අඟල් භාගයක් පමණ මහතින් යුතු බටයක්
රෝගියාගේ මුඛයෙන් ඇතුල් කර ගලනාළය, ආමාශය ඇතුළු ආහාර මාර්ගයේ මුල් කොටස පරීක්‍ෂා කිරීමයි. මෙහිදී මුඛයේ අපහයසුතාව දැනෙන ප‍්‍රදේශය නිර්වින්දනය කිරීම සිදු කරයි. නිවැරැුදි උපදෙස් රෝගියාට ලබා දීමෙන් අනතුරුව හොඳ සහයෝගිතාවකින් රෝගින්ට මෙම පරීක්‍ෂණය කිසිඳු අපහසුතාවකින් තොරව මිනිත්තු කිහිපයකින් සිදු කළ හැකි සරළ පරීක්‍ෂණයක බව පළපුරුද්දෙන් දන්නා කරුණකි.
අවසන් වශයෙන් සාරංශ ගත කළහොත් ඔබට ගැස්ට‍්‍රයිටිස් ඇත්නම් නිසි ප‍්‍රතිකාර මගින් එය සුවකළ හැකිය. එලෙස සුව නොවන්නේනම් ඊට හේතු තිබේදැයි සොයා ඒවා නිවැරැුදි කළ යුතුය. සුව නොවන එවන් රෝග ලක්‍ෂණ වෙනත් රෝගයක් නිසා ඇතිවීදැයි වෛද්‍යවරයා විසින් සොයාබලා පරීක්‍ෂණ කළ යුතුය. එන්ඩොස්කොපි පරීක්‍ෂණය මගින් ගැස්ට‍්‍රයිටිස් ඇත්දැයි නිශ්චය කළ හැකි අතර වෙනත් කරුණු රෝග කිහිපයක් විශේෂයෙන් ආමාශයික පිළිකා ඇත්දැයි සොයා බැලීම කරනු ලබයි.
වසර 2600කට පෙර බුදුන් වැඩිය මියුගුණ පුදබිම
බුද්ධ වර්ෂ 2600 සපිරූ අසිරියෙන් සකල බොදු බැතියෙන් බුද්ධාලම්භන පී‍්‍රතියට පත්ව සිටී. ඒ දුරාතීතය තුළ ශ්‍රී ලාංකේය ඉතිහාසය පරිපෝෂණය වීමට වංශ කථාවන් බෙහෙවින්ම ඉවහල් විය. ඊට අමතරව ශිලාලේඛන, පුරාවෘත්ත, ජනප‍්‍රවාද, ලේඛන හා පාරම්පරික මතකවලට ද ලැබුණේ ප‍්‍රමුඛ ස්ථානයකි.
සිදුහත් කුමරු ගිහිගෙය කළකිරි බුදු බව සොයා ගියේය. බුදුවී නම වැනි මාසයෙහි දුරුතු පුර පසළොස්වක පොහෝ දින ලංකාද්වීපයට වැඩම කළහ. මහා වංශයෙහි සඳහන් වන පරිදි ඒ ප‍්‍රථම ලංකා ගමනයේ දී බුදුන් වහන්සේ මහියංගන සෑරදුන් පිහිටි ස්ථානයේ වැඩ සිටි බව ද එහි සඳහන් වේ.
උන්වහන්සේ එදින සවස් කාලයේ මහවැලි ගංතෙර පිහිටි මහානාගවනයෙහි රැස්ව සිටි යක්ෂ සමාගම දමනය කිරීම සඳහා අහසට නැගි පෙළහර පෑ බවද අන්ධාකාරයක් මවා ඔවුන් දමනය කළ බව ද දමනය කළ යකුන් ගිරි දිවයිනට පළවා හැර ලක්දිව මනුෂ්‍ය වාසයට සුදුසු දිවයිනක් බවට පත්කළ බව ද සඳහන් වේ.
