Pages

Saturday, November 7, 2015

පාඩම් කරන විට නිදිමත ඇතිවෙන්නේ ඇයි?

ඇතැම් දරුවන් අධ්‍යාපනයේ නිරත වීමට ප්‍රියතාවක් දක්වයි. ඒත් තවත් පිරිසක් අධ්‍යාපනයේ නිරත වීමට මැලිකමක් දක්වයි.

පාඩම් කරන විට නිදිමත ඇතිවන බව පවසන දරුවන් ඒ පිළිබඳ ඉතාම කනගාටූවට පත් වන අතර මවූපියන්ගේ දොෂාරෝපනයන්ටද ලක්වෙයි.

ලපොතක් අතට ගත්තොත් නිදි මෙහෙම කියන අම්මලා දරුවන්ට දොස් නගන්නේ පාඩම් නොකරන බවට මැසිවිලි නගමිනි.

පාඩම් කරන කොට නිිදිමත එන්න හේතු ගණනාවක් තිඛෙනවා. දවල් මහන්සිවෙලා වැඩ කරලා හවසට මද විවේකයක් අවශ්‍යයි. විනාඩි 45 පමණ ඇඳ විවේකයක් තමයි අවශ්‍ය වෙන්නේ. එය අනිවාර්යයි කීවත් වැරදි නැහැ. එහෙම නැති වූණාම තමයි නිදිමත ගතිය එන්නේ .ළමයින්ට විතරක් නෙමෙයි හැමෝටම මේ විවේකය අවශ්‍යයි. එසේ නොවූ විට තමන්ගේ කාර්යය නියමිත පරිදි කර ගැනීමේ නොහැකියාව නැති වෙනවා. එනම් නිදිමත වෙහෙස දෑනෙනවා.

අධ්‍යාපනය පිළිබඳ සූබ හැඟීම් නැති විට ඇතිවන්නේ අසූබ හැඟීමක්. ඒ හැඟීමත් නිදිමත ඇතිකරන්න හේතුවක් වෙනවා.

ඇනීමියා (ලේනැතිකම) තයිරොයිඩ් ග්‍රන්ථියේ ඌනතා වැනි දේ නිසා මොළයේ ෙසෙලවල ක්‍රියාව දුර්වල වී නිදිමත ඇති වෙන අවස්ථා තිඛෙනවා.

බොහෝ පීඩාකාරී ගැටලු එනම් නිවසේ අර්බූද, කායික රෝග පාසලේදී වයසේ ළමයින්ගෙන් කොන්වීම නිසාත් නිිදිමත කලකැරුණූ ස්වභාවය ඇතිවෙනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයකට හේතුව සොයාගත යූතු යි.

ළමයාව නිවැරදි මනෝ උපදේශන සේවයකට යොමූ කර බලපාන ප්‍රශ්නය සඳහා විධිමත් නිවැරදි මනෝ උපදේශන සේවයක් ලබා දිය යූතුයි. මෙහිදී විශේෂයෙන් මව්පියන් මතක තබා ගත යූත්තේ දරුවා නිවැරදි මනෝ උපදේශනයක් සඳහා යොමූකිරීමටයි.

සෙම, හිසරදය, මිග්‍රේන් හිසරදය වැනි තත්ත්වයන් නිසාද පාඩම් කිරිමේදී නිදිමත ගතිය ඇති වේ. එවැනි තත්ත්ව හඳුනාගෙන නිවැරදි වෛද්‍ය උපදෙස් සඳහා යොමූ කර රෝග පාලනයට අවශ්‍ය උපදෙස් ලබා දීම කළ යූතුයි.

විෂය අවබෝධ කර ගැනීමට අපහසූ වීමද දරුවාට නිදිමත ගතිය ඇතිවීමට ප්‍රධාන හේතුවකි. මෙවැනි දරුවන් විශාල වශයෙන් සිටී. එය අධ්‍යාපනයට පීඩාකාරී තත්ත්වයකි. එම තත්ත්වය අවබෝධ කර ගනිමින් විෂය පහසූවන ක්‍රම අවබෝධ කර දීමෙන්ද දරුවාට සූබවාදී සිතිවිලි ඇති වී පාඩමට සතුටින් යොමූ වෙයි.

කාල කළමනාකරණය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොවීම තුළ නිවැරදි නින්දක් රාත්‍රියේදී නොලැබීම තුළින් නිදිමත ගතිය ඇතිවන බව අමූතුවෙන් කිව යූතු නොවේ. එනම් රාත්‍රියේදී කඩින් කඩ අවදි වන දරුවන් මෙම ප්‍රශ්නයට මූහූණ දෙයි.

බොහෝ වැඩිහිටියන් දරුවන්ට උපදෙස් දෙන්නේ පැය 4 නිදාගන්නටයි.

එහෙත් එය නිවැරදි පැය ගණන නොවේ.

නින්ද යනූ ඉගෙන ගන්නා උපක්‍රමයකි. මෙය බොහෝ දෙනා නොදැනීම නිසා ඉගෙන ගන්නා දරුවන්ට ඇතිවන ප්‍රශ්න සූළු පටූ නොවේ.

දරුවෙකු පැය 6 ක නින්දක් ලැබීම ගැඹූරු මතකය එනම් පස් ගුණයකින් මතකය වැඩි කර ගැනීමට හේතු වේ.