අපි දැන් මහා වංශයට යොමුවෙමු. ශත‍්‍රැ මර්දනය කරන ශීලිවූ සර්වඥතෙම උරුවෙල් කස්ප් නම් ජටිලයාගේ මහායාගය එළැඹ සිටි කල්හී තමන් නොර්මෙහි වූ ඔහුගේ ඉච්ඡාවාරය දැන උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙනැවුත් අනවතප්ත නම් විල සමීපයෙහිදී වළඳා තෙමේ සවස් වේලෙහි සම්‍යක් සම්බෝධියෙන් නව වැනි දුරුතු මස පුර පසළොස්වක්හි ලංකාද්වීපය, ශුද්ධ කරනු පිණිස, ලක්දිවට පැමිණි සේක. සර්වඥයන් විසින් ලංකා තොමෝ සසුන් බබලන තැනැකැයි ද යකුන් විසින් පිරුණු ලක්දිව යක්ෂයින් බැහැර කටයුතු යැයි ද දක්නා ලදී.
ලංකාද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල් වූ රම්‍ය වූ මහානාගවන නම් උයනෙහි යක්ෂයන්ගේ යුද්ධ භූමියෙහි ලක්දිව වැසි යකුන්ගේ මහා නිශාචර සමාගමය ප‍්‍රසිද්ධ විය.
ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස් මතුයෙහි මයියංගන ථූපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩ සිටි සේක. ඔවුන්ට භයජනක වූ වර්ෂාවාකාන්ධකාරය මැවූ සේක භීතියෙන් පෙළුණා වූ ඒ යක්ෂයෝ නිර්භය වූ තථාගතයන් වහන්සේගෙන් අභය ඉල්ලූහ. අභයදායී වූ තථාගතයන් වහන්සේ ඉතා භයින් පීඩිත වූ ඒ යකුනට මෙසේ වදාළ සේක.
”යක්ෂයනි තොපගේ මේ භය හා දුක් මම පහ කරන්නෙමි. තොපි සමගිව මෙතැන්හිම හිඳිනා තැනක් දෙන්නහුද? නොමදෙන්නහුද?
නිදුකාණෙනි, නුඹ වහන්සේට මේ සියලූම ලක්දිව දෙම්හ. අපට අභය දුන මැනවැයි ඒ සියලූම යක්ෂයෝ තථාගතයන් වහන්සේට කිවූහ.
ඔවුන්ගේ බිය ද, ශීතය ද, අන්ධකාරය ද නසා ඒ දුන් භූමියෙහි පත්කඩ අකුට එහි වැඩ හුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලිසෙන්නක්කොට හාත්පසින් විශාල කළ සේක.
ගී‍්‍රෂ්මයෙන් පීඩිත වූ ඒ යක්ෂයෝ බියපත්ව (ලක්දිව) අන්නයෙහි හාත්පසින්ම සිටියෝය. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඔවුන් රම්‍ය වූ ගිරි දිවයින මෙහි ළඟා කළ සේක. උන් එහි වත්කළ තිබුණ තන්හි තැබූ සේක. සර්වඥතෙම ඒ පත්කඩ හැකුලූ සේක. (එකල්හි දෙවියෝ සර්වඥයන් වහ්නසේ කරා පැමිණියෝය.) ඒ සමාගමෙහි ශාස්තෲන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. නොයෙක් කෙළ ගණන් සත්වයන්ට සෝවාන් ඵලාදියෙන් ධර්මාවබෝධ වූයේය. සංඛ්‍යාපථාතීන තිසරණ පන්සිල්හි පිහිටියෝය යනුවෙන් මහාවංශයේ සඳහන්වේ.
එහෙත් වැදිනායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ මේ කතා පුවතේ සදොස් තැන් ඇතැයි අවධාරණය කරති.
ඔහු මෙසේ පවසයි. යක්ෂ කියන්නේ ගෝත‍්‍රයක්. අපේ මියයන අය යක්ෂයන් වී උපදින බව අපේ විශ්වාසයයි. ඒ අපේ නෑයකුන්. ඔවුන් අදහන්න පුදන්න අප පුරුදුවී සිටිනවා. ඔවුන් දත් විළිස්සූ භයානක පිරිසක් නොවෙයි. මිනිසුන් කොටසක්. බුදුන් වහන්සේ වැඩි කාලයේත් යක්ෂ, නාග ආදී ගෝති‍්‍රකයන් ඇසුරේ හිටියා.
මහියංගණය ප‍්‍රදේශයේ විශාල වශයෙන් අපේ නෑ යකුන් ඉඳල තියෙනවා. එම කාන්තාවන් පවා විලිවහන්න ඇඳුම් ඇඳගත් ශිෂ්ට පිරිසක් බව විහාරයේ චිත‍්‍රවලින්ම පෙනෙනවා. ආගන්තුකයෙක්, නාඳුනන කෙනෙක් තම ප‍්‍රදේශයට ආවම සැකයෙන් බලන එක ඕනෑම කෙනකුගේ සිරිතක්. අවසරයක් නැතිව ආව බුදුන් වහන්සේට (යක්ෂ ගෝති‍්‍රකයන්) අපේ අය විරෝධය පාල තියෙන්නේ ඒ නිසයි. එවිට බුදුන් වහන්සේ තමා කව්දැයි දැන ගැනීම සඳහා පෙළහර පාලා තියෙනවා.
ඒ උත්තමයා කව්දැයි තේරුම් ගැනීමෙන් පසු අපේ අයත් බණ අහල මහවැලි ගෙඟන් එගොඩවෙලා ඔවුන් ජීවත්වූ කඳු මුදුන්වලට ගිහින් තියෙනවා. එහෙම නැතිව බුදුන් වහන්සේ අපේ අය බයට පත්කරල ගිරිදිවයිනකට පළවා හැරියයි කියන කතාව අපි නම් විශ්වාස කරන්නේ නැහැ.
මොකද? බුදුන් වහන්සේ කාටවත් හිරිහැර කළ කෙනෙක් හෝ බියට පත්කළ කෙනෙක් නොවෙයි. තමා ඝාතනයට පැමිණි අංගුලිමාලට මෙන්ම නාලාගිරි ඇතා ද බියට පත්කළේ නැහැ. බොහොම කරුණාවෙන් ඒ අයට කරුණු අවබෝධ කර දුන්නා. අපි නෑයකුන් අදහන පිරිසක්. ඒ වගේම බුදුන් වහන්සේත් අදහනවා. අපි පන්සල් යනවා බුදුන් වඳිනවා. දානය දෙනවා.
මාවරගල ආරණ්‍ය සේනාසනයේ දායක සභාවේ සභාපති මමයි. වැදි අනන්‍යතාවය ඇති පස් දෙනෙක් ”මාවරගල”දී පැවිදිවෙලා තියෙනවා යැයි ද වන්නියලැ ඇත්තෝ පැවැසූහ.
මහියංගන රජමහා විහාරස්ථානයේ වාර්ෂික (ඇසළ) පෙරහර අවසන් දිනයේ අලූයම් කාලයේ මහියංගණ චෛත්‍යය වැඳ පුදා ගැනීමට වැදි ජනයා පෙරහරින් පැමිණෙති. ඔවුන් අත දිග රිටි දක්නට ඇත. රිටි උඩට විසිකරමින් ඒ මේ අත සහ පොළොවේ ගසමින්. ආවේශ වූ පිරිසක් මෙන් රංගනයක යෙදෙති. එසේ රඟමින් චෛත්‍යය වටේට ද පන්සල් භූමියේ ද සැරිසරා රිටි කෑලි කෑලිවලට කැඩුන පරිදි අලූයම් කාලයේ මහවැලි ගඟට පැන එගොඩ පීනා යති. මේ අනුව මහා වංශයේ සඳහන් පුරාවෘත්තයට වැදි ජනයාගේ මේ හැසිරීම සාක්ෂියක් බව සමහරු කියති. බුදුන් වහන්සේ අහස්කුස වැඩසිට අන්ධකාරයක් මවා යක්ෂයන් දමනය කිරීම හා ඔවුන් දමනය කොට ගිරි දිවයිනට පළවා හැරීම මේ නිරූපනය බව ද කියති.