එය මතක තබා ගත යූතු කරුණකි. විශේෂයෙන්ම මව්පියන් මතක තබා ගත යූතු කරුණකි. ඇතැම් අයගේ හැඟීම අවදියෙන් සිටීම තුළ වැඩ බොහොමයක් කරන්නට හැකියාවක් ලැඛෙන බවයි.. ඒත් එය එහෙම නෙමෙයි. හැකි තරම් හොඳ නින්දක් ලබා ගැනීම තුළ (පැය 6 ක කාලය) විෂය සරල කර ගැනීම තුළින් මනසේ උපරිම බලය අධ්‍යාපනයටම යොමූ කිරීමට හැකි වේ. කාල කළමනාකාරණය කරන දරුවෙකු නිදි කිරා වැටෙමින් පාඩම් කරන දරුවෙකුට වඩා උසස් ප්‍රතිපල ලබා ගත හැකි බව විවාදයකින් තොරව ප්‍රකාශ කළ හැකි වේ.

ඉගන ගන්නා දරුවන් බොහෝ නිදි නැතිව සිටීම එනම් ඇති තරම් නිදි නොලැබීම දිවා කාලයේදී උගන්වන කරුණූ ධාරණය කර ගැනීමද අපහසූ කරවයි. විෂය ධාරාවට අවධානය යොමූ කිරීම හා අවබෝධ කර ගැනීම දුර්වල වේ. හොඳ තීරණ එනම් නිවැරදි පිළිතුරු සැපීම අඩාල කරයි. විභාගයේදී හොඳ පිළිතුරු දෑන දෑනත් වෙනත් පිළිතුරු ලියන්නේ එවැනි දරුවන්ය.

පාඩම් කරන දරුවාට නිදිමත ඇතිවෙනවා කියන්නේ දරුවාගේ දුර්වලකම නොව දරුවාට දෑනූම ලැබී තිබූණද එය වෙනස් කළ යූතු තැනක සිටිනවා යන්නයි. ලනිවැරදි මාර්ගය පෙන්වා නොදීම නිසා ඇති වූ ප්‍රතිඵලයක් ලෙසයි.

අප විසඳුම් සෙවිය යූත්තේ අන්න ඒ ප්‍රශ්නයටයි. දරුවාගේ දුර්වලකමට දරුවාගේ සැඟ වී ඇති දක්ෂතා ඉදිරියට ගැනීමටයි.

පාඩමට අලස වීම, නිදිමත ඇතිවීම යන කරුණූවලට මූල සෙවීමටයි.

එසේ නැතිව නිදිමත නිසාවෙන් පාඩම අතපසූ වන දරුවන්ට දොස් නැගීම නොව නිිදිමතට සාධාරණ හේතුව සොයා ගැනීමටයි.

ඇතැම් අවස්ථාවල හේතුවක් නැතිව නිදිමත ඇතිවන අවස්ථාද තිබේ. එය මෝහනය මගින් ඉවත් කර මනසට ඉගෙනීමේ බලය ඇතුළු කිරීම තුළින් දරුවාගේ දක්ෂතා මතු කර ගත හැකි අවස්ථාවන්ද තිබේ. 

Friday, November 6, 2015

සෙංගෙඩි සුව කරගැනීමට ස්වභාවික පිළියම්....

සෙම් රෝගවලින් පීඩා විඳින ඔබ සෙංගෙඩි නිසා වඩාත් පීඩනයට පත් වීමට තිබෙන ඉඩකඩ වැඩියි. එමෙන්ම නිතර සෙම ගතියෙන් පෙළෙන ඔබ සෙංගෙඩි රෝගයට ඉතා ඉක්මනින් ගොදුරු වේ. ආයුර්වේදයේ සෙංගෙඩි රෝගය සුවකර ගැනීම සඳහා ප්‍රතිකාර රැසක් හමුවේ. එමගින් මේ රෝගය සුවකර ගැනීමට ඔබට රුකුලක් ලැබේ.
සෙංගෙඩි සාමාන්‍යයෙන් හට ගන්නේ උගුර ආශ්‍රිතවය. කන, නාසය, මුඛය යන ප්‍රදේශවල සිරවූ සෙම පැසවීමෙන් උගුරේ ග්‍රන්ථි ඉදිමුම්භාවයට පත්වේ. මෙය හඳුන්වන්නේ සෙංගෙඩි යනුවෙනි.

සෙංගෙඩි හට ගැනීමට මූලිකවම බලපාන හේතු කාරණා කිහිපයකි. විශේෂයෙන් නිතර සෙම ගතියෙන් පෙළෙන්නන් සීතල ආහාරවලට යොමු වීමෙන් මෙවැනි රෝග හට ගනී. විශේෂයෙන් නිතර අයිස්වතුර පානය කිරීම, යෝගට්, මුදවපු කිරි ආදිය ඔරොත්තු නොදෙන ආකාරයෙන් ආහාරයට ගැනීම, බණ්ඩක්කා, නිවිති වැනි සීතල ආහාරවලට යොමුවීමත් මීට හේතුවකි. එමෙන්ම මුඛය හොඳින් සේදීම සිදු නොකළ හොත් සෙංගෙඩි හට ගනී. ඇඹුල් සහිත ආහාර අඩුවෙන් ආහාරය ගැනීමද මේ සඳහා හේතුවකි.