වැදිනායක වන්නියලැඇත්තෝ පවසන්නේ නාඳුනන පුද්ගලයකු වූ බුදුන් වහන්සේට විරෝධපෑම මෙහිදී සංකේත වුවත් ගිරිදිවයිනට පළවා හැරීමක් නොවූ බවයි. ඔහු යළිත් අවධාරණය කළේ දහම් අසා යක්ෂ ගෝති‍්‍රකයන්. මහවැලි ගෙඟන් එගොඩව තමන් විසූ කඳු මුදුන්වලට ගිය බව මෙතුළින් සංකේතවත් කරන බවයි.ලංකාවේ පළමු වැනි චෛත්‍යය ගොඩනංවා ඇත්තේ කතාබහට ලක්වූ මෙම ස්ථානයේය.
මහියංගණ චෛත්‍යය ඉදිවූයේ කෙසේද?
සමන්තකූට පර්වත වාසී මහා සුමන දිව්‍ය රාජයා ද එහි රැස්වූ දෙවියන් අතර විය. බණ ඇසීමෙන් සෝවාන් ඵලයට පත්වූ දෙවිරජ තෙමේ බුදු රජාණන් වහන්සේගෙන් පූජා කිසිවක් ඉල්ලා සිටියේය. බුදුන් වහන්සේ හිස පිරිමැද කේශ ධාතු මිටක් පමණ දෙවියන්ට දුන් සේක. රත්තරන් කරඬුවකින් එය පිළිගත් දෙව්රජ බුදුන් වහන්සේ වැඩ සිටි තැන සත් රියන් දිග අවට එක්විසි රියන් ඇති රුවන් රැසෙක තබා එය ඉන්ද්‍රඛීල චෛත්‍යයකින් වැසීය.
බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු සර්වඥ නම් සමිඳුන් සඳුන් දර සෑයෙන් සර්වඥ ගී‍්‍රවා ධාතුව ගෙන දොළොස් රියන් සෑයක් කළේය. දෙවැනි පෑතිස් රජුගේ සොහොයුරා වූ උද්ධචූලාභය මේ චෛත්‍යය තිස්රියන් කොට මියුගුණ සෑය කරවූ බවද ඉතිහාසයේ සඳහන් වේ. ඉන්පසු දුටු ගැමුණු රජු විසින් මෙම සෑය තවත් විශාල කරවා ඇත.
ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැන නැගුණු දෙතිස්ඵල රුහ බෝධි අංකුරයක් මහියංගණයේ රෝපණය කළ බව සිංහල බෝධිවංශයේ සඳහන් වේ.
සේලාභය රජු විසින් සිරිසඟබෝ කුමරු මහ සඟරුවනට පුදන ලද්දේ මේ බෝ සෙවණේදීය. ”ස්වාමීනී මාගේ මේ කුමරුවා මහා සංඝයා වහන්සේගේද බෝධීන් වහන්සේගේ ද සරණ යන්නේයි. කුමරතෙම මෙතැන් පටන් සංඝබෝධි නම් වේවායි” පවසා සේලාභය රජු විසින් සිරිසඟබෝ කුමරු මහ සඟරුවනට පුද ලැබ තිබේ. කුමරු හොවා තැබූ ගල් පුවරුව අදත් මේ බෝ සෙවණේ දැකිය හැකිය. පිය රජුගේ අභාවයෙන් පසු සත් හැවිරිදි සඟබෝකුමරු සිය මාමා වූ නන්ද මහ තෙරුන් ඇසුරෙහි වැඩුණේය.