සෙංගෙඩි රෝගය වැලඳී සිටින ඔබේ දරුවාට ආයුර්වේදයේ එන මෙවැනි ප්‍රතිකාරයක් භාවිත කිරීමෙන් මෙම රෝගයෙන් වළක්වා ගත හැකිය.හීන් නාරං ඉස්මවලට මී පැණි හැඳි කාලක් ඉඟුරු ඉස්ම සමඟ කවලම් කර රතු රෙදි කැබැල්ලකින් පොඟවා ඉතා පරිස්සමෙන් උගුරට දැමීම සහ එමගින් දිව මැදීම මේ සඳහා හොඳ ප්‍රතිකාරයකි.

වැඩිහිටියකුට නම්, එවැනිම හීන්නාරං, ඉඟුරු, සුදුලූණු බිකක්, මුරුංගා කොළ ඉස්ම හැන්දක්, මී පැණි හැන්දක් සමඟ කවලම් කර පිරිසුදු රෙදිකඩකින් මිරිකා බෙල්ල දෙපැත්තේ හොඳින් තවරන්න.
සෙංගෙඩි වැලඳෙන්නේ බොහෝ විට සෙම ගතියෙන් පෙළෙන පුද්ගලයන්ටය.
කෙසේ වුවත් සෙංගෙඩි හට ගන්නා අවදානමක් සහිත නම් දිනපතා උදෑසන දෙහි යුෂ සහිත ජලයෙන් කට සෝදන්නේ නම් ඉතා යහපත්ය. විශේෂයෙන් ස්නානය කිරීමෙන් පසු හා අධික ලෙස නිදිවැරීමෙන් පසු සීතල ආහාරවලින් වැළකීම අනිවාර්ය වේ.සෙංගෙඩි රෝගයෙන් පෙළෙන ඔබට ආයුර්වේදයේ එන මෙම ප්‍රතිකාරය වඩාත් හොඳ ප්‍රතිඵල ලබා දෙයි.

දෙහි ඇට, සියඹලා ඇට මද, නාරං ඇට, ජම්බු ඇට, පේර ඇට, නෙළුම් ඇට, ඉඟිනි ඇට, මී ඇට මේ සියල්ල හොඳින් කොටා කබලක රන්වන් පැහැති වන තෙක් රත්කර සහිඳ ලුණු හා ගෙන්දගම් කුඩු ස්වල්පයක් එක්කර ඇඹුල් ‍දොඩම් ඉස්මෙන් අනා, මී පැණි සමඟ කවලම් කොට බෙල්ල දෙපස හා සුෂුම්නාළය ආශ්‍රිතව හොඳින් තවරන්න.

කිරි වෙහෙරිය, කොත්තමල්ලි, වියළි ඉඟුරු, තිප්පිලි, වීපොරි, ඉඟුරු පියලි කබලේ හොඳින් බැද කුඩුකර කෝපි මෙන් කසායක් ලෙස උදේ හවස පානය කරන්නේ නම් යහපත්ය.
 

දරුවෝ නින්දෙන් ඇඳ තෙමා ගන්නේ ඇයි ?

පුංචි දරුවෝ දන්නෙම නැතුව ඇඟ තෙමාගන්නවා. මේක හරිම සාමාන්‍ය දෙයක්නේ. ඒ වුනාට යම් වයස් සීමාවකින් පස්සෙත් මේ විදියට නොදැනීම මුත්‍රා යනවා නම් එක රෝගී තත්වයක්.
අම්මලා මේ ගැන අවදානය යොමු කරන්න ඕනෑ වයස් සිමාව මොකක්ද? ඇයි මෙහෙම වෙන්නේ? සහ මේ සඳහා කල හැකි දේවල් මොනවාද? කියන කාරනා ගැන ඔබේ අවදානය යොමු කරන්නයි අද අපේ බලාපොරොත්තුව.

 උපතේ සිට වයස අවුරුදු පහ දක්වා කාලය තුල නොදැනුවත්වම මුත්‍රා පිටවීම සාමාන්‍ය දෙයක්. මෙය දවල් කාලයේදී වගේම රාත්‍රී කාලයේදීත් සිදු විය හැකියි.

නමුත් දරුවාගේ වයස අවුරුදු දෙකක් තුනක් වන විට දවල් කාලයේදී පාලනයක් සහිතව මුත්‍රා පැහැ කරන්නට දරුවා හුරු කිරීමට වැඩිහිටි ඔබ වගබලා ගත යුතුය. මෙසේ පාලනයකට අනුව මුත්‍රා පහ කිරීම හුරු කර තිබියදීත් අසාමාන්‍ය ලෙස මුත්‍රා පහ කරනවා නම් එය යම් රෝගී තත්වයක් වීමට හැකියාව තිබේ.

කෙසේ නමුත් වයස අවුරුදු පහක් දක්වා දරුවෙක් නින්දෙන් ඇඳ තේමා ගැනීම බිය වීමට කාරණයක් නොවේ.

රෑ නින්දෙන් මුත්‍රා පිට වීම ඉතාම සුළු පිරිසකගේ එනම් 10% තරම් වන පිරිසකගේ වයස අවුරුදු දහ හතර පමණ දක්වා පැවතිය හැකියි. 1% පමණ පිරිසකගේ මෙම තත්වය වයස අවුරුදු 21 පමණ වන තෙක් පවතින්නටත් පුළුවන්. (රෝගයක් නැතිව)

නමුත් මෙය වයස සමග ගැටළු සහගත තත්වයක් වනවා වගේම සැඟවුණු රෝගයක් වීමේ හැකියාවත් වැඩි වන නිසා වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසුයි.

මෙසේ රෑ නින්දෙන් මුත්‍රා පැහැ වීමට හේතු මොනවාද?

මුත්‍රාශය පාලනය කරන ස්නායු වල ඇති යම් යම් දුර්වලතා නිසා මේ තත්වය ඇති වනවා. බොහෝ විට මෙය ඉබේම සුව වීම සිදු වනවා.

එහෙත් මෙවැනි තත්වයක් දරුවාගේ වගේම දෙමව්පියන්ගෙත් මානසික ගැටළු වලට මග සලසනවා. ඒ වගේම ලැජ්ජාව නිසා බොහෝ දෙනා මේ ගැන වෛද්‍යවරයෙකුට පවා කියන්නට මැලි වන අවස්ථා තිබෙනවා.

මේ නිසා මේ ගැන ඔබ කල යුත්තේ කුමක්දැයි දැනුවත් වීම වැදගත්.

දරුවා විසේසඥ වෛද්‍යවරයෙකුට පෙන්වා අදාළ පරීක්ෂණ සිදු කරවා ගන්න. එම පරීක්ෂණ සාමාන්‍යයි නම් දරුවාට වයස අවුරුදු පහක් දක්වා විශේෂ ප්‍රතිකාරයක් අනවශ්‍යයි.

එහෙත් පාසල් අවධියේ හෝ යොවුන් වියේදී රෝගයක් නැතිවත් මුත්‍රා පිට වීම සිදු වීම සාමාජයීය ගැටළු රැසකට මුල. මේ නිසා ප්‍රතිකාර අවශ්‍යයි.

මේ සඳහා වෛද්‍ය නිර්දේශයට අනුව ලබා දෙන්නට නියමිත ප්‍රතිකාර නිසි ආකාරයෙන් ලබා දීම වැදගත් වන අතර ගොඩ වෙදකම් කරන්න යන්න එපා.

ඒ වගේම මෙය දරුවාට මානසික ගැටළුවක් වන්නට ඉඩ නොදීම පවුලේ සාමාජිකයින්ගේ වගකීමක්.

 මෙහිදී ඔබේ අවදානය යොමු කල යුතු තවත් කාරණයක් තිබෙනවා. ඒ තමයි මෙසේ රෑ නින්දෙන් මුත්‍රා පිට වීම සිදු වූ දරුවෙකු එක වරම සුව වී නැවත කාලයකට පසු එම තත්වය ඇති වීමේ හැකියාවක් තිබීම.

 එවිට කල යුත්තේ කුමක්ද?

මේ තත්වයට හේතුව මුත්‍රාශයේ යම් ආසාදන තත්වයක් විය හැකියි. ඒ නිසා යලි මතු වූ මුත්‍රා පිට වීමේ තත්වයකදී අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට ඕනෑ. ඒ වගේම කලින් තිබු තත්වයන් ගැන වෛද්‍යවරයා දැනුවත් කරන්නටත් ඕනෑ.

කෙසේ වෙතත් ඉබේ මුත්‍රා පිට වීමේ ගැටලුව නිසා පාසල් වියේ දරුවන් විශාල වශයෙන් මානසික අසහනයට ලක් වී තිබෙනවා. ඒවාට නිසි ප්‍රතිකාර නිසි වයසේදී නොකිරීම හේතුවෙන් සුව කල හැකි තත්ත්ව මග හරි දරුණු ආසාදන තත්ත්ව වලට ගොදුරු වන අවස්ථාද තිබෙනවා.

මේ නිසා මේ ගැන ඔබේ අවදානය යොමු කිරීම වැදගත් බව සිහි තබා ගැනීම වටිනවා.
 

Wednesday, November 4, 2015

නියපොතු නිරෝගීව තබාගමු මේ දේවල් ආහාරයට ගන්න


විලාසිතා ගැන සිතන ඔබ නිය පෙළේ සුන්දරත්වය ගැනත් වැඩි උනන්දුවක් දක්වනවා. ඒත් ඔබේ සිරුරේ නිරෝගී බවත් පිරිපුන් නිය පෙළකින් දිස්වන බව ඔබ දන්නවාද? සම පිළිබඳ වෛද්‍යවරුන්ද ඔබේ නිරෝගී බව හඳුනා ගන්නේ පළමුව නිය පරීක්ෂා කිරීමෙනි. මේ නිසා අප ශරීරයේ වැදගත් අංගයක් වන නිය පෙළේ නිරෝගී බව ගැන සිතන ඔබ මේ ගැනත් දැනුම්වත් විය යුතුමයි.

නිය පෙළේ පිරිපුන් නිරෝගී බව හා වර්ධනයට උපකාරී වන පෝෂණය අඩංගු ආහාර පිළිබඳ ඔබ දැනුම්වත්ද?
බිත්තර
බිත්තර කියන්නේ ප්‍රෝටීන් බහුලවම අඩංගු ආහාරයක්. ඔබේ නිය පෙළේ ශකිත්මත් බවට මෙන්ම වර්ධනයටද මෙය අත්‍යවශ්‍යම සාධකයක්. නියපොතු වර්ධනයට ප්‍රෝටීන් සංඝටකය අත්‍යවශ්‍ය බව සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය මතයයි. විටමින් ඊ බිත්තරවල අඩංගුව තිබීම මෙහි විශේෂත්වයයි. එය නිය වර්ධනයට උපකාරී වේ.