වෝහාර තිස්ස රජුගෙන් බේරීමට ඔහුට මහියංගණ විහාරය හොඳ ස්ථානයක් විය. සිරිසඟබෝ රජු මේ බෝ සෙවණේ දී සියලූ ආභරණ ගලවා දමා සිවුරු පොරවා තිබේ.
පළමුවැනි විජයබාහු රජු සොළීන් සමග සටන් කරන කාලයේ දී මහියංගණයේ කඳවුරු බැඳ සිටියේය. එවකට මහියංගන දාගැබ නටබුන්ව පැවැතියේය. රජතුමා ජයග‍්‍රහණයෙන් පසු දාගැබ පිළිසකර කරවා ගම්බිම් පුදා ඇත. පොළොන්නරු යුගයේ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජු මියුගුණ මහ වෙහෙර ප‍්‍රතිසංස්කරණය කළේය. දෙවැනි විමලධර්මසූරිය රජ දවස (කි‍්‍ර.ව. 1687-1707 ඕලන්ද හමුදාව මියුගුණ වෙහෙර කොල්ල කෑ බවත් ඉතිහාසයේ සඳහන් වේ.
මහියංගණ විහාරස්ථානයේ පාලන තනතුරට භික්ෂුන් වහන්සේ නමක් පත් කිරීම අස්ගිරි මහා පරපුරෙන් සිදුවේ. 1851 දී අධිපතිධුරයට පත්වූ අතිගරු ඉඳමළුගොඩ ධම්මපාල හිමියෝ මහියංගණ සෑය පිළිසකර කරවා ගර්භය සාදවා ධාතු නිධානය ද කරවා ඇත. එම ප‍්‍රතිසංස්කරණයේ දී දුටු ගැමුණු රජු විසින් කරවූ රන් මුවා සධාතුක කරඬුව ද මෙහිදී හමුවී ඇත.
1949 වනවිට ගර්භයේ උඩකොටස කඩා වැටී පැවතිණ. ගර්භයේ විශාල කොටසක් පුපුරා ඇදහැලෙන තත්ත්වයකට පත්විය. ලංකාවට නිදහස ලැබුණහොත් ලංකාවේ ප‍්‍රථම ස්තූපය වූ මහියංගන දාගැබ ප‍්‍රතිසංස්කරණය කරන බවට ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරයා වූ ඞී.එස්. සේනානායක මහතා අධිෂ්ඨාන කරගත් බව කියති.
ඒ අනුව ලංකාවට නිදහස ලැබූ අගමැතිවරයාගේ ප‍්‍රථම කාර්ය වූයේ මෙම සෑයේ ප‍්‍රතිසංස්කරණ ඇරැඹීමයි.
එම ප‍්‍රතිසංස්කරණයෙන් පසු 1961 සැප්තැම්බර් මස 21 වන දින ඞී.එස්. සේනානායක මහතා විසින් කොත පළඳවා තිබේ.
එදා මෙදා තුර මෙම විහාරස්ථානයේ නාහිමිවරුන් හා භාරකාර ස්වාමීන් වහන්සේලා විහාරස්ථානයේ උන්නතිය සඳහා විශාල මෙහෙවරක් සිදුකරවා ඇත. මෑත භාගයේ ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුදීම රක්ඛිතාභිධාන මා හිමියන්ගේ හා විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී අත්තදස්සී හිමියන්ගේ අනුශාසනා පරිදි මහියංගණ විහාරයේ භාරකාර අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ගේ මෙහෙයවීම යටතේ ඉතිහාසයේ නොවූ තරම් වූ සංවර්ධනයක් සිදුකර තිබේ.
Subscribe to:
Posts (Atom)