සැමන්
ප්‍රෝටීන් හා සින්ක් අඩංගු රෝස පැහැති මෙම මසුන් වර්ගයට බොහෝ දෙනා කැමැත්තක් දක්වනවා. ඒ විතරක්ම නෙවෙයි ප්‍රෝටීන් අපේ සිරුරට

අවශෝෂණය කර ගන්නටත් මෙය උපකාරී වෙනවා. මෙලෙස අප සත්ව පටක වලින් ලබා ගන්නා ප්‍රෝටීන් නිය වර්ධනයට මෙන්ම නිරෝගී බවටද හේතුවෙයි.

පොල්තෙල්
අප ගන්නා ආහාරවල ඇති පොල්තෙල් වැනි හිතකර මේද වර්ග සිරුරට අවශ්‍ය පෝෂණ කොටස් අවශෝෂණය කර ගැනීමට පහසු කරවයි. මේ අතරින් විටමින් ඒ.ච්.ඡ් යන සංඝටක නිය ශක්තිමත් කරවයි. විටමින් ඕ හා ප්‍රෝටීන් බහුලව අඩංගු කුකුළු මස්ද ඔබේ ආහාරයට එක්කර ගැනීම වඩාත් සුදුසුයි.

නිවිති
ඔබේ ශරීර සෞඛ්‍ය ඉතාම ගුණදායක බව බොහෝ දෙනා දන්නා කරුණක්. ශරීරයේ අනෙක් අංගවලට මෙන්ම නිය නිරෝගී වීමටත් නිවිති මනා ඖෂධයක්. තද කොළ පැහැති එළවළු වල අඩංගු විටමින් ඡ්, විටමින් ඕ විටමින් ඒ හා යකඩ ආදිය නිය වර්ධනයට හා එහි ශක්තිමත් බවටද උපකාරී වෙයි.
 

කේන්තිය පාලනය කර ගැනීමට නොවරදින උපදෙස්

කේන්ති යාම යනු ගැහැනු පිරිමි භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට ‍පොදුවේ සිදුවන  දෙයකි. එසේ වුවද  කේන්තිය පාලනය කර ගැනීමේ හැකියාව අතින්  එක් එක් පුද්ගලයන් විවිධත්වයෙන් යුක්ත වේ. සමහරුන් තම හිතට එන කේන්තිය ක්ෂණිකව පිට කිරීම සඳහා අතට හසුවන දෙයක් ‍පොළොවේ  ගසන්නට පෙළඹේ. තවත් අය  සිය කේන්තිය පාලනය කර ගන්නේ තමාටම රිඳවා  ගැනීමෙනි. කොපමණ   කේන්තියක් තිබුණද එය පිට නොකර නිශ්ශබ්දව  සිටින අයද ඕනෑ තරම් සිටිති. එසේ වුවද  වැඩියෙන් තරහ නොයන   කෙනෙකුට එකවර දරුණු කේන්තියක් ඇති වූ  විට එම පුද්ගලයාගේ  හැසිරීම ඉතා භයානක  විය හැකිය. යමෙකුට එකවර කේන්ති ගිය විට එය පාලනය කරගත හැකි ආකාර කීපයක් පිළිබඳව  මනෝ විද්‍යාඥයන් විසින් ‍පොදු උපදෙස්  මාලාවක්  දී තිබේ. ඔවුන්  පෙන්වා දෙන ආකාරයට කේන්ති  යාම සඳහා හේතුවන  ‍පොදු කරුණු  කීපයක් තිබේ. අධික වෙහෙස, ආතතිය, හිතේ හෝ සිරුරේ  වේදනාව, දුක ආදී කරුණු ප්‍රබලව ඊට හේතුවේ. මෙවැනි හේතු නිසා ඇතිවන කේන්තිය පාලනය කර ගත හැකි ආකාර ද කීපයකි.

1. කතා කරන්නට පෙර සිතා බලන්න
ඔබ අධික කේන්තියෙන් සිටින විට ඔබේ මුවින් පිටවන  වචන පිළිබඳව ඔබට වැඩි  හැඟීමක්  හෝ තැකීමක් නැත. ඒ නිසා ඔබ වැඩි වශයෙන්  අවධානය යොමු කළ යුත්තේ ඔබ සාමාන්‍ය පියවි සිහියෙන්  සිටින මොහොතක  කතා කරන දේවල් ගැන නොව,  කේන්තියෙන් සිටින විට කතා කරන දේවල් ගැනය. යමක් පැවසූ පසු නැවතත් එය ආපසු  ඇද ගැනීමට නොහැකි බව අපි කවුරුත්  දන්නෙමු. ඒ නිසා කේන්තියෙන් සිටින විට කතා කරන දෙය ගැන දෙවරක් නොව තුන් වරක් වුවද සිතා බැලීම ඉතා වැදගත්ය. මන්දයත් ඒ මොහොතේ  ඔබේ මුවින් පිටවන  එක් වචනයක් වුවද අනාගතයේ මහත් බලපෑමක්  ඇතිකළ  හැකි  සිදුවීමකට මුල් විය හැකි බැවිනි.

2. කේන්තියට හේතු පැහැදිලි කර ගන්න
යම් සිදුවීමක් නිසා ඔබ කේන්තියෙන් පසුවන අවස්ථාවක ඔබේ කේන්තියට හේතුව පිළිබඳව  පැහැදිලිි අවබෝධයක් ලබා ගන්න. උදාහරණ ලෙස ඔබ කාර්යාලයේ වැඩ කර මහන්සි වී නිවසට පැමිණෙන විට ඔබේ දරුවන් නිවස අපිළිවෙළ කර දමා ඇත්නම් ඔබට කේන්තියක්  ඇති වීම  ස්වභාවිකය. නමුත් එවැනි අවස්ථාවල දරුවන්ට බැණ වැදී නිවස පිළිවෙළකට අස්පස් කරනවාට  වඩා දරුවන් සිදු කළ දෙය වැරදි  බවත් එය නරක පුරුද්දක්  බවත් ඔවුන්ට පැහැදිලිි කර දී  ඔවුන්ගේ ද උදව් ලබාගෙන   නිවස පිළියෙළ කළ හැකිය.   ඉන් දරුවන්   නැවතත් එම ක්‍රියාව කිරීමෙන් වළක්වා ගත  හැකි  අතරම ඔබේ කේන්තිය පවා  පාලනය කර ගත හැකිවේ.

3. කේන්තිය ගිය විට කණ්ණාඩියක්  ඉස්සරහට යන්න
ඔබ අධික කේන්තියකින් සිටින මොහොතක වහාම කණ්ණාඩියක් ඉදිරිපිටට යන්න. ඉන් පෙනෙන ඔබේ ප්‍රතිබිම්බය සමහර විට ඔබවම බියපත් කරනු ඇති. ඔබ අධික කෝපයෙන්   සිටින විට ඔබේ මුහුණේ  ස්වරූපය  ඔබටම දැකගත හැකිය. එම ස්වරූපය සහ ඔබ සතුටින්  සිනාසෙමින් සිටින විට ඔබේ මුහුණේ  ස්වරූපය  සිතින් සංසන්දනය කරන්න.  එම අවස්ථා දෙක  නිසි  ලෙස සංසන්දනය කළ හැකි වූවොත් ඔබ නැවත කිසිදිනක   කෝපයක්  ඇති කරගන්නේ නම් නැත.

4. කෝපයට ඔබ පාලනය කරන්නට ඉඩ නොදෙන්න
කෝපය  යනු යම් සිදුවීමක් නිසා  ඔබේ සිත තුළ ඇතිවන සාමාන්‍ය හැඟීමකි. ඔබට කුසගින්නක් ඇතිවූ මොහොතක ඔබ ළඟ කන්නට  යමක් නොතිබුණහොත් ඒ මොහොතේ ඔබ කුසගින්න පාලනය කර ගනී.  එසේම පිපාසයක් ඇති වූ විට  එයද සුළු මොහොතකට හෝ පාලනය කර ගන්නට ඔබට පුළුවන. එසේ නම් කෝපයක් ඇති වූ  විට එය පාලනය කර ගන්නට ද ඔබට හැකි විය යුතුය. කෝපය යනු කුසගින්න, පිපාසය වැනි සාමාන්‍ය  හැඟීමක්  වන නිසා ඔබ  විසින් කෝපය පාලනය  කර ගත යුතු අතර කෝපයට ඔබ පාලනය කරන්නට ඉඩ නොදිය යුතුය.

5. ඔබ, අනිත් පුද්ගලයාගේ පැත්තෙන් හිතන්න
කෝපයට පත් ඕනෑම කෙනෙකු සිතන්නේ තමන් නිවැරදි  බවත් අනිත් පුද්ගලයා වැරදි බවත්ය. මේ නිසා ඔබට යම් කෙනෙකු ගැන කෝපයක් ඇති වූ  විට ඔබ සුළු   මොහොතකට ඔබේ පැත්ත ගැන අමතක කර දමා අනිත් පුද්ගලයාගේ පැත්තෙන් සිතන්න. අනිත් පුද්ගලයාට සිදු වූ දෙය ඔබට සිදු වූයේ නම් ඔබ මේ  මොහොතේ   හැසිරෙන ආකාරය සහ කතා කරන ආකාරය ගැන  සිතන්න. එවිට ඔබේ කෝපය  සම්පූර්ණයෙන්ම නැති වී යනු ඇත.  අනතුරුව  දෙදෙනා අතර ඇති වන්නට ගිය ගැටුම නිසා දෙදෙනාටම සිදුවූ සිත් වේදනාව ගැන ඔබ දෙදෙනාම පසුතැවිල්ලට පත් වනු ඇත.
කෝපය යනු  සම්පූර්ණයෙන්ම ඔබේ හැසිරීම. කතාබහ, සිතීම ආදී භාවයන් තීරණය කරනු ලබන  හැඟීමක් බව මතක තබා ගත යුතුය. මේ නිසා කේන්තියෙන්  කෝපයක් ඇති වූ විට කළ යුතු  හොඳම දෙය වන්නේ කෝපය   නැතිවන තුරු කිසිවකු සමග කතා නොකර සිටීමය. ඒ කාලය සින්දුවක්  ඇසීමට හෝ ‍පොතක්  කියවීමට වුවද  යොදා ගත හැකිය.  එය ඔබේ ශීලාචාර බවටද  හේතුවක් වනු ඇත. 

Tuesday, November 3, 2015

දරු ප්‍රසූතියෙන් පසු ඇඟේ බර අඩු කරගන්නේ කොහොමද ?

දරු උපතක් සමග තම සිරුරේ බර වැඩිවීම ඉතාම සාමාන්ය කරුණක්. නමුත් දරු ප්‍රසූතියෙන් මාස 6ක් ගත වන විට පෙර තිබු සාමාන්‍ය බර නැවත ලබා ගත හැකියි.නමුත් දිගින් දිගටම බර ඉහල යන්නේ නම් එමගින් වෙනත් ලෙඩ රෝග වලට අවධානමක්. එනිසා නිවැරදි ආහාර පුරුදු සහ ව්‍යායාම මගින් සිරුරේ බර අඩු කර ගැනීමට ක්‍රියා කරන්න.

 ඉක්මනින් නොව ක්‍රමයෙන් බර අඩු කර ගන්න
දරුවකු බිහි කිරීමෙන් පසු ඔබේ ශරීරය නැවත ප්‍රකෘති තත්වයට පත් වීමට කලක් ගත වනවා. එනිසා ඔබ එක වරම බර අඩුවන ව්‍යායාම හෝ අධික ලෙස බඩගින්නේ සිටීම නොකල යුතුය.
දරු උපතින් මාස 2ක් හෝ 3ක් ගතවන තුරු මේ ගැන කලබල වන්න එපා. නමුත් ඉන්පසු ඔබේ පවුලේ වෛද්‍ය වරයාගේ උපදෙස් සහිතව ක්‍රමයෙන් බර අඩු කර ගැනීමට උත්සාහ කරන්න.
විශේෂයෙන්ම මවු කිරි දෙන කාලයේදී ඔබේ ශරීරයට අතිමහත් පෝෂණයක් අවශ්‍යයි. එම කාලයේ බර අඩු කිරීමට බලාපොරොත්තුවෙන් නිරාහාරව සිටීම ඉතා භයානකයි.

 නිරාහාරව නොසිටින්න, කුඩා ආහාර වෙල් වැඩි ප්‍රමාණයක් ගන්න
බර ක්‍රමයෙන් අඩු කර ගැනීමට හොඳම ක්‍රමය සමතුලිත පෝෂණය සහිත ආහාර කුඩා ප්‍රමාන වලින් දවස පුරා ලබා ගැනීමයි.ඒ සඳහා ඔබ මුලින්ම සැලසුම් කිරීම අවශ්‍ය වේ. හැම දිනකම එකම වෙලාවක ආහාර ගන්න සැලසුම් කරන්න.
ඒ වගේම උදේ දවල් සහ රාත්‍රී ආහාර අතරමැද ගන්න කුඩා ආහාර වේල් සඳහා පලතුරු, සීනි සහ මේද අඩු බිස්කට්, යෝගට් ආදී දේවල් සූදානම් කර ශීතකරණයේ තබන්න.

උදෑසන ආහාරයේ වටිනාකම
නිවැරදි පෝෂ්යදායක උදෑසන ආහාර වේලක වටිනා කම කියා නිම කල නොහැකි තරම්. බොහෝ මවුපියන් පාන් සමග කිරි හොදි, පාන් සමග බටර් හෝ ජෑම් ආදිය උදෑසන ආහාරයට ගන්නවා, දරුවන්ටත් දෙන්න හුරු වෙලා ඉන්නවා.
මෙය ඉතා නොසැලකිලිමත් පුරුද්දක්. පාන් සහ ජෑම්/ බටර් පමණක් කන විට එමගින් වැඩිපුර ලැබෙන්නේ කාබෝහයිඩ්රේට සහ මේද පමණයි. ප්‍රෝටීන, විටමින් ආදිය අඩුය.
එම නිසා උදෑසන ආහාරයට සලාද කොළ, බිත්තරයක්, එළවලු හොද්දක් සමග පාන් පෙති 3ක් හෝ 4කට සීමා කරන්න. බඩ පිරෙන්නේ නැති බව දැනේ නම් කෙසෙල් ගෙඩියක්ද එකතු කර ගන්න. මේ සමග මේද අඩු කිරි වීදුරුවක් බීමට හැකි නම් තවත් හොඳයි.

 සතියකට කොපමණ බර අඩු කර ගත යුතුද?
ඇඟට අපහසුවක් නොවන සේ සතියකට කිලෝ භාගයක් හෝ එයට මඳක් වැඩියෙන් බර අඩු කර ගන්නේ නම් සුදුසුයි. එය අනිවාර්යයෙන්ම කල හැකි දෙයක්.
මුලින්ම ඔබේ ආහාර පුරුදු නිසි ලෙස හද ගස්වා ගන්න. ඉන්පසු ඔබ දිනකට වරක් කෙටි ව්‍යායාම පෙළක නිරත වන්න.

 දවස පුර වරින් වර ජලය පානය ඉතා වැදගත්
ජලය මගින් ඔබේ ආහාර දිරවීමත්, ශරීරය පුරා පෝෂණය ගෙනයන රුධිරයටත් දැඩි උපකාරයක් ලැබෙයි.
එනිසා අමතක නොකර ඔබ වැඩකරන තැනම වතුර ජෝග්ගුවක්, වීදුරුවක් තබාගෙන වරින් වර පානය කරන්න.

 ව්‍යායාම

ක්‍රිඩා පිටියකට ගොස් දිවීම අතය වශය නොවනවා සේම, ගේදොර හෝ කුස්සියේ වැඩ පමණක් මෙයට ප්‍රමාණවත් නොවන බවද මතක තබා ගන්න.

ඔබට හොඳ උපදේශකයකු සිටීනම් යෝග ව්‍යායාම ඉතා සුදුසුයි. බොහෝ මවුවරුන් කියන්නේ මෙයට වෙලාවක් නැති බවයි. නමුත් හැකි අවස්තාවක් විනාඩි 10ක් ගෙන ව්‍යායාම කරනන් උත්සාහ කරන්න. නැවතත් හවසට විනාඩි 10ක් ගැනීමට හැකි නම් සුදුසුය.
 

Monday, November 2, 2015

සම අසාත්මිකතාවන්ට සඳහා පිළියම්

සම ආසාත්මිකතා යනු කුමක්ද?


ආසාත්මිකතාවයක් සාමාන්යයෙන් අනෙක් අය බලපාන නීතියක් නොවේ ලබන ද්රව්යයක් එරෙහිව සමේ ​​සංවේදීභාවයක් වේ. නිසා විලවුන් නිෂ්පාදන වැඩි භාවිතය හට සිදු වූ සමේ සම අසාත්මිකතාවලට ලෙස හැඳින්වේ. සම ආසාත්මිකතාකාරක බිබිලි බවට පත් සහ රතු පැහැයට නමින් ද්රව්යය සමග ප්රතික්රියා කරයි.
සම අසාත්මිකතාවලට හේතු:
ආහාර අතුරින් අසාත්මිකතාවන්ට, පරාගවල, දූවිලි හා දුම, ක්ෂාලක සහ සබන් නිෂ්පාදන, විවිධ ඖෂධ හා උෂ්ණත්වය වෙනස් සම අසාත්මිකතාවලට හේතු වන බව පොදු සාධක කිහිපයක්. ඔබ ද සම අසාත්මිකතාවලට පෙළෙන නම් ඔබට පහසුවෙන් විවිධ නිවසේදී සමග ප්රතිකාර කළ හැක ලෙස කරදර අවශ්යතාවයක් නැත.
සම අසාත්මිකතාවලට සඳහා මුල් පිටුව පිළියම්:
ආසාත්මිකතාවයකට පත්වූ ප්රදේශයට කොට්ටම්බා සාදාගත් කොළ කරන්න.
මත්පැන් අධික ලෙස පරිභෝජනය කිරීමෙන් වළකින්න හා දුම්පානය නතර. තවද, රූපලාවන්ය නිෂ්පාදන පාවිච්චි කරන්න එපා.
පොල් තෙල් සහ ලෙමන් යුෂ මිශ්රණයක් අයදුම් ද සම අසාත්මිකතාවලට සුව කරයි.
දෙකක් පමණ දිනකට වරක් ගත් විට sieved උයන, කපුරු හා ජලය සෑදී ඒ සිරප් ද බෙහෙවින් කාර්යක්ෂම ලෙස විවිධ සම අසාත්මිකතාවලට මිදෙන්නට ඔබ උපකාරී වේ.
විටමින් C කාර්යක්ෂමව අසාත්මිකතා සටන් වදින අතර සම අසාත්මිකතාවලට ප්රතිකාර සඳහා හොඳම නිවසේදී ලෙස සැලකේ ලෙස ඔබේ දෛනික ආහාර වේලට විටමින් C ප්රමාණය වැඩි කිරීම.
Limejuice හා සුදු හඳුන් ක පාප්ප කරන්න සහ බලපෑම එල්ල වූ ප්රදේශයේ මත එය අදාළ වේ. එය සම කැසීම අඩු උපකාර මෙන්ම සම අසාත්මිකතාවලට සුව ලෙස මෙම සම අසාත්මිකතාවලට සඳහා හොඳම නිවසේදී එකකි.
නිසා සම ආසාත්මිකතා සිදු කැසීම අඩු කිරීමට ගස්ලබු වන ගතියෙන් යුත් බීජ කරන්න.
පොපි ඇට, limejuice 1 තේ හැන්දක හා ජලය තේ හැන්දක 1 ක 1tbs ක මිශ්රණයක් සාදා බලපෑම එල්ල වූ ප්රදේශයට මිශ්රණය අදාළ වේ. එය ක්ෂණික සහනයක් ලෙස මෙම සම අසාත්මිකතාවලට එරෙහිව හොඳ ගෙදර පිළියමක් වේ.
ශරීරයේ වෙනත් ප්රදේශවල ව්යාප්ත එය අනතුරක් පවතින බැවින් ඒ නිසා ඔබ සම අසාත්මිකතාවලට ලබා ඉදිරි කාලය, සීරීමට තබා නැහැ. යන්තම් මෙම නිවසේදී භාවිතා සහ සම අසාත්මිකතාවලට ප්රතිකාර බොරු පොරොන්දු දෙන මිල අධික කීම් මිලදී ගැනීම තොරව සම අසාත්මිකතාවලට මිදෙන්නට. මීට අමතරව මෙම නිවසේදී භාවිතා ද ඔබට මත්පැන් ඕනෑවට වඩා පානය සහ මේ සියලු පුරුදු සම අසාත්මිකතාවලට බලපෑම් තීව්ර ලෙස ද දුම්පානය කිරීමේ පුරුද්ද ඉවත් නොවන බව ඒ සඳහා බලන්න